* වෛද්‍ය උපදේශය වන්නේ දිනකට ජලය ලීටර් 1.5 ක් වත් පානය කළයුතු බවය. දැඩි හිරුරැස් පවතින දිනවල මෙම ප්‍රමාණය වෙනස් වේ
* අපගේ ශරීරයේ බරින් සියයට 60 කට වඩා ජලය වේ. මිනිසෙකුට ජලය රහිතව දින 3-5 කට වඩා කාලයක් ජීවත් වීමට නොහැකිය
තිබහ ඇතිවීම අප කොයිකාටත් සිදුවන දෙයකි.
දැඩි හිරුරැස් පවතින දිනවල තිබහ ඇතිවීම වැඩිපුර දැනේ. එවැනි දිනවලදී අපි වැඩිපුර ජලය පානය කරන්නෙමු. අනෙකුත් දිනවල අපි සාමාන්‍ය අයුරින් ජලය පානය කරන්නෙමු.
වෛද්‍ය උපදේශය වන්නේ දිනකට ජලය ලීටර් 1.5 ක් වත් පානය කළයුතු බවය.
දැඩි හිරුරැස් පවතින දිනවල මෙම ප්‍රමාණය වෙනස් වේ.
ජලය පානය අපට මෙතරම් වැදගත් වන්නේ ඇයි ?
අපගේ ශරීරයේ බරින් සියයට 60 කට වඩා ජලය වේ.
මිනිසෙකුට ජලය රහිතව දින 3-5 කට වඩා කාලයක් ජීවත් වීමට නොහැකිය.
ජලය සිරුරේ බොහෝ කාර්යයන් සඳහා අවශ්‍යවේ.
රුධිරයේ ප්‍රධාන සංඝටකයක් ලෙස, පෝෂණ ද්‍රව්‍ය හා ඔක්‌සිජන් ශරීරය පුරා බෙදා හැරීමට, ආහාර දිරවීමට, ශරීර උෂ්ණත්වය නිසි ලෙස පවත්වා ගැනීමට, ශරීරය අනතුරුවලින් ආරක්‌ෂා කරගැනීමට, මුඛය, ඇස්, නාසය ආදී පටලවල තෙතමනය පවත්වා ගැනීමට, මුත්‍රා සහ දහදිය ලෙස අපද්‍රව්‍ය ශරීරයෙන් ඉවත් කිරීමට, මොළයේ ක්‍රියාකාරීත්වය නිසිලෙස පවත්වා ගැනීමට, මළ බද්ධය වළක්‌වා ගැනීමට ආදී ක්‍රියාවන් සඳහා ජලය අත්‍යවශ්‍යය.
අප දිනකට පානය කළයුතු ජලය ප්‍රමාණය
එය වයස අනුව වෙනස් වේ. වයස අවුරුදු 1-5 අතර ළමා වියේදී ජලය මිලි ලීටර් 750-1000 ත් අතර ප්‍රමාණයක් ද අවුරුදු 6-10 ත් අතර ප්‍රාථමික වියේදී ලීටර් 1-1.5 ත් අතර ප්‍රමාණයක් ද නව යොවුන් වියේදී ලීටර් 1.5-2 ත් අතර ප්‍රමාණයක් පානය කළ යුතුය.
වැඩිහිටියන් සඳහා ශරීර බර 30 න් බෙදා ගත්විට එන අගය දිනකට ගතයුතු ජලය ලීටර් ප්‍රමාණය වේ.
කෙසේ වෙතත් ව්‍යායාම හෝ ක්‍රීඩාවල යෙදෙන විට උණුසුම වැඩි දිනවල විදුලි පංකාවක් හෝ වායු සමීකරණයක් යට සිටින විට, දැඩි සුළඟට නිරාවරණයවී සිටින විට උණ, පාචනය වැනි රෝගවලින් පෙළෙන විට ගතයුතු ජලය ප්‍රමාණය වෙනස් වේ.
ඇතැම් දෙනා ජලය වෙනුවට විවිධ පාන වර්ග ගනිති. නමුත් ශරීරයට සුදුසුම පානය වන්නේ පිරිසිදු ජලයයි. පැණි බීම ශක්‌ති ජනක පානවල විවිධ රසායන ද්‍රව්‍ය අඩංගුය. ඒවා ශරීරයට හානිකරය.
අපේ ආහාරයට එක්‌කර ගතහැකි ජලය අඩංගු ආහාර බොහෝය.
පළතුරු වර්ග, එළවළු, පළා, කිරි ආහාර හා තේ, කෝපි, තැඹිලි, කැඳ, සුප් වැනි ආහාරවල ජලය විශාල ප්‍රතිශතයක් ඇත.
දිනකට අවශ්‍ය ජලය ප්‍රමාණය පානය කරන විට මුත්‍රා අවර්ණය, ශරීරය ප්‍රාණවත්ය, සම පැහැපත්වේ,
දිනකට අවශ්‍ය ජලය ප්‍රමාණය පානය නොකරන විට නිතර පිපාසය ඇතිවීම, සම වියලීම හා රුලි වැටීම, ඉක්‌මනින් කේන්තියැම, මුඛය වියලීම නිසා විෂබීජ වර්ධනය වීම, නිදිමත හා ශාරීරික දුර්වලතා ඇතිවීම, මානසික ඒකාග්‍රතාවය පවත්වා ගැනීමට අපහසුවීම ආදී අපහසුතා හටගනී.
ජලය පානය පුරුද්දක් කරගැනීම
උදෑසන අවදිවූ විගස, රාත්‍රි නින්දට පෙර ජලය පානය කිරීමට හුරුවන්න, රූපවාහිනිය නරඹන විට හෝ පරිගණකය භාවිතා කරන විට නිතර ජලය පානය කරන්න, ගමනක් බිමනක් යන විට පානීය ජලය පිරවූ බෝතලයක් රැගෙන යැම පුරුද්දක් කරගන්න.
වෛද්‍ය උපදෙස් ඇසුරිනි