Ellaya Paper 56/B,Thibbotugoda,Ganemulla,Sri Lanka Our Vilage and my Vedios     www.srilankaelle.com
මුල් පිටුව ප්‍රාදේශිය පුවත් විශේෂාංග ක්‍රීඩා පුවත් කතුවැකිය දැන්වීම් වීඩියෝ අමතන්න
https://plus.google.com/106054590476023516301/posts
......... අපගේ දැක්ම සහ මෙහවර ......... ............ Our Vision and Mission ............
දේශිය ක්‍රීඩාව වන එල්ලේ ක්‍රීඩාවේ පළමුවන වෙබ් පිටුව ...Click herer to See First Web Page Sport of Sri Lanka Elle History
බෙහෙත් නොබී දිවි ගෙවන්න විශ්වයේ ජීව බළ ශක්තියෙන් කරන ප්‍රතිකාර Healing Of Universal Life Force Energy..Click here.
එල්ලේ ක්‍රීඩාවට මෙන්ම රටටම එල්ලයක්..... එල්ලය පුවත් පත ඔබත් එන්න කියවන්න..
       දේශීය නිෂ්පාදන කුරුදු දර අගුරු කුඩු
 
එල්ලය යනු අරමුණයි...අරමුණූ කරා....එල්ලය.
 

අල වර්ග Potatoes

ප්‍රාග් ඓතිහාසික යුගයේ සිටම මෙරට ජීවත් වුණු මිනිසුන් විවිධ අල වර්ග අනුභව කළා. එකල වනාන්තර ආශ්‍රිතව වැවුණු විවිධ අල ප්‍රභේදයන් මිනිසාගේ ප්‍රධාන ආහාරයක් බවට පත්වුණා. වසර දහස් ගාණක් පුරාවට ලංකාවේ ජීවත් වුණු මිනිසුන් පරිභෝජනය කළ දේශීය අල වර්ගවලට නරක කාලයක් උදා වුණේ මෙරටට අර්තාපල් වගාව හඳුන්වාදීමෙන් පසුව යි.
1951 වසරේ දී පමණ අප රට තුළ අර්තාපල් වගාව ආරම්භ කිරීමට උත්සාහ කළත් එය සාර්ථක වුණේ නැහැ. ඒ, නිසි වගා ක්‍රම අනුගමනය නොකිරීමෙන් ඇති වුණු පළිබෝධ හානි නිසා යි. ඉන් පසුව 60 දශකය තුළ නැවතත් ආරම්භ කළ අර්තාපල් වගාව සාර්ථක වුණා. එම නිසා 70 දශකය තුළ අර්තාපල් බෝගය ලාංකිකයන් අතර ජනප්‍රිය වන්නට පටන් ගත්තා. පසුගිය දශක පහ තුළ එම ජනප්‍රියත්වය සීඝ්‍රයෙන් වර්ධනය වුණු නිසා අද වන විට අර්තාපල් අපට නැතුවම බැරි බෝගයක් බවට පත්ව තිබෙනවා.
එලෙස අර්තාපල් අප රට තුළ ජනප්‍රිය වීමත් සමගම දේශීය අල වර්ගවලට තිබුණු ඉල්ලුම අඩු වුණා. එසේම නාගරීකරණය ක්‍රමයෙන් වැඩිවන විට දේශීය අල වර්ග වඳවී යන්නට පටන් ගත්තා. එම නිසා වර්තමානයේ දී සමහර දේශීය අල වර්ග වෙළඳපොල තුළ දකින්නට නැහැ. නමුත් අප රට තුළ තවමත් වගා කරන දේශීය අල වර්ග කිහිපයක් තිබෙනවා. පහත දක්වා තිබෙන්නේ එවැනි දේශීය අල වර්ග පහක්.
ඉන්නල (රටල)


තෙත් කලාපය තුළ බහුලවම දක්නට ලැබෙන මෙම අල වර්ගය රත්නපුර, ගම්පහ, මාතලේ, කෑගල්ල, ගාල්ල, මහනුවර වැනි දිස්ත්‍රික්ක තුළ පහසුවෙන් වගා කළ හැකියි. එසේම අතරමැදි සහ වියළි කලාපවලත් විශේෂිත තත්ත්ව යටතේ ඉන්නල වගා කළ හැකියි. මෙම අල වර්ගය වගා කිරීම සඳහා වඩාත්ම යෝග්‍ය වන්නේ හොඳින් ජලවහනය වන සැහැල්ලු ලෝම පස යි. සාමාන්‍යයෙන් තෙත් කලාපය තුළ ඉන්නල වගා කරන්නේ යල කන්නයේ වර්ෂාවත් සමගින් ජූනි සහ ජූලි මාසවල යි. එසේම සහ අතරමැදි කලාපවල ඉන්නල වගා කරන්නේ මහ කන්නයේ වැසි සමගින් සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවල යි.
දැනට ප්‍රධාන වශයෙන් වගා කරන ඉන්නල වර්ග දෙකක් තිබෙනවා. ඒ දිගටි ඉන්නල සහ බෝල ඉන්නල යි. ඉන්නල හෙවත් රටල බොහෝවිට ආහාරයට ගන්නේ ව්‍යාංජනයක් ලෙස යි. මෙම අල වර්ගය රසයෙන් අඩු වුණත් ගුණයෙන් වැඩි නිසා බොහෝ දෙනෙකු ආහාරයට ගන්නවා. පහත දක්වා තිබෙන්නේ ඉන්නලවල තිබෙන පෝෂ්‍ය ගුණය සහ ඖෂධීය ගුණය යි.
1) අනිකුත් අල වර්ගවලට වඩා මෙහි පිටි ගතිය අඩු යි. එසේම තෙල් සහ සීනි ප්‍රමාණය අඩු යි. නමුත් මෙම අල වර්ගයේ ප්‍රෝටීන්, යකඩ, සහ ඛනිජ ලවණ බහුලව ඇති නිසා පෝෂ්‍ය ගුණයෙන් වැඩියි.
2) ඉන්නලවල සීනි මට්ටම අඩු නිසා දියවැඩියා රෝගීන්ට වඩාත් සුදුසු යි. එසේම නීරක්තිය නැති කරයි.
3) අධික තරබාරුව අඩු කර, කෑම රුචිය වැඩි කරයි.
4) කොලෙස්ටෙරෝල්, අධික රුධිර පීඩනය, රුධිර වාහිනීවල රෝග, මළ බද්ධය, ප්‍රෝටීන් ඌනතා රෝග, මුත්‍රා දැවිල්ලට සහනයක් ලබා දෙයි

රාජ අල
ඉතාමත් අලංකාර දම් පැහැයකින් යුක්ත මෙම අල වර්ගය බොහෝ දෙනෙකුගේ ප්‍රියතම ආහාරයක්. සාමාන්‍යයෙන් තෙත් කලාපය තුළ බහුලවම දක්නට ලැබෙන රාජ අල වියළි කලාපයේ ඇතැම් ප්‍රදේශවලත් වගා කළ හැකියි. මෙම අල වර්ගය තම්බා හෝ ව්‍යාංජනයක් ලෙසින් ආහාරයට ගත හැකියි. මෙම අල වර්ගයේ පිෂ්ඨය අධික නිසා ප්‍රධාන ආහාර වේලක් ලෙස ගැනීමට සුදුසු යි.
රාජ අල කිරි වඩවන ආහාරයක් බව දේශීය වෛද්‍ය ක්‍රමයේ සඳහන්ව තිබෙනවා. එම නිසා කිරිදෙන මව්වරුන්ට මෙය ඉතාමත් හොඳ ආහාරයක්. ගුණයෙන් ඉහළ දේශීය අල වර්ගයක් වන රාජ අලවල යකඩ, කැල්සියම්, පොටෑසියම්, ප්‍රතිඔක්සිකාරක සහ ප්‍රෝටීන අඩංගු වනවා. රාජ අල ජලයට දමා තැම්බීම නිසා එහි අඩංගු ප්‍රතිඔක්සිකාරක ගුණය විනාශ වන බව පර්යේෂණ මඟින් සොයා ගෙන තිබෙනවා. එම නිසා රාජ අල තැම්බීමේ දී අවම ජල ප්‍රමාණයක් භාවිතා කිරීම වඩාත් සුදුසු යි. එසේම රාජ අල දියවැඩියාවට සහ කොලෙස්ටරෝල් යන රෝග සඳහා ගුණදායක බව දේශීය වෛද්‍යවරුන්ගේ පවසා සිටිනවා.

දේශීයව වගා කළ හැකි අල වර්ග 93 ක්‌ පිළිබඳ සඳහන් වුවද අද වන විට මෙරට ජනතාව වැඩිපුරම පරිභෝජනය කරන අල වර්ගය වී තිබෙන්නේ අර්තාපල්ය. අර්තාපල් ද දේශීයව වගා කළත්, ඒ සඳහා සාදා ගනු ලබන්නේ ආනයනික බීජ වර්ගයන්ය. අර්තාපල් හැරුණු විට මෙරට ජනතාව බහුලව ආහාරයට ගන්නා අල වර්ග ලෙස මඤ්ඤොක්‌කා සහ බතල හඳුනාගත හැක. මෙම අල වර්ගයන් ද පෘතුගීසි සමයේදී මෙරටට ගෙන එන ලද අල වර්ග ලෙස සැලකිය හැකි වුවත් පසුගිය කාලය තුළ දී දේශීය මඤ්ඤොක්‌කා ප්‍රභේදයක්‌ හඳුනා ගැනීමට ඉංගිරියේ ප්‍රේමරත්න මහතා සමත් වී ඇත. එම මඤ්ඤොක්‌කා වර්ගය "කිරි කවඩි" නමින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ජනතාවට හඳුන්වා දී ඇත.

