Ellaya Paper 56/B,Thibbotugoda,Ganemulla,Sri Lanka Our Vilage and my Vedios     www.srilankaelle.com
මුල් පිටුව ප්‍රාදේශිය පුවත් විශේෂාංග ක්‍රීඩා පුවත් කතුවැකිය දැන්වීම් වීඩියෝ අමතන්න
https://plus.google.com/106054590476023516301/posts
එම්සීසී ගිවිසුම අනුමත කරන අයවලුන් දේශය පාවා දෙන්නන්ය.

ශ්‍රී ලංකාවේ වටිනාකම සහ එහි ඇති සත්‍ය ඉතිහාසය අප රටේ දිවි ගෙවන බොහෝ මිනිසුන්ට මෙන් විහිලුවක් හෝ හිතලුවක් නොවන බව දන්නා ඇමෙරිකාව.එංගලන්තය.ඉන්දියාව.චීනය සහ ජපානය වැනි බලගතු රටවල් අප රටේ සත්‍ය ඉතිහාසය සහ එහි ඇති ඉඩකඩම් මෙන්ම ධන නිධානයන් පිළීබදව ඉතා හොදින් දනිති. අධ්‍යයනය කරති.එහෙත් අප රටේ දිවි ගෙවන මිනිසුන් මෙන්ම පාලකයන් විසින්ද මෙම ඉතිහාසය වල පල්ලට දමමින් එය අසත්‍යයක් යැයි පෙන්වා දෙමින් සිටිති. එහෙත් මෙම බටහිර ජාතීන් විසින් මෙම රටේ ඇති අගය වටිනාකම සහ එහි ඇති ධන නිධානයන් පිළීබචදව ඉතා හොදින් දන්නා බැවින් මස් කටුවක් සදහා පොර බදන බලු රැලක් මෙන් වෙහෙසෙන්නේ කුමන කාරණයක් නිසාද යන්න ඔබ මොහොතකටවත් කල්පනා කලාද?

එක් රටක් මුහුද හාරා වශ්තුව සෙවීමට කටයුතු කරන අතර තවත් රටක් මහා කදු කපා දමමින් සංවර්ධනයට දායකත්වය දෙමින් වශ්තුව සොයන බව ඔබ දන්නවාද?ඒ අතර ඇමෙරිකාව එම්සීසී ගිවිසුම හරහා ඓතිහාසික සහ වැදගත් ස්ථානයන් සියල්ල අත්පත් කර ගැනීමට මාන බලමින් සිටින්නේ රටින් කොටසක් ගිල ගැනීමට බව දන්නේ කියෙන් කිදෙනෙකුද?

සොයන්න එවිට ඔබට සම්භ වේවි.මේ දිවයින පාලනය කල සහ පාලනය කරන නායකයින් බලය රැක ගැනීමට කටයුතු කලා මිසක් රට ගැන අනාගත පරපුර ගැන කිසි විටකත් කල්පනා කරනැති බව ඔබ හොදින් කල්පනා කල යුතුයි.ඒ පිළිබද සොයා බැලීම ඔබසතු කාර්යයක් වේ.එකෙකු කියන පලියට විශ්වාස කරන්නවත් අවශ්‍ය නැත.ඔබ විසින් එය තෝරා බේරා ගත යුතුය..

ශ්‍රී ලංකාවේ ඉතිහාසය බොරුවක් මිත්‍යාවක් ලෙසින් පෙන්වමින් ඇමෙරිකාව විසින් පවත්නා රජයන් හරහා එම්සීසී ගිවිසුමක් ඉතා කඩි මුඩියේ සකස් කරන්නේ අප රට වැසියන්ට ආදරයකට නොවන වග සියලුම මහජනතාව විසින් තේරුම් ගත යුතුය..මෙම රටවල් මෙසේ ඉඩකඩම් මෙන්ම සෑම දෙයකටම පොර බදන්නේ ඔබ නොදන්නා එහෙත් එම රටවල් සහ නාසා ආයතනය විසින් පරික්ෂණ පවත්වමින් සොයා ගන්නා කරුණු මතින් එහි ඇති වටිනාකම් දන්නා නිසා බව ඔබ මොහොතකටවත් කල්පනා කලාද?....එයට හේතු කාරණා කිහිපයක් තියෙනවා ඒවා හොදින් අධ්‍යයනය කරන්න.

01.ලෝකයටම වටිනා සම්පත් මෙන්ම රන්රිදී තඹ පිත්තල යකඩ වැනි ලෝහ වර්ග නිධි තිබීම.

02.ලෝකයම යටපත් කල හැකි නිධන්ගතව ඇති එක් එක් තාක්ෂණයන් සහිත ශිලා ලේඛන මෙන්ම පුස්කොළ පොත් අත්පත්කර ගැනීම.

03.ලෝකයේ පැරණීම ඉතිහාසගත විස්තර ඇති ස්ථානයන් සියල්ල අත්පත් කර ගනිමින් හා විශ්වයේ ඇති සියලුම තාක්ෂණයන් උකහා ගැනීමට පහසු ස්ථානයන් හරහා එම ශක්තීන් භාගත කර ගැනීමට සැලසුම් සකස් කිරීම.ඒවායේ ඇති රහස් එළිදරව් කර ගැනීම.

