Ellaya Paper 56/B,Thibbotugoda,Ganemulla,Sri Lanka Our Vilage and my Vedios     www.srilankaelle.com
මුල් පිටුව ප්‍රාදේශිය පුවත් විශේෂාංග ක්‍රීඩා පුවත් කතුවැකිය දැන්වීම් වීඩියෝ අමතන්න
https://plus.google.com/106054590476023516301/posts
ප්‍රහාර දිනවල කාදිනල්තුමා ගත් පියවර අගය කළ යුතුයි

එහෙන් මෙහෙන් ලැබෙන තොරතුරු මත විමර්ශන කටයුතු සිදු කරනවා වෙනුවට සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් කළ යුතු බවද අගරදගුරුතුමන් ප්‍රකාශ කළ බවද එම ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය. 

අගරදගුරුතුමන්ගේ ප්‍රකාශය එයට හිමි නිසි බරින් හඳුනාගත යුතුය. පාස්කු ඉරිදා ප්‍රහාරය කිසිසේත්ම සුළුකොට තැකිය නොහැකිය. එය එක්තරා අන්තවාදී කණ්ඩායමක හුදකලා ප්‍රහාරයක් නොවේ. දේශීයවත් ජාත්‍යන්තරවත් මනා ලෙස සංවිධානය වී එල්ල කළ ප්‍රහාරයකි. මෙම ත්‍රස්ත ප්‍රහාරය තුළ අන්තගාමී ආගමික උම්මන්තකයන්ගේ පවිටු වුවමනාවන් මෙන්ම ජාත්‍යන්තර මෙන්ම කලාපීය දේශපාලන බල වුවමනාද සැඟවී තිබේ. එහෙයින් එක ප්‍රහාරයකින් මෙම ප්‍රහාර මාලාව නතර කරනු ඇතැයි සිතිය නොහැකිය. විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් කරළියට ගෙන ආ යුත්තේ එහෙයිනි. 

අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන් කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී වැඩිදුරටත් සඳහන් කර තිබුණේ ත්‍රස්තවාදයට එරෙහිව මෙයට වඩා ශක්තිමත් වැඩපිළිවෙළක් රජයට නොමැතිනම් ඉදිරියේදී ජනතාව පාලනය කර ගැනීමට නොහැකිවනු ඇති බවය. 

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් මත පළ කරන යුද විශේෂඥයන්ගේ එක් අදහසක් වනුයේ මෙම ප්‍රහාරයේ එක් අරමුණක් වන්නේ නැවත කළු ජූලියක් පන්නයේ ගැටුමක් නිර්මාණය කර ගැනීම බවය. සැබැවින්ම එවැනි ආවේගයකට අවශ්‍ය කම්පනය පාස්කු ඉරිදා ප්‍රහාරය තුළ අන්තර්ගතව තිබිණි. එහෙත් ජනයා සන්සුන් ලෙස පාලනය කිරීමට අගරදගුරුතුමන් කටයුතු කළ බව ඉතා පැහැදිලිය.

අගරදගුරුතුමන්ට රජයෙන් වෙඩි නොවදින මෝටර්  රථයක් පරිත්‍යාග කළ බව මාධ්‍ය වාර්තාවල සඳහන් විය. එහෙත් කොළඹදී නැවත වරක් මාධ්‍ය හමුවක් කැඳවූ  උන්වහන්සේ ප්‍රකාශ කර තිබුණේ එම වෙඩි නොවදින රථය ආපසු යැවූ බවය. “මගේ ආරක්ෂාවට වඩා ජනතාවගේ ආරක්ෂාව වැදගත්” යැයි උන්වහන්සේ ප්‍රකාශ කර තිබිණි. එමෙන්ම ත්‍රස්තවාදය මැඬලීමට අලුත් පනත් අනවශ්‍ය බවත් දැනට සම්මතව ඇති පනත් හරහා ක්‍රියාත්මකවී ත්‍රස්තවාදය මැඬලීමට කටයුතු කරන ලෙසත් උන්වහන්සේ ඉල්ලා තිබිණි. 

මේ හඬට පිටුපා කටයුතු කළ නොහැකිය. විශේෂයෙන්ම පාස්කු ඉරිදා ප්‍රහාරයෙහි බලපෑම කොටි සංවිධානයේ තිස් වසරක යුද්ධයටත් වඩා වැඩි යැයි පළ කෙරෙන මත බැහැර කළ නොහැකිය. විශේෂයෙන්ම පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් ආර්ථිකයට එල්ලවූ බලපෑම අති මහත්ය. භීතිය ගංවතුරක් මෙන් රටපුරා පැතිර තිබේ. පාස්කු ඉරිදාව අහිමි වූ රටට වෙසක් අසිරියද අහිමි වී තිබේ. පන්සල්වලට පැන ප්‍රහාර එල්ල කිරීමට උත්සාහයක් පවතින බවට පළවන වාර්තා ඇඟ ලොමු ඩැහැගන්වන සුළුය. 