මෙම අල වර්ගයන් හැරුණු විට උඩල, රාජා අල, ඇඟිලි අල, ගහල, කටු කුකුලල, කහ අල, කීඩාරන්, ජාවා අල, හබරල, හිරිතල, ගෝනාල, කහට අගල, කම්බු කොඩොල්, කිරි කොඩොල්, රතු කොඩොල්, කිරි වැල් අල, රටල, සුදු අල, කටු අල, බුත්සරණ, කිරි අල, කිරිබරු අල, කොකිස්‌ අල, කොළකන අල, හිඟුරල, ලේන දන්තිල, කිරි හබරල, සීරුවල්ලි, රතු අල, රත්න අල, රැවුලල, සීනි අල, සෙවෙල් අල, දන්දින අල, දෙහි අල, උයල, කඳල, හොඬල, කොහිල, කිරි සම්බල, පණු අල, සීනි කෙහෙල් අල, අතු අල, තුන් මස්‌ රෝස, තුන්මස්‌ සුදු, නිට්‌ටාල, ඉබුල්, ඕවිටි අල, කහට, පිට්‌ටු අල, ආටිචෝක්‌, පාත්තරා අල, යකු අල, කොළ හබරල, රැල්බුරුල්ලා, අඩදම්, බිනර, කාබේරි අල, වැල් අල, තිරිංගල, සව්කෙන්දා, ගොරොක්‌ අල, ගොටු අල, කිරි හිඟුරල, බෝල බුත්සරණ, සුදු බුත්සරණ, ගොම අල, හුලංකීරිය, දේශල, කළු අල, කන්ඩල, දෙමස්‌ අල, හැරමස්‌ අල, ඉන් අල, නිල් කීඩාරන් යන අල වර්ග පිළිබඳව සඳහන්වේ. (මෙහි මඤ්ඤොක්‌කා හා බතල යන අල වර්ගවල ප්‍රභේද පිළිබඳ නොවේ. ආටිචෝක් යනු බුත්සරණ අල ම බවට පසුගිය දිනවල වගා සංග්‍රාමය වැඩසටහන තුල කියවුනි.

බතල

බතල කියන්නේ ඉතා ගුණවත් ආහාරයක්‌ බව මෑතක දී පර්යේෂකයින් විසින් සොයා ගෙන තිබෙන බව ඔබ දන්නවාද?

ඉංග්‍රීසියෙන් Sweet potato යන නමින් හඳුන්වන බතල ඉපෝමියා බටාටාස්‌ යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වයි. ශ්‍රී ලංකාවේ ජනයා පරම්පරා ගණනාවක සිට බතල පිළිබඳව දැන සිටියේ ය.

ඔවුන් බතල වැඩි වශයෙන් උදැසන ආහාරයට ගනු ලැබුවේ තම්බා පොල් හා ලුණු, මිරිස්‌ සමග ය. එය ඔවුන්ගේ ප්‍රණීත ආහාරයක්‌ විය. තව ද බතල විවිධ ප්‍රණීත ආහාර ලෙසට ද සකස්‌ කර ආහාරයට ගනු ලැබී ය.

ඔබ සිතන්නේ බතල ඉතා අගුණ සිරුර තරබාරු කරන ආහාරයක් ‌විදියටනේ විය හැකි ය. නමුත් බතල කියන්නේ කාබෝහයිඩ්‍රේට්‌, ප්‍රෝටීන්, ජලය, මේදය, ග්ලූකෝස්‌, තන්තු, විටමින් A, විටමින් C, විටමින් E, පොටෑසියම් පොස්‌පරස්‌, ඛනිජලවණ ආදී බොහෝ පෝෂණ ගුණයන්ගෙන් අනූන වු ආහාරයකි.

නවතම සොයා ගැනීම්වලට අනුව බතල යනු ලෝකයේ බොහෝ රටවල වෙසෙන දරුවන්ගේ විටමින් A ඌනතාවය දුරු කිරීම සඳහා ආහාරයට ගැනීමට අනිවාර්යය කර තිබෙන ආහාරයකි‌

ඔබ බතල ආහාරයට ගන්න බියක්‌දක්‌වන්නේ පිෂ්ඨය අධිකව තිබෙනවා යන බිය නිසා නොවේ ද? නමුත් ඔබ දන්නවා ද? බතල කියන්නේ ජල ගබඩාවක්‌, මේදය සුළු වශයෙන් ද, තන්තු (කෙඳි) බහුල වශයෙන් ද තිබෙන නිසා තරබාරුව මට්‌ටු කරන ආහාරයක්‌. තරබාරු අයෙකුටත් සිරුර කෙසඟ අයකුට වුව ද බතල ආහාරයට ගැනීමට බියක්‌ ඇති කර ගැනීමට අවශ්‍ය නොවේ. මන්ද කාන්තා සිරුර හැඩ කර ගැනීමට බතල උපකාරී වනවා මිසක සිරුර අවලස්‌සන කිරීමට බතල උපකාරී නොවන නිසා ය.

තව ද ඔබේ සිරුරේ සම ආරක්‌ෂා කිරීමේ ගුණයත්, බතල සතුව පවතී රුධිර පීඩනය අවම කරන බතල විටමින් C අන්තර්ගත නිසා සෙම් රෝගවලින් ද ඔබව ආරක්‌ෂා කරයි. එසේ ම අවදානම් හෘද රෝගී තත්ත්වයන් අඩු කරන බතල මළ බද්ධය දුරු කිරීමට ද මහෝපකාරී වේ.

දියවැඩියා රෝගීන්ට ද අගුණ නොවන මෙය ඔබගේ නිරෝගීතාවය උදෙසා හා පවුලේ නිරෝගීතාවය උදෙසා ගුණ දායක බතල අලයක්‌ උදෑසන ආහාරයට එක්‌ කර ගැනීමට ඔබත් අමතක කරන්න එපා.

කිරි අල

කිරි අල කියන්නේ අපේ මුතුන් මිත්තන්ගේ ආහාරවේල් අතර ප්‍රමුඛත්වයක් ගත්තු අල වර්ගයක්. අද වෙද්දි තරුණ පරපුරෙන් ඈත්ව යන නමුත් ඉහළ පෝෂ්‍ය ගුණයක් සහිත රසවත් ආහාරයක් තමයි මේ කිරි අල. කිරි අල ගසේ අල පමණක් නොවෙයි කොළ වගේම පිතිත් රසවත් ලෙස සකසා ආහාරයට ගනු ලබනවා. කොළ මැල්ලුමක් ලෙසටත් ලෙසටත් ආහාරයට ගන්නා අතර මේ කිරි අල දියවැඩියා රෝගීන්ට ද ඉතා ගුණදායකයි.කිරි අල වගාවක් නිවැරදිව කළොත් අමතර ආදායමක් ලබා ගන්නට හැකියාවක් තියෙනවා. කිරි අල වගා කිරීම එතරම් අපහසු නැහැ. මොකද අවම කෘමි හානි ඇතිවන අඩු අවදානමක් සහිත වගාවක් නිසා. ඒ වගේම ඕනෑම ප්‍රදේශයක වගා කරන්නට වගේම ඕනෑම කාලයක වගා කරන්නටත් හැකියාව පවතිනවා.සෙවණ ලැදි බෝගයක් වන කිරි අල ගෙවතු, ඕවිටි බිම්, බෑවුම් ආශ්‍රිතව මහා පරිමාණයෙන් වගා කළ හැකියි. එසේම මෙම අල වර්ගය ලංකාවේ බොහෝ ප්‍රදේශවල වගා කළ හැකි නිසා ගොවියන් අතර වඩාත් ජනප්‍රිය යි. මෙම අල වර්ගය සෙවණට දක්වන ලැදියාව නිසා තෙත් සහ අතරමැදි කලාපවල පොල් සහ කෙසෙල් බෝග සමග අතුරු බෝගයක් ලෙසින් වගා කළ හැකියි. පළිබෝධ හානි සහ කෘමි හානි අවම මට්ටමක පවතින නිසා අඩු අවදානයක් යොමු කළ යුතු වගාවක් ලෙසින් හඳුනාගෙන තිබෙනවා.

ලංකාවේ කිරි අල වර්ග ගණනාවක් පැවතියත් අස්වනු ව්‍යුහය සහ වෙනත් කරුණු හේතුකරගෙන නිර්දේශ කර ඇත්තේ ඉසුරු නමින් හැඳින්වෙන රතු ඉරි කිරි අල ප්‍රභේදයයි.ළපටි පිත්තේ දාර දිගේ පවතින රතු ඉර ඕනෑම ක්‍රමයකට අනුවර්තිත නිල් කොළ පැහැ පත්‍ර, ඒවායේ ලක්ෂණ වෙයි. එයින් අපනයනයට සුදුසු ආකාරයේ අල කුරුල්ලන් නිපදවන අතර එවැනි අලයක බර සාමාන්‍යයෙන් ග්‍රෑම් 125-150 ක් පමණ වෙයි.  
වාෂ්පයෙන් සිදු වූ පිළිස්සීම් සුව කරයි. ශරීර ශක්තිය වර්ධනය කරයි. ඇස්වල පෙනීම දියුණු කරයි. සෙම් ගතිය නසයි.
ආකිරි අල
බොහෝ විට කිරි අල ව්‍යාංජනයක් ලෙසින් ආහාරයට ගනියි. මෙම අල වර්ගයේ අල පමණක් නොව කොළ ද ආහාරයට ගනියි. රසයෙන් මෙන්ම ගුණයෙන් ද අනූන ආහාරයක් වන කිරි අල වගාවක් ලෙස සිදුකරනු ලබනවා. ලංකාව තුළ වගා කරන කිරි අල ප්‍රභේද පහත පරිදි යි.
1) ඉසුරු
2) රතු කිරි අල
3) අඩ දම් කිරි අල
4) කහ ඉරි කිරි අල
5) දම් කිරි අල කිරි අල
. කිරි අල පෙති යුෂ
කොළ කන ගසේ පිත්තේ යුෂ ස්වල්පයක් ගෙන වාෂ්පයෙන් පිළිස්සුණු ස්ථානයක (දිය බුබුළු නැඟීමට පෙර) තැවරීමෙන් දිය බුබුළු නොනඟී.
2. කිරි අල ගසේ අලවල නානු
කිිරි අලය ගලවා ගත් පසු සෝදා හොඳින් සුද්ධ කරගෙන නෑඹිලියේ හොඳින් ගා ගන්න. මෙසේ නානු එන ආකාරයට සකසා ගෙන පිළිස්සුණු ස්ථානයක දිය බුබුළු වල තවරන්න. ඉන්පසු තුවාලය වියළි යාම සිදුවේ. දිනකට දෙවරක් මෙසේ ආලේප කිරීමෙන් පිළිස්සුණු තුවාල සුව වේ.
3. කිරි අල පිති සහ කොළ සම්බලය
අවශ්‍ය ද්‍රව්‍ය - කිරි අල කොළය සහ පිත්ත , අමු මිරිස් කරල් 03 , උම්බලකඩ 5 g , දෙහි බෑයක යුෂ , ලුණු ස්වල්පයක් , ගා ගත් පොල් මිටක් , රතුළූණු ගෙඩි 06 ක්
සාදන ක්‍රමය - කිරි අල කොළය සහ පිත්ත හොඳින් සෝදාගෙන පිත්තේ පවතින රේණු ඉවත් කරන්න. සෝදා පිරිසිදු කරගත් කිරි අල කොළය සහ පිත්ත සිහින්ව ලියා ලුණු වතුරෙන් මිරිකා ගන්න. (ලුණු වතුරෙන් සේදීම අවශ්‍යම නොවේ.) ගා ගත් පොල් ලියාගත් රතුළූණු, උම්බලකඩ හා අමු මිරිස් සමඟ සිහින්ව ලියා ගත් කිරි අල පිති කොළ හා පිති කැබලි මිශ්‍ර කර දෙහි ඇඹුල් සමඟ හොඳින් අනාගන්න.
හිගුරල
මෙම අල ආහාරයට ගැනීමෙන් ශරීරය සිසිල් කරන අතර කාන්තාවන් ගේ සියලු උශ්නාධික රෝග සමනය කරයි. ගර්භනී සමයේ ස්‍රාවයන්වීම වහා වලකයි. මදුමේහ රෝගීන්ටද ආහාරයට ගතහැක.

