Ellaya Paper 56/B,Thibbotugoda,Ganemulla,Sri Lanka Our Vilage and my Vedios     www.srilankaelle.com
මුල් පිටුව ප්‍රාදේශිය පුවත් විශේෂාංග ක්‍රීඩා පුවත් කතුවැකිය දැන්වීම් වීඩියෝ අමතන්න
https://plus.google.com/106054590476023516301/posts
මහාචාර්ය ආතර් සී ක්ලාර්ක් මහතා ශ්‍රී ලංකාවේ ශක්තින්ගෙන් ප්‍රයෝජන ගත්තාද?.

1. හැදින්වීම ;- ශ්‍රීමත් ආතර් සී ක්ලාක් මහතා :

විද්‍යාඥයකු, විද්‍යා ප්‍රබන්ධකරුවකු මෙන්ම සඵල වු විශිෂ්ට විද්‍යා අනාවැකිකරුවකු ලෙස විවිධ විෂයක්ෂේත්‍රයන්හි විශ්ව කීර්තියට පත් ශ්‍රීමත් ආතර් සී ක්ලාක් ‍ලොව වඩාත්ම ප්‍රසිද්ධ වූයේ 1945දී “වයර්ලස් වර්ල්ඩ්” (wireless world) සඟරාවට ලිපියක් යවමින් ඉදිරිපත් කළ චන්ද්‍රිකා ත්‍රිත්වයක් භාවිතා කරමින් කළ හැකි අනමහාද්වීපික විද්යුත් සන්නිවේදන ශක්‍යතාව පිළිබඳ ඓතිහාසික සංකල්පයක් වන “භූ ස්ථාවර චන්ද්‍රිකා” සංකල්පය නිසයි.

(සම්පූර්ණ විස්තර සහ නව ගැනීම් පිළිබද විස්තර පහතින් සදහන් කර ඇත)

ආතර් සී ක්ලාර්ක් මහතා පිළිබද සත්‍ය තොරතුරැ අප සැම දන්නා අතර ලොව නම දිනු මහ විද්‍යා ගත්කතුවරයෙකි... එංගන්තයේ ඉපිද වසර 1954 සිට 2001 මිය යන දිනය දක්වා ශ්‍රී ලංකාවේ ජීවත්විය..එහෙත් ඔහුගේ පුරවැසි බව එංගලන්තයේම විය..ඒ තම මව් රට බැවිනි. තම මව් රටට ආදරය කල මෙතුමා ශ්‍රී ලංකාවට ආදරය කලේ ඇයි යන්න මා විසින් නගන ප්‍රශ්නයකි. එහෙත් මේ පිළීබදව විවෙචන චෝදනා එල්ල කිරිමට ප්‍රථමයෙන් මෙලෙසින් සදහන් කරන්නේ ඇයිද යන්න මදක් කලපනා කරන්නේ නම් මැනවි..

බටහිර ජාතින් විසින් අප රටෙන් යම් දෙයක් කොල්ල කන්නේද?කැවේද එයට හාත්පසින් වෙනස් ආකාරයකට තම මනසේ ශක්තිය උපයෝගී කර ගනිමින් අප රටේ ඇති ශක්තියද ප්‍රයෝජනයට ගනිමින්ය.මහා විද්‍යා තාක්ෂණයක් භා ගත කරගත් බවත් එම භාගත කරගන්නා ලද විද්‍යා තාක්ෂණයන් තම රටට හා ලෝකයේ ප්‍රයෝජනය සදහා ලබා දුන් බවත් විශ්වාස කරන්නේද?සත්‍ය වශයෙන්ම මෙම බටහිර ජාතින් මෙන්ම ලොව පුරා වෙසෙන බොහෝ ජාතින් විසින් මෙම රටේ අගය සහ වටිනාකම දැනගත්තද එහි අගය සහ වටිනාකම අප රටේ කිසිවෙකුත් නොදැනිම කණගාටුවට කරැණකි.....

ඒ පිළිබදව කියා දෙන්නෙකුද නැත..

