එළවළු
Broccoli
මෙය ගෝවා වර්ගයකි. මෙය පිසූ පසු, pH අගය 6.30 — 6.85 වන අතර, විටමින් C සහ A බහුලව අඩංගු වෙනවා. මීට අමතරව තන්තු හා ෆෝලික් ඇසිඩ් අඩංගුය. Broccoli ආහාරයට ගැනීමෙන් විවිධ නිධන්ගත රෝගවලින් ඔබව ආරක්ෂා කෙරෙන අතර, එය ස්වභාවික විෂබීජ නාශක ගුණ සහිත ආහාරයකි.
Cauliflower (මල් ගෝවා)
මෙම මල් ගෝවා වර්ගය පිසූ පසු, pH අගය 6.45-6.80 වන අතර පිළිකා රෝග, හෘද රෝග සහ මොළයේ රෝග වළක්වා ගැනීමටත්, බර අඩු කර ගැනීමටත් උපකාරි වනු ඇත. එමෙන්ම මේවයේ විටමින් වර්ග රැසක් අඩංගු වේ.
Green cabbage (කොළ ගෝවා)
මෙම ගෝවා වර්ගයේ pH අගය 5.20-6.75 අතර වේ. මෙහි ෆෝලික් අම්ලය, මැග්නීසියම් හා විටමින් C සහ K බහුලව අඩංගු වේ. මීට අමතරව විකිරණ වලින් ඔබේ සිරුරට ඇති වන ඍණාත්මක බලපෑම් වලට එරෙහිව ක්‍රියා කරන අතර, පිළිකා වැළැක්වීම සහ ආහාර ජීරණ ක්‍රියාවලිය වැඩිදියුණු කිරීමට උපකාරී වේ.
අමු කැරට්
අමු කැරට් වල pH අගය 5.88-6.40 අතර වේ. අමු කැරට් වල අඩංගු ස්වභාවික ක්ෂාරීය ගතිය නිසා කුසෙහි ඇති අතිරික්ත ආම්ලික ගතිය ඉවත් කිරීමට මෙය සමත් වෙනවා. මීට අමතරව සිරුරේ ඇති කොලොස්ටරෝල් ප්‍රමාණය අඩු කිරීමට, ඇස් වල පෙනීම වර්ධනය කිරීමට සහ වයසට යාමේ ලක්ෂණ ඉවත් කිරීමට මෙහි ඇති ගුණ උපකාරී වෙනවා.
බීට් රූට්
පිසූ බීට් රූට් වල pH අගය 5.23-6.50 අතර අගයක් ගන්නවා. මෙහි මැන්ගනීස්, පොටෑසියම් සහ කොපර් වැනි වයස්ගතවීමේ ලක්ෂණ පාලනය කරන පෝෂක ගුණ රැසක් අඩංගු වෙනවා. සිරුරේ ඇති වන ඉදිමුම් සහිත ප්‍රදාහයන් සුව කරන අතර, බර අඩු කර ගැනීමට උපකාරී වේ.
නිවිති
පිසූ නිවිති වල pH අගය 6.60-7.18 අතර අගයක් ගන්නවා. නිවිති විටමින් A, C, K සහ කැල්සියම් බහුලව අඩංගු වෙනවා. නිවිති ආහාරයට ගැනීමෙන් පිළිකා වැළඳීමේ අවදානම අඩු වෙන අතර, ඔබේ සම, හිස කෙස් සහ ඇටකටු පෝෂණය කරනවා.
================= දිව්‍ය ඖෂධ බඳු ආහාර වර්ග දහය අතරින් එකක්වන ගොරකා ================
ගොරකා- ( Garcinia cambogia )
මෙයට වසර හතලිහකට පනහකට පෙර මා දන්නා අවදියේදී ගොරකා යනු අප තවත් එක් පලතුරක් විය.කුරුදු කෝටුවක් කඩා ගන්නා අප ගොරකා ගෙඩිය විද සිදුරක් සාදා ගනිමින් කුරුදු කෝටුව ආධාරයෙන් එහි මදයේ රස බැලූ හැටි තවමත් මතකය.
ශ්‍රී ලංකාවේ පහතරට තෙත් කලාපයේ සරුවට වැඩෙන බෝගයකි. වැඩුණු ගසක් අඩි 50-60 පමණ උසකින් යුක්ත වන අතර, මෙම ශාකයේ විශේෂත්වය නම් ස්ත්‍රී පුරුෂ මල් දෙවර්ගයම එකම ශාකයේ හට ගැනීමයි. ගැහැනු මල පිරිමි මලට වඩා විශාලය. ගොරක ශාකයේ මල් හට ගැනීම සිදු වන්නේ පෙබරවාරී සහ මාර්තු මාසවලය. පෙබරවාරි මාර්තු මල පිපිණු විට පත්‍ර හැලෙයි. අතු අග පෙති හතරක් සහ රේණු රාශියකින් යුක්ත මල් කුඩයක හැඩය ගැනීම ද, පිරිමි මල් තුනක් හතරක් එකම කුඩයක හැඩයෙන් ගෙඩිය හටගනී.