බුත්සරණ
බුත්සරණ අල වර්ගය බොහෝ ගෙවතු ආශ්‍රිතව දක්නට ලැබෙනවා. සාමාන්‍යයෙන් මීටර් 2ක් පමණ උසට වැඩෙන බුත්සරණ ශාකයක පත්‍රයක් සෙ.මී 30-40 අතර ප්‍රමාණයක් දක්වා වර්ධනය වෙයි. සුලබව දක්නට ලැබෙන බුත්සරණ වර්ගයේ පත්‍ර දම් පැහැතියි. නමුත් පත්‍ර කොළ පැහැති ප්‍රභේදයක් ද දක්නට ලැබෙනවා. එම ප්‍රභේදයන් දෙක රතු බුත්සරණ සහ සුදු බුත්සරණ ලෙසින් හඳුන්වනවා. තරමක් පැණි රස ගතියෙන් යුත් මෙම අල වර්ගය තම්බා ආහාරයට ගන්නවා. බුත්සරණ අලවලින් ලබාගන්නා පිටි, කිරි සහ සීනි සමගින් මිශ්‍ර කර රසවත් තලපයක් සාදාගත හැකියි. සෙංගමාලය, මල බද්ධය වැනි රෝගවලින් පෙළෙන අය සඳහා මෙම අල ලබාදෙනවා. බුත්සරණ කොළ සහ මල් සර්ප විෂ නැසීම සඳහාත් භාවිතා කරනවා.

අමු කැරට්

අමු කැරට් වල pH අගය 5.88-6.40 අතර වේ. අමු කැරට් වල අඩංගු ස්වභාවික ක්ෂාරීය ගතිය නිසා කුසෙහි ඇති අතිරික්ත ආම්ලික ගතිය ඉවත් කිරීමට මෙය සමත් වෙනවා. මීට අමතරව සිරුරේ ඇති කොලොස්ටරෝල් ප්‍රමාණය අඩු කිරීමට, ඇස් වල පෙනීම වර්ධනය කිරීමට සහ වයසට යාමේ ලක්ෂණ ඉවත් කිරීමට මෙහි ඇති ගුණ උපකාරී වෙනවා.

බීට් රූට්

පිසූ බීට් රූට් වල pH අගය 5.23-6.50 අතර අගයක් ගන්නවා. මෙහි මැන්ගනීස්, පොටෑසියම් සහ කොපර් වැනි වයස්ගතවීමේ ලක්ෂණ පාලනය කරන පෝෂක ගුණ රැසක් අඩංගු වෙනවා. සිරුරේ ඇති වන ඉදිමුම් සහිත ප්‍රදාහයන් සුව කරන අතර, බර අඩු කර ගැනීමට උපකාරී වේ.

 

ජීව බලය එළවලු,පළතුරු,>>
ජීව බලය ඇති ගස්වැල්,එළවලු,පළතුරු,>>

පළතුරු,>>

 
 
 
 

විස්තර බලන්න See >>

 
 
 
 
 
 
 
 
 
 
විස්තර බලන්න See >>
කුරුදු කුඩු සහ කුරුදු දර අගුරු කුඩු (Cinnamon & Cinnamon Charcoal Teeth Powder).
විස්තර බලන්න See More>>
කුරුදු කුඩු සහ කුරුදු දර අගුරු කුඩු
Cinnamon Teeth Powder
 

================= දිව්‍ය ඖෂධ බඳු ආහාර වර්ග දහය අතරින් එකක්වන ගොරකා ================

ගොරකා- ( Garcinia cambogia )

මෙයට වසර හතලිහකට පනහකට පෙර මා දන්නා අවදියේදී ගොරකා යනු අප තවත් එක් පලතුරක් විය.කුරුදු කෝටුවක් කඩා ගන්නා අප ගොරකා ගෙඩිය විද සිදුරක් සාදා ගනිමින් කුරුදු කෝටුව ආධාරයෙන් එහි මදයේ රස බැලූ හැටි තවමත් මතකය.

ශ්‍රී ලංකාවේ පහ­ත­රට තෙත් කලා­පයේ සරු­වට වැඩෙන බෝග­යකි. වැඩුණු ගසක් අඩි 50-60 පමණ උස­කින් යුක්ත වන අතර, මෙම ශාකයේ විශේ­ෂ­ත්වය නම් ස්ත්‍රී පුරුෂ මල් දෙව­ර්ග­යම එකම ශාකයේ හට ගැනී­මයි. ගැහැනු මල පිරිමි මලට වඩා විශා­ලය. ගොරක ශාකයේ මල් හට ගැනීම සිදු වන්නේ පෙබ­ර­වාරී සහ මාර්තු මාස­ව­ලය. පෙබ­ර­වාරි මාර්තු මල පිපිණු විට පත්‍ර හැලෙයි. අතු අග පෙති හත­ර­ක්‌ ­සහ රේණු රාශි­ය­කින් යුක්‌ත මල් කුඩ­යක හැඩය ගැනීම ද, පිරිමි මල් තුන­ක්‌ ­හ­ත­ර­ක්‌ ­එ­කම කුඩ­යක හැඩ­යෙන් ගෙඩිය හට­ගනී.

නාග කේසර (Guttiferae) කුල­යට අ‍යත් ගොරකා ගාර්සීනියා කැම්බොජියා නොහොත් ගොරකා (සිංහල භාෂාවෙන්) දෙමළ බසින් කොඩුක්කායිප්පපුලි නම් වෙයි.ප්‍රභේද හත­රකි. මල ගොරකා, රතු ගොරකා, රට ගොරකා, එළ ගොරකා ලෙස ඒවා හඳු­න්වනු ලබන අතර රතු ගොරකා සහ එළ ගොරකා ආහාර රස­වත් කිරී­මට යොදා ගනියි. රතු ගොරකා ඉදුණු විට රත් පැහැ ගන්නා අතර ඇතු­ළත මදය ද රත් පැහැති ය. ඉදුණු ගොරකා ඵලය කහ පැහැති වන අතර මදය කහ මිශ්‍ර සුදු පැහැ­යක් ගනියි. මෙම ගොරකා වර්ග දෙකෙ­හිම මද, පල­තු­රක් ලෙස ද ආහා­ර­යට ගනියි.

චරක මහ ඉසිවරයා හදවතට හිතකර ලෙස හඳුන්වා දී ඇති දිව්‍ය ඖෂධ බඳු ආහාර වර්ග දහයට ගොරකාත් අයත්වනවා.මෙරට පහතරට තෙත් කලාපයේ හොඳින් වැවෙන ගොරකා ඖෂධිය, ගුණයෙන් පොහොසත් ආයුර්වේදයේ ,රෝග ප්‍රතිකාර සඳහා එහි පංචාංගයම යොදාගන්නා බව සඳහන්. ගොරක හදවතට බෙහෙවින් හිතකර බව විද්‍යානුකූලවත් සනාථ වනවා.ඉහළ ආර්ථික වටිනාකමක් ඇති ගොරකා කිසිදු වියදමක් නොදරා පළ නෙලා ගත හැකි බෝගයකි. එය ආහාර රුචිය වඩවා බඩගින්න ඇති කරවන ඖෂධයකි. වියළා ගත් ගොරකා ලෙල්ල ආහාරයට මෙන්ම ඖෂධ පිණිසද යොදා ගනී.උෂ්ණ ගුණයෙන් යුතු ගොරකා හදවත් රෝග සඳහා යෝග්‍ය වේ.

ඈත අතීතයේ සිටම ශ්‍රී ලංකා වාසින් කෑම පිසිමේ දී ගොරකා යොදා ගත්තේ ආහාර සුරක්ෂිතකරණය සහ එහි ඇති ලෙඩ සුවකිරීමේ ගුණය කෙරෙහි ඔවුන්ගේ තිබු දැනුම නිසාය. එහි මිනිස් ශරීරයට හිතකර ගුණ ගණනාවකී. ඇඹුල් රසයෙන් අනූන ගොරකා මුළුතැන්ගෙයට නම් නැතුවම බැරි කුළුබඩු වර්ගයක්.

ඈත අතීතයේ සිටම ශ්‍රී ලංකා වාසින් කෑම පිසිමේ දී ගොරකා යොදා ගත්තේ ආහාර සුරක්ෂිතකරණය සහ එහි ඇති ලෙඩ සුවකිරීමේ ගුණය කෙරෙහි ඔවුන්ගේ තිබු දැඩි විශ්වාසය නිසාය. අමු ගොරක ගෙඩියෙහි ආම්ලික ඇසිඩ් බහුල ය. ගොරකා ගෙඩියෙහි ශරීරයට අවශ්‍ය පෝෂණ ගුණ ගණනාවකී. කැල්සියම් හයි­ෙඩ්‍රාක්සිට්‍රිික් ඇසිඩ් විටමින් සී ෆයබර් සහ ජලය අඩංගුය. ස්ථුල භාවය අඩු කිරීම ශරීරයේ මේදය පුලුස්සා දැමීම බර අඩුකිරීම හා වේදනාව සමනය කිරීම යනාදි වශයෙන් ගුණ ගණනාවකී. ගොරකා වල සීනි සහ කැලරිස් අඩංගු නොවීම ද සුවිශේෂ ලක්ෂණයකී. එහි ඇති හයිෙඩ්‍රා්රෝලක්සිසිට්‍රික් ඇසිඩ් ශරීරයේ වැඩි කොලොස්ටරෝල් මට්ටම අඩු කරයි. දියවැඩියාවට අදාළ ලේවල ඇති සීනි ප්‍රමාණය පාලනය කරයි. ජීරණ පද්ධතිය ක්‍රමවත් කරයි. පිළිකා ශෛල වර්ධනය සහ ශරීරය පුරා පැතිර යාම ද වළක්වයි. ශරීරයේ ඉදිමුම සහ දැවිල්ල ඇති අවස්ථාවලදී සහනය ලබාදීමට උපකාරිවෙයි.

