|
|
|
අත්අඩංගුවට පත් සෙබළුන් බේරා ගැනීම සදහා විජය ඇතුළු පිරිසක්
යාපනයට ගාය අවශ්ථාව |
විස්තර බලන්න See >> |
|
|
1985 සිදුවු අඩම්පන් සටන
වසර තිහකට වැඩි කාල සීමාවක් පුරා පැවති බිහිසුණූ යුධ වාතාවරණය තුලදී යුධ ගුවන් සහ නාවික හමුදාවන්හි රණවිරුවන් දිවි පරදුවට තබමින් රට ජාතිය වෙනුවෙන් අමිල වූ මෙහෙයක් ඉටු කලද එම අයවලුන්ගේ නොමැකෙන මෙහෙය සහ යුධ බිමේදි ආරක්ෂක හමුදා ජීවිතයේදී මුහුණුදුන් යුධ මෙන්ම විවිධ වූ සටහන් එල්ලය පුවත් තුලින් මෙතැන් සිට ඉදිරිපත් කරන්නෙමු.ඉන් පළමුවැන්න වශයෙන් 1985 වසරේ මන්නාර අඩම්පන් හි පවති බිහිසුණූ යුද්ධය පිළීබදව ඔබ නොදත් විස්තර මෙහි සටහන් කිරීමට සහය ලබා දෙනු ලබන්නේ යුධ බිමේ සිටි රණවිරුවෙකු විසිනි.එම සටනේදී සතුරා පළමු වතාවට හමුදාවට වටකර පහර දුන් අතර සෙබලුන් දෙදෙනෙකු අත් අඩංගුවට ගන්නා ලදී.
නාවට්කුලි කදවුරේ අප කණ්ඩායම විසින් ඉටු කරන ලද රාජකාරින් ඉතා උසස් අන්දමින් කර තිබු බැවින් ..... මන්නාරම ප්‍රදේශයේ පැවති ක්‍රීයාන්විත රාජකාරියක් සදහා 1985 දෙසැම්බර් මස අවසන් විමට ප්‍රථම අප කණ්ඩායමට මන්නාරම සිලාවතුර කදවුර වෙත යාමට සිදුවිය.
මන්නාරම සිලාවතුර කදවුරට අප රැගෙන යන ලද්දෙ ගුවන් හමුදා හෙලිකොප්ටර් මගිනි.සිලාවතුර කදවුරට ගිය අප අහාර ගැනිම සදහා සෙසුනිළ භෝජනාගාරයට ගියවිට අපේ ගමේ අප සමග එකට හැදී වැඩී ජිවත් වු සරත් මා හට හමුවිය.ඔහු හැකි පමණින් සංග්‍රහ කළ අතර එය මතක් කලහැකි වැදගත් කරුණකි.එසේම ඔහුගේ පියා අපගේ අයියා යුධ හමුදාවට ඇතුලත් කිරිම සදහා උදව් පදව් කල අයෙකි.ඔහුගේ පියා වන ජිනේ මාමා එවකට යුධ හමුදා මූලස්ථානයේ අරක්කැමියෙකු ලෙස රාජකාරින් ඉටු කරන ලද බැවින් ඡ්‍යෙෂ්ඨ නිළධාරින් කිහිප දෙනකු දැන හදුනනගෙන සිටිය අතර එසේ උදව් කිරිමට හැකියාවක් තිබුනි.
සරත් සමගින් පසුගිය විස්තර කථාකර සෑහෙන වේලාවක් ගත කිරිමෙන් පසු යාමට ඇති ක්‍රියාන්විතය ගැන කතිකා කර සමුගැනීමේදී සරත් විසින් පැවසූයේ ඉතාමත් දරැණු පදේශයක් බැවින් ඉන් කල්පනාකාරිව කටයුතු කරන ලෙසය.
|
|
|
ක්‍රියාන්විතය යාමට ප්‍රථමයෙන් අප සියලුම අයවලුන් හට උපදෙස් හා නියෝගයන් ලබාදෙන ලදි.ඉන් දැනුම් දෙනු ලැබුයේ එල්ටිටිඊ ත්‍රස්ත්‍රවාදීන්ගේ ප්‍රභල ස්ථානයක් වශයෙන් සැලකෙන අඩප්පන් කියන පදේශයේ පිහිටා ඇති ගල්කොරිය යන ස්ථානයට ප්‍රහාර එල්ල කොට සතුරා මරා දැමිම ,අල්ලා ගැනිම හෝ අවි ආයුධ අත්අඩංගුවට ගැනිම බවත් ක්‍රීයාන්විතය අවශානයේ ගුවන් හමුදා හෙලිකොප්ටර් ආධාරයෙන් නැවග කදවුරට රැගෙන එන බවත්ය.ක්‍රියාන්විතය සදහා පළවන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ඊ කණ්ඩායම ක්මාන්ඩෝ රෙජාමේන්තුවේ එක් කණ්ඩයක් සහ කාලතුවක්කු හමුදාවේ එක් කණ්ඩයක් සහභාගි වන බවත්ය.
අප ඊලග දින පාන්දර වන විට ක්‍රියාන්විතය සදහා යාමට උපදෙස් ලැබුනි.