නාග කේසර (Guttiferae) කුලයට අයත් ගොරකා ගාර්සීනියා කැම්බොජියා නොහොත් ගොරකා (සිංහල භාෂාවෙන්) දෙමළ බසින් කොඩුක්කායිප්පපුලි නම් වෙයි.ප්‍රභේද හතරකි. මල ගොරකා, රතු ගොරකා, රට ගොරකා, එළ ගොරකා ලෙස ඒවා හඳුන්වනු ලබන අතර රතු ගොරකා සහ එළ ගොරකා ආහාර රසවත් කිරීමට යොදා ගනියි. රතු ගොරකා ඉදුණු විට රත් පැහැ ගන්නා අතර ඇතුළත මදය ද රත් පැහැති ය. ඉදුණු ගොරකා ඵලය කහ පැහැති වන අතර මදය කහ මිශ්‍ර සුදු පැහැයක් ගනියි. මෙම ගොරකා වර්ග දෙකෙහිම මද, පලතුරක් ලෙස ද ආහාරයට ගනියි.
චරක මහ ඉසිවරයා හදවතට හිතකර ලෙස හඳුන්වා දී ඇති දිව්‍ය ඖෂධ බඳු ආහාර වර්ග දහයට ගොරකාත් අයත්වනවා.මෙරට පහතරට තෙත් කලාපයේ හොඳින් වැවෙන ගොරකා ඖෂධිය, ගුණයෙන් පොහොසත් ආයුර්වේදයේ ,රෝග ප්‍රතිකාර සඳහා එහි පංචාංගයම යොදාගන්නා බව සඳහන්. ගොරක හදවතට බෙහෙවින් හිතකර බව විද්‍යානුකූලවත් සනාථ වනවා.ඉහළ ආර්ථික වටිනාකමක් ඇති ගොරකා කිසිදු වියදමක් නොදරා පළ නෙලා ගත හැකි බෝගයකි. එය ආහාර රුචිය වඩවා බඩගින්න ඇති කරවන ඖෂධයකි. වියළා ගත් ගොරකා ලෙල්ල ආහාරයට මෙන්ම ඖෂධ පිණිසද යොදා ගනී.උෂ්ණ ගුණයෙන් යුතු ගොරකා හදවත් රෝග සඳහා යෝග්‍ය වේ.
ඈත අතීතයේ සිටම ශ්‍රී ලංකා වාසින් කෑම පිසිමේ දී ගොරකා යොදා ගත්තේ ආහාර සුරක්ෂිතකරණය සහ එහි ඇති ලෙඩ සුවකිරීමේ ගුණය කෙරෙහි ඔවුන්ගේ තිබු දැනුම නිසාය. එහි මිනිස් ශරීරයට හිතකර ගුණ ගණනාවකී. ඇඹුල් රසයෙන් අනූන ගොරකා මුළුතැන්ගෙයට නම් නැතුවම බැරි කුළුබඩු වර්ගයක්.
ඈත අතීතයේ සිටම ශ්‍රී ලංකා වාසින් කෑම පිසිමේ දී ගොරකා යොදා ගත්තේ ආහාර සුරක්ෂිතකරණය සහ එහි ඇති ලෙඩ සුවකිරීමේ ගුණය කෙරෙහි ඔවුන්ගේ තිබු දැඩි විශ්වාසය නිසාය. අමු ගොරක ගෙඩියෙහි ආම්ලික ඇසිඩ් බහුල ය. ගොරකා ගෙඩියෙහි ශරීරයට අවශ්‍ය පෝෂණ ගුණ ගණනාවකී. කැල්සියම් හයිෙඩ්රාක්සිට්රිික් ඇසිඩ් විටමින් සී ෆයබර් සහ ජලය අඩංගුය. ස්ථුල භාවය අඩු කිරීම ශරීරයේ මේදය පුලුස්සා දැමීම බර අඩුකිරීම හා වේදනාව සමනය කිරීම යනාදි වශයෙන් ගුණ ගණනාවකී. ගොරකා වල සීනි සහ කැලරිස් අඩංගු නොවීම ද සුවිශේෂ ලක්ෂණයකී. එහි ඇති හයිෙඩ්රා්රෝලක්සිසිට්රික් ඇසිඩ් ශරීරයේ වැඩි කොලොස්ටරෝල් මට්ටම අඩු කරයි. දියවැඩියාවට අදාළ ලේවල ඇති සීනි ප්‍රමාණය පාලනය කරයි. ජීරණ පද්ධතිය ක්‍රමවත් කරයි. පිළිකා ශෛල වර්ධනය සහ ශරීරය පුරා පැතිර යාම ද වළක්වයි. ශරීරයේ ඉදිමුම සහ දැවිල්ල ඇති අවස්ථාවලදී සහනය ලබාදීමට උපකාරිවෙයි.