තවද එදිනෙදා ජීවිතයේදී විවිධ ප්‍රයෝජන සඳහා ගොරකා යොදා ගනී. මස් මාළු පිළියෙල කිරීමේදී ඇඹුල් සඳහා මෙන්ම ජාඩි පිළියෙල කිරීම සඳහාද ගොරකා බහුලව යොදාගනු ලැබේ. ගොරකා ලෙලි සමඟ සුදු ළුණු බඳුනක දමා ආලෝකය නොවදින සේ තැබීමෙන් සුදු ළුෑණු බොල් නොවී කල් තබාගත හැක.

එදා ගරා යකුම් යාගයේ අයිලයක් සෑදීමට යොදා ගත්තේ ගොරක අතුය. මේ නිසා අපේ ගම්වල මිනිසුන් ගොරක ගහ ළඟින් ගියේ මද බියකිනි. එහි යම් භූත බලවේගයක් ඇතැයි ඔවුන්ගේ විශ්වාසයක් පැවැතුණි. ගමේ කොල්ලො කුරුට්ටන්ට නම් ඉදී වැටුණ ගොරක ගෙඩියේ රත් පැහැති මදය රසවත් කෑමකී. කහ පැහැයෙන් සහ මද රත් පැහැයෙන් යුතු හොඳින් ඉදී වැටුණු ගොරක ගෙඩි පලා අව්වේ වේළා ලුණු මිශ්‍ර කර ඇසුරූ කට බැඳි මුටිටිය එදා අහර රස කරමින් හා මුළු පවුලටම නිරෝගිකම ලබාදෙමින් වැඩසිටියේ ගමගෙදර ළිප මුල්ලේ ය. එහෙත් අද ගොරක තිබෙන්නේ සුපිරි වෙළෙඳ සැල්වලය.වර්තමානයේ ගොරකා වෙළෙඳ පොළට ඉදිරිපත් කරන ආකාර එකිනෙකට වෙනස්ය පේස්ට් ගොරක තේ යනාදි වශයෙන් කුඩා බහලුම්වලය.එවිට එහි ඇති ජීව ගුණය විනාශය කරා යනු ඇත.

ආහාර සඳහා යොදාගැන්මට පැසී ඉදුණු ගෙඩිවල පලු වෙන් කර වියළා ප්‍රයෝජනයට ගැනෙනවා. ඒවායේ විටමින් C බහුලවන අතර ටාටරික් අම්ලය පොටෑසියම් හා තවත් විටමින් හා පෝෂක අඩංගුයි.
රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරගැනිම, හදවතේ ධමනි තුළ මේදය තැන්පත්වීම ගොරක මගින් වැළැක්වෙනවා.අර්ශස් හා පණු රෝග සඳහාද ගොරකා ප්‍රත්‍යක්ෂ ඖෂධයකි.  දිනපතා ආහාරයට ගැනීමෙන් ශරීරයේ බර වැඩි වීම පාලනය කරගත හැකිවේ.
රුධි­ර­ගත කොලෙ­ස්ට­රෝල් පාල­න­ය­ටත්, හද­වතේ ධමනි තුළ කොලෙ­ස්ට­රෝල් තැන්පත් වීම වළ­කා­ලී­ම­ටත් ගොරකා මහෝ­ප­කාරී වේ. මෙම­ඟින් සිරුර තුළ සංස­ර­ණය වන ලිපිඩ ප්‍රමා­ණය අඩු කිරීම නිසා රුධි­ර­ගත කොලෙ­ස්ට­රෝ­ල්වල අහි­ත­කර LDL කොලෙ­ස්ට­රෝල් අඩු වී, හිත­කර HDL වර්ධ­නය වන බව කියැවේ. එමෙන්ම මෙම­ඟින් ශරීරයේ පරි­වෘ­ත්තිය ක්‍රියා කාර්ය­ක්ෂම වී ප්‍රති­ශ­ක්ති­ක­ර­ණය ශක්ති­මත් වේ. රෝගා­බාධ හා ආසා­ද­නවලට එරෙහිව ක්‍රියා­ත්මක වී උණ, සෙම්ප්‍ර­ති­ශ්‍යාව වැනි සාමාන්‍ය රෝග වැළැ­ක්වී­මට හෝ ඉක්ම­නින් සුව­පත් කිරී­මට උප­කාරී වේ. ආහාර රුචිය වර්ධ­නය කරන අතර ඉදි­මුම්, දැවිලි, සන්ධි රෝග සම­නය කරයි. ගොරකා ගර්භාෂ රෝග­ව­ලට ගුණ­දා­යක වන අතර විදු­රු­මස් රෝග­ව­ලට ද හිත­කර වේ.
ආහාර, රුචිය වර්ධනය කරනවා. ඉදිමුම් දැවිලි සන්ධි රෝග, සමනය කරනවා . ගර්භාෂ රෝග වලට එරෙහිව, ක්‍රියාත්මක වනවා විදුරුමස් රෝග සුවකර දෙනවා.
තරබාරුකම දුරු කිරීම, මලපහවීම පහසු කිරීම, බිඳුණු අස්ථි ඉක්මනින් සුවපත් කිරීම, වැනි කාර්යයන්හිත් නියැලෙනවා.
කැඩුම් බිඳුම්. සඳහා ගොරක පොතු හා මල් යොදාගනු ලබනවා . වකුගඩු ගල් කැබලි කිරීමේ ශක්තියක් ද එය සතුයි.
ආහාර ජීර්ණය ක්‍රමවත් කරමින් ආහාරවල විෂ සමනය කරමින් බඩවැල් පිළිකාවලින් මිදීමටත් මං පාදනවා.
රක්තවාතය, වණ, බඩවැල් රෝග, හා සත්ත්ව රෝග සඳහා ඖෂධ සැකසීමට ද ගොරකා යොදා ගැනෙනවාආහාර කල් තබා ගැන්මටත් මාළු ඇඹුල් තියල, පොළොස්, කොහිල, කැකිරි වැනි වෑංජන රසවත් හා ගුණවත් කිරීමටත් ගොරකා උපකාරීවනවා. බලයා කෙළවල්ලා වැනි සැර මාලුවලින් ඇතිවිය හැකි අසාත්මිකතා වැළැක්වීමට, ඒවායේ ඇති හිස්ටමින් නමැති රසායනය ගොරක මගින් 80% කින් උදාසීන කර දෙනු ලබනවා..වෑංජනවලට යොදන ගොරක ඉවත් නොකර. ආහාර සමග සපා කන්නේ නම් එය සිරුරට ඉතා හිතකරවන අතර ඉන් එහි ඖෂධීය වාසි ලබා ගත හැකියි.

තර­බා­රු­කම දුරු කිරීම සහ අන­වශ්‍ය මේද දහ­නය ද ගොරකා මඟින් ලැබෙන ප්‍රධාන ප්‍රති­ලා­භ­යන් ය. මෙම­ඟින් ඔබට සිහින් සිරු­රක් ලබා ගැනී­මට අනි­වා­ර්ය­යෙන්ම හැකි වන අතර, ආහාර ජීර්ණ පද්ධ­තියේ ක්‍රියා­කා­රී­ත්ව­යට, ආහා­ර­වල විෂ සම­න­යට, බඩ­වැ­ල්වල පිළිකා වැළැ­ක්වී­මට මෙන්ම බිඳුණු අස්ථි ඉක්ම­නින් සුව­පත් කිරී­මට ද ගොරකා උප­කාරී වේ. කැඩුම් බිඳුම් සඳහා ප්‍රති­කාර කිරීමේ දී ගොරකා පොතු සහ මල් යොදා­ගන්නා අතර වකු­ග­ඩු­වල ඇති ගල්, කැබලි කිරීමේ ශක්තිය ද ගොරකා සතු ය. රුධි­ර­ගත සීනි මට්ටම අඩු කිරී­මට ද ගොරකා උප­කාරී වේ. එමෙන්ම ශරී­රයේ තැල්මට ද ගොරකා ප්‍රත්‍යක්ෂ ඖෂ­ධ­යකි.

රක්ත­වා­තය, වණ, බඩ­වැ­ල්වල රෝග සහ සත්ව රෝග සඳහා ද ඖෂධ සැක­සී­මට ගොරකා යොදා ගනියි.

බලයා, කෙල­වල්ලා වැනි සැර මාළු­ව­ලින් ඇති විය හැකි අසා­ත්මි­කතා වැළැ­ක්වී­මට, ඒවායේ ඇති හිස්ට­මින් නැමැති රසා­ය­නය ගොරකා මඟින් 80%කින් උදා­සීන කරන බව සොයා ගෙන ඇත.

මීට අම­ත­රව දේශීය කෙම් ක්‍රම සහ ශාන්ති කර්ම සඳහා ද ගොරකා යොදා ගනු ලබයි. කිරි පට්ටි හිමි ගොවි­යන් තමන්ගේ පට්ටියේ කිරි දෙනුන් නිර­න්ත­ර­යෙන්ම අස­නී­ප­ව­ලට ගොඳුරු වන විටත්, දෙනු­න්ගෙන් ලැබෙන කිරි ප්‍රමා­ණය අඩු වන විටත් විවිධ කෙම් ක්‍රම භාවිත කරයි. තමන්ගේ ගව පට්ටි­යට ඇතු­ළු­වෙන ස්ථාන­යේම 'ගොරක' පැළ­යක් සිටු­වීම ද මේ කෙම් ක්‍රම­යකි. මේ සඳහා ගොරක පැළ­යක්ම තෝරා ගන්නේ විශේෂ හේතු­වක් නිසාය. ගොරක විසන්ධි කළ විට 'ගෝ+රක' ලෙස යෙදේ. එහි අර්ථය ගව­යන් රකින්නා යන්නයි. ගැමි විශ්වා­සය අනුව ගව­යන් රකින්නේ ගොපලු දෙවි­යාය. ගොපලු දෙවි­යන් වැඩ වාසය කරන ගොරක ගසක් ගව පට්ටි­යට ඇතුළු වෙන තැනම සිටු­වී­මෙන් එම ගසට ගොපලු දෙවි­යන් වැඩ තම ගව පට්ටිය ආරක්‍ෂා කරයි යන විශ්වා­සය ගැමියා තුළ වෙයි. 