එවකට මේජර් නිළයේ සිටි බීබීඑස් මෙන්ඩිස් අණදෙන නිළධාරි වශයෙන් කටයුතු කරන ලද අතර ලුතිතන් යුරාජ් සිල්වා ඇතුළු තවත් නිළධාරින් කිහිප දෙනකු විය.
පාන්දරින්ම අප සියලුම දෙනා ක්‍රීයාන්විතය සදහා පිටත්විය. ගම්මාන කිහිපයක් පසුකර කිලෝ මීටර් දහයක් පහලොවක් පමණ දුරක් පැමිණි අප කිසිදු උවදුරකට ලක් නොවි අඩම්පන් ගල් කොරියට කිලෝ මිටර් දෙකක් හෝ තුණක් දුරකින් සිට දිවා ආහාරය ගන්නට සූදානම් වෙනවාත් සමගම ත්‍රස්ත්‍රවාදින්ගේ එක දෙක වෙඩි ප්‍රහාරවල් එල්ල විය.
එයට ප්‍රති ප්‍රහාර එල්ල කරමින් අපගේ සෙනින්ද ප්‍රහාරයන් එල්ල කරන ලදී.අප සිටි පාරෙන් එපිට වෙල් යායෙන්ද එපිට සිට ප්‍රහාර එල්ල කල බැවින් අප කණ්ඩායම හා ක්මාන්ඩෝ රෙජිමේන්තුවේ සෙනින් ඉතාමත් සාර්ථක අන්දමින් ප්‍රහාර එල්ල කරමින් ත්‍රස්ත්‍රවාදීන් සිටි ස්ථානය ආක්‍රමණය කරන ලදි.
ඒ අතර තුර අපගේ සෙනීන් දෙදෙනෙකු හට සුළු තුවාල පමණක් සිදුවි තිබුනි.ත්‍රස්ත්‍රවාදීන් කිහිප දෙනෙකු මියගොස් ඇති අතර කිහිප දෙනෙක් තුවාල සිදුවි ඇති බවට සලකුණු දැක ගන්නට තිබුනි.තවද ආර්පිජී බෝම්බ කිහිපයක්,පතොරම් සහ තවත් බෝම්බ කිහිපයක් දමා ගොස් තිබියදී සොයා ගන්නා ලදී.
කෙසේ වෙතත් පැය දෙකක හෝ තුනක සාර්ථක සටනකින් පසු ආරක්ෂාකාරිව විඩා හැරිම සහ ආහාර ගැනිමේ කටයුතු කර ගන්නා ලදි.ඒ වනවිට සවස තුන පසු වි තිබුනි.ක්‍රීයාන්විතය සැලසුම් කරනා ලද උසස් නිළධාරින්ගේ උපදෙස් මත සියලුම භට පිරිස් ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් වලින් සිලාවතුර කදවුරට රැගෙන යනු ලබන බැවින් තවත් වේලාවක් විවේක ගන්නා ලෙස දන්වන ලද බැවින් අපද විවේක ගන්නා ලදී..
.ආරක්ෂාකාරිව සියලුම භට පිරිස් ස්ථාන ගත කිරිමෙන් පසු ආහාර ගැනිම සහ විවේක ගන්නා ලෙස උපදෙස් ලැබුනි.
මෙසේ පැය කිහිපයක් නිසොල්මනේ ගෙවී ගියද ත්‍රස්ත්‍රවාදින් කිසිදු ශබ්දයක් සිදු නොකර අපහට පහර දිමට සැලසුම් කරන බව අපහට අවභෝධය ලැබෙන විට අප ප්‍රමාදයට පත්වී අවසන්ය.
ඇත වෙල්යායෙන් එපිට වාහන ගමනා ගමනය වැඩි වීම.මිනිසුන් එහා මෙහා යාම් වැඩි වශයෙන් දක්නට ලැබුනද ඒ බැව් ඉහල මුලස්ථානයන් වෙත දැන්වුවද තවත් වේලා රැදී සිටින ලෙස මුලස්ථානයෙන් දන්වන ලදී.
මේ අවශ්ථාවේදී මා අප කණ්ඩායමේ අණදෙන නිළධාරී වු මේජර් බීබීඑස් මෙන්ඩිස් යන නිළධාරි සහ එම නිළධාරිගේ බඩියා වු කෝප්‍රල් වාස්(පසු ක්‍රියාන්විතයකදී මියයන ලදී)වෙල අසල වු වතුර බස්නා කානුවක ආවරණයක් ලෙස රැගෙන සිටි අතර මා සහ මාගේ බඩියාවු රාජවර්ධන ඊට මදක් ඔබ්බෙන් සිටින ලදී.අණදෙන නිළධාරි විසින් ගුවන් විදුලියෙන් ඉහල මුලස්ථානයන් අමතන අයරු කිහිප විටක් මා අසා සිටින ලද බැවින් එය මට කිසිදු දිනක අමතක කල නොහැකි කරුණකි.