තවද එදිනෙදා ජීවිතයේදී විවිධ ප්‍රයෝජන සඳහා ගොරකා යොදා ගනී. මස් මාළු පිළියෙල කිරීමේදී ඇඹුල් සඳහා මෙන්ම ජාඩි පිළියෙල කිරීම සඳහාද ගොරකා බහුලව යොදාගනු ලැබේ. ගොරකා ලෙලි සමඟ සුදු ළුණු බඳුනක දමා ආලෝකය නොවදින සේ තැබීමෙන් සුදු ළුෑණු බොල් නොවී කල් තබාගත හැක.
එදා ගරා යකුම් යාගයේ අයිලයක් සෑදීමට යොදා ගත්තේ ගොරක අතුය. මේ නිසා අපේ ගම්වල මිනිසුන් ගොරක ගහ ළඟින් ගියේ මද බියකිනි. එහි යම් භූත බලවේගයක් ඇතැයි ඔවුන්ගේ විශ්වාසයක් පැවැතුණි. ගමේ කොල්ලො කුරුට්ටන්ට නම් ඉදී වැටුණ ගොරක ගෙඩියේ රත් පැහැති මදය රසවත් කෑමකී. කහ පැහැයෙන් සහ මද රත් පැහැයෙන් යුතු හොඳින් ඉදී වැටුණු ගොරක ගෙඩි පලා අව්වේ වේළා ලුණු මිශ්‍ර කර ඇසුරූ කට බැඳි මුටිටිය එදා අහර රස කරමින් හා මුළු පවුලටම නිරෝගිකම ලබාදෙමින් වැඩසිටියේ ගමගෙදර ළිප මුල්ලේ ය. එහෙත් අද ගොරක තිබෙන්නේ සුපිරි වෙළෙඳ සැල්වලය.වර්තමානයේ ගොරකා වෙළෙඳ පොළට ඉදිරිපත් කරන ආකාර එකිනෙකට වෙනස්ය පේස්ට් ගොරක තේ යනාදි වශයෙන් කුඩා බහලුම්වලය.එවිට එහි ඇති ජීව ගුණය විනාශය කරා යනු ඇත.
ආහාර සඳහා යොදාගැන්මට පැසී ඉදුණු ගෙඩිවල පලු වෙන් කර වියළා ප්‍රයෝජනයට ගැනෙනවා. ඒවායේ විටමින් C බහුලවන අතර ටාටරික් අම්ලය පොටෑසියම් හා තවත් විටමින් හා පෝෂක අඩංගුයි.
රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරගැනිම, හදවතේ ධමනි තුළ මේදය තැන්පත්වීම ගොරක මගින් වැළැක්වෙනවා.අර්ශස් හා පණු රෝග සඳහාද ගොරකා ප්රත්යක්ෂ ඖෂධයකි. දිනපතා ආහාරයට ගැනීමෙන් ශරීරයේ බර වැඩි වීම පාලනය කරගත හැකිවේ.
රුධිරගත කොලෙස්ටරෝල් පාලනයටත්, හදවතේ ධමනි තුළ කොලෙස්ටරෝල් තැන්පත් වීම වළකාලීමටත් ගොරකා මහෝපකාරී වේ. මෙමඟින් සිරුර තුළ සංසරණය වන ලිපිඩ ප්‍රමාණය අඩු කිරීම නිසා රුධිරගත කොලෙස්ටරෝල්වල අහිතකර LDL කොලෙස්ටරෝල් අඩු වී, හිතකර HDL වර්ධනය වන බව කියැවේ. එමෙන්ම මෙමඟින් ශරීරයේ පරිවෘත්තිය ක්‍රියා කාර්යක්ෂම වී ප්‍රතිශක්තිකරණය ශක්තිමත් වේ. රෝගාබාධ හා ආසාදනවලට එරෙහිව ක්‍රියාත්මක වී උණ, සෙම්ප්‍රතිශ්‍යාව වැනි සාමාන්‍ය රෝග වැළැක්වීමට හෝ ඉක්මනින් සුවපත් කිරීමට උපකාරී වේ. ආහාර රුචිය වර්ධනය කරන අතර ඉදිමුම්, දැවිලි, සන්ධි රෝග සමනය කරයි. ගොරකා ගර්භාෂ රෝගවලට ගුණදායක වන අතර විදුරුමස් රෝගවලට ද හිතකර වේ.