04.තවත් වසර කිහිපයකින් ලෝකයෙන් විනාශව යන ස්භාවික සම්පත් සහ ආහාර හිගයට පිලියම් ඇති කෘෂීකර්මාන්තයට හිතකර ඉඩකඩම් අත්පත් කර ගැනීම.

05.ශරීරයේ ලෙඩ සුවකල හැකි විශ්වය නිර්මානයේදී තිබූ සුපිරිසිදු ජල උල්පත් හා ඒවායින් ප්‍රයෝජන ගැනීම.

06.පිරමීඩ ඉදිකිරිමේ තාක්ෂණය හා පැරණී රජ දරුවන් විසින් නිදන්ගත කරන ලද වශ්තුව මෙන්ම රජ දරුවන්ගේ මෘත ශරිර පිළිබද සොයා බැලීම හා අත්පත් කර ගැනීම.

07.අවම ගුරුත්වාකර්ෂණ බලය හා තරු දොරටු හරහා ඉතාමත් කඩිනමින් වෙනත් ග්‍රහ ලෝකයන් තරනය කිරීමට හැකි ස්ථානයන් ඇති බැවින් ඒවා අත්පත්කර ගැනීම.

08.තවත් බොහෝ රහස් මෙම දිවයින තුල ඇතත් ඒවා හෙලි කිරිමෙන් වැලකි සිටින්නේ ඔබගේ මනසට ඒවා ඉතාමත් බැරැරුම් දේ වන බැවින් විශ්වාස කිරිමටවත් උගහට වන බැවිනි.

ඇමෙරිකාවේ නාසා ආයතනව විසින් මේ වන විට පරික්ෂණ පවත්වා සනාත කර ගෙන ඇති බැවින් හා වෙනත් රාජ්‍යයන් ඒවා මිලදී ගැනිමට ප්‍රථමයෙන් අත්පත් කර ගැනීමට සැලසුම් සකස් කිරීම... එක් රටක් වන්නේ චිනයයි.....අනෙක් රට අප අසල්වැසි ඉන්දියාවයි.මේ වන විටත් එම රටවල් විසින් වැදගත් ස්ථානයන් කිහිපයක් අත්පත් කරගෙන ඇත.මෙම කිසිදු රටකට මේවා අත්පත් කර ගැනීමට කිසිදු ආකාරයකින් ඉඩක් ලබා නොදිය යුතුයි.ඉඩක් ලබා දෙන්නේ නම් එය එසේ කරන්නේ අපගේ අනාගත අප දරු පරපුර වෙනුවෙන් තිබෙන්නාවූ වශ්තුව සින්නක්කරවම ලබා දීමයි.

රටක දියුණුවට තම ඉඩ කඩම් විකුනා දමන්නේ නම් එම රාජ්‍ය නායකයා කවරෙකු වුවද ප්‍රතික්ෂේප කිරිම මහජනයා විසින් අදිටන් කර ගත යතුයි..එය එසේ නොවන්නේ නම් විදේශීය ජාතීන් විසින් අපගේ ධන නිධානයන් රැගෙන යන තෙක් කට අයාගෙන බලා සිටිමට සිදුවෙනු ඇත.

ඇමරිකන් ගිවිසුම මෙන්ම මෙතෙක් කලක් රටේ සංවර්ධනය මුවාවෙන් කර ඇති සියලුම කාර්යයන් පිටුපස ඇත්තේද අපගේ සත්‍ය ඉතිහාස කුණු සෙරකම් කිරීමයි.යටත් විජිත සමයේදී බටහිර ජාතීන්ද කලේ එයමයි.ඒ පිළීබදව සොයා බලන්නෙකුට හැර වෙනත් කිසිවෙකුටත් අදහසක් පහල නොවන්නේ තම මනස ක්‍රියාත්මක වන සිමාවේ සිට මේවා නොපෙනෙන බැවිනි.ඒ පිළිබදව නොසිතන බවිනි..අද පටන් මේවා පිළිබද හොදින් සිතන්න අප රට විදේශිකයන්ට විකුනන හෝ විකුනන්නට පිඹුරුපත් කසන සෑම අයෙකුම ප්‍රතික්ෂේප කල යුතුයි.එසේ නොවන්නේ නම් ඔබගේ දරු දැරුයන්ද එහි ප්‍රති විපාකයන්ට මුහුණ දීමට සිදුවෙන බව මාගේ යුතුකම ලෙසින් මෙහි සටහන් කරමි.ඕනෑම අයෙකුට මා හා තර්ක විතර්කයන් මෙන්ම කොමෙන්ට් ඉදිරිපත් කල හැක.ඒවාට පිළිතුරුද මා විසින් ඉදිරිපත් කිරීමට කිසි විටෙකත් නොපැකිලෙමි.ඒ එසේ ඉටු කරන්නේ මාගේ මෙන්ම වත්මන් සහ අනාගත පරපුර වෙනුවෙනි.

මෙම වශ්තුව හරහා පසු කාලීනව මෙම බලවත් රටවල් අතර මතබේද පැන නගිමින් යුධ වාතාවරණයක් දක්වා දුර දිග යාමට පවා තත්වයක් ඇති වීමට බොහෝ දුරකට ඉඩක් ඇත..එක පැත්තකින් චීනය අනෙක් පත්තේන් ඉන්දියාව සදහන් කල හැක..