ආයු­ර්වේ­දයේ දී ගොර­කා­වල පංචාං­ග­යම භාවි­ත­යට ගන්නා අතර එදි­නෙදා ජීවි­තයේ දී ගොරකා ගෙඩිය පළා, අව්වේ වියළා ආහාර රස කිරී­මට යොදා ගනු ලබයි. මාළු ඇඹුල් තියල්, පොළොස් ආදී ව්‍යාංජන රස­වත් කිරී­මට ගොරකා අත්‍ය­වශ්‍ය ය. ගොරකා මද­ව­ලින් තෙල් සිඳ ගැනී­මෙන් ඒවා ඖෂ­ධ­යක් ලෙස භාවි­ත­යට ගනු ලබයි. පාන­යක් ලෙස ද ගොරකා පිළි­යෙළ කර ගත හැකි අතර එය ඔබට නිවසේ දී ම සිදු කර­ගත හැකි ය. 

• ගොරකා වල සීනි සහ කැලරිස් අඩංගු නොවීම සුවිශේෂ ලක්ෂණයකී.
• ශරීරයේ මේදය පුලුස්සා දමා ඇගේ බර අඩුකිරීම ට හැකියව ගොරකා සතුය. එම නිසා අඩික ස්ථුල භාවය අඩු කිරීමට උපකාරී වෙයි.
• තරුණකම රැකගැනීම පිණිස ගොරකා ගුණාත්මක ඖෂධයකී.
• වේදනාව සමනය කිරීමේ ගුණ ඇති එබැවින් හන්දිපත් රුදාව සහ කැක්කුම් සහ ශරීරයේ ඉදිමුම සදහා තැවීම් පිණිස යොදා'ගනියි..
• දියවැඩියාවට අදාළ ලේවල ඇති සීනි ප්‍රමාණය පාලනය කරයි.
• ආහාර දිරවීමට උපකාර කර ජීරණ පද්ධතිය ක්‍රමවත් කරයි.
• පිළිකා ශෛල වර්ධනය සහ ශරීරය පුරා පැතිර යාම ද වළක්වයි.
• විෂබිජ නාශකයක් හැටියට ද සැලැකේ .
• සන්ධි රෝග සහ ගර්භාෂ රෝග සුව ප්‍රතිකාර සදහා ද යොදා ගැනේ.
• විදුරු මස් දියවීම මුබය හමන දුර්ගන්ධය සහ දත් සම්බන්ධ රෝග සදහා ගුණ සලසයි.
• ශරීරයේ විෂ ඉවත් කිරිමේ හැකියාව පවතී. ඇල්කොහොල් නිසා අක්මාවේ තැම්පත් වී ඇති විස ඉවත්ම ඉන් ප්‍රධාන වෙයි.
• කුඩා දරුවන්ට මන්දපෝෂණ තත්ත්ව පාලනයටත් වැළදුණු දරුවන් සුවපත් කිරීමේත් හැකියාව ගොරකා සතුය.
• ආහාර නිසා ශරිරයට ආසමිකතා, ආහාර වල බැක්ටීරියා සහ පුස් ඇති වීම වළකයි. ඇබුල්තියල් වැනි දේ සැකසිමදී ගොරකා වැඩිපුර යොදා ගන්නේ මේ නිසාය.
• බඩවැලේ ආබාධ, බඩ දැවිල්ල ආමාශ ගත තුවාල සදහා ප්‍රතිකාර පිණිස යොදා ගන්නා හෙළ ඔසුවකි.
• දේශිය ආයුර්වේදයෙහි ද ගොරක ගෙඩිය පමණක් නොව ගසේ පස් පංගුවම රෝග නිවාරණයට අවශ්‍ය බව සඳහන් වේ.
• පශු වෛද්‍ය ප්‍රතිකාර සඳහාද ගොරක උපයෝගි කරගන්නා බව ද කියැවේ.
===
*තර බාරුකම අඩු කිරීමට සති අටක් දහයක්, දිනකට මිලිග්‍රෑම් 500ක ගොරක කෑමට පැය බාගයකට පෙර උණුවතුර සමග ගන්න.
*සෙම් ප්‍රතිශ්‍යා උගුරේ අමාරු ආදියේදී
ගොරක ලුණු හා ගම්මිරිස් එකට අඹරා පොට්ටනියක් බැඳ හක්කේ තබා කෙළ ගිලිමින් සෙම ඉවත්කරගත හැකියි.
*ඇඟිලි කරු වණ වූ විට
ගොරකා තැම්බූ දියට ලුණු දමා සෝදන්න.
*දිගු ගමනකින් පා වෙහෙස වූ විට
ගොරක තැම්බූ දියෙන් සේදීමෙන් ඉදිමුම් පහවී වේදනා දුරුකර ගන්න.
*කොලෙස්ටරෝල් පාලනයට
ගොරක සුදුලූනු, කරපිංචා සමග අඹරා ගත් ලුණුමිරිසක් කෑමට එක්කරගන්න.

ප්‍රකට අත් බෙහෙත් සඳහාද ගොරකා යොදා ගනී.
* ගොරකා පළු තැම්බු වතුරට ලුණු ස්වල්පයක් දමා කකුල් සේදීමෙන් ඇගිලි කරු කැසීම් සඳහා ගුණ දේ.  
* උගුරේ අපහසුවට ගොරකා පළු ගම්මිරිස් ඇට, ලූනු සමව ගෙන අඹරා පොට්ටනි බැඳ කටේ තබා කෙළ ගිලින්න.
*වියළි ගොරකා බික්, ලූනු ස්වල්පයක් සමඟ තලා තැල්ම ඇති ස්ථානයේ තබා බැඳීමෙන් තැල්මට ගුණ දේ.
* දරුණු තැල්ම සඳහා වියළි ගොරකා පළු, අමුකහ, ලුණු දියරයෙන් අඹරා ආලේප කිරීම කල හැක.

ගොරක චූර්ණය ගෙදරදී හදාගන්නේ මෙහෙමයි
අවශ්‍ය ද්‍රව්‍ය – ගොරක ග්‍රෑම් 60. කරපිංච අමු (ග්‍රෑම් 7 යි. ඉඟුරු (අමු) ග්‍රෑම් 7 යි. වියළි කොත්තමල්ලි ග්‍රෑම් 7 යි. සූදුරු ග්‍රෑම් 7 යි. මාදුරු ග්‍රෑම් 7 යි. සුදුළුනු ග්‍රෑම් 7 යි.
ගොරක හොඳින් තම්බා වතුර පෙරා හැර වංගෙඩියක දමා කොටන්න. ඉන් පසු ඉතිරි සියලු ද්‍රව්‍ය එයට දමා කොටන්න. මෙය තුනී තලපයක්‌ වූ පසු ග්‍රෑම් 5 ගුලි ලෙස ගුලිකර උදේට එකක්‌ හිස්‌බඩ ගෙන උණුවතුර පානය කරන්න. රාත්‍රි ආහාරයට පෙර එවැනි ම ගුලියක්‌ ගන්න. උණුවතුර බොන්න. මාස 3 ක්‌ මෙය කර ප්‍රතිඵල ලබා ගන්න.
ගොරක චූර්ණය ගැන කීමට පෙර ගොරක චූර්ණය ගැන කීමට පෙර තරබාරුව කියන්නේ මොකද්ද කියලා අප හඳුනාගත යුතුයි. තරබාරුව තිබෙනවා වර්ග කිහිපයක්‌. පළමුවැන්න තමයි උපතින් එන තරබාරුව. මෙය සුව කරන්නට බැහැ. එය ඒ තැනැත්තාගේ හෝ තැනැත්තියගේ ජානමය පිහිටීමයි. ඊළඟ තරබාරුව හටගන්නේ අවිධිමත් ආහාර නිසා හටගන්නා තරබාරුවයි. සමහරු කන්න පටන් ගත්තම උදේ සිට රෑ වනතුරුම කනවා. බොනවා. මේ තමයි අවිධිමත් ආහාර සම්ප්‍රදාය. මේ තරබාරුව සුව කරන්න පුළුවන්.

ශරිරයේ බර අඩු කරනවා.
ශරිරයේ අධික බර සැහැල්ලු කරන ඖෂධයක් ලෙස ගොරකා ලොව පුරා ප්‍රසිද්ධියක් උසුලයි. දිනකට ගොරකා මිලිග්රෑ‍ම් 500ක් පමණ සති අටක්. දහයක් කෑමට පැය 1/2 පෙර උණුවතුර සමග පානය කිරිමෙන් ශරිර බර අඩුවේ. කෑමට පෙර ගොරකා තම්බා බිමෙන් ආහාර රුචිය අඩුවේ.මෙහිදි වන්නෙ රුධිරයේ කොලෙස්ටරෝල් සාන්ද්‍රනය අඩු විමයි. මේ නිසාද ශරිර බර අඩුවිමද සිදුවේ.
ගොරකා ආහාරයට එක්කර ගැනිමෙන් ආමාශ බිත්තියේ ඇති ශලේෂ්ම පටලය ආරක්ශා වෙනවා. ගොරකා වැඩිපුර ආහාරයට එක්කරගත් විට වන්නේ වැඩිපුර මේද සෑදිම අඩු කිරිමයි. මේ නිසා කොලෙස්ටරෝල් හැදෙන ප්‍රමාණය අඩු වෙනවා.එ වගේම මේදය අවශෝෂණයත් අඩු වෙනවා. එවිට තරබාරු විම, හෘද රෝග හා කොලෙස්ටරෝල් අධික විමෙන් ඇතිවන අබාධ අඩු කරනවා. ශරිරයේ ප්‍රතිශක්තිකරණ ක්රිනයාවලිය ශක්තිමත් කිරීමේ බලය ගොරකා සතුව පවතින බවට පර්යේෂණ කටයූතුවලින් සොයාගෙන ඇත එනිසාම පිළිකා හැදීමේ ප්රපවණතාවය අඩු වෙනවා.