ආහාර, රුචිය වර්ධනය කරනවා. ඉදිමුම් දැවිලි සන්ධි රෝග, සමනය කරනවා . ගර්භාෂ රෝග වලට එරෙහිව, ක්‍රියාත්මක වනවා විදුරුමස් රෝග සුවකර දෙනවා.
තරබාරුකම දුරු කිරීම, මලපහවීම පහසු කිරීම, බිඳුණු අස්ථි ඉක්මනින් සුවපත් කිරීම, වැනි කාර්යයන්හිත් නියැලෙනවා.
කැඩුම් බිඳුම්. සඳහා ගොරක පොතු හා මල් යොදාගනු ලබනවා . වකුගඩු ගල් කැබලි කිරීමේ ශක්තියක් ද එය සතුයි.
ආහාර ජීර්ණය ක්‍රමවත් කරමින් ආහාරවල විෂ සමනය කරමින් බඩවැල් පිළිකාවලින් මිදීමටත් මං පාදනවා.
රක්තවාතය, වණ, බඩවැල් රෝග, හා සත්ත්ව රෝග සඳහා ඖෂධ සැකසීමට ද ගොරකා යොදා ගැනෙනවාආහාර කල් තබා ගැන්මටත් මාළු ඇඹුල් තියල, පොළොස්, කොහිල, කැකිරි වැනි වෑංජන රසවත් හා ගුණවත් කිරීමටත් ගොරකා උපකාරීවනවා. බලයා කෙළවල්ලා වැනි සැර මාලුවලින් ඇතිවිය හැකි අසාත්මිකතා වැළැක්වීමට, ඒවායේ ඇති හිස්ටමින් නමැති රසායනය ගොරක මගින් 80% කින් උදාසීන කර දෙනු ලබනවා..වෑංජනවලට යොදන ගොරක ඉවත් නොකර. ආහාර සමග සපා කන්නේ නම් එය සිරුරට ඉතා හිතකරවන අතර ඉන් එහි ඖෂධීය වාසි ලබා ගත හැකියි.
තරබාරුකම දුරු කිරීම සහ අනවශ්‍ය මේද දහනය ද ගොරකා මඟින් ලැබෙන ප්‍රධාන ප්රතිලාභයන් ය. මෙමඟින් ඔබට සිහින් සිරුරක් ලබා ගැනීමට අනිවාර්යයෙන්ම හැකි වන අතර, ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරීත්වයට, ආහාරවල විෂ සමනයට, බඩවැල්වල පිළිකා වැළැක්වීමට මෙන්ම බිඳුණු අස්ථි ඉක්මනින් සුවපත් කිරීමට ද ගොරකා උපකාරී වේ. කැඩුම් බිඳුම් සඳහා ප්‍රතිකාර කිරීමේ දී ගොරකා පොතු සහ මල් යොදාගන්නා අතර වකුගඩුවල ඇති ගල්, කැබලි කිරීමේ ශක්තිය ද ගොරකා සතු ය. රුධිරගත සීනි මට්ටම අඩු කිරීමට ද ගොරකා උපකාරී වේ. එමෙන්ම ශරීරයේ තැල්මට ද ගොරකා ප්රත්යක්ෂ ඖෂධයකි.
රක්තවාතය, වණ, බඩවැල්වල රෝග සහ සත්ව රෝග සඳහා ද ඖෂධ සැකසීමට ගොරකා යොදා ගනියි.
බලයා, කෙලවල්ලා වැනි සැර මාළුවලින් ඇති විය හැකි අසාත්මිකතා වැළැක්වීමට, ඒවායේ ඇති හිස්ටමින් නැමැති රසායනය ගොරකා මඟින් 80%කින් උදාසීන කරන බව සොයා ගෙන ඇත.
මීට අමතරව දේශීය කෙම් ක්‍රම සහ ශාන්ති කර්ම සඳහා ද ගොරකා යොදා ගනු ලබයි. කිරි පට්ටි හිමි ගොවියන් තමන්ගේ පට්ටියේ කිරි දෙනුන් නිරන්තරයෙන්ම අසනීපවලට ගොඳුරු වන විටත්, දෙනුන්ගෙන් ලැබෙන කිරි ප්‍රමාණය අඩු වන විටත් විවිධ කෙම් ක්‍රම භාවිත කරයි. තමන්ගේ ගව පට්ටියට ඇතුළුවෙන ස්ථානයේම 'ගොරක' පැළයක් සිටුවීම ද මේ කෙම් ක්රමයකි. මේ සඳහා ගොරක පැළයක්ම තෝරා ගන්නේ විශේෂ හේතුවක් නිසාය. ගොරක විසන්ධි කළ විට 'ගෝ+රක' ලෙස යෙදේ. එහි අර්ථය ගවයන් රකින්නා යන්නයි. ගැමි විශ්වාසය අනුව ගවයන් රකින්නේ ගොපලු දෙවියාය. ගොපලු දෙවියන් වැඩ වාසය කරන ගොරක ගසක් ගව පට්ටියට ඇතුළු වෙන තැනම සිටුවීමෙන් එම ගසට ගොපලු දෙවියන් වැඩ තම ගව පට්ටිය ආරක්ෂා කරයි යන විශ්වාසය ගැමියා තුළ වෙයි.