වත්මන් ජනාධිපත් තුමා විසින් ඉන්දියාවට භාරදී ඇත් ත්‍රීමලයේ ඉන්ධන ටැංකි නැවත ලබා ගැනීමට අදහස් කරන ලද්දේ මේ එම්සීසී ගිවිසුමට අනුව ඇමෙරිකාවට ලබා දීමටද යන්න ප්‍රශ්නයක් නොවන්නේද? අතීත රජ වරුන්ගේ සමයේදී පවා සිදු වුයේ මෙයම බව අපට හොදින් අවභොධ කර ගත හැකි බැවින් මෙම අවශ්ථාව මගහැර ගැනීමට ක්‍රියා කල යුතුමය...එසේ නොවුව හොත් රට පාවාදීමකට සමාන කල හැකි ගිවිසුමක් වශයෙන් පෙන්වා දීමට උත්සාහ කරමි..එවැනි නායකයන් පක්ෂ මෙන්ම මේ සදහා අනුබල දෙන්නන් වක්‍රාකාරයෙන් අනුබල දෙන්නන් පවා ප්‍රතික්ෂේප කල යුතුය..එම අයවලුන්ට තරා තිරම නොබලමින් දඩුවම් පැමීණවීම මහජනතාවට අවශ්ථාවක් ලැබී ඇත..ඉන් ප්‍රයෝජනය නොගන්නේ නම් වසර කිහිපයක් යන විට එහි බරපතලකම අවභෝධ වුවතු සියල්ල සිදු වී හමාරය.මම මගේ යුතුකම කර අවසන්ය.ඒ රට ජාතිය වෙනුවෙනි.

සිතීම සත්‍ය අත්‍යභාවය සොයා ගැනීම ක්‍රියා කිරීම ඔබ සතු කාර්්‍යයක් වනු ඇත ඒ වත්මන් සහ අනිත ඔබගේ දරු පරම්පරාව වෙනුවෙන් බව අවසන් වශයෙන් සදහන් කරමි(අද දිනය 2020 ජුනි මස 28 වෙනි ඉරිදා දිනයයි)වේ.ලාව රාත්‍රී 11 පසුවී විනාඩි 59 යි.

රටේ සංවර්ධනයට මගේ දායකත්වය" www.srilankaelle.com වෙබ් පිටුවේ නවතම වැඩසටහන අපේ සිහින පාර්ලිමේන්තුව "Our Dream Parliament"රට සංවර්ධනය කරනු ලබන මගේ ප්‍රතිපත්ති ප්‍රකාශණය.සිහින සත්‍යයක් වෙන බව අමතක කරන්න එපා..යු ටියුබ් Sri Lanka Elle වෙතින් සම්පූර්ණ විස්තරය අසන්න පුලුවන්...සිහින කියන්නේ නිදාගෙන ඉන්න විට පෙනෙන සිහින නෙමෙයි..තමන් ජීවත් වෙලා ඉන්න කාලේ ජීවිතය පවත්වාගෙන යාමට දකින සිහිනයි...ඒවා සාර්ථක වේ...විශ්වයේ නිතිය එයයි.එස් ජේ සිල්වා සංස්කාරක එල්ලය පුවත් සහ වෙබ් පිටු..
dfffffffffffff

දේශපාලන වේදිකාවට ගෙන ඒම

Click here See Related page
       අපේ ඉදිරි ප්‍රතිපත්ති සම්පූර්ණ විස්තර බලන්න


 
ශ්‍රී ලංකාවේ සත්‍ය ඉතිහාසය පළමුවරට දේශපාලන වේදිකාවට

ශ්‍රී ලංකාවේ සත්‍ය ඉතිහාසය මෙයට වසර දස දහස් ගණන්ක ඈත එපිට අතීතයකට දිව ගියද වර්ථමානය වෙන විට එම ඉතිහාසය අමතකකර දමා ඇතත් 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී නැවතත් දේශපාලනයේ කරලියට ගෙන ඒමට කටයුතු කර ඇත.එහි මුලිකත්වය ගෙන කටයුතු කරනු ලබන්නේ වසර විසි දෙකක් ශ්‍රී ලංකාවේ යුධ හමුදාවේ සේවය කර විශ්‍රාම ගොස් සිටින බළලත් නිළධාර් 1 එස් ජේ සිල්වා විසිනි.මොහුගේ මව් එක්කය වන්නේ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවයි.ලංකාවේ දේශපාලකයින්ට මෙන්ම බොහෝ පිරිසකට අමතකව ගොස් ඇතත් වර්තමානය වන විට තම අතීතය ආවර්ජනය කරමින් සිටින පිරිසද ඉතා විශාලය.

එහෙත් දේශපාලනමය වශයෙන් මේ පිළීබදව කිිසිවෙකුත් මේ දක්වා සටහන් කර නොමැත් වුවද මෙම මැතිවරණයත් සමගින් විශාල වශයෙන් මහජනතාව මේ පිළීබදව උනන්දුවක් දක්වනු ඇති බවද සදහන් කිරිමට හැකියාවක් ඇත.