මේ අතර විදෙස් රටවල් ගණනාවක් දියුණු තාක්ෂණය යොදා ගනිමින් ගොරකා කැප්සුල් ගොරක පෙති සහ දියර වශයෙන් නිපදවා අපනයන වෙළඳපොළ ජයගෙන ඇත. ශ්‍රී ලංකාවේ කුඩා සහ මධ්යපම ප්‍රමාණයක් ව්‍යවසායකයන් ද දැනටමත් මේ වටිනා ගොරක ගෙඩි වියළි සහ සැකසු නිෂ්පාදන වශයෙන් අපනයනය කිරීම ආරම්භ කර ඇත. මෙයට අමතරව ගොරකා පේස්ට් ගොරකා පිටි සහ ගොරකා තේ වශයෙන් ද අපනයනය කෙරෙන අතර ඒවා ‍දේශීය වෙළෙඳ පොළෙහි ද දැකගත හැකිය.

අතීතයේ ගොරක යනු ගමේ සැඟවී තිබු ස්වාභාවික සම්පතකී. වර්තමානයේ ආහාරයක් ඖෂධයක් පමණක් නොව අපනයන භාණ්ඩයකී. රටට විදේශිය විනිමය ගෙන දෙයි.

නීරෝගී ජීවි­ත­යක් පිළි­බඳ සිහින මවනා එහෙත් කාර්ය­බ­හුල ජීවන රටාව තුළ බොහෝ විට ඔබ මඟ­හ­රින අපගේ කුළු­බඩු වෙනු­වට ඔබ රස­කා­රක විෂ කාරක එකතු කළ කෘත්‍රිම සෝස් වර්ග, රස­කා­රක වැනි ශරී­ර­යට අති­ශ­යින්ම අහි­ත­කර නිෂ්පා­දනවලින් බැහැරව මෙවැනි ඖෂධ ගුණ ඇති අපේම ස්වභා­වික කුළු බඩු පරි­භෝ­ජ­න­යට හුරු වීම මඟින් දේශීය ගොරකා නිෂ්පා­ද­කයා හට මනා අත්වැ­ලක් ලබා දෙනවා මෙන්ම, අනා­ගත දරු පර­පුර ද නීරෝ­ගි­මත් කර ගත හැකියි.

පරිසරයටත් ඉහළින් යන මිනිසුන් සිටින රටක මෙවැනි ස්වාභාවික සම්පත් විනාශ වී යා හැකිය. එබැවින් සුරබි දෙනක් වැනි මේ ස්වභාවික සම්පත තවදුරටත් වැඩිවර්ධනය කර පෝෂණය කිරිම අපගේ යුතුකමකි. එය අපගේ අනාගත පරපුරට පිදෙන අමිලවු දායාදයකී.

==========================================================================

අමෙරිකානු ඖෂධ නිෂ්පාදන සමාගමක් කොලෙස්ටරෝල් පාලනය සඳහා ,නිපදවූ ඖෂධයකට ගොරක යොදා ගැනුණු අතර අදාල පදාර්ථ වඩාත් අඩංගුවූයේ, ශ්‍රීලංකා ගොරකවල බව නිෂ්පාදන නිරීක්ෂණ වලදී හඳුනාගත් බව සඳහන්.

=========================================================================

ගොරක ගසේ ආරම්භය ඉන්දියානු උප මහද්වීපයෙන් පටන්ගෙන මලයාසියාව බුරුමය සහ තායිලන්තය දෙසට පැතිර ගොස් ඇති බව සඳහන්ය. බහු වාර්ෂික වන ගොරක ගසේ ඵලදාව වසරකට දෙවරක් ලබාදෙයි. දිය නොරදන පොළොවෙහි වැඩීමට කැමැත්තක් දක්වයි. පෙබරිවාරි සිට අප්‍රේල් දක්වා සුදු මලින් සැරැසෙන ගොරක ගස දිලිසෙන පත්‍ර සහිත සෞන්දර්යාත්මක වටිනාකමකින් යුක්තය. ‍ෆ්ලොරිඩාව ඇමරිකා එක්සත් ජනපදය සහ ඔස්ට්‍රෙලියාව වැනි රටවල ජනප්‍රිය පලතුරකි.

==========================================================================

දේශිය ආයුර්වේදයෙහි ද ගොරක ගෙඩිය පමණක් නොව ගසේ පස් පංගුවම රෝග නිවාරණයට අවශ්‍ය බව සඳහන් වේ. විෂබිජ නාශකයක් හැටියට ද සැලැකේ . ආහාර දිරවීමට මෙන්ම සන්ධි රෝග සහ ගර්භාෂ රෝග සුව ප්‍රතිකාර සදහා ද යොදා ගැනේ. විදුරු මස් දියවීම බඩවැලේ ආබාධ, වණ සහ තුවාල යනාදිය සුවකිරීමට ගොරකා යුෂ ද කැඩුම් බිඳුම් ප්‍රතිකාරවල දී ගොරකා කොළ පොතු සහ මල් ද යොදා ගැනේ.

නව විද්‍යාත්මක පර්යේෂණවලට අනුව ශරීරරයේ බර අඩුකිරිමට විෂ ඉවත් කිරිමට සහ තරුණකම රැකගැනීම යනාදියට ගොරකා ගුණාත්මක ඖෂධයකී. පශු වෛද්‍ය ප්‍රතිකාර සඳහාද ගොරක උපයෝගි කරගන්නා බව ද කියැවේ. ගොරක කිරි සහ යෝගට් සඳහා ආරක්ෂක ද්‍රව්‍යයක් හැටියට ද යොදා ගැනේ.

ගොරකා භාවිතය අහිතකර විය හැකි අවස්ථා
ගොරකා වැඩිපුර ආහාරයට ගැනීමෙන් රුධිරයේ ඇති ග්ලූකෝස්, අක්මාව තුළ දී ග්ලයිකොජන් වශයෙන් තැන්පත් වේ. එම නිසා ලේ වල සීනි ප්‍රමාණය අඩු වේ. මේ නිසා දැනටමත් දියවැඩියාව රෝගය සඳහා ප්‍රතිකාර ගන්නා රෝගීන් වැඩිපුර ගොරකා යෙදූ ආහාර පරිභෝජනය කිරීම සුදුසු නොවේ. කිසිඳු ඔසුවක් අධිපරිභෝජනය සුදුසු නොවන බැවින් වෛද්‍ය නිර්දේශයන් මත කටයුතු කිරීම වඩාත් සුදුසු ය.

පරිසරයටත් ඉහළින් යන මිනිසුන් සිටින රටක මෙවැනි ස්වාභාවික සම්පත් විනාශ වී යා හැකිය. මේ ස්වභාවික සම්පත තවදුරටත් වැඩිවර්ධනය කර පෝෂණය කිරිම අපගේ යුතුකමකි. එය අපගේ අනාගත පරපුරට පිදෙන දායාදයකී.මේවා බොහොමයක් ඔබට නිවස තුළම සකසා ගත හැකි ය. නූතනයේ දේශීය නිෂ්පාදනයන් බොහොමයක් වෙළඳපළ තුළ ද පවතී. කාර්යබහුල ඔබට ඒවා මිල දී ගෙන ආහාරයට එකතු කරගත හැකිය. එය දේශීය ව්‍යවසායකත්වයන්‍ට සවියක් වන්නා සේම ඔබ සහ ඔබගේ ළබැඳියන්ගේ සෞඛ්‍යය යහපත් අයුරින් පවත්වා ගැනීමට ද උපකාරී වේ. මෙමගින් අනාගතයේ ඔබට නිරෝගී ජීවිතයකට ද මඟ පෑදෙනු ඇත.

ගොරක යනු ගමේ සැඟවී තිබු ස්වාභාවික සම්පතකී. වර්තමානයේ ආහාරයක් ඖෂධයක් පමණක් නොව අපනයන භාණ්ඩයකී. රටට විදේශිය විනිමය ගෙන දෙයි.හෙළ ඔසු වල වටිනාකම් ජීවිතයට එකතු කර ගනිමින් නිරෝගීභාවය ළඟා කර ගනිමු.

උපුටා ගැනීම්:(තොරතුරු සහ මුලාශ්‍රය අන්තර් ජාලය ඇසුරෙනි)

  See more Universal Life Force Energy විශ්වයේ ජීව බල ශක්තිය පිළීබද තවත් විස්තර
කැන්ගන් ජලය පිළීබදව දැනගනිමු.
   
Click here See more Video
       තවත් විස්තර සහිත වීඩියෝ පට බලන්න මෙතන ක්ලික් කරන්න