ආයුර්වේදයේ දී ගොරකාවල පංචාංගයම භාවිතයට ගන්නා අතර එදිනෙදා ජීවිතයේ දී ගොරකා ගෙඩිය පළා, අව්වේ වියළා ආහාර රස කිරීමට යොදා ගනු ලබයි. මාළු ඇඹුල් තියල්, පොළොස් ආදී ව්‍යාංජන රසවත් කිරීමට ගොරකා අත්‍යවශ්‍ය ය. ගොරකා මදවලින් තෙල් සිඳ ගැනීමෙන් ඒවා ඖෂධයක් ලෙස භාවිතයට ගනු ලබයි. පානයක් ලෙස ද ගොරකා පිළියෙළ කර ගත හැකි අතර එය ඔබට නිවසේ දී ම සිදු කරගත හැකි ය.
• ගොරකා වල සීනි සහ කැලරිස් අඩංගු නොවීම සුවිශේෂ ලක්ෂණයකී.
• ශරීරයේ මේදය පුලුස්සා දමා ඇගේ බර අඩුකිරීම ට හැකියව ගොරකා සතුය. එම නිසා අඩික ස්ථුල භාවය අඩු කිරීමට උපකාරී වෙයි.
• තරුණකම රැකගැනීම පිණිස ගොරකා ගුණාත්මක ඖෂධයකී.
• වේදනාව සමනය කිරීමේ ගුණ ඇති එබැවින් හන්දිපත් රුදාව සහ කැක්කුම් සහ ශරීරයේ ඉදිමුම සදහා තැවීම් පිණිස යොදා'ගනියි..
• දියවැඩියාවට අදාළ ලේවල ඇති සීනි ප්‍රමාණය පාලනය කරයි.
• ආහාර දිරවීමට උපකාර කර ජීරණ පද්ධතිය ක්‍රමවත් කරයි.
• පිළිකා ශෛල වර්ධනය සහ ශරීරය පුරා පැතිර යාම ද වළක්වයි.
• විෂබිජ නාශකයක් හැටියට ද සැලැකේ .
• සන්ධි රෝග සහ ගර්භාෂ රෝග සුව ප්‍රතිකාර සදහා ද යොදා ගැනේ.
• විදුරු මස් දියවීම මුබය හමන දුර්ගන්ධය සහ දත් සම්බන්ධ රෝග සදහා ගුණ සලසයි.
• ශරීරයේ විෂ ඉවත් කිරිමේ හැකියාව පවතී. ඇල්කොහොල් නිසා අක්මාවේ තැම්පත් වී ඇති විස ඉවත්ම ඉන් ප්‍රධාන වෙයි.
• කුඩා දරුවන්ට මන්දපෝෂණ තත්ත්ව පාලනයටත් වැළදුණු දරුවන් සුවපත් කිරීමේත් හැකියාව ගොරකා සතුය.
• ආහාර නිසා ශරිරයට ආසමිකතා, ආහාර වල බැක්ටීරියා සහ පුස් ඇති වීම වළකයි. ඇබුල්තියල් වැනි දේ සැකසිමදී ගොරකා වැඩිපුර යොදා ගන්නේ මේ නිසාය.
• බඩවැලේ ආබාධ, බඩ දැවිල්ල ආමාශ ගත තුවාල සදහා ප්‍රතිකාර පිණිස යොදා ගන්නා හෙළ ඔසුවකි.
• දේශිය ආයුර්වේදයෙහි ද ගොරක ගෙඩිය පමණක් නොව ගසේ පස් පංගුවම රෝග නිවාරණයට අවශ්‍ය බව සඳහන් වේ.
• පශු වෛද්‍ය ප්‍රතිකාර සඳහාද ගොරක උපයෝගි කරගන්නා බව ද කියැවේ.
===
*තර බාරුකම අඩු කිරීමට සති අටක් දහයක්, දිනකට මිලිග්‍රෑම් 500ක ගොරක කෑමට පැය බාගයකට පෙර උණුවතුර සමග ගන්න.