ශ්‍රී ලංකාවේ සත්‍ය ඉතිහාසය පිළිබදව විස්තර ඉදිරිපත් කරමින් සිටින පිරිස ඉතා විශාල වුවද එම අතීතය අමතක කීරිම එතරම් සුදුසු නොවන්නේ වර්තමානයේ අප රට පත්ව ඇති තත්වය අනුව බලන විටය.කෙසේ වෙතත් මෙම සත්‍ය ඉතිහාසය පිළිබදව ගවේෂණය කරනා විදේශ ජාතින් විසින් ඒ පිළිබදව දැන සිටියද?දන ගත්තද රටේ වත්මන් පාලකයින් ඒ පිළිබදව උනන්දුවක් නොදැක්වීම කණගාටුවට කරණක් වුවද?අපගේ යුතුකම වන්නේ එම සත්‍ය ඉතිහාසය පෙන්වා දෙන අයවලුන් සමගින් එකමුතුව මෙම අතීතය හාරා ගොඩ දැමීමය.එසේ නොවන්නේ නම් වත්මන් මෙන්ම අනාගත පරපුර විසින් වර්තමානයේ දිවි ගෙවමින් සිටි සෑම දෙනකුටම සාප කරනු ඇත.ඉන් මිදිමට නම් තම තමන් විසින් මෙහි සත්‍ය අසත්‍ය තාවය සොයා දැන ගත යුතුයි

දේශපාලන වේදිකාවට ගෙන ඒම

ශ්‍රී ලංකාව යටත් විජිතයක් වශයෙන් වසර 500 කට අධික කාලයක් සිටියද බටහිර ජාතින් විසින් මෙම ඉතිහාසය ක්‍රමක් ක්‍රමයෙන් යට දමා හෙළ ජාතිය පහත හෙලීමට කටයුතු කරන ලද්දේ හෙළ ජාතියේ සිතිමේ ශක්තියද ජානයන්හි අති ශක්තිමත් භාවයද ඉතා හොදින් අධ්‍යයනය කිරිමෙන් පසුය.එමෙන්ම හ්‍රී ලංකාවේ පිහිටිම එහි ඇති සම්පත් විශ්ව ශක්තිය අවශෝසනය කිරිමේ හැකියාව පිළිබදව සොයා බැලීමෙන් පසුවය.

කෙසේ කොහොම කීවත් සිංහල ජාතිය ක්‍රමක් ක්‍රමයෙන් විනාශය කරා රැගෙන යාමට කටයුතු සැලසුම් කලද හෙළ ලේ ඇති මිනිසුන් ක්‍රමක් ක්‍රමයෙන් බිහිවෙමින් පවතින අතර එම අයවලුන් විසින් තම තමනගේ කාර්යය ඉටු කරමින් සිටින බැවින් එම සෑම අයෙකුටම තව තවත් දිරිමත් කිරිමක් වශයෙන් මෙවර මැතිවරණයට මුලිකත්වය ගෙන කටයුතු කරමින් සිටින්නේ ජාතියේ සත්‍ය ඉතිහාසයට පන දීමක් වශයෙන් බව සදහන් කල හැක.

අතීත මුතුන් මිත්තන් මෙන් මනස දියුණූ කර ගැනීඹ

වර්තමානයේ සෑම දෙයක්ම දේශපාලනීය කර ඇති බැවින් අපගේ සත්‍ය ඉතිහාසයද දේශපාලන කරලියට රැගෙන ආ හේතුව පිළීබදව විස්තර දක්වමින් එස් ජූඩ් සිල්වා සදහන් කරන ලද්දේ වර්තමානයේ සෑම දෙයක්ම දේශපාලනිය කරනයෙන් පමනක් ඉටුකර ගත හැකි කරුණක් වන බැවින් මේ සදහා කටයුතු කිරිමට තීරණයක් ගන්නා ලද බවය.විශේෂයෙන්ම අපගේ මනස දියුණූ කර ගැනීම තුලින් සියලුම දෙවල් කරගත හැකි බැවින් එයද ඉටු කිරිම මෙන්ම අතීත අප මුතුන් මිත්තන් විසින් මේ රටේ සිදුකර ඇත්තේත් වර්තමානයේ අනෙකුත් ධනවත් රටවල් තුලින් සිදුකරනු ලබන්නේත් එයම බැවින් එය තේරුම් කර දීමද මෙහි තවත් අරමුණක්.

කවුරු කොහොම කෙසේ කිව්වද අප රට තවත් වසර කිහිපයකින් විනාශය කරා යන බවක් දක්නට ලැබීම කණගාටුවට කරුණක්.ඒ උනාට එය දේශපාලන කෝණයකින් බලන කිසිවෙකුටවත් පෙනෙන්නේ නැහැ.ඒවා තේරුම් කර දීම මගේ යුතුකමක් ලෙසයි මම දකින්නේ.මගේ රාජකාරියත් එයයි.රටේ අතීතය පෙන්වා දෙන සෑම අයෙකුගේම සහය මේ සදහා ලබා ගන්නට අදහස් කරමින් සෑම දේශපාලන පක්ෂයකම නායකයෙකුටම මේ පිළිබදව අවධානය යොමු කරමින් කටයුතු කරන්නට අදහසක් දෙන්නට තමයි මම කටයුතු කරන්න අදහස් කරන්නෙ.