Click here See Related page
       ඉතිරි කොටස ලගදීම බලාපොතේතු වෙන්න
මිනිසාට රෝගයන් බෝ කරලීම විදේශීය කුමන්ත්‍රණයක්ද?
හෙළ ජාතිකයින්ගේ ජාන ශක්තිමත්ව පවතින බව දන්නා විදේශීය ජාතින් එම ජාන විකෘති කිරිමටත් රෝගී තත්වයන් ඇති කිරිමටත් දීර්ඝ සැලසුම් කටයුතු සිදු කරමින් සිටින අතර ඒවා පිළීබදව කිසිදු හැගීමක් හෝ තැකීමක් සිදු නොකොට එම ජාතීන් විශ්වාස කරමින් කටයුතු සකස් කරනා පාලකයින්ද එම පාලකයින් පත් කර ගන්නා මහජනතාවක්ද රට පුරා විශාල වශයෙන් සිටින බැවින් අප වත්මන් මහජනතාව මෙන්ම වත්මන් දරු පරපුරද අනාගත දරු පරපුරද තවත් වසර කිහිපයකදී මහත් අභාග්‍ය සම්පන්න ඉරණමකට ගොදුරු වනු ඇත.ශ්‍රී ලංකාවේ පළමුවරට හෙලි කරන සත්‍ය හෙලිදරව්වකි.සොයා ගැනීම ආරක්ෂාවිම අනාගත පරපුර ආරක්ෂා කිරීම ඔබසතු යුතුකමකි.
  See more Details බලන්න තවත් විස්තර
විශ්වයට පැමිණෙන මිනිසා ඇතුලු සෑම ජීවීයෙකුටම බෙහෙත් අවශ්‍ය නොවේ
විශ්වයට පැමිණෙන මිනිසා ඇතු සියලුම ජීවින් මෙම විශ්ව තලයේ එක් කොටස් කරුවකු විනා හිමිකරුවන් නොවනු ඇත.එහෙත් අවාසනාවකට මෙන් මනස දියු යැයි කියා ගන්නා මිනසා විසින් එහි අයිතිකරුවන් වීමට උත්සුක වීම නිසා එක් අයෙක් තවත් අයෙකු පරයමින් ඉදිරියට ඒමට උත්සාහ දැරීම තුලදී එය තමන්ටම පාරා වලල්ලක් වෙමින් තමන් දෙසටම කැරකවෙමින් තිබීම වර්ථමානයේදී දක්නට හැක..
  See more Details බලන්න තවත් විස්තර
එම්සීසී ගිවිසුම හරහා අපට සහ අනාගත පරපුරට අහිමිව යන ධන සම්පත.
ශ්‍රී ලංකාවේ වටිනාකම සහ එහි ඇති සත්‍ය ඉතිහාසය අප රටේ දිවි ගෙවන බොහෝ මිනිසුන්ට මෙන් විහිලුවක් හෝ හිතලුවක් නොවන බව දන්නා ඇමෙරිකාව.එංගලන්තය.ඉන්දියාව.චීනය සහ ජපානය වැනි බලගතු රටවල් අප රටේ සත්‍ය ඉතිහාසය සහ එහි ඇති ඉඩකඩම් මෙන්ම ධන නිධානයන් පිළීබදව ඉතා හොදින් දනිති. අධ්‍යයනය කරති.එහෙත් අප රටේ දිවි ගෙවන මිනිසුන් මෙන්ම පාලකයන් විසින්ද මෙම ඉතිහාසය වල පල්ලට දමමින් එය අසත්‍යයක් යැයි පෙන්වා දෙමින් සිටිති. එහෙත් මෙම බටහිර ජාතීන් විසින් මෙම රටේ ඇති අගය වටිනාකම සහ එහි ඇති ධන නිධානයන් පිළීබචදව ඉතා හොදින් දන්නා බැවින් මස් කටුවක් සදහා පොර බදන බලු රැලක් මෙන් වෙහෙසෙන්නේ කුමන කාරණයක් නිසාද යන්න ඔබ මොහොතකටවත් කල්පනා කලාද?.
  See more Details බලන්න තවත් විස්තර
කිසිදු බෙහෙතක් නොබී විශ්වයේ ජීව බළ ශක්තියෙන් කරන ප්‍රතිකාර

ශ්‍රී ලංකාවේ සත්‍ය ඉතිහාසය පළමුවරට දේශපාලන වේදිකාවට

ශ්‍රී ලංකාවේ සත්‍ය ඉතිහාසය මෙයට වසර දස දහස් ගණන්ක ඈත එපිට අතීතයකට දිව ගියද වර්ථමානය වෙන විට එම ඉතිහාසය අමතකකර දමා ඇතත් 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී නැවතත් දේශපාලනයේ කරලියට ගෙන ඒමට කටයුතු කර ඇත.ලංකාවේ දේශපාලකයින්ට මෙන්ම බොහෝ පිරිසකට අමතකව ගොස් ඇතත් වර්තමානය වන විට තම අතීතය ආවර්ජනය කරමින් සිටින පිරිසද ඉතා විශාලය
  See more Details බලන්න තවත් විස්තර
රතු ඉන්දියානු නායක සියැටල් (1854 දී පවත්වන ලද කථාවේ සිංහල අනුවාදය උපුටා ගැනීමකි).
ඇමෙරිකාවේ ස්වදේශිකයෙකු වූ රතු ඉන්දියානු නායක සියැටල් ( සීත්ල් ) ලොවපුරා ප්‍රකට වූයේ , සුවිශේෂ වූ ලිපියක් හේතුවෙනි . එය මිහිකතගේ වටිනාකමත් , ස්වදේශිකයන්ගේ උරුමයත් , හදවතට දැනෙන ලෙස වටහා දුන් ප්‍රකාශයකි . " සියැටල්ගේ ලිපිය " ලෙස එය ප්‍රකට වූවත් , එය හුදෙක් සියැටල් දක්ෂ කථිකයෙකු බව ලොවට පෙන්වමින් සිදුකළ ප්‍රකාශයක් පමණි .ස්වදේශිකයන් සතු භූමිය 1854 වසරේ මාර්තු මස 11 වන දින , ඇමෙරිකාවේ රජයට පවරා ගැනීම වෙනුවෙන් පැවැත්වූ රැස්වීමකදී රතු ඉන්දියානු නායකයා විසින් මෙම කථාව සිදුකරන ලදී .
  See more Details බලන්න තවත් විස්තර
මහාචාර්ය ආතර් සී ක්ලාර්ක් මහතා ශ්‍රී ලංකාවේ ශක්තින්ගෙන් ප්‍රයෝජන ගත්තාද?.
1. හැදින්වීම ;- ශ්‍රීමත් ආතර් සී ක්ලාක් මහතා : විද්‍යාඥයකු, විද්‍යා ප්‍රබන්ධකරුවකු මෙන්ම සඵල වු විශිෂ්ට විද්‍යා අනාවැකිකරුවකු ලෙස විවිධ විෂයක්ෂේත්‍රයන්හි විශ්ව කීර්තියට පත් ශ්‍රීමත් ආතර් සී ක්ලාක් ‍ලොව වඩාත්ම ප්‍රසිද්ධ වූයේ 1945දී “වයර්ලස් වර්ල්ඩ්” (wireless world) සඟරාවට ලිපියක් යවමින් ඉදිරිපත් කළ චන්ද්‍රිකා ත්‍රිත්වයක් භාවිතා කරමින් කළ හැකි අනමහාද්වීපික විද්යුත් සන්නිවේදන ශක්‍යතාව පිළිබඳ ඓතිහාසික සංකල්පයක් වන “භූ ස්ථාවර චන්ද්‍රිකා” සංකල්පය නිසයි. (සම්පූර්ණ විස්තර පහතින් සදහන් කර ඇත) .
  See more Details බලන්න තවත් විස්තර
අපෙන් වසන් කල අපේ ලේ උරුමයේ සත්‍ය ඉතිහාස කථාව
රාවණා රජු යනු අපේ පැරැණිතම මුතුන් මිත්තෙකි. අප රටේ සිංහල ජනතාව පැවතගෙන එන්නේ විජය - කුවේණිය දෙදෙනාගෙන් ද නැතිනම් යක්ෂ ගෝත්‍රික රාවණා රජුගෙන් ද යන්න විමසා බැලිය යුතු ප්‍රශ්නයකි. ඒ තරමටම අපගේ ජීවිත හා රාවණා රජු බැඳී සිටී. රාවණා රජුගේ ගෝත්‍රය යක්ෂ වූවා මිස ස්වරූපය මනුෂ්‍ය ස්වරූපය බව බොහෝ විද්වත්හු ප්‍රකාශ කරති..
  See more Details බලන්න තවත් විස්තර
ශරීරයේ සියලුම ලෙඩ සුවකරන විශ්මිත ජලය.
සොබා දහමේ මහත් දායාදයන් වෙන හිරු එලිය වාතය සහ ජලය ප්‍රධාන ස්භාවික වශ්තුන් වේ. මේ අතරින් ජලයට හිමි වෙන්නේ ප්‍රධාන ස්ථානයකි.මිනිසා ඇතුලු විශ්වයේ සියලුම ජීවින් මෙන්ම ගහ කොල ජීවමානව පවතින්නේද,ජලය මුල්කර ගනිමින් බව ඕනෑම අයෙකු දන්නා සත්‍යතාවයයි.විශ්වයේ ආරම්භයේ පැවති ජලය ප්‍රභල ගුණ කිහිපයකින් සමන්විත වෙන අතර මිනිසාගේ මෙන්ම අනෙකුත් ජිවින්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සවිබල ගැන්වීම.
  See more Details බලන්න තවත් විස්තර
ඉරිදා පාස්කු ප‍්‍රහාරය සැලසුම් කළේ 2017 දී- බුද්ධි අංශ හෙළිකර ගනී
 
  See more Details බලන්න තවත් විස්තර
ලොකු කුඩා සැම බෙහෙත් කන්දරාවක් බොන කාලය අවසන් කරමු.
අපගේ නොදැනුවත්කම හා නොසැලිකිලිමත්කම හේතුවෙන් අප එදිනෙදා පාවිච්චි කරන ජලයේ පීඑච් අගය අඩුවීම හා ජලයේ ඇති නෙයෙකුත් අපද්‍රව්‍ය හේතුවෙන් අපගේ ශරීරයට ලෙඩ රෝග රාශියක් වැලදෙන බව අප දැන ගත යුතුයි.එසේම අප එදිනෙදා ආහාරයට ගන්නා ආහාරයන් විශ සහිත විම නිසාත් එදිනෙදා අප වෙත පැමිනෙන ආතතිය තත්වය මතත් ශරීරයේ ලේ විෂ වීම නිසා අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අක්‍රීය වේ.එම නිසා මෙම භයානක රෝගයන් වැලදීමටත් ඉන් බරපතල ලෙසින් අතුරැ ආභාධයන් වලට මුහුණ දිමටත් සිදුවී ඇති බව අප සැම දන්නා කරැණයි.
  See more Details බලන්න තවත් විස්තර
ප්‍රහාර දිනවල කාදිනල්තුමා ගත් පියවර අගය කළ යුතුයි
  See more Details බලන්න තවත් විස්තර
 
කැන්ගන් ජලය පිළීබදව දැනගනිමු.
දෙවන ලෝක යුධ සමයේ හිරෝෂීමා සහ නාගසාකි යන ජපානයේ ප්‍රධාන නගරයන් දෙකට පරමාණූ බෝම්බ හෙලීමෙන් අනතුරැව එම අවශ්ථාවේදීම ලක්ෂ ගනනින් ජපන් ජාතිකයින් ජීවිතක්ෂයට පත්වුයේ ශරිරයේ කෙටස්ක්වත් සොයා ගැනීමටය නොහැකි වන පරිද්දෙනි.එසේම තවත් කොටසක් පත්වු පිලිස්සුම් තුවලයන් හේතුවෙන් ක්‍රමක් ක්‍රමයෙන් මිය ගිය අතර තවත් කොටසක් සදා කාලිකවම ආභාධීත ත්ත්වයට පත්විය.
  See more Details බලන්න තවත් විස්තර
ශරීරයේ සියලුම ලෙඩ සෝදා හරින කැන්ගන් ජලය පිළිබදව තවත් විස්තර දැනගන්න එය අධ්‍යනය කරන්න.සාමාජිකත්වය ලබා ගන්න
 