මෙම මහා ගත් කතු වරයාට මා හිස නමා ආචාරය පුදකරනු ලබන අතර එතුමාට කිසි විටෙකත් මෙය අවමානයක් පිණීස සටහන් නොකරමි.එහෙත් මෙය පාඩමකට ගත යුත්තෙ කවරෙකු රටට ආවද මහත් ඉහලින් පිලිගන්නා මහා උගත් යැයි හදුන්වා ගන්නා පාලකයින් වර්තමානයේ පවා සිටිම තුලයි.. මෙම සටහන මා ඉදිරිපත් කරන්නට අදහස් කරනු ලබන්නේ මෙම ශ්‍රී ලංකාවේ අගය හා එහිදී කල හැකි කාර්යයන් පිළිබද වටහා ගන්නා යම් වත්මන් හෝ අනාගතයේ බිහිවෙන කවරෙකුගේ හෝ අවධානය සහ ප්‍රයෝජනය පිණිසම වන්නේය...

ශ්‍රී ලංකාවේ අගය හා වටිනාකමත් තේරුම් ගන්නා ලද මිනිසුන් ශ්‍රී ලංකාව ආක්‍රමණය කලේ අද ඊයේ සිට නොවනු ඇත...එම අයවලුන් විසින් අප රටෙන් නිසි ප්‍රයොජනය ගෙන ගොස් ඇතත් අපට ඉතිරි වුයේ කුමක්ද?මෙම මහා විද්‍යා ගත්කතුවරයා පිළීබද අවධානය යොමු කරන්න.ඒ පිළිබද අධ්‍යයනය කරන්නේ නම් තව තවත් ලොවට අවශ්‍ය නවතම සොයා ගැනීම් ඔබටද කළහැකි බව මම පසක් කරමින් නවතම සොයා ගනිම් සොයා යන වත්මන් හා අනාගත තරුණ තරුණයන්ට මෙය මහත් පිටුවහලක් වේවා....

අප රටේ හිමි දෙය අප රටේ කිසිවෙකු විසින් භා ගත කර ගන්නේනම් හෝ සොයා ගන්නේ නම් එය ශ්‍රී ලංකාවට මහත් අභිමානයක් වනු ඇත.නොඑසේ නම් කියන්නට වෙන්නේ එංගලන්තයේ හෝ වෙනත රටක ඉපිද ලංකාවේ ජීවත්වු අයෙක්ය යන්න පමණක් වනු ඇත....

විශේෂයෙන් සලකා බැලීමට අපට යමක් ඉතිරි කර ඇත..ඒ සෑම අයෙක්ම මේ රටට ගොඩ බැස ඇත්තේ ඉතාමත් අහම්බෙන් වෙනත් ගමණක් යන අතරතුරදීය..ප්‍රශ්ණය පැන නගින්නේ එතැනය..අනෙක් කරුණ නම් අවශානය දක්වාම දිවයිනේ දිවි ගෙවීමය.. ඒ අප රටේ වටිනාකමය... මා මෙසේ සදහන් කරනු ලබන්නේ එවැනි ලොව පිලිගත් උත්තමයෙකුට අවමන් කිරීමට නොවන බව මම නැවතත් සදහන් කරනු ලබන අතර මෙම අප රටේ වත්මන් තරැණ තරැණියන්ට සහ අනාගත පරපුරට සිතන්නට යමක් ඉතිරි කරමින් නවතම සොයා ගැනීම් ඔබටද කලහැකි බව පසක් කර දීමටත්....ඒ තුලින් ශ්‍රී ලංකාවේ නාමය ලොව පුරා ප්‍රචලිත කිරිමට අදිටන් කර ගන්නා ලෙසත් මේ පිළීබදව තම තමන විසින් තම ප්‍රඥාව යෙදවා බලන මෙන්ද ඉන්පසු ක්‍රියාවේ යොදවමින් කටයුතු කරන ලෙසය...