*සෙම් ප්‍රතිශ්‍යා උගුරේ අමාරු ආදියේදී
ගොරක ලුණු හා ගම්මිරිස් එකට අඹරා පොට්ටනියක් බැඳ හක්කේ තබා කෙළ ගිලිමින් සෙම ඉවත්කරගත හැකියි.
*ඇඟිලි කරු වණ වූ විට
ගොරකා තැම්බූ දියට ලුණු දමා සෝදන්න.
*දිගු ගමනකින් පා වෙහෙස වූ විට
ගොරක තැම්බූ දියෙන් සේදීමෙන් ඉදිමුම් පහවී වේදනා දුරුකර ගන්න.
*කොලෙස්ටරෝල් පාලනයට
ගොරක සුදුලූනු, කරපිංචා සමග අඹරා ගත් ලුණුමිරිසක් කෑමට එක්කරගන්න.
ප්‍රකට අත් බෙහෙත් සඳහාද ගොරකා යොදා ගනී.
* ගොරකා පළු තැම්බු වතුරට ලුණු ස්වල්පයක් දමා කකුල් සේදීමෙන් ඇගිලි කරු කැසීම් සඳහා ගුණ දේ.
* උගුරේ අපහසුවට ගොරකා පළු ගම්මිරිස් ඇට, ලූනු සමව ගෙන අඹරා පොට්ටනි බැඳ කටේ තබා කෙළ ගිලින්න.
*වියළි ගොරකා බික්, ලූනු ස්වල්පයක් සමඟ තලා තැල්ම ඇති ස්ථානයේ තබා බැඳීමෙන් තැල්මට ගුණ දේ.
* දරුණු තැල්ම සඳහා වියළි ගොරකා පළු, අමුකහ, ලුණු දියරයෙන් අඹරා ආලේප කිරීම කල හැක.
ගොරක චූර්ණය ගෙදරදී හදාගන්නේ මෙහෙමයි
අවශ්‍ය ද්‍රව්‍ය – ගොරක ග්‍රෑම් 60. කරපිංච අමු (ග්‍රෑම් 7 යි. ඉඟුරු (අමු) ග්‍රෑම් 7 යි. වියළි කොත්තමල්ලි ග්‍රෑම් 7 යි. සූදුරු ග්‍රෑම් 7 යි. මාදුරු ග්‍රෑම් 7 යි. සුදුළුනු ග්‍රෑම් 7 යි.
ගොරක හොඳින් තම්බා වතුර පෙරා හැර වංගෙඩියක දමා කොටන්න. ඉන් පසු ඉතිරි සියලු ද්‍රව්‍ය එයට දමා කොටන්න. මෙය තුනී තලපයක් වූ පසු ග්‍රෑම් 5 ගුලි ලෙස ගුලිකර උදේට එකක් හිස්බඩ ගෙන උණුවතුර පානය කරන්න. රාත්‍රි ආහාරයට පෙර එවැනි ම ගුලියක් ගන්න. උණුවතුර බොන්න. මාස 3 ක් මෙය කර ප්‍රතිඵල ලබා ගන්න.
ගොරක චූර්ණය ගැන කීමට පෙර ගොරක චූර්ණය ගැන කීමට පෙර තරබාරුව කියන්නේ මොකද්ද කියලා අප හඳුනාගත යුතුයි. තරබාරුව තිබෙනවා වර්ග කිහිපයක්. පළමුවැන්න තමයි උපතින් එන තරබාරුව. මෙය සුව කරන්නට බැහැ. එය ඒ තැනැත්තාගේ හෝ තැනැත්තියගේ ජානමය පිහිටීමයි. ඊළඟ තරබාරුව හටගන්නේ අවිධිමත් ආහාර නිසා හටගන්නා තරබාරුවයි. සමහරු කන්න පටන් ගත්තම උදේ සිට රෑ වනතුරුම කනවා. බොනවා. මේ තමයි අවිධිමත් ආහාර සම්ප්රදාය. මේ තරබාරුව සුව කරන්න පුළුවන්.
ශරිරයේ බර අඩු කරනවා.
ශරිරයේ අධික බර සැහැල්ලු කරන ඖෂධයක් ලෙස ගොරකා ලොව පුරා ප්‍රසිද්ධියක් උසුලයි. දිනකට ගොරකා මිලිග්‍රෑම් 500ක් පමණ සති අටක්. දහයක් කෑමට පැය 1/2 පෙර උණුවතුර සමග පානය කිරිමෙන් ශරිර බර අඩුවේ. කෑමට පෙර ගොරකා තම්බා බිමෙන් ආහාර රුචිය අඩුවේ.මෙහිදි වන්නෙ රුධිරයේ කොලෙස්ටරෝල් සාන්ද්‍රනය අඩු විමයි. මේ නිසාද ශරිර බර අඩුවිමද සිදුවේ.