තවත් කරුණක් වන්නේ අපේ සත්‍ය ඉතිහාසය ක්‍රමක් ක්‍රමයෙන් එක් එක් රටවල අවශ්‍යතාවය මත විනාශය කරා ගෙන ගොස් ඇතත් මටනම් එය බලාගෙන ඉන්න බැහැ මෙය දැනගත්තු සහ අධ්‍යනය කරන්න පටන් ගත්තු දින සිට කොහොමද මෙය කරන්නේ කියල හිත හිත හිටියත් ඒ සදහා මට මේ ලැබුන අවශ්ථාවෙන් මම ප්‍රයෝජන ගන්නවා.ඒ වාගේම අපේ රටට ආදරය කරන නායකයෙක් අපට ලැබිලා තියෙනවා එතුමාට සහය දෙමින් අපේ රට හා අනාගත පරපුර නියම මාර්ගයට යොමු කරමින් මහජනයා දනුවත් කිරීමට අදහස් කරනවා.හැබැයි හිතන තරම් ලෙහෙසිත් නැහැ ඒ වාගේම අමාරුත් නැහැ.මම දන්නවා මම විශ්වාස කරනවා නැහැ බැහැ කියලා දෙයක් මාගේ පොතේ නැහැ.හිතුවොත් එය කරන්න පුලුවන්.ඒ වාගේම විශ්වයේ සහය අනිවාර්්‍යයෙන්ම මට හා මේ යන ගමනට ලැබෙන බවත් මම දන්නවා.

බලන්න අපේ රටේ ලෝක උරුමයන් වශයෙන් හදුන්වනු ලබන සිගිරිය වාගේ ෙඓතිහාසික ස්ථාන දිහා මේවා කවුද නිර්මානය කලේ කොහොමද? වර්තමානයේ දියුණු තාක්ෂණයටවත් ඒව ගොඩ නගපු විදිහ හොයා ගන්න බැරිවෙලා තියෙනවා.එහෙනම් මොකක්ද මේ රහස. මේ රහස ගැන කථා කරන්න එන සෑම අයෙකුවම නිහඩ කරන්න වසර ගනනක සිට මාන බලමින් ඉන්නේ.ඒ උනාට එය කොහොම හරි දේ උඩට එනවා. හරියට දිය යට දමපු රබර් බෝලය වාගේ .

ඒ වාගේම තමයි සංවර්ධනය මුවා වෙන් අපේ රටේ ඉතිහාසය කොපමණ දුරකට වල දාලා තියෙනවද?ඒ වාගේම අපේ රටෙන් අරගෙන ගිය ධන නිධානයන් තොගය තවත් තියෙනවා. ඒ උනාට මෙම නායකයින් අපේ මිනිසුන්ව ගොන්නුන්ට අන්දගෙන වැඩ ගන්නවා.ඒත් අමතක කරන්න එපා එහි ප්‍රති විපාකාපයන් ඒ අයටම එනවා. හරියට භුමරංගය වාගේ.දැන් එන්නට පටන් අරගෙන තියෙන බව අමතක කරන්න එපා අපේ රටේ ඉතිහාසය මෙන්ම වටිනා වශ්තුව කොල්ල කෑම,වටිනා පුස්කොළ පොත් විනාශ කිරීම සහ රැගෙනයාම. ඒවායේ තියෙන රහස් අනුව වැඩ කටයුතු කරමින් නව නව නිර්මාණයන් කරමින් ලොවට ඉදිරිපත් කිරිම. සදහන් කල හැකියි.මේවාට කවුද කථා කරන්නේ?අපිටම තමයි කථා කරන්න වෙන්නේ එහෙනම් අපි කථා කරමු.

අපේ පරිසරය විනාශකරමින් කෘමිනාසක වැඩිපුර යෙදවමින් ජලය අපවිත්‍රකර අපේ මහජනතාව වෙත අසනී තත්වයන් අතිකිරිම අපේ ජාන ශක්තිය විනාශ කිරීම.මේවා කවුද කතා කරන්නේ මහ සඝරුවන කෝ කථා කරනවද? නැහැ ජාතියක් විනාශයට බලාගෙන සැන සෙන්නට පුලුවන් කාටද?මටනම් බැහැ කට විතරක් නෙමේ හරියට වැඩ කරන්න ඕනෑ.අපි ඉපදෙනව මිය යනව කී දෙනෙක් එහෙම මිය ගියාද?ඒ අයට කරන අගෘරවයක් කියල හිතෙනනේ නැතිද?බල්ලෙක් මී හරකෙක් වගේ ඉපදිලා තිරිසනෙක් වාගේ මිය යනවද?රටට ගෝකයට වැඩක් කරල මිය යනවද?කියල තීරණය කරන්න ඕනෑ වෙන්නේ ඔබ සහ ඔබගේ මනස විසිනුයි..

පරාගපෝෂණය කරන මී මැස්සන් විනාශ කරන ශාක ගෙනවිත් හිටවනව.කවුද මේවා නිවරදි කරන්නේ? කවදද මේවා කරන්නේ?හිතා ගන්නවත් බැහැ. එහෙනම් අපි එය කල යුතුමයි.