මරුවා පැමිණි පසු විරුවා පැමිණ තිබේ යැයි පසක් කරමින් හමුදාව ඇතුළු ආරක්ෂක අංශ වෙත මුළු මහත් ජනතාවගේම අවධානය යොමුවී තිබේ. ඔවුහු ජීවිත පරදුවට තබා ආරක්ෂක කටයුතුවල නියැළෙති. පරීක්ෂණ පවත්වති. අගරදගුරුතුමන් ඉල්ලා සිටින්නේ මෙම විමර්ශන පුළුල් මට්ටමින් කළ යුතු බවය.

රටක ආරක්ෂාව සිද්ධි හා බුද්ධි යනුවෙන් කොටස් දෙකකට බෙදේ. සිද්ධි යනු කිසියම් සිදුවීමකින් පසුව ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමය. එසේ සිදු කරනු ලබන පරීක්ෂණවලින් අපරාධකරුවන් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමය. අපරාධ පරීක්ෂකයන්ගේ වගකීම වන්නේ එයය. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව අප දකිමින් සිටින්නේ එයය. 

බුද්ධි යනු බුද්ධිය මෙහෙයවා සිදු කරනු ලබන පරීක්ෂණ වේ. එහිදී බුද්ධි පරීක්ෂකවරයා සෑම සිදුවීමක්ම සරලම අංශුවට කඩා විශ්ලේෂණය කරමින් එකිනෙකට සමාන හා අසමාන වූ සිදුවීම්  විද්‍යාත්මකව ගළපමින් පැහැදිලි හා නිරවුල් රූපයක් මවා ගනී. සමස්ත චිත්‍රය තිබෙන්නේ එතැනය. රටක බුද්ධි අංශවල වගකීම එයයි. අනාගත අභියෝග කල් ඇතිව හඳුනාගැනීමට හැකි වන්නේ එමගිනි. එබඳු බුද්ධි යාන්ත්‍රණයක් රටකට අත්‍යවශ්‍ය වේ. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පැහැදිලි වන්නේ එබඳු ශක්තිමත් බුද්ධි යාන්ත්‍රණයක් අප රට සතුව නොපැවති බවය.

අතීතය තුළ ජීවත්වී තේරුමක් නැත. දැන් කළ යුතුව තිබෙන්නේ වැරැදි නිවැරැදි කර ගනිමින් වේගවත් ගමනක් යෑමය. අගරදගුරුතුමන් ඉඟි කළ අනතුර වළක්වාගත හැකිවනු ඇත්තේ ද එමගින් පමණි.

අප රට අස්ථාවර වීමට තිබූ අවශ්ථාවක් වූ මෙම උවදුරේදී මෙලෙසින් ක්‍රියා කිරීම තුලින් රට ජාතිය බේරා ගන්නා ලද තවත් එක් ජාතික වීරයෙකු වශයෙන් සැලකිය හැක බටහිර වෙතින් එල්ල වීමට තිබූ බිහිසුනු උවදුර කලින්ම හදුනා ගත් නිසා මෙලෙසින් රට බේරා ගන්නා ලදී
කාදිනල්තුමන් වැනි හොඳ නායකයෙක්‌ අපටත් ලැබෙන්න කියා ප්‍රාර්ථනා කරනවා; මාඉටිපේ විමලසාර හිමි "

 තමන්ගේ ආගමිකයන්ට හොඳ නායකත්වයක්‌ ලබාදීම පිළිබඳව මැල්කම් රංජිත් කාදිනල්තුමන්ට අපි ගරු කරනවා. අපටත් එවැනි හොඳ නායකත්වයක්‌ ලැබෙන්න කියා ප්‍රාර්ථනා කරනවා යෑයි රත්මලාන පරමධම්මෙච්තිය පිරිවෙන් විහාරාධිපති ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ උප සභාපති ආචාර්ය මාඉටිපේ විමලසාර හිමියෝ ප්‍රකාශ කළහ. වත්මනේ මෙරට බෞද්ධ ජනතාවට අත්ව ඇති ඉරණම හා රජයේ පාසල් මේ සතියේ ආරම්භ කිරීම පිළිබඳ රත්මලාන - ගල්කිස්‌ස විහාරාධිපති සංගමයේ හා රත්මලාන ශාසනාරක්‍ෂක බල මණ්‌ඩලයේ මෙහෙයවීමෙන් රත්මලාන පරමධම්මෙච්තිය පිරිවෙන් විහාරස්‌ථානයේ පැවැති පුවත්පත් සාකච්ඡාවේදී උන්වහන්සේ එසේ ප්‍රකාශ කළේය.