ගොරකා ආහාරයට එක්කර ගැනිමෙන් ආමාශ බිත්තියේ ඇති ශලේෂ්ම පටලය ආරක්ශා වෙනවා. ගොරකා වැඩිපුර ආහාරයට එක්කරගත් විට වන්නේ වැඩිපුර මේද සෑදිම අඩු කිරිමයි. මේ නිසා කොලෙස්ටරෝල් හැදෙන ප්‍රමාණය අඩු වෙනවා.එ වගේම මේදය අවශෝෂණයත් අඩු වෙනවා. එවිට තරබාරු විම, හෘද රෝග හා කොලෙස්ටරෝල් අධික විමෙන් ඇතිවන අබාධ අඩු කරනවා. ශරිරයේ ප්‍රතිශක්තිකරණ ක්රිනයාවලිය ශක්තිමත් කිරීමේ බලය ගොරකා සතුව පවතින බවට පර්යේෂණ කටයූතුවලින් සොයාගෙන ඇත එනිසාම පිළිකා හැදීමේ ප්රපවණතාවය අඩු වෙනවා.
මේ අතර විදෙස් රටවල් ගණනාවක් දියුණු තාක්ෂණය යොදා ගනිමින් ගොරකා කැප්සුල් ගොරක පෙති සහ දියර වශයෙන් නිපදවා අපනයන වෙළඳපොළ ජයගෙන ඇත. ශ්‍රී ලංකාවේ කුඩා සහ මධ්යපම ප්‍රමාණයක් ව්‍යවසායකයන් ද දැනටමත් මේ වටිනා ගොරක ගෙඩි වියළි සහ සැකසු නිෂ්පාදන වශයෙන් අපනයනය කිරීම ආරම්භ කර ඇත. මෙයට අමතරව ගොරකා පේස්ට් ගොරකා පිටි සහ ගොරකා තේ වශයෙන් ද අපනයනය කෙරෙන අතර ඒවා දේශීය වෙළෙඳ පොළෙහි ද දැකගත හැකිය.
අතීතයේ ගොරක යනු ගමේ සැඟවී තිබු ස්වාභාවික සම්පතකී. වර්තමානයේ ආහාරයක් ඖෂධයක් පමණක් නොව අපනයන භාණ්ඩයකී. රටට විදේශිය විනිමය ගෙන දෙයි.
නීරෝගී ජීවිතයක් පිළිබඳ සිහින මවනා එහෙත් කාර්යබහුල ජීවන රටාව තුළ බොහෝ විට ඔබ මඟහරින අපගේ කුළුබඩු වෙනුවට ඔබ රසකාරක විෂ කාරක එකතු කළ කෘත්‍රිම සෝස් වර්ග, රසකාරක වැනි ශරීරයට අතිශයින්ම අහිතකර නිෂ්පාදනවලින් බැහැරව මෙවැනි ඖෂධ ගුණ ඇති අපේම ස්වභාවික කුළු බඩු පරිභෝජනයට හුරු වීම මඟින් දේශීය ගොරකා නිෂ්පාදකයා හට මනා අත්වැලක් ලබා දෙනවා මෙන්ම, අනාගත දරු පරපුර ද නීරෝගිමත් කර ගත හැකියි.
පරිසරයටත් ඉහළින් යන මිනිසුන් සිටින රටක මෙවැනි ස්වාභාවික සම්පත් විනාශ වී යා හැකිය. එබැවින් සුරබි දෙනක් වැනි මේ ස්වභාවික සම්පත තවදුරටත් වැඩිවර්ධනය කර පෝෂණය කිරිම අපගේ යුතුකමකි. එය අපගේ අනාගත පරපුරට පිදෙන අමිලවු දායාදයකී.
==========================================================================
අමෙරිකානු ඖෂධ නිෂ්පාදන සමාගමක් කොලෙස්ටරෝල් පාලනය සඳහා ,නිපදවූ ඖෂධයකට ගොරක යොදා ගැනුණු අතර අදාල පදාර්ථ වඩාත් අඩංගුවූයේ, ශ්‍රීලංකා ගොරකවල බව නිෂ්පාදන නිරීක්ෂණ වලදී හඳුනාගත් බව සඳහන්.