ඒ වාගේම ක්ලෝරින් ජලය මගින් ජලය පිරිසිදු කරමින් අපේ මෙන්ම අපේ දරැවන්ගේද අනාගත පරම්පරාවේද සිතිමේ ශක්තිය ඇති තුන්වෙනි ඇස(Third eye)අක්‍රීය කරවීමට කටයුතු කරන්නේද? අපගේ හෙළ ජාතිය මහත් බලසම්පන්න වන බැවින් එය අඩපන කිරිමටයි.යන්න සදහන් කරන්න කැමතියි. මේ ගැන හොයන්න වෙනවා අද පටන් මෙය හොයන්න ඒ වාගේම ඔබගේ :ාතීන් මිතුරන්ට මෙය කියන්න හොයන්න ඇත්ත නැත්ත දැනගන්න මේවා නිවරදි කර ගන්නේ නම් අප කිසිදු ජාතියකට යටත් වීමට අවශ්‍යතාවයක් නැහැ අපගේ කෘෂිකර්මාන්තය තවත බොහෝ දේ ඇත අපි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශණයට මේ සැම ඇතුගත් කර දී තිබෙනවා

අපේ රට නිදහස් දවසේ ඉදලා රට පාලනය කරපු අයට මම බනින්න යනනේ නැහැ හැබැයි ඒ අය කරපු වැරදි එකින් එක කියලා දෙන්න මට පුලුවන්.එහෙම කියලා දෙන්න මම කිසි විටකත් පැකිලෙන්නේ නැහැ.මෙයට විරුද්ධව කටයුතු කරනා කවුරුන් හෝ ඉන්නවා නම් ඒ හැම අයෙකුම කරනු ලබන්නේ තම තමන්ගේ දරුවන්ට මෙන්ම අනාගත පරපුරටත් ශී ලංකාවටත් අපේ අතීත මුතුන මිත්තන්ටත් කරනු ලබන ද්‍රෝහී කමක් ලෙසටයි මම දකින්නේ ඒ විතරක් නෙමෙයි එය පෙන්වා දෙන්නත් මම සුදානම්.

මම කිසිවිටකත් අපේ රටේ මජනතාවට බනින්නේ නැහැ එයට හේතුවක් තියෙනවා එය තමයි වසර 500 ක් අපේ රට එක් එක විදේශය ජාතින්ගේ ආක්‍රමණයන්ට ලක්වෙලා අපේ මනස විනාශ කරලා තියෙන්නේ.ඒ උනාට හොද අනාගත තරුණ පරපුරක් අපට ඉන්නවා කියලා මාගේ විශ්වායක් තියෙනවා.මම දන්නවා ඒක.ඔවුන් මනස දියුණූ කරමින් කටයුතු කරන්න දන්නවා.

මෙය මම කලයුතු දෙයක් නෙමේ මේක කරන්න ඕනෑ අපේ රටේ ආගමික නායකයො සහ වැදගත් උගත් බුද්ධිමත් කියන අයයි.ඒ උනාට ඒ අය නිහඩයි.මට නිහඩ වෙන්න බැහැ මම මැරෙන්න කලින් මගේ යුතුකම මගේ දරැවන්ට ඉටු කරන්න ඕනෑ.එහෙ කලේ නැත්නම් මම මගේ යුතුකම ඉටුනොකර මියයන ගොඩට මාවත් වැටෙනවා.මම ඒකට කොහෙත්ම කැමති නැහැ.මේ පිළීබදව ඕනෑම අයෙකුට මාත් සමග තර්ක විතර්ක කරන්න පුලුවන්.ඒ මේ පිළීබදව කතා කරන්නයි.ඒ තුලින් මටත් මම දනනේ නැති දෙයක් දැන ගන්න ලැබෙන බව මම දන්නවා.

අවසන් වශයෙන් කියන්න රටේ මහජනතාවට කියන්න දෙයක් තනෙවා ඒ නම් විශ්වයත් සමග මෙන්ම තම සිතට අවංකව වැඩ කරන්න ඉගෙන ගන්න.නැතිනම් විශ්වය විසින් බරපතල ලෙසින් දඩුවම් දීමට බලාගෙන ඉන්නවා.එයට ලොකු පොඩි ධනවත් උගත් බුද්ධිමත් ප්‍රශ්නයක් වන්නේ නැහැ.

මේ රට නිසි අයුරින් හැදෙන්න නම් හදා ගන්න අවශ්‍යය නම් මෙන්න මේ අපගේ ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක වෙන්න ඕනැ කියල මම අදහස් කරනවා.එය එහෙම වෙන තුරු මේ විදිහට මහජනතාව දැනුවත් කරන්න මම කටයුතු කරනවා .ඒ සදහා මතයක් නිර්මානය කරනවා.එය කොහොමද කරන්නේ කියලා ප්‍රශ්නයක් ඇති.ඒ උනත් මම විශ්වාස කරන දහමක් තියෙනවා එය තමා විශ්ව දහම.විශ්ව දහම කියන්නේ තම තමන් අදහන ආගම දහමයි.ඒ සෑම ඒ සදහා උදව් උපකාර කරන බව මම දන්නවා.