තම මනස දියුණු කර ගන්නේ නම් මෙම මිහිපිට මෙන්ම විශ්වයේ ඇති ඕනෑම දෙයක් භා ගත කර හැකි බැවින් ඒ පිළිබදව අධ්‍යයනය කරන මෙන් දැන්වීම පිණීසය...මේ පිළීබදව යම් අයෙකුට ප්‍රශ්ණයන් පැන නැගෙනු ඇත... ඒයට හෙතුව වන්නේ ඒ ඒ අයවලුන් සිතන පතන හා ඒ ඒ අයවලුන්ගේ මනසේ ස්භාවය හා පරතරය අනුවත් සිතිමේ ශක්තියේ ප්‍රමානයත් අනුව මිස වෙනත් කරුණක් නොවන බැවින් එය එපමනකට සිතිමට අවශය නොවනු ඇත... සිතන අයෙකුට සීතීම පිණීසත් ක්‍රියාත්මක වෙනනාවු අයෙකු සදහා අදහසක් වශයෙන්ද? මෙම සටහන ඉදිරිපත් කරනු ලබන අතර සෙවීම සහ අධ්‍යයනය කිරීම ඔබගේ මනසින් දැන පමණ නුවනින් කල යුතුමය..

••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••

විද්‍යාඥයකු, විද්‍යා ප්‍රබන්ධකරුවකු මෙන්ම සඵල වු විශිෂ්ට විද්‍යා අනාවැකිකරුවකු ලෙස විවිධ විෂයක්ෂේත්‍රයන්හි විශ්ව කීර්තියට පත් ශ්‍රීමත් ආතර් සී ක්ලාක් ‍ලොව වඩාත්ම ප්‍රසිද්ධ වූයේ 1945දී “වයර්ලස් වර්ල්ඩ්” (wireless world) සඟරාවට ලිපියක් යවමින් ඉදිරිපත් කළ චන්ද්‍රිකා ත්‍රිත්වයක් භාවිතා කරමින් කළ හැකි අනමහාද්වීපික විද්යුත් සන්නිවේදන ශක්‍යතාව පිළිබඳ ඓතිහාසික සංකල්පයක් වන “භූ ස්ථාවර චන්ද්‍රිකා” සංකල්පය නිසයි.

එංගලන්තයේ බටහිර ප්‍රදේශයේ සමර්සෙට් ප්‍රාන්තයේ “මයින්හෙඩ්” නම් ගම්මානයේදී 1917 දෙසැම්බර් 16 වැනිදා උපන් ආතර් චාල්ස් ක්ලාක් මහතාගේ පියා “චාල්ස් රයිට් ක්ලාක්” සහ මව “නෝරා මේරි” (විල්ස්) ය. ක්ලාක්ට යන්තම් අවුරුදු 13 ලබන විට, තැපැල් දෙපර්තමේන්තුවේ ඉංජිනේරුවරයකු වු ඔහුගේ පියා අකාලයේ මිය ගියේය. මේ හේතුවෙන් දරුවන් සිව් දෙනකුගෙන් යුත් පවුලේ වැඩිමලා ලෙස ක්ලාක්ට කුඩා කාලයේදීම පවුලේ බර දරන්නට සිදු විය. ඔහුගේ පාළුව හා තනිකම මකාගැනීමට තම පියාට අයත් ගොවිපළයෙහිදී මිතුරන් සමඟ රොකට් නිර්මාණයක් කර යැවීමටත් රාත්‍රී අහස නිරීක්ෂණය කිරීමටත් පුරුදු විය. කුඩා ආතර් “මයින් හෙඩ්හි” පිහිටි “හුයිෂ් ග්රැමර් ස්කූල්” පාසැලෙන් මූලික අධ්‍යාපනය ලබා කීන්ස් විශ්වවිද්‍යාලයෙන් භෞතික විද්‍යාව පිළිබඳ ගෞරව උපාධියක් ලබාගත් ක්ලාක් එංගලන්ත රාජකීය ගුවන් හමුදාවේ රේඩාර් විශේෂඥයෙකු ලෙස සේවය කරමින් විවිධ පැතිකඩයන් ඔස්සේ තම හැකියාවන් ලෝකයා හමුවේ ප්‍රදර්ශනය කළ අයෙකි..