කැන්ගන් ජලය යනු ජපන් භාෂාවෙන් නැවතත් මුලාරම්භයට යන්නයි.(Back to Orgine)මෙම කැන්ගන් ජලය ශරීරයේ හට ගන්නා ඕනෑම භයානක ලෙඩ රෝගයන් සෝදා හැර සෙෘඛ්‍යය සම්පන්න ශරීරයක් ඇතිකර ගැනීම සදහා උපකාරී වේ.එහෙත් ලෝකයේ අනෙකුත් රටවල්හි ජාතීන් විසින් මෙම ජලයෙන් නිසි ප්‍රයෝජනයන් ලබා ගත්තද,ශ්‍රී ලංකාවේදී එහි නිසි ප්‍රතිපලය ලබා ගැනීම සදහා මෙම "සමස්ත ලංකා කැන්ගන් ජල චකිත්සක සංගමය" ආරම්භ කර ඇති අතර එහි මුලික අරමුණ වශයෙන් සදහන් වන්නේ ශ්‍රී ලාංකීකයින් නිරෝගීමත් කරමින් රට සංවර්ධනය සදහා හැකි පමණින් දායකත්වය සැපයීම අපගේ යුතුකම යන්නයි.ඒ සදහා ඔබටද අවශථාවක් උදා කර දීමට අප සංගමය කටයුතු කර ඇති අතර ඔබත් ඔබගේ දූ දරැවන් ඥාතීන් අසල් වැසියන් රට වැසියන් මෙන්ම අනාගත පරපුර නිරෝගීව තබා ගැනීමට අදහස් කරන්නේක් නම් අප සංගමය හා අත්වැල් බැද ගන්නා මෙන් ඉල්ලා සිටිමි. වැඩි විස්තර සදහා ලේකම් "සමස්ත ලංකා කැන්ගන් ජල චිකිත්සක සංගමය" නො 56 බී තිබ්බොටුගොඩ ගණේමුල්ල ලිපිනයෙන් හෝ දුරකථන අංක 0718669451 හෝ 0332262409 යන අංකයන් අමතා ලබා ගන්න වැඩි විස්තර සදහා www.srilankaelle.com වෙබ් පිටුව බලන්න සංගමයේ ව්‍යවශ්ථාව සහ අයදුම්පත එම වෙබ් පටුවෙන් ලබා ගත හැක.
  See more Details බලන්න තවත් විස්තර
  අයදුම්පත ලබා ගැනීම සදහා මෙම ස්ථානය ක්ලික් කරන්න
  See more Details බලන්න තවත් විස්තර
සරත් ෆොන්සේකා: "අනුගාමිකයන් ධෛර්යමත් කළ හැකි නායකයෙක් බිහි වී තිබෙනවා"
  See more Details බලන්න තවත් විස්තර
රටක ජාතියක වටිනාකම නොදත් අම්බරැවෝ
  See more Details බලන්න තවත් විස්තර
එල්ලේ ක්‍රීඩා කණ්ඩායම් සදහා ලෝගෝ www.srilankaelle.com වෙබ් පිටුවෙන්
  See more Details බලන්න තවත් විස්තර
ජලය පානය වැදගත් වන්නේ ඇයි ?
  See more Details බලන්න තවත් විස්තර

=== මියයන තෙක් මගේ සිහිනය සහ එකම අරමුණ ===
.. මියයන තෙක් මගේ එකම අරමුණ..පැතුම.....සහ ....කැපවීම...
මම වගේ....දුප්පතෙකුව ඉපිද ....දුක් කම්කටොළු.....අසාධාරණයන් වලට මුහුණ නොදි ....ජිවිතය ගොඩනගන්න ....මගේ දරැවන්ටත්....ඒ වාගේම....මම ඉපදුන ගමේ මෙන්ම....රටේ දුප්පත් දරැවන්ටත් මට හැකි පරිදි... හෝ....අවම වශයෙන් වචනයකින් හරි සහයක් විම....

 


එල්ලේ ක්‍රීඩාවේ ප්‍රථම වෙබ් පිටුව

කතුවැකිය
ප්‍රධාන පුවත්
ලොවට බිහිවෙන නවතම වෛද්‍ය ක්‍රමය ශ්‍රී ලංකාවෙන්
 
ශරීරයේ රෝගයන් සුවකරන විශ්මිත කැන්ගන් ජලය
 
වකුගඩු රෝගියෙක් සමග දුරකතනයෙන් සාකච්ඡාවක
 
විශ්වයේ ජීව බලශක්තියෙන් කරන ප්‍රතිකාර(Universal Life Force Energy).
 
කොරෝනා වෛරසයෙන් බේරෙන්න
 
විශ්වයට පැමිණෙන මිනිසා ඇතුලු සෑම ජීවීයෙකුටම බෙහෙත් අවශ්‍ය නොවේ
 
ප්‍රධාන පුවත්
 
එල්ලේ ක්‍රීඩා තරග.
 
එල්ලේ ක්‍රීඩකයින්
1970 සිට 1990 /1970 to 1990
 
අපේ සිහින පාර්ලිමේනතුව Our Dream Parliament.
 
 
කැන්ගන් ජල චිකිත්සාව කලාප පුවත් කියවන්න
එල්ලය වෙළද දැන්වීම්
Ellaya Ads
  See More Detail>>>
 
දේශපාලන පුවත්
ශ්‍රී ලංකාවේ සත්‍ය ඉතිහාසය පළමුවරට දේශපාලනයට
 
රට සංවර්ධනය කරනු ලබන මගේ ප්‍රතිපත්ති ප්‍රකාශණය.
 
ප්‍රතිශක්තිකරණ පද්ධතිය සක්‍රීය කර කොරෝනා වෛරසයෙන් බේරෙන්න කැනගන් පිරිසිදු ජලය බොන්න
 
ශ්‍රී ලංකාවේ සත්‍ය ඉතිහාසය
 
කැන්ගන් ජල චිකිත්සාව කලාප පුවත් කියවන්න
 
 
 
කැන්ගන් ජල අයණිකාරකය
 
 
සමස්ත ලංකා කන්ගන් ජල චිකිත්සක සංගමයේ නිළධාරී මණ්ඩලය 2019
 
 
එල්ලේ ක්‍රීඩාවේ ප්‍රථම වෙබ් පිටුව
දැන්වීම්
 
 
 
  See more Details බලන්න තවත්
 
එල්ලේ කණ්ඩායම ලෝගෝ
>
 
 
කොරෝනා වෛරසයෙන් බේරෙන්න
 
කැන්ගන් ජලය පානය කරන ලොව සුපිරිම පුද්ගලයින්
 
කුරුදු කුඩු සහ කුරුදු දර අගුරු කුඩු
 
 

 

සියත එප් එම් වෙතින් ගන්නා ලද අපෙන් වසන්කල අපේ ලේ උරුමයේ සත්‍ය ඉතිහාස කතාව නොමිල් දැන් ඩි වී ඩි පටයක් ලෙසින් අප වෙතින් මෙය නොඅසන හෝ ප්‍රතික්ෂේප කරනා යමෙකු වන්නේ නම් ඔහු හෝ ඇය විජය යන හොර දෙටුවගෙන් පැවත එන්නන්ය
       Ellaya DVD Paper
       Kangen water
       Sri Lsnka Elle
       Ranaviru Video
      Rawana
Home Videos Team Players Match Galary News Spicial News Italy Elle Other Contact
https://plus.google.com/106054590476023516301/posts
 
එල්ලේ ක්‍රීඩාවේ ප්‍රථම සහ එකම...වෙබ් පිටුව, ..එල්ලෙ ක්‍රීඩා විස්තර ......First Web Page Sport Of Sri Lanka Elle History.. in Sri Lanka

Sport Of Sri Lanka Elle

                   
  Home Sri Lanka Elle Kangen Water Ellaya Ads Ellaya Book Publisher All Blogs About Us Contact  
    Elle Histry English Kangen Water Sinhala Kangen Ionizer Ellaya Paper One Elle Blogs      
    History Sinhala Our Kangen Galary House & Property Ellaya Paper Two Elle Galary Blogs      
    Elle Video Kangen Videos Vehicals Ellaya Paper Three Kangen Blogs      
    Elle Team Galary All Dabadiwa Tour 5 Ssayathwayata Ganithaya Kangen Blog Two   Sinhala  
  Italy Elle Team Kangen Beauty Water Valakkanni Tour Kangen Water Therapies Kangen Galary   English  
  Elle Players Strong Alkaline Water Moringa          
    Acidic Water Karavila Kangen Water Therapies     Blogs
    Wikipedia Sinhala Doctors View   KWTA Application        
    Wikipedia English Testimonials Ellaya Ads Application          
          Ellaya DVD Paper One Wikipedia All      
      Wikipedia Sinhala Electric Items Ellaya DVD Paper Two        
      Wikipedia English Other Product Ellaya DVD Paper Three Othrs   About Me  

 

https://plus.google.com/106054590476023516301/posts

                                Copy write 2013 © Ellaya Ads By Sri Lanka Elle (එස්ජේ)                                                                                  

Home Videos Team Players Match Galary News Spicial News Italy Elle Other Contact

 

 

 

....දුක් කම් කටොළු ....සහ..... අසාධාරණයන්ට ලක්වූ.....මාගේ ජීවිතයේ ඇත්තම ඇත්ත කථාව ......True story of my life...ලගදීම නවකථාවක් ලෙසින් ............ඔබ අතට ලබා දීම ,,,,,,,,,,,,,,,,,මාගේ මීලග..... බලාපොරොත්තුවයි...........
...දුක් කම් කටොළු ....සහ.. අසාධාරණයන්ට ලක්වූ.....මාගේ ජීවිතයේ ඇත්තම ඇත්ත කථාව ...True story of my life.....ලගදීම නවකථාවක් ලෙසින් ...ඔබ අතට ලබා දීම ,,,,,,,මාගේ මීලග..... බලාපොරොත්තුවයි............