=========================================================================
ගොරක ගසේ ආරම්භය ඉන්දියානු උප මහද්වීපයෙන් පටන්ගෙන මලයාසියාව බුරුමය සහ තායිලන්තය දෙසට පැතිර ගොස් ඇති බව සඳහන්ය. බහු වාර්ෂික වන ගොරක ගසේ ඵලදාව වසරකට දෙවරක් ලබාදෙයි. දිය නොරදන පොළොවෙහි වැඩීමට කැමැත්තක් දක්වයි. පෙබරිවාරි සිට අප්‍රේල් දක්වා සුදු මලින් සැරැසෙන ගොරක ගස දිලිසෙන පත්‍ර සහිත සෞන්දර්යාත්මක වටිනාකමකින් යුක්තය. ෆ්ලොරිඩාව ඇමරිකා එක්සත් ජනපදය සහ ඔස්ට්‍රෙලියාව වැනි රටවල ජනප්‍රිය පලතුරකි.
==========================================================================
දේශිය ආයුර්වේදයෙහි ද ගොරක ගෙඩිය පමණක් නොව ගසේ පස් පංගුවම රෝග නිවාරණයට අවශ්‍ය බව සඳහන් වේ. විෂබිජ නාශකයක් හැටියට ද සැලැකේ . ආහාර දිරවීමට මෙන්ම සන්ධි රෝග සහ ගර්භාෂ රෝග සුව ප්‍රතිකාර සදහා ද යොදා ගැනේ. විදුරු මස් දියවීම බඩවැලේ ආබාධ, වණ සහ තුවාල යනාදිය සුවකිරීමට ගොරකා යුෂ ද කැඩුම් බිඳුම් ප්‍රතිකාරවල දී ගොරකා කොළ පොතු සහ මල් ද යොදා ගැනේ.
නව විද්‍යාත්මක පර්යේෂණවලට අනුව ශරීරරයේ බර අඩුකිරිමට විෂ ඉවත් කිරිමට සහ තරුණකම රැකගැනීම යනාදියට ගොරකා ගුණාත්මක ඖෂධයකී. පශු වෛද්‍ය ප්‍රතිකාර සඳහාද ගොරක උපයෝගි කරගන්නා බව ද කියැවේ. ගොරක කිරි සහ යෝගට් සඳහා ආරක්ෂක ද්‍රව්‍යයක් හැටියට ද යොදා ගැනේ.
ගොරකා භාවිතය අහිතකර විය හැකි අවස්ථා
ගොරකා වැඩිපුර ආහාරයට ගැනීමෙන් රුධිරයේ ඇති ග්ලූකෝස්, අක්මාව තුළ දී ග්ලයිකොජන් වශයෙන් තැන්පත් වේ. එම නිසා ලේ වල සීනි ප්‍රමාණය අඩු වේ. මේ නිසා දැනටමත් දියවැඩියාව රෝගය සඳහා ප්‍රතිකාර ගන්නා රෝගීන් වැඩිපුර ගොරකා යෙදූ ආහාර පරිභෝජනය කිරීම සුදුසු නොවේ. කිසිඳු ඔසුවක් අධිපරිභෝජනය සුදුසු නොවන බැවින් වෛද්‍ය නිර්දේශයන් මත කටයුතු කිරීම වඩාත් සුදුසු ය.
පරිසරයටත් ඉහළින් යන මිනිසුන් සිටින රටක මෙවැනි ස්වාභාවික සම්පත් විනාශ වී යා හැකිය. මේ ස්වභාවික සම්පත තවදුරටත් වැඩිවර්ධනය කර පෝෂණය කිරිම අපගේ යුතුකමකි. එය අපගේ අනාගත පරපුරට පිදෙන දායාදයකී.මේවා බොහොමයක් ඔබට නිවස තුළම සකසා ගත හැකි ය. නූතනයේ දේශීය නිෂ්පාදනයන් බොහොමයක් වෙළඳපළ තුළ ද පවතී. කාර්යබහුල ඔබට ඒවා මිල දී ගෙන ආහාරයට එකතු කරගත හැකිය. එය දේශීය ව්‍යවසායකත්වයන්ට සවියක් වන්නා සේම ඔබ සහ ඔබගේ ළබැඳියන්ගේ සෞඛ්‍යය යහපත් අයුරින් පවත්වා ගැනීමට ද උපකාරී වේ. මෙමගින් අනාගතයේ ඔබට නිරෝගී ජීවිතයකට ද මඟ පෑදෙනු ඇත.
ගොරක යනු ගමේ සැඟවී තිබු ස්වාභාවික සම්පතකී. වර්තමානයේ ආහාරයක් ඖෂධයක් පමණක් නොව අපනයන භාණ්ඩයකී. රටට විදේශිය විනිමය ගෙන දෙයි.හෙළ ඔසු වල වටිනාකම් ජීවිතයට එකතු කර ගනිමින් නිරෝගීභාවය ළඟා කර ගනිමු.
උපුටා ගැනීම්:(තොරතුරු සහ මුලාශ්‍රය අන්තර් ජාලය ඇසුරෙනි)
|