"1948දී කිංස් කොලේජ් සරසවියෙන් භෞතික විද්‍යාවෙන් පළමු පෙළ ගෞරව උපාධියක්ද ලබාගත්තේය. ක්ලාක් මහතා බ්‍රිතාන්‍ය අන්තර්-ග්‍රහලෝක සංගමයටද බැඳී අනාගත අභ්‍යවකාශ තරණය පිළිබඳ වැඩිදුර පර්යේෂණ දියත් කළ අතර, ඔහුගේ විද්‍යාත්මක ගමන්මඟට නව පෙරළියක් එක් කළේ 1945 වසරේ “වයර්ලස් වර්ල්ඩ්” (wireless world) සඟරාව මඟින් ලෝකයට හඳුන්වා දුන් “භූ ස්ථාවර චන්ද්‍රිකා” සංකල්පයයි. ඒ සංකල්පය මත යමින් අද ‍ලෝකයම එකම සන්නිවේදන ජාලයක්, සන්නිවේදන පවුලක් බවට පත් කිරීමට සමත් වී ඇති අතර, එය ඔහු “චන්ද්‍රිකා සන්නිවේදනයේ පියා” ලෙස හැඳින්වීමට තරම් වාසනාව ගෙනාවේය..

අන්තර් සී ක්ලාක් මහතා දක්ෂ කිමිදුම්කරුවෙකි. 1954දී දියයට කිමිදීමට ඔස්ට්‍රෙලියාවේ මහා බාධක පරය වෙත “හිමාලයා” නම් නැවෙන් ගමන් ගන්නා අතර අහම්බෙන් ශ්‍රී ලංකාවට පැමිණි ක්ලාක් මහතා 1956දී ශ්‍රී ලංකාවේ ස්ථිර පදිංචියට පැමිණියේ ශ්‍රී ලංකාව ඔහුගේ සිත් ගත්ම රට වු බැවිනි. 1975දී ශ්‍රී ලංකාවේ ගෞරවනීය පුරවැසි භාවය ලද ක්ලාක් මහතා 2008 මාර්තු 19 දින මිය යන තෙක්ම ශ්‍රී ලංකාවේ ජීවත් විය. විදෙස් රටවලින් කළ ආරාධනා ප්‍රතික්ෂේප කළ ඔහු කිසිදා ශ්‍රී ලංකා‍ව හැරගියේ නැත. ශ්‍රී ලංක‍ාව විද්‍යාවෙන් ලෝකය අතරට ගෙන යෑමට උත්සාහ දැරු මහා ප්‍රාඥයකු ලෙස ආතර් සී ක්ලාක් හඳුන්වා දිය හැකිය..

වර්ෂ 1982දී යුනෙස්කෝව විසින් “කාලිංග” සම්මානයත්, චන්ද්‍රිකා සන්නිවේදනය වෙනුවෙන් 1982දී “මාර්කෝනි” සම්මානයත්, 1986දී විද්‍යාජෝති සම්මානයත්, 1998දී බ්‍රිතාන්‍ය මහ රැජන විසින් පිරිනැමූ “නයිට්” පදවියත්, ශ්‍රී ලංකාවේ ඉහළම පුරවැසි සම්මානය වන 2005 වසරේ පිරිනැමු “ශ්‍රී ලංකා අභිමාන්‍ය” සම්මානයත් ක්ලාක් මහතා වෙත පුදනු ලැබීය. එතුමාට පිරිනැමුණු තවත් සුවිශේෂ සජීව උපහාරයක් වන්නේ නවීන තාක්ෂණ පිළිබඳ පර්යේෂණ සංවර්ධන මෙන්ම පුහුණු කටයුතු සඳහා වන ව්‍යවස්ථාපිත රාජ්‍ය ආයතනය වන නවීන තාක්ෂණ පිළිබඳ ආතර් සී ක්ලාක් 1979 සිට 2002 වසර දක්වා දශක දෙකකට වැඩි කාලයක් මෙ‍ාරටු විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙසද කටයුතු කරන ලදි..


2000 මැයි 26 දින ඔහුට ශ්‍රීමත් ‍ගෞරව නාමය ඔහු සාහිත්‍යයට කල සේවය වෙනුවෙන් ලබා‍දෙන ලදී.