ආචාර්ය මාඉටිපේ විමලසාර හිමියෝ මෙසේ ද කීහ,

සිංහල බෞද්ධයා ගැන කතා කිරීම ජාතිවාදයක්‌ කියා අපේ රටේ සමහරුන් කල්පනා කරනවා. කතෝලික පාසල් මේ සතියේ පටන් නොගන්නා ලෙස කාදිනල්තුමන් ප්‍රකාශයට පත් කළත් රජයේ පාසල් පටන් ගැනීමට යනවා. පසුගිය කාලය මුළුල්ලේම මේ රටේ සිංහල බෞද්ධ ජනතාවගේ ආර්ථිකය දවසින් දවස අඩුවීගෙන යද්දී සිංහල බෞද්ධ නොවන පිරිසකගේ ආර්ථිකය දිනෙන් දින වැඩිවන තත්ත්වයක්‌ දක්‌නට ලැබුණා. මේ අනුව සිංහල බෞද්ධයන් දෙහිවල, ගල්කිස්‌ස, රත්මලාන හා වෙනත් ප්‍රදේශවල විහාරස්‌ථාන අවට ගෙවල් දොරවල් ඉඩකඩම් අන්‍ය ජාතිකයන්ට විකුණා දමා වෙනත් ප්‍රදේශවලට ගියා. ඒ තත්ත්වය තවත් පවතිනවා. රත්මලාන ධර්ම පර්යේෂණාලයාධිපති හෑගොඩ විපස්‌සී හිමියන්, මේ අවස්‌ථාවේදී පාසල් පටන් ගැනීමට වඩා අන්තවාදීන් මර්දනය කිරීම වැදගත්. ලෝකයේ බෞද්ධ රාජ්‍යයන් බිඳවැටී ඒවා අන්‍ය ආගමිකයන් අල්ලා ගැනීම පිළිබඳව හිතා අන්තවාදීන් පිළිබඳව විමසිලිමත් විය යුතුයි.

රත්මලාන ශාසනාරක්‍ෂක බල මණ්‌ඩලයේ ලේඛකාධිකාරි ගල්කිස්‌සේ විද්‍යා විද්‍යාලයේ සහකාර විදුහල්පති බඹරපනේ සුගතනන්ද හිමියෝ ද මෙයට සහභාගි වූහ.


 

ප්‍රධාන පුවත්
 
 
 
 
  See more Details බලන්න තවත්

 

       Ellaya DVD Paper
       Kangen water
       Sri Lsnka Elle
       Ranaviru Video
      Rawana
Home Videos Team Players Match Galary News Spicial News Italy Elle Other Contact
https://plus.google.com/106054590476023516301/posts

Sport Of Sri Lanka Elle

                   
  Home Sri Lanka Elle Kangen Water Ellaya Ads Ellaya Book Publisher All Blogs About Us Contact  
    Elle Histry English Kangen Water Sinhala Kangen Ionizer Ellaya Paper One Elle Blogs      
    History Sinhala Our Kangen Galary House & Property Ellaya Paper Two Elle Galary Blogs      
    Elle Video Kangen Videos Vehicals Ellaya Paper Three Kangen Blogs      
    Elle Team Galary All Dabadiwa Tour 5 Ssayathwayata Ganithaya Kangen Blog Two   Sinhala  
  Italy Elle Team Kangen Beauty Water Valakkanni Tour Kangen Water Therapies Kangen Galary   English  
  Elle Players Strong Alkaline Water Moringa          
    Acidic Water Karavila Kangen Water Therapies     Blogs
    Wikipedia Sinhala Doctors View   KWTA Application        
    Wikipedia English Testimonials Ellaya Ads Application          
          Ellaya DVD Paper One Wikipedia All      
      Wikipedia Sinhala Electric Items Ellaya DVD Paper Two        
      Wikipedia English Other Product Ellaya DVD Paper Three Othrs   About Me  

 

https://plus.google.com/106054590476023516301/posts

                                Copy write 2013 © Ellaya Ads By Sri Lanka Elle (එස්ජේ)                                                                                  

Home Videos Team Players Match Galary News Spicial News Italy Elle Other Contact

 

 

 

....දුක් කම් කටොළු ....සහ..... අසාධාරණයන්ට ලක්වූ.....මාගේ ජීවිතයේ ඇත්තම ඇත්ත කථාව ......True story of my life...ලගදීම නවකථාවක් ලෙසින් ............ඔබ අතට ලබා දීම ,,,,,,,,,,,,,,,,,මාගේ මීලග..... බලාපොරොත්තුවයි...........
...දුක් කම් කටොළු ....සහ.. අසාධාරණයන්ට ලක්වූ.....මාගේ ජීවිතයේ ඇත්තම ඇත්ත කථාව ...True story of my life.....ලගදීම නවකථාවක් ලෙසින් ...ඔබ අතට ලබා දීම ,,,,,,,මාගේ මීලග..... බලාපොරොත්තුවයි............