එම නිළධාරියා විසින් කිහිප විටක්ම ත්‍රස්ත්‍රවාදීන් අපට පහර දීමට සැලසුම් කරන බව පෙනෙන්නට තිබෙන බැවින් තම කණ්ඩායම රැගෙන කලුවර වැටෙන්නට පෙර නැවත කදවුරට පැමිනෙන්නද යන්න කිහිප විටක්ම ගුවන් විදුලියෙන් විමසා සිටියද??ලැබුන එකම පිලිතුර වුයේ ගුවන් හමුදා හෙලිකොප්ටර් මගින් අප සැම ගෙන්වා ගන්නා බවය.එහෙත් ඒ වන විටත් ත්‍රස්ත්‍රවාදීන් අප වටකර ඇතිබව කොතෙක් පැවසුවද ?එම ඉහල නිළධාරින් පිලිගත්තේම නැත.අප අණදෙන නිළධාරිටද කිරිමට හැක්කේ ඉහලින් ලැබෙන අණ විනා එම නිළධාරියාගේ කැමැත්ත නොවනු ඇත.එහෙත් මෙම නිළධාරියා විසින් කියු එක දෙයක් මාගේ මතකයේ අද මෙන් රැදී ඇත .එනම් "මාගේ කොල්ලො ටික මරන්නේ නැතිව කරන්න ඔනෑ දෙයක් කියන්න "යනුවෙනි.
ත්‍රස්ත්‍රවාදින් ක්‍රම ක්‍රමයෙන් ඔවුන්ට අයත් භට පිරිස් සෑම පදේශයකින්ම රැගෙන ඒමට ප්‍රමානවත් කාලවේලාවක් තිබු බැව් අප සියලුම අයවලුනට අවභෝධ වුවද....?ක්‍රියාන්විතය මෙහෙයවන ලද අයට ඒ බැව් අවභෝධ නොවිම කණගාටුවට කරැණකි.
.කළුවර වැටෙන්නට ආසන්න මොහොත වනවිට අපහට ත්‍රස්ත්‍රවාදින් විසින් ප්‍රහාරයක් එල්ල කරන ලදී .එය සාර්ථකව මැඩ පැවැත්තුවද ඒ වනවිට කිහිප දෙනෙක් තුවාල ලැබු අතර කිහිප දෙනෙක් මියයන ලදී.ඒ අතරට ක්මාන්ඩෝ සෙබලුන් කිහිප දෙනෙක් මා අසල මාගේ බඩියා වු රාජවර්ධන සහ කාලතුවක්කු හමුදාවේ කිහිප දෙනකුද විය.
ආසෙ රාජවර්ධන මා සමග එකම පුහුණු පාසැලේ පුහුණුව හදාරා එම පාඨමාලාවේදිත් මාගේම බඩියා විය.තුවාල ලැබු අයවලුන් පිළිබද සටහනක් මා හට මතකයේ නොමැති අතර යුධ පිටිය මදකට නිසොල්මන් වුයේ ඔවුගේද සැහෙන පිරිසක් මියයාමට හෝ තුවාල ලබන්නට ඇති බැවිනි.
තුවාල ලැබුවන් හා මිගොස් ඇති අයවලුන් රැගෙන යාම දුෂ්කර කටයුත්තක් බැවින් ගුවන් හමුදා හෙලිකොප්ටරයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටින ලද අතර අප ඒය ගොඩ බැස්සවීම සදහා සුදුසු ස්ථානයක් සකස් කරන ලදි.එසේම ඔවුනට අයත් අවි ආයුධ තුවාල කරුවන් සහ මිය ගිය අප සහෝදර සෙබලුන්ද එම ස්ථානයට රැගෙන යන ලදි.තවද ඒ වටා ආරක්ෂාවද යොදවන ලදී.මා රාජවර්ධනට අයත් සිරැරද ඔහුට අයත් අවියද රැගෙන එම ස්ථානයේ රැදි සිටියේ ඒවා හෙලිකොප්ටරයට පැටවිමට අවශ්‍ය නිසාය.තවත් කිහිප දෙනෙකුද ඒ අසල විය.
ගුවන් හමුදා හෙලිකොප්ටරය බිමට ගොඩබැමෙන් පසු අප විසින් තුවාල කරුවන් , මියගිය සිරුරු සහ අවි ආයුධ පටවන්නට පටන් ගන්නවාත් සමගම ත්‍රස්තවාදීන් විසින් දරුණු වෙඩි ප්‍රහාරයක් එල්ල කල අතර අපගේ අයවලුන්ද ප්‍රතිප්‍රහාර එල්ල කරන ලදී.එම ප්‍රහාරය අදටත් සිහිවෙන එක දවසක් ඇත.එනම් වසරක් ගෙවි නව වසර උදාවෙන දීන ශ්‍රි ලංකා වාසින් විසින් එය සැමරිම සදහ මධ්‍යම රාත්‍රි පත්තු කරනා රතිඥ්ඥා ශබ්දයයි.
ඉතා සුළු මොහෙතක් තුල හැකි පමණ තුවාල කරුවන් ,මියගිය අයවලුන් හෙලිකොපටරයට පැටවිමට හැකියාව ලැබුනද ත්‍රස්ත්‍ර ප්‍රහාරය දරුණු ලෙස එල්ල කරමින් ත්‍රස්ත්‍රවාදීන් අප සිටි ස්ථානය ආක්‍රමණය කිරිමට ඉදිරියට දිවඑන ලදී.