කාලයක් පුරාවට මොරටුව සරසවියේ කුලපතිවරයා වශයෙන්ද කටයුතුකල හෙතෙම ක්‍රිස්තුවර්ෂ 2008 මාර්තු මස 19 වන දින අප අතරින් සමු ගත්තේ ය.


ලොව පහලවූ විද්වතුන් අතර නමක් දිනා ගන්නා ලද මෙතුමා සත්‍ය වශයෙන්ම ඉටු කරනු ලැබුවේ තම මනසේ ශක්තිය ද සමගින් ශ්‍රී ලංකවේ ඇති ශක්තීන්ගේ උපරිමය ලබා ගැනීමයි...මේ පිළීබද කටයුතු කිරිමට වර්තමානයේ අප රටේ තරුණ කොටස් පෙළ ගැසී සිටිම ඉතාමත් ආඩම්බරයක් වන අතර මේම සටහන එම අයවලුන්ගේ සීතීමට තවත් එක් පිටුවහලක් පමණී...

තම මනස දියුණු කර ගන්නේ නම් මෙම මිහිපිට මෙන්ම විශ්වයේ ඇති ඕනෑම දෙයක් භා ගත කර හැකි බැවින් ඒ පිළිබදව අධ්‍යයනය කරන මෙන් දැන්වීම පිණීසය...මේ පිළීබදව යම් අයෙකුට ප්‍රශ්ණයන් පැන නැගෙනු ඇත... ඒයට හෙතුව වන්නේ ඒ ඒ අයවලුන් සිතන පතන හා ඒ ඒ අයවලුන්ගේ මනසේ ස්භාවය හා පරතරය අනුවත් සිතිමේ ශක්තියේ ප්‍රමානයත් අනුව මිස වෙනත් කරුණක් නොවන බැවින් එය එපමනකට සිතිමට අවශය නොවනු ඇත... සිතන අයෙකුට සීතීම පිණීසත් ක්‍රියාත්මක වෙනනාවු අයෙකු සදහා අදහසක් වශයෙන්ද? මෙම සටහන ඉදිරිපත් කරනු ලබන අතර සෙවීම සහ අධ්‍යයනය කිරීම ඔබගේ මනසින් දැන පමණ නුවනින් කල යුතුමය..
එස් .ජේ සිල්වා සංස්කාරක එල්ලය පුවත්පත සහ www.srilankaelle.com වෙබ් පිටු
මතු සම්භන්ධයි

කිමිදීම හා සාගර ගවේෂණය පිළිබඳව උනන්දුවෙන් කටයුතු කල ක්ලාක් 1954 වසරේ දෙසැම්බර් මාසයේදී කොළඹ වරායට ගොඩ බසින්නේ ඕස්ට්‍රේලියාවේ මහා බාධක කොරල් පරය ගවේෂණය කිරීමට යන අවස්ථාවේදීයි.

ශ්‍රී ලංකාවේ පිහිටීමට හා වෙරළාශ්‍රිත කලාපයට මහත් ඇලුම් කළ මොහු 1955 වසරේදී නැවත ලංකාවට පැමිණෙන්නේ ගවේෂණ කිහිපයකටයි. 1956දී ශ්‍රී ලංකාව තම ස්ථිර පදිංචිය සඳහා ඔහු විසින් තෝරා ගන්නවා. රටේ සමාජීය හා ආර්ථික ක්ෂේත්‍රයට මෙහෙවරක් ඉටුකරන විදේශ පුද්ගලයින්ට 1975දී ශ‍්‍රී ලංකා රජය හඳුන්වා දුන් විශේෂ ප‍්‍රතිපත්තියක් යටතේ Resident Guest යන තත්වය ක්ලාක්ටද හිමි වෙනවා.

