පරිසරය යන්න අපගේම ශරීරයේ කොටසක්ය යන්න දන්නේ නම් ඒ කී දෙනකුද යන්න සිතා ගැනීමටවත් අපහසූ වී ඇත.පරිසරය විනාශ කිරීම කෙතරම් දුරකට කරන්නේද යන්න හා ඉන් අත්වෙන අනිටු විපාකයන් පිළීබදව කිසිදු අවභෝධයක් නොමැත්තන් සේ කටයුතු කිරීම වැඩිහිටියන් මෙන්ම කුඩා දරැවන් විසින්ද කරනු ලබන බව අප දන්නා කරැණයි.විශේෂයෙන්ම රටක් ජාතියක් පාලනය කරනු ලබන අයවලුන් පවා මෙම පරිසර විනාශය මහත් ඉහලින් ඉටු කරමින් ඉන්නා බව නම් නොරහසකි.මෙලෙසින් පරිසර විනාශය පටු අරමුණූ ඇතිව මෙන්ම මුදල් උපයා ගැනීමේ පිලිවෙතක් ලෙසින්ද කරනු ලබයි.ඒ කෙලෙසින් කලද එහි ආදීනවයන් වලට මුහුණ දීමට සිදුවෙන්නේ අපගේම දරැ දැරියන්ටය යන්න අවභෝධයක් නොමැති වීම බලවත්ම වරදයි.
නිවස තුල හෝ තම රැකී රක්ෂාවන් කරන ස්ථානයන් හිදී මෙන්ම මග තොටේදී පවා පරිසරය සුරැකීම අපගේ මහත් යුතු කමක් විය යුතු අතර ඒ බැව් අප දරැ මල්ලන්ට පෙන්වා දීම මෙන්ම ඔවුන් ඒ සදහා හුරැ පුරැදු කිරීම වැඩිහිටි සැමගේම මෙන්ම රට පාලකයින්ගේද යුතුකමයි.යමෙක් එය මගහැරමින් කටයුතු කරන්නේ නම් ඒ සදහා නිසි දඩුවම් ක්‍රම වේදයක් තිබිය යුතුමයි.එසේ නොවන්නේ නම් එහි භයානක ප්‍රතිපලයන්ට මුහුණ දීමට සිදු වෙනු ඇත.වර්ථමානයේ ලොව දියුණුවට පත් ජාතීන් මෙම උවදුරට ගොදුරක්ව අවසන්ය.
වර්ථමානයේ කාර්යය බහුලත්වය මත දිවි ගෙවන මහජනතාව කිසිදු තැකීමක් නොකොට පරිසරය විනාශ කිරීම දකින විට අපට නම් දැනෙන්නේ මහත් වු දුකක් කණගාටුවක් මෙන්ම ඔවුන් තුල හට ගන්නා අනුකම්පාවකි. ඒ ඔවුන්ට ලැබෙනා ඉදිරි දඩුවම් ගැන අප දන්නා බැවිනි.ඈත අතීතයේ මිනිසා ගහ කොළට මෙන්ම ගංගා ඇල දොළ හා සතා සීව්පාවුන්ට තම පන මෙන් ආදරය කරන ලද්දේ ඔවුන් සැමගේම වටිනාකම අගය දැනගත් බැවිනි.එසේම ඒ සෑම අයෙකුග්ම සහය මේ මිහිතලයේ දිවි ගෙවන ලද මනුෂ්‍යයාට නිතැතින්ම ලැබුන අතර ලෙඩක් දුකක් නොවැලදී මියයාම ඉන් ප්‍රධාන තැනක් ගන්නා ලදී. මේ වන විට ලෙඩ රෝගයන් කොතෙකුත් ඇතත් ඒ සදහා බිලිවෙන අයවලුන් ගනනය කිරිමටවත් නොහැකි අතර යුධ මානසිකත්වයෙන් ඔද වැඩි ඇති මිනිසා විසින් විනාශ කර දමුනු ලබන ජීවිත සංඛ්‍යාවද සුලුපටු නැත.එයද මෙම ස්භාදහම ආරක්ෂා කර නොගැනීමේ ආදිනවයන් වශයෙන් සදහන් කරන්නෙමි.ඒ සදහා තර්ක විතර්කයන් අවශ්‍ය නොවනුනේ ස්භාවදහමට ගරැ කරනා කිසිවෙකුත් තුල යුධ මානසිකත්වයක් ගොඩ නොනැගෙන බැවිනි.
|
|
|
නිවස තුලදී තම දරැවන්ට පරිසරය රැක ගන්නා අයුරැ තබා වැඩිහිටි තම තමන් පවා මෙන්ම උපදෙස් නිකුත් කරනා අයවලුන් පවා නිසි අයුරින් ක්‍රියාත්මක වන්නේදැයි යන්න ප්‍රශ්න සහගතය.නවසේ එකතුනෙ කුණු කන්දල් සියල්ලම නිවසේ ඉදිරිපිට එක්රැස් කරනා සහ යමින් එමින් මහ මගට විසිකර දමන සමාජයක් මෙන්ම එම කුණු කන්දල් ගද ගස්සවමින් නගර හරහා දුවන කුණු එකතු කරනා වාහනයනි නම් කොතෙකුත් දකින්නට ඇතත් ඒ පිළීබදව කසිවක් කථා නොකරනු ලබන්නේ තමන්ද ඒ වරදම ඉටු කරමින් සිටිනා නිසාද යන්නත් ප්‍රශ්නයකි.
කවදා කෙදිනකදී මෙම සත්‍යතාවය අවභෝධ වනු ඇත්දැයි කිව නොහැකි වුවත් එහි ආදීනවයන්ට මුහුණ දෙමින් එහි අනිටු විපාකයන්ට මුහුණ දීමට සිදු වීමේදි වර්තමාන පරපුර වෙත අනාගත පරපුරම වෛරයට ලක්වෙනු කිසිවෙකුටත් වලක්වා ලීමට නොහැකි වෙනු ඇති අතර ඒ තමන්ගේම දරැ පරම් පරාවෙන්ද විය හැක.එය රට පාලනය කලද දුප්පතද පොහොසත්ද භේදයක් නොමැතිවම සිදුවෙනු නොඅනු මානය.ඉන් මදීමට නම් අද පටන්ම කල යුත්තේ පරිසරය සුරැකමින් එය අනාගත පරම්පරාව වෙත උරැම කර දීමයි.(එස්ජේ).
|