ගුවන් හමුදා හෙලිකොප්ටරයේ නියමුවන්ටද කර ගැනීමට කිසිවක් නොවුයෙන් නැවත හැකි කඩිනමින් එය ඉහලට ඔසවා ගන්නා ලදී.එම එසවීමේදි එයට පටවන ලද මියගිය හෝ තුවාල ලබන්නට ඇතැයි විශ්වාස කළහැකි සිරුරු කිහිපයක් ත්‍රස්තවාදීන් සිටින සිමාවට වැටෙන ආකාරයක් දර්ශණය වුවද ඒ සදහා අවධානයක් යෙමු කිරිමට තරම් වේලාවක් නොමැති විය.තුවාල වු අයවලුන්ට අයත් අවි දෙකක් මා අත විය.(තවද ඉන් වසර ගනනකට පසු එනම් 1999වසරේ මා යුධ හමුදාවෙන් ඉවත්ව කොළඹ ගලධාරි හෝටලයේ රැකියාව කරන අතර තුරදී ගුවන් හමුදාවෙන් පැමින අප සමග එකට වැඩකරනා ලද රත්නායක ආර්එම්ආර් සමග කථාබහ කරද්දී පැවසු දෙයින් මා නැවතත් අඩප්පන් වෙත මනසින් යාමයි.ඔහු විසින් පැවසූයේ ගුවන් හමුදා ජිවිතයේ ඔහුගේ අමතක නොවන සිදුවිම වන්නේ මන්නාරම අඩම්පන් සටනේදී තුවාල කරුවන් රැගෙන ඒම සදහා යන ලද හෙලිකොප්ටරයේ එක පැත්තක ගන්ස් ඔපරේටර් වශයෙන් ඔහු සිටි බවය.දරුණු වෙඩි පහරින් පසු චොපර් එක ඉහලට ඔසවා ටික වේලාවකට පසු අනික් පැත්තේ සිටි තම අය සමග කථා කලද කිසිදු කථාවක් නොමැති බැවින් ඒ පිළිබද සොයා බලන විට දැනගන්නට ලැබුනේ එම ගුවන් හමුදා සෙබලාගේ ඔලුවට වෙඩි පහරක් වැදි මිය ගොස් ඇති බවය.)
ත්‍රස්ත්‍ර ප්‍රහාරය එන්න එන්නම දරුණු විය.අපද ප්‍රති ප්‍රහාර එල්ල කරමින් සිටි අතර කොටස් වශයෙන් අප සිටි ස්ථානයෙන් ඉවත් විමට කටයුතු කලද...කණ්ඩායම් වු ත්‍රස්ත්‍රයින් අපහට කිට්ටු කරමින් ප්‍රහාර එල්ල කරන ලදි.මිටර් සියයත් මිටර් එකසිය පනහක් වන තරමට වු ඉතා කිට්ටුවට පැමිණියද අපගේ ප්‍රහාරයට ඔවුන්ගේද කිහිප දෙනෙකු මියයන අයුරු ඔසවන් යන අයුරු දැක ගැනිමට හැකිවිය.
.ටිකක් දුරක් බඩගාමින් වැටෙමින් නැගිටිමින් වෙඩිතබමින් දෙවියන් සිහිකරමින්..ඉතා අපහසුවෙන් ....කුඔරු යාය තරණය කිරිමට උත්සාහ කලෙමි .ත්‍රස්ත්‍රවාදීන්ද මිටර් සියයත් පනහත් අතර අප කිට්ටුවට පැමිණ ඇත.මා පිටුපසින්ද කිහිප දෙනකු ඇති අතර සමහර අයවලුන් ඉස්සරහට පැනපිය යකෝ යනුවෙන් කැගසනු මට ඇසුනි.මා අත වෙඩි වැදි මියගිය අවලන්ගේ ගිනි අවි දෙකක්ද ඇත. එය විසිකර දැමීමටද තරම් අමාරු විය.එහෙත් එය විසිකර දැමිමට මට අදහසක් පහල නොවිය.
මා හට වෙල්යාය පසුකර කැලැවට ගොඩවීමට තවත් මීටර් සියයක් හෝ දෙසීයක් පමණ ඇත.අප ඉදිරිපස සිටි කණාඩායමේ අයවලුන් එම සීමාව ක්‍රමක් ක්‍රමයෙන් තරනය කරනු දක්නට ඇතත් මාහට එය තවත් දිගු කාලයක් ගතවනු ඇත. ක්‍රමක් ක්‍රමයෙන් අදුර ගලාගෙන ත්‍රස්ත්‍රවාදීන් වෙඩි තබමින් ඉදිරියට කැගසමින් එන අයරු දක්නට ලැබුණි.එහෙත් මා යුධ හමුදාවේ ඉතාමත් හොදින් පුහුණුව ලැබූ බවනම් මට හොදින් මතකය.තවත් රැදි සිටියහොත් එල්ටීටීඊ ත්‍රස්ත්‍රවාදීන්ගේ ග්‍රහනයට හෝ ඔවුන්ගේ වෙඩිපහරට ලක්වනු නොඅනුමානය.