කලාක් විසින් ලියූ විද්‍යා ප්‍රබන්ධ ගණන 100කට ආසන්නයි. ඔහුගේ පොත් අතර 1954 දී ලියූ “2001” කෘතිය විදුලොව වැලැඳගත් කෘතියක් ලෙස නම් කල හැකියි. ඊට අමතරව 2010 – 2 වැනි අභ්‍යවකාශ චාරිකාව (2010 Odyssey Two), 2061 – තුන් වැනි චාරිකාව (2061 Odyssey Three), 3001 වැනි ජනප්‍රිය ප්‍රබන්ධ සිංහලයට පවා පරිවර්තනය වී තිබේ. මෙයින් ක්‌ලාක්‌ ගේ 2001, 2010 විද්‍යා ප්‍රබන්ධ ඇසුරු කරගෙන නිර්මාණය වූ Space Odyssey 1 හා Space Odyssey 2 වාර්තාගත අදායම් උපයනවා.

මෙම ප්‍රබන්ධ වලදී ඉදිරිපත් කල DNA නම් සෛලගත ද්‍රව්‍ය විශ්ලේෂණය මගින් ජීව විද්‍යාත්මක සාක්‍ෂි ලබාගත හැකි බව, වෘත්තීය අපරාධකරුවන් හදුනාගැනීමට ඉලෙක්‌ට්‍රොනික තාක්‍ෂණයෙන් හැකි බව හා මිනිසකු ඉහළ අභ්‍යවකාශයට ගිය විට මිනිසා ජලයේ කිමිදීමේ අවස්ථාවට සමාන තත්ත්වයක්‌ හා බර රහිත තත්ත්වයක්‌ අත්වෙන බව වැනි කරුණු සඵල අනාවැකි බවට පත් වෙනවා.

1959දී පිහිටුවන ලද ශ‍්‍රී ලංකා තාරකා විද්‍යා සංගමය (Sri Lanka Astronomical Association)  පිහිටුවීමට මුල් වන්නේත් එහි ආරම්භක සභාපති ලෙස මෙරට තාරකා විද්‍යා කටයුතු හා පර්යේෂණ ඉහළ නැංවීමට ක්‍රියා කරන්නේ ක්ලාක් වන අතර 1979දී පමණ මෙරටට රූපවාහිනී මාධ්‍යය හඳුන්වා දීමට තාක්‍ෂණික උපදෙස් ලබා දෙනවා.

ඔහුගේ සේවය අගය කරමින් දෙස් විදෙස් සම්මාන රාශියක් හිමි වූ අතර ඒවා අතුරින්,1962 වසරේදී යුනෙස්කෝව මගිනි පිරිනැමූ “කාලිංග සම්මානය”,  1973,1974,1979 යන වසරවලදී පිරිනැමුණු නොබියුලා සම්මානය, 1979 දී “ගැලැක්සි සම්මානය”,1982 දී “මාකෝනි සම්මානය ”,1987දී “චාර්ල්ස් ඒ ලින්ඩ්බර්ග් සම්මානය” ,1989 දී බ්‍රිතාන්‍ය රැජිණ විසින් ලබා දුන් නයිට් පදවිය හා 1986 දී ශ්‍රී ලංකා රජයේ “විද්‍යාජෝති සම්මානය” ආදිය ඔහු ලබාගත් සම්මාන අතරින් කිහිපයක්. සම්මාන ලබා ගැනීමට අමතරව ශ්‍රීමත් ආතර් සී. ක්‌ලාක්‌ 1979 සිට 2001 වසර දක්‌වා දශක දෙකකට වැඩි කාලයක්‌ මොරටුව විශ්වවිද්‍යාලයයේ කුලපතිවරයා ලෙසද කටයුතු කරනවා.

ශ්‍රී ලංකා යන නාමය ජාත්‍යන්තරයට ගෙන යාමට මහගු සේවාවක් කල ක්ලාක් නම් මෙම මහා ප්‍රාඥයා 2008 වසරේ මිය යන්නේ වයස අවුරුදු 90 ක් භුක්ති විදීමෙන් පසුවයි. ඔහු ඉල්ලා සිටි පරිදි 2008 මාර්තු 22 වනදා සිරුර මිහිදන් කරනු ලබන්නේ නිරාගමික හා රාජ්‍ය අනුග්‍රහයකින් තොරවයි. එදින ශ්‍රී ලංකාවේ සියළුම ගුවන්විදුලි හා රූපවාහිනී නාලිකා විනාඩි 3කට තම විකාශනයන් නවත්වා මේ අසහාය විද්‍යාඥයාට සිය ගෞරවය පිරිනමනු ලබනවා.




