ශ්‍රී ලංකා එල්ලේ ක්‍රීඩාව වෙනුවෙන් ලියන ලද පළමවන වෙබ් පිටුව වන www.srilankaelle.com වෙතින් මෙම එල්ලය පුවත් පත නිර්මාණය කරන ලදී.වර්තමානයේ මෙලෙසින් එල්ලේ ක්‍රීඩා ලෝලීන් වෙත ක්‍රීඩා තොරතුරු ඉතිහාසගත කරුණු මෙන්ම අනාගත පරපුර වෙනුවෙන් යම් සේවයක් කිරීමට අදිටන් කර ඇත.එය එල්ලේ පුවත් පතේ මූලික අරමුණයි.... විස්තර බලන්න See >>
නාග කේසර (Guttiferae) කුලයට අයත් ගොරකා
මෙයට වසර හතලිහකට පනහකට පෙර මා දන්නා අවදියේදී ගොරකා යනු අපට තවත් එක් පලතුරක් විය.කුරුදු කෝටුවක් කඩා ගන්නා අප ගොරකා ගෙඩිය විද සිදුරක් සාදා ගනිමින් කුරුදු කෝටුව ආධාරයෙන් එහි මදයේ රස බැලූ හැටි තවමත් මතකය. ශ්‍රී ලංකාවේ පහතරට තෙත් කලාපයේ සරුවට වැඩෙන බෝගයකි. වැඩුණු ගසක් අඩි 50-60 පමණ උසකින් යුක්ත වන අතර, මෙම ශාකයේ විශේෂත්වය නම් ස්ත්‍රී පුරුෂ මල් දෙවර්ගයම එකම ශාකයේ හට ගැනීමයි. ගැහැනු මල පිරිමි මලට වඩා විශාලය. ගොරක ශාකයේ මල් හට ගැනීම සිදු වන්නේ පෙබරවාරී සහ මාර්තු මාසවලය. පෙබරවාරි මාර්තු මල පිපිණු විට පත්‍ර හැලෙයි. අතු අග පෙති හතරක් සහ රේණු රාශියකින් යුක්ත මල් කුඩයක හැඩය ගැනීම ද, පිරිමි මල් තුනක් හතරක් එකම කුඩයක හැඩයෙන් ගෙඩිය හටගනී..
නාග කේසර (Guttiferae) කුලයට අයත් ගොරකා ගාර්සීනියා කැම්බොජියා නොහොත් ගොරකා (සිංහල භාෂාවෙන්) දෙමළ බසින් කොඩුක්කායිප්පපුලි නම් වෙයි.ප්‍රභේද හතරකි. මල ගොරකා, රතු ගොරකා, රට ගොරකා, එළ ගොරකා ලෙස ඒවා හඳුන්වනු ලබන අතර රතු ගොරකා සහ එළ ගොරකා ආහාර රසවත් කිරීමට යොදා ගනියි. රතු ගොරකා ඉදුණු විට රත් පැහැ ගන්නා අතර ඇතුළත මදය ද රත් පැහැති ය. ඉදුණු ගොරකා ඵලය කහ පැහැති වන අතර මදය කහ මිශ්‍ර සුදු පැහැයක් ගනියි. මෙම ගොරකා වර්ග දෙකෙහිම මද, පලතුරක් ලෙස ද ආහාරයට ගනියි. චරක මහ ඉසිවරයා හදවතට හිතකර ලෙස හඳුන්වා දී ඇති දිව්‍ය ඖෂධ බඳු ආහාර වර්ග දහයට ගොරකාත් අයත්වනවා.මෙරට පහතරට තෙත් කලාපයේ හොඳින් වැවෙන ගොරකා ඖෂධිය, ගුණයෙන් පොහොසත් ආයුර්වේදයේ ,රෝග ප්‍රතිකාර සඳහා එහි පංචාංගයම යොදාගන්නා බව සඳහන්. ගොරක හදවතට බෙහෙවින් හිතකර බව විද්‍යානුකූලවත් සනාථ වනවා.
ඉහළ ආර්ථික වටිනාකමක් ඇති ගොරකා කිසිදු වියදමක් නොදරා පළ නෙලා ගත හැකි බෝගයකි. එය ආහාර රුචිය වඩවා බඩගින්න ඇති කරවන ඖෂධයකි. වියළා ගත