මරණබිය මා හිත තදින්ම වෙලා ගත්තේය.මාගේ බඩියා වු රාජවර්ධනද මා අසල සිට මියගිය ආකාරයත් මියගිය අයවලුන්ගේ සිරුරු හෙලිකොප්ටරය වෙත රැගෙන ගිය ආකාරයත් එවා චොපරයට පැටවු ආකාරයත් මට සිහිවිය.මාගේ මරණයද එසේම වනු ඇතිබව මට පසක් වී හමාරය.ගෙදර අම්මා තාත්තාද සිහිවිය.තත්පර ගනනකදී මෙම මතකය මගේ හදවත තුලය.හදවත ගැහෙන්නට විය.එහෙත් මාගේ සිත මා විසින්ම දිරිමත් කරගන්නා ලදී.ත්‍රස්ත්‍රවාදින් කෑගසමින් තව තවත් වෙඩි තබමින් වෙල් යායේ අප අසලටම පැමිනෙනු දැකීම තවත් බියකරු විය.
මා අත තිබු අවි දෙකද සමග නැගිට වෙල් යාය තුල මදක් දිවගොස් වැටුනෙමි.මා නියරෙන් නැගිටනු දුටු අපට මීටර් පනහක් හෝ තිහක් ආසන්යේ සිටි ත්‍රස්ත්‍රවාදීන් විසින් වෙඩි තැබීම සිදුකලද මා අසලින් වෙඩි කිහිපයක් පතිත වුවද දෙවි පිහිටෙන් මාහට කිසිදු වෙඩිල්ලක් නොවැදීම මටද අදහා ගත නොහැකි විය.
එසේ දිව ගොස් මා බිම දිගා වුවද තවත් විනාඩි කිහිපයක් ඇතුලත ත්‍රස්තවාදීන් කණ්ඩායම අප ඔවර් රන් කරගෙන යනු ඇත. මා වැටුන ක්ෂනිකයෙන්ම නැවතත් නැගිට තවත් මිටර් කිහිපයක් දිවගොස් ත්‍රස්ත්‍රවාදීන්ගේ පැත්තට වෙඩි කිහිපයක් තබමින් බිමට පතිත විය.ත්‍රස්ත්‍රවාදීන් වෙඩි තබමින් ඉදිරියට එන අතර අප සහ කණ්ඩායම ඉස්සරහට පනින ගමන් ඒ පැත්තට වෙඩි තබනවා.තවත් මිටර් දහයක් හෝ පහලොවක් පමන අපට වෙල්යාය මග හැරිමට ඇති අතර අපට වෙඩි තබමින් අප පසුකර යාමට ත්‍රස්ත්‍රවාදින්ටද මිටර් හතලිහක් හෝ පනහක් පමන දුරක් ඇත යන්න ඇසින් දුටු මා දරණ මතයයි.
වෙල්යාය මගහැරිම මාගේ මෙන්ම අප සැමගේම අරමුන වන්නේ තවත් ප්‍රමාද වුවහොත් වෙල්යායේම මියැදීම අපට සිදුවන බව මේ වන විට සියල්ලන්ටම අවභෝධ වී හමාරය.පිටුපස බැලිම තවත් ප්‍රමාදයට කරුණක්ව ඇත.දෙවියන්ගේ හාස්කමක් නොවන්නට මට කිසිම දිනයක එම වෙල්යායනම් තරණය කරන්නට හැකියාවක් ලැබෙන්නේ නැති බව සක් සුදක් සේ පැහැදිලිය.එම පිහිට නොවන්නට මමත් මන්නාරම අඩප්පන් සටනේ මියගිය සෙසු නිළයින්ගේ නමට ඇතුලත් වනු නොඅනුමානය.
මාගේ වචනය අනේ දෙවියනී...අනේ මාගේ දෙවියන්....මා බේරා ගත මැනව යන්න පමණකි....ත්‍රස්තයින්ට අසුවනවා වඩා මියයාම සැපතක් බව මම දැන සිටියෙමි.අවි දෙකක් මා අත තිබූ බැවින් ත්‍රස්තවාදීන්ගේ පැත්තට වෙඩි තැබීමට මට කල නොහැකි අතර වෙහෙසට පත්වි සිටිම එයටත් වඩා වැඩිවිය.මාගේ යුධ හමුදා ඇදුමද ඉරි ගොස් ඇත.
මීටර් විස්සක් තිහක් පමණ අප වෙත කිට්ටුවට පැමින ඇති ත්‍රස්ත්‍රවාදීන්ගේ වෙඩි වරැසා මැද මම නැගිටිම සහ දිව යාම පැනීම බිම පතිත වීම.නැවත නැගිටීම දිවිම සහ පැනීම සහ බිම යාම මම කලේ කෙසේද යන්නවත් මම දන්නේ නැත.ඒ තරමට මා වේගවත් විය.ඒ පනින සෑම අවශ්ථාවකදීම දරැණු වෙඩි පහරවල් එල්ල කලද මා අසලින් කිහිපයක් බිම පතිත වුවද.මටනම් එකක්වත් වැදුනේ නැත. මාගේ දෙවියන් වහන්සේ මට පිහිට වු බවනම් මට නොරහසකි. වෙහෙසට පත්ව සිටි මා අවි දෙක්කද රැගෙන මීටර් විස්සක් තිහක් පමණ ලග සිටිනා ත්‍රස්ත්‍රවාදින් රැලකගේ එකම වෙඩි වර්ෂාවට මුහුණ දෙමින් එම රාජකාරියට මාගේ වේගවත් බව බව නම් මට ව්ශ්වාසය.මට කවුරැන් හෝ උදව්වීම හා මාගේ සහයට හිටි බව පමණක් මට කිව හැක.එය කෙසේද කොහෙම සිදුවුයේද යන්න මම සෑම දිනයකදීම සිහියට නැගීමට උත්සාහ කලද එය ප්‍රශ්නයක් විය.එහෙත් එය මාගේ දෙවියන් වහන්සේගේ කරුණිකවීම මත සිදුවු දෙයක් වශයෙන් සදහන් කිරිමට මම අදටත් මම දිවිගෙවන තුරුත් සදහන් කිරිමට නොපැකිලෙමි.