 

එල්ලේ ක්‍රීඩාවේ ප්‍රථම වෙබ් පිටුව

ප්‍රධාන පුවත්
 
 
 
 
  See more Details බලන්න තවත්
එල්ලේ ක්‍රීඩා ඉතිහාසයේ එල්ලේ ක්‍රීඩාව වෙනුවෙන් එලිදක්වන ලද ප්‍රථම පුවත් පතේ තෙවන කලාපය ජුනි මස නිකුත් වේ.විස්තර සදහා මෙතන ක්ලික් කරන්න
එල්ලේ ක්‍රීඩාවේ පුවත්
  See more Details බලන්න තවත්
එල්ලේ ක්‍රීඩා ඉතිහාසයේ එල්ලේ ක්‍රීඩාව වෙනුවෙන් එලිදක්වන ලද ප්‍රථම පුවත් පතේ තෙවන කලාපය සදහා මෙතන ක්ලික් කරන්න

 

සියත එප් එම් වෙතින් ගන්නා ලද අපෙන් වසන්කල අපේ ලේ උරුමයේ සත්‍ය ඉතිහාස කතාව නොමිල් දැන් ඩි වී ඩි පටයක් ලෙසින් අප වෙතින් මෙය නොඅසන හෝ ප්‍රතික්ෂේප කරනා යමෙකු වන්නේ නම් ඔහු හෝ ඇය විජය යන හොර දෙටුවගෙන් පැවත එන්නන්ය
       Ellaya DVD Paper
       Kangen water
       Sri Lsnka Elle
       Ranaviru Video
      Rawana
Home Videos Team Players Match Galary News Spicial News Italy Elle Other Contact
https://plus.google.com/106054590476023516301/posts

Sport Of Sri Lanka Elle

                   
  Home Sri Lanka Elle Kangen Water Ellaya Ads Ellaya Book Publisher All Blogs About Us Contact  
    Elle Histry English Kangen Water Sinhala Kangen Ionizer Ellaya Paper One Elle Blogs      
    History Sinhala Our Kangen Galary House & Property Ellaya Paper Two Elle Galary Blogs      
    Elle Video Kangen Videos Vehicals Ellaya Paper Three Kangen Blogs      
    Elle Team Galary All Dabadiwa Tour 5 Ssayathwayata Ganithaya Kangen Blog Two   Sinhala  
  Italy Elle Team Kangen Beauty Water Valakkanni Tour Kangen Water Therapies Kangen Galary   English  
  Elle Players Strong Alkaline Water Moringa          
    Acidic Water Karavila Kangen Water Therapies     Blogs
    Wikipedia Sinhala Doctors View   KWTA Application        
    Wikipedia English Testimonials Ellaya Ads Application          
          Ellaya DVD Paper One Wikipedia All      
      Wikipedia Sinhala Electric Items Ellaya DVD Paper Two        
      Wikipedia English Other Product Ellaya DVD Paper Three Othrs   About Me  

 

https://plus.google.com/106054590476023516301/posts

                                Copy write 2013 © Ellaya Ads By Sri Lanka Elle (එස්ජේ)                                                                                  

Home Videos Team Players Match Galary News Spicial News Italy Elle Other Contact

 

 

 

....දුක් කම් කටොළු ....සහ..... අසාධාරණයන්ට ලක්වූ.....මාගේ ජීවිතයේ ඇත්තම ඇත්ත කථාව ......True story of my life...ලගදීම නවකථාවක් ලෙසින් ............ඔබ අතට ලබා දීම ,,,,,,,,,,,,,,,,,මාගේ මීලග..... බලාපොරොත්තුවයි...........
...දුක් කම් කටොළු ....සහ.. අසාධාරණයන්ට ලක්වූ.....මාගේ ජීවිතයේ ඇත්තම ඇත්ත කථාව ...True story of my life.....ලගදීම නවකථාවක් ලෙසින් ...ඔබ අතට ලබා දීම ,,,,,,,මාගේ මීලග..... බලාපොරොත්තුවයි............