සමහර අයට මෙය හිතාගන්න බැරි වාව ගන්න බරි දෙයක් කියලා මම දන්නවා.එයට හේතුවත් මම දනනවා.එක් හේතුවක් තමයි තමන්ගේ ආත්ම අභිමානය සහ තමන් තුල ඇති ශක්තිය පිළීබදව නොදන්නා අයවලුන්.එය උගන්වන්න වෙනවා.අනික් කොටස තමයි මේ ක්‍රමයෙන් රටට හෙන ගැහුවත් පුද්ගලික වාසි ලබා ගන්නා අයවලුන්.මේ දෙකොටසටම වෙනනේ අවසන් වශයෙන් අවශානයේදී කණගාටුවට පක්වෙන්නයි.තමන්ගේම දරුවන් තම ජාතිය මෙන්ම තම පරම්පරාව පවා අදුරේ හෙලා ගන්නයි.වර්තමානයේ මේ සත්‍ය පෙන්වා දෙන් පුලුවන් බොහෝ අය ඉන්නවා මම ඒ අයව දන්නවා.මම දන්නේ තාමත් අල්පයයි.ඉන් මම රටට,ගමට,මගේ දරුවන්ට,අනාගත පරම්පරාව වෙනුවෙන් වැඩක් කරනවා.මොකද මම මෙයට පෙර කියලා ඇති මම මගේ යුතුකම් කොටස නිසි අයුරින් ඉටු නොකර බලාගෙන ඉන්න මිය යන්න මට බැහැ.දැන් බලන් හිටිය කාලය හොදටම ඇති කියල මම විශ්වාස කරනවා.

ඒ වාගේම තමයි මේ රට පාලනය කරන ලද සක්විති රාවණා රජතුමන් මෙයට වසර දහස් ගනනකට ඉහතදී මේ ලක්දිව මෙන්ම තවත් රටවල් කිහිපයක්ද යටත් කරගෙන මනස දියුණූ කරගෙන ඒ තුලින් මහා ශක්තියක් ඇති සක්විති රජ කෙනෙක් වුවත් වර්තමානයේ අමතක කර දමා සිටිම නම් එපමන හොදක් අප රටට වන්නේ නැත.

එසේම මෙම රාවණා රජතුමන් ශ්‍රී ලංකාවේ නැතත් අනෙත් රටවල් තුලදී දකනට හැකියාව ඇත..ඉතාමත් කණගාටු දායක කරැණ නම් ඉංදියාවේ සමහර මිනිසුන් විසින් දුෂ්ඨ රාවණා යනුවෙන් සදහන් කොට "දුශේරා" නමින් රාජ්‍ය උත්සවයන් පවත්වා පඔයන් ලෙසින් සෑදු මහා රාවණා රජතුමන්ගේ ශරීරයට ගිනි තැබීම මහත් කණගාටුදායක කරුණකි එය එසේ වුවද අපේ පාලකයන්ට මෙය නොපෙනීම අභාග්‍ය සම්පන්නය.ඒ කෙසේ වුවත් මේ සදහා අප මින් ඉදිරියට ශක්විති ශේෂ්ඨ රාවණා යනුවෙන් සිහි ගන්වමින ""සශ්‍රේරා" යනුවෙන් නම් කරමින් රාජ්‍ය අනුග්‍රහය ඇතිව උත්සව මාලාවක් සංවිධානය කිරීමටත් එය වාර්ෂීකව පැවැත්වීමටත් සැලසුම් කර ඇත

ඉංදියාවේ සමහර මිනිසුන් විසින් රාවණා රජතුමන්ට සමානව පඹයන් සාදා දුෂ්ඨ රාවණා යනුවෙන් සදහන් කර ඒවාට ගිනි තබමින් පවත්වනු ලබන "දුශේරා" රාජ්‍ය උත්සවය

 දුශේරා උත්සවය ඉංදියාව
       දුශේරා උත්සවය 2018
       දුශේරා උත්සවය 2018

ඉංදියාව රාජ්‍ය නායකයින් සහ එහි මහජනතාව විසින් එසේ රාවණ රජතුමන්ගේ පඹයන් සාදා ගිනි තැබීම කිසිදු සදාචාරාත්මක බවක් නොගන්නා අතර,අප රටේ ජන නායකයින් විසින් රාවණ රජතුමන් සිහිකිරිමට කටයුතු නොකරන්නේ නම් අප විසින් හෝ රාවණ රජතුමන් සිහිකරමින් උපහාර පුද කිරීම.අපගේ පරම යුතුකමක් වන බව හොදින් මතක තබා ගන්න.

.එසේම සත්‍ය ඉතිහාසය සදහන් සියත ගුවන් විදුලියේ ප්‍රචාරය වූ අපේ සත්‍ය ඉතිහාසයේ විඩියෝ පට ලක්ෂයක් බෙදා දිමටත් කටයුතු සකස් කරමින් සිටින අතර එම විඩියෝ පට ලබා ගැනීමට කැමැත්තේනම් වෙබ් පිටුව හෝ යූ ටියුබ් චැනලය බලන්න

ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත සශ්‍රේරා උත්සවය

  සශ්‍රේරා උත්සවය ශ්‍රී ලංකාව
  සශ්‍රේරා උත්සවය ශ්‍රී ලංකාව
      රාවණා සත්‍ය ඉතිහාස කථාව
Click here See Related page
       අපේ ඉදිරි ප්‍රතිපත්ති සම්පූර්ණ විස්තර බලන්න

එස් ජේ සිල්වා සංස්කාරක එල්ලය පුවත් සහ වෙබ් පිටු

dfffffffffffff
  See My Details ..මගේ පුද්ගලික විස්තර බලන්න..