අඩප්ප්න් යුධ පිටියේ මියගොස් සිටි අපේ සෙබළුන්
කුඹුරු සීමාව තරණය කිරිමට හැකි විය....වෙල් සීමාව පසුකල අවසන් කිහිපදෙනා අතර මාද විය.වෙල් යායේ පෙනෙන නොපෙනෙන කරුවල තිබුනද වෙල් යායෙන් එගොඩ වූ පසු එක් අයෙකුට එක් අයෙකු පෙනෙන්නේ නැති තරමට අදුර ගලාගෙන ආවේ අපගේ පිහිටටද යන්න අදටත් මට ඉතිරිවු තවත් ප්‍රශ්ණයක් විය.
කණ්ඩායමේ කිහිප දෙනෙකු පමණක් මා සමග විය...ඒ අතර රයිපල් සෙබල පියරත්න මාගේ මතකයේ ඇත.ඒ ඔහු අප පෙලේ අවසානයට පැමිණී එල් එම් ජි කියන අවිය පරිහරණය කල පුද්ගලයා වු බැවිනි.
කි දෙනකුදැයි යන්න මට කීමට නොහැක්කේ තිත්ත කරුවලේ එක් අයෙකුට එක් අයෙකු නොපෙනීම කල නොහැකි අතර කථා කිරිමද නොහැකි වූයේ ත්‍රස්ත්‍රවාදීන් විසින් අප පසුපස හබා එන බැවිනි.දරුණු වනයකදී නියම කොටි රැලකට හසුවු මිනිසුන් සමූහයක් පසුපස හබා එන කොටි රැලක් පරිද්දෙන් අප පසුපස ත්‍රස්ත්‍රවාදීන් වෙඩිතබමින් අප ඒම කවරකුටවත් නතර කිරිමට නොහැකි කරුණක් විය. ඔවුන්ගේ අරමුණ වන්නේ ඔවුන්ට අයත් සීමාව තුලදී අප සැම කොටු කර මරා දැමීම හෝ අත්අඩංගුවට ගැනීමයි.එවුන්ගේ වෙඩි තැබීම එක අතකින් බියකරු වුවද ත්‍රස්ත්‍රවාදීන් මගහැර යාමට එය අපට කදිම සටහනක් වූ බවනම් කිව හැක.
මෙසේ අප එක් එක් අයවලුන්ගේ අඩි ශබ්දයට ඉදිරියට යන අතර තුරදී ඉදිරියෙන් පැමිනි .ත්‍රස්ත්‍රවාදින් කණ්ඩායමක් ආර්පිජි සහ අනෙකුත් අවිවලින් ප්‍රහාර එල්ල කලද සියල්ලෝම බිම වැතිර ඒ දෙසට ප්‍රහාර එල්ල කරන ලදී.රයිෆල් සෙබල පියරත්න විසින් එල්එම්ජි අවියෙන් වෙඩි වරැසාවක් එල්ල කරන ලද බැවින් ත්‍රස්ත්‍ර වෙඩි ප්‍රහාරය නතර විය.කොහි යන්නේද කුමක් කරන්නේද යන්න සිතා ගැනිමටවත් නොහැකි විය.සිටි අයවලුන් තවත් අතරමංවිය. කණ්ඩායමේ අනෙක් අයවලුන්ද අප මෙන් කැලය තුල අතරමංවි ඇත.අප කදවුරට තවත් කිලෝ මිටර් දහයක් පහලොවක් විතර ඇතැයි සිතිය හැක්කේ ඇතින් අපට පෙන්විමට පැරා එලි ආලොකය ලබා දී මෙනි.
මට එක දෙයක් පැහැදිලි විය එනම් ත්‍රස්ත්‍රවාදීන්ගේ අරමුණ වුයේ කිසිවෙකුටත් කදවුරට යාමට ඉඩ නොදී අල්ලා ගැනීම හෝ මරාදැමිම විය.
පාරක් ගමක් නගරයක් නොදත් අප එකට සිටි අයවලුන් අතරින් තවත් කිහිප දෙනෙක් එම ස්ථානයේදි මගහැරී යන ලදී.එසේත් නොමැතිනම් වෙඩි වැදී තුවාල සිදුවෙන්නට ඇත.එහෙත් කිසිවකුත් නොපෙනෙන කරුවලේ කෙසේ සොයන්නද?
තවත් ටික දුරක් පැමිණි අවශ්ථාවේදි අප සමග සිටි අයවලුන් මගහැරි ගොස් තිබූ බැවින් "සිල්වා සිල්වා"යනුවෙන් අමතන අවශ්ථාවකදී ...මෙහෙ වරෙන් යන්න පවසා අප ලගටම කැදවා වෙඩි තබන ලදී..මම වෙනත් පැත්තකට දිව ගිය අතර අනෙක් අයවලුන් තවත් පැත්තකට දිවයන ලදි.දැන් කථාකිරිම කෙසේවත් කළ නොහැක.
ජීවිතය පිළිබද ආසාව අතහැර ගත් මා ඒ අවශ්ථාවේදි බිම දිගා වී කල්පනා ලෝකයක ටික වේලාවක් සිටියෙමි.වර්ෂාවක්ද පැමිණියද කැලයේ පදුරු අතර හෙල්මටය ගලවා මුහුන වසා ගත් මා මොහොතක් විඩා හැරියෙමි.නිදි මත ඇතත් ජිවිතයේ මා දකින අවධානම තුල දෙවියන්ට යදිමින් සිටියෙමි.අඩියක් තබන අඩියක් ගානෙම දෙවියන් සිහිකර ගතිමි.කිලෝ මිටර් පහක් හයක් ඈතින් පැරා ආලෝකය නොනවත්වාම ඒ මන්නාරම සිලාවතුර කදවුර යන්නට මට හිතා ගත හැකි වුවත් කොපමන දුරක් යන්නද......?ඒ අතරින් වෙඩිහඩ ඇසෙන්නේද අප කණ්ඩායම් හා ත්‍රස්ත්‍රවාදීන් අතර විය යුතුය.මම එයට බොහෝ පසු පසිනි
අවශානයේදී"දෙවියනී ......දෙවියනී ....මාගේ කැමැත්ත ලෙස නොව ....ඔබගේ කැමැත්ත ලෙස සිදු වේවා "යන්න කිහිප වරක් සිත තුලින් තෙපලු මා ඝණ කළුරේ හෙමින් හෙමින් පැරා එලි එන දිශාව බලා පියවර කිහිපයක් ගොස් නතර වෙමින් හා නැවත පියවර කිහිපයක් ගොස් අවට විපරම් කර නැවත පියවර කිහිපයක් ගමන් කරමින් ටිකෙන් ටික කදවුර කිට්ටුවට පැමිණෙන ලදී.
මා සිටි ස්ථානය පැමිණි දිශාව පිළිබද විස්තරයක් කිමට තරම් නොමැති වුවද පැය කිහිපයක් ...තුලදී ගම්මානයන් කිහිපයක් පාරවල් කිහිපයක් කැලවල් තුලින් පැමිණි ගමන් මග ඉතා දුෂ්කර විය.මා කෙසේ පැමිණියේද යන්න මට අදටත් ප්‍රශ්ණයක් වී ඇත.
කෙසේ හෝ කදවුර ආසන්නයට මා හිතන ආකාරයට කදවුරට කිලෝමිටරයක් හෝ දෙකක් පමණ තිබියදී ත්‍රස්ත්‍රවාදීන් හා අප කණ්ඩායමක් අතර දරුණු වෙඩි හුවමාරුවක් සිදුවිය.එය මා සිටින දිශාවේ සිට මාගේ දකුණු අත පැත්තට මිටර් සියයක් දෙසීයක් පමණ දුරකින් යන්න මට හිතා ගැනිමට හැකියාව ඇති අතර මාගේ අදහස වුයේ ඉන්නා ඉසව්වෙන්ම ඉදිරියට ගොස් දකුණු අත පැත්තට බරව ඉදිරියට යාමය.මා විසින් තුවාල කරුවන්ගේ හෝ මියයන සෙබලුන්ට අයත් ටී 56 රයිෆල් දෙකම ඒ ආකාරයෙන් කරමත විය.කෙසේවත් මොන කරදර මධයයේ වුවද එය අතහැර නොමැති විම ගැන මම ඇත්තෙන්ම සතුටු වුයේ මෙහිදී මා හට ඉටුකිරිමට හැකිව තිබු වැදගත් ක්‍රියාවක් බැවිනි.
මන්නාරම සිලාවතුර කදවුරට පැමිණෙන විට පසුදින පාන්දර තුනත් හතරත් අතර කාලය තුලදී වෙන්නට ඇත.මාගේ ඇදුම් ඉරි විනාශ වී තිබුනි.එය එසේ වුවද ....මා එන්නේද ,,...?මට කුමක් සිදුවිද යන්න විපරම් කරමින් සිටි අපේ ගමේ මිතුරා වන සරත් නිදි මරමින් බලා සිට.. මා එන පෙරමගට පැමිණිය අතර මා අතින් අල්ලා බදාගත්තේද මෙම සිදුවිමේ එක් ශාක්ෂිකරැවකු වශයෙනි.ඔහු මා විසින් රැගෙන එන ලද මාගේ අවි දෙකත් රැගෙන මා අතින් අල්ලා රැගෙන යන ලදී.තවද තව තවත් අයවලුන් සිටියද ඒ කවරුන්ද යන්න මාගේ මතකයේ නොමැත.එක් අයෙකු මාගේ නම සටහන් කර ගන්නවා මතකයේ ඇත.