 

එල්ලේ ක්‍රීඩාවේ ප්‍රථම වෙබ් පිටුව

ප්‍රධාන පුවත්
කොරෝනා වෛරසයෙන් බේරෙන්න
අපේ සිහින පාර්ලිමේනතුව Our Dream Parliament.
ශ්‍රී ලංකාවේ සත්‍ය ඉතිහාසය පළමුවරට දේශපාලනයට
රට සංවර්ධනය කරනු ලබන මගේ ප්‍රතිපත්ති ප්‍රකාශණය.
ප්‍රතිශක්තිකරණ පද්ධතිය සක්‍රීය කර කොරෝනා වෛරසයෙන් බේරෙන්න කැනගන් පිරිසිදු ජලය බොන්න
ශ්‍රී ලංකාවේ සත්‍ය ඉතිහාසය
කැන්ගන් ජල චිකිත්සාව කලාප පුවත් කියවන්න
 
කැන්ගන් ජල අයණිකාරකය
 
සමස්ත ලංකා කන්ගන් ජල චිකිත්සක සංගමයේ නිළධාරී මණ්ඩලය 2019
 
  See more Details බලන්න තවත්
එල්ලේ කණ්ඩායම ලෝගෝ
>
එල්ලේ ක්‍රීඩා ඉතිහාසයේ එල්ලේ ක්‍රීඩාව වෙනුවෙන් එලිදක්වන ලද ප්‍රථම පුවත් පතේ තෙවන කලාපය ජුනි මස නිකුත් වේ.විස්තර සදහා මෙතන ක්ලික් කරන්න
කැන්ගන් ජලය පානය කරන ලොව සුපිරිම පුද්ගලයින්
එල්ලේ ක්‍රීඩාවේ පුවත්
කොරෝනා වෛරසයෙන් බේරෙන්න
එල්ලේ ක්‍රීඩා ඉතිහාසයේ එල්ලේ ක්‍රීඩාව වෙනුවෙන් එලිදක්වන ලද ප්‍රථම පුවත් පතේ තෙවන කලාපය ජුනි මස නිකුත් වේ.විස්තර සදහා මෙතන ක්ලික් කරන්න

 

සියත එප් එම් වෙතින් ගන්නා ලද අපෙන් වසන්කල අපේ ලේ උරුමයේ සත්‍ය ඉතිහාස කතාව නොමිල් දැන් ඩි වී ඩි පටයක් ලෙසින් අප වෙතින් මෙය නොඅසන හෝ ප්‍රතික්ෂේප කරනා යමෙකු වන්නේ නම් ඔහු හෝ ඇය විජය යන හොර දෙටුවගෙන් පැවත එන්නන්ය
       Ellaya DVD Paper
       Kangen water
       Sri Lsnka Elle
       Ranaviru Video
      Rawana
Home Videos Team Players Match Galary News Spicial News Italy Elle Other Contact
https://plus.google.com/106054590476023516301/posts
 

Sport Of Sri Lanka Elle

                   
  Home Sri Lanka Elle Kangen Water Ellaya Ads Ellaya Book Publisher All Blogs About Us Contact  
    Elle Histry English Kangen Water Sinhala Kangen Ionizer Ellaya Paper One Elle Blogs      
    History Sinhala Our Kangen Galary House & Property Ellaya Paper Two Elle Galary Blogs      
    Elle Video Kangen Videos Vehicals Ellaya Paper Three Kangen Blogs      
    Elle Team Galary All Dabadiwa Tour 5 Ssayathwayata Ganithaya Kangen Blog Two   Sinhala  
  Italy Elle Team Kangen Beauty Water Valakkanni Tour Kangen Water Therapies Kangen Galary   English  
  Elle Players Strong Alkaline Water Moringa          
    Acidic Water Karavila Kangen Water Therapies     Blogs
    Wikipedia Sinhala Doctors View   KWTA Application        
    Wikipedia English Testimonials Ellaya Ads Application          
          Ellaya DVD Paper One Wikipedia All      
      Wikipedia Sinhala Electric Items Ellaya DVD Paper Two        
      Wikipedia English Other Product Ellaya DVD Paper Three Othrs   About Me  

 

https://plus.google.com/106054590476023516301/posts

                                Copy write 2013 © Ellaya Ads By Sri Lanka Elle (එස්ජේ)                                                                                  

Home Videos Team Players Match Galary News Spicial News Italy Elle Other Contact

 

 

 

....දුක් කම් කටොළු ....සහ..... අසාධාරණයන්ට ලක්වූ.....මාගේ ජීවිතයේ ඇත්තම ඇත්ත කථාව ......True story of my life...ලගදීම නවකථාවක් ලෙසින් ............ඔබ අතට ලබා දීම ,,,,,,,,,,,,,,,,,මාගේ මීලග..... බලාපොරොත්තුවයි...........
...දුක් කම් කටොළු ....සහ.. අසාධාරණයන්ට ලක්වූ.....මාගේ ජීවිතයේ ඇත්තම ඇත්ත කථාව ...True story of my life.....ලගදීම නවකථාවක් ලෙසින් ...ඔබ අතට ලබා දීම ,,,,,,,මාගේ මීලග..... බලාපොරොත්තුවයි............