එසේම තවත් දින දෙකකට පසු තුවාල ලද ආධුනික සෙබල ගුණරත්න රැගෙන ආධුනික සෙබල විරවර්ධන කදවුර තුලට පැමිනෙන ලදී.ඔවුන් දෙදෙනාම මා සමග පුහුණුව ලැබු අයවලුන් විය.ගුණරත්නගේ කකුලට වෙඩි වැදී තිබුනි.ආධුනික සෙබල විරවර්ධන යුධ හමුදාපති තුමන් විසින් එදින සිට ලාන්ස් කෝප්‍රල් නිළයට උසස් කරන ලද අතර යුධ හමුදාවට බැදී මාස හතක් වැනි කෙටි කාලයකින් ක්‍රියාන්වතයකදි උසස් විම් ලද පලමු වෙනි සෙබලා වශයෙන් යැයි මා සිතුවද ඉතා කෙටි කලකින් යුධ හමුදාවේන් එම දෙදෙනාම නිවාඩු නොමැතිව නොපැමින සිටිමේ(Absion) වරදට යුධ හමුදාවෙන් ඉවත් කරන ලදී.
අවශානයේදි යුද්ධයේ ප්‍රතිපලය වි තිබුනේ අප හමුදාවේ පහලොවත් විස්සක් අතර සංඛ්‍යවක් මියයාම එයට වැඩි මිසක් අඩු නැත(මියගිය ගනන නම් දන්නේ නැත)ඒ අතර මාගේ බඩියා වු ආධුනික සෙබල රාජවර්ධන .... වෙන්නප්පුවේ සිල්වා.... ජයරත්න ඇතුළු කිහිප දෙනෙකි.එසේම මියගිය අයවලුගේ මෘත දේහයන් ත්‍රස්ත්‍රවාදීන්ගේ අත්අඩංගුවට පත්වී තිබුනි.තවද මාගේ බැච් එකේම අප සමග සිටි ආධුනික සෙබල බංඩාර කේඑම්යුඩබ්ලිව්එම්ඒඩබ්ලිව් සහ කාලතුවක්කු හමුදාවේ ලුතිතන් චන්ද්‍රසිරි යන අයවලුන් දෙදෙනා කොටින්ට පනපිටින් අසුවි තිබුනි.
එම කාල වකවානුව වනවිට ශ්‍රි ලංකාව හා යුධ හමුදාව තුල ඉතාමත් ආන්දෝලාත්මක සිද්ධියක් වු මෙය කෙටි කාලයක් තුලදි යුධ හමුදාව ලැබු විශාල පරාජයක් මෙන්ම කොටි ත්‍රස්ත්‍රවාදින් ලැබු ජයග්‍රහනයක් විය.එහෙත් එහිදී ත්‍රස්ත්‍රවාදී ප්‍රධානපෙලේ නායකයෙකුවු වික්ටර් ඇතුලු ත්‍රස්ත්‍රවාදින් අසුවකට අධික පිරිසක් මිය ගිය බැවින් ගොඩ නැගි පවතිමින් සිටිනා ත්‍රස්ත්‍රවාදින්ගේ පරාජයක් ලෙසද සදහන් කලද වරදක් නොමැත.එමෙන්ම කොටින්ට අයත් සීමාවකදී රාත්‍රි කාලයේදී වැඩි පිරිසක් කදවුරට පැමිණිමට හැකිවීම තුස්ත්‍රවාදීන්ගේ දුර්වලතාවයකි.
මෙම ප්‍රහාරයේ වගකීම කිසි විටෙකත් එම ක්‍රීයාන්විතය මෙහෙයවන ලද 1 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නීළධාරි වූ බී බී එස් මෙන්ඩිස් යන නිළධාරීහට එවකට වරද පැටවීමට උත්සාහ කළද එහි වගකිම එම නිළධාරි වෙත පැවරිමට කිසිසේත්ම නොහැකි අතර එහි සම්පුර්ණ වගකීම දැරිය යුත්තේ එම ක්‍රීයාන්විතය මෙහෙයවන ලද ඉහල නීළධාරින් විය යුතුය. කෙසේ වෙතත් නියමාකාරයෙන් එදා ප්‍රහාරයන් දිමට හා පසු බැසීමට නිසි උපදෙස් ලබා දුන්නේ නම් එවැනි විනාශයක් සිදු නොවනු ඇත. අණදෙන ණිළධාරිට මදක් පිටුපසින් එවකට ආධුණීක සෙබලකු වු මාගේ අදහස වුවද සියල්ල නිමවී එය අතිත සිදුවිමක් පමනක් වී අත.
එහෙත් සත්‍යය කිසිදිනෙක වල දැමිමට නොහැකි බව අමතක නොකල යුත්තකි.
අත්අඩංගුවට පත් සෙබළුන් බේරා ගැනීම සදහා විජය ඇතුළු පිරිසක්
යාපනයට ගිය අවශ්ථාවා වන්නට එහිදී ජීවත් වීමට වරම් ලබා ගන්නා ලද මා නැවත යුද්ධයේදි මරා දැමිමට නොහැකි වන බව සිහියට නගා ගනිමින් මා
ජීවමාන වු දෙවියන් වහන්සේට ප්‍රශංසාකරමින් මගේ අනෙකුත් රාජකාරින් ඉතා උසස් අන්දමින් ඉටුකරන ලදී.
.
==================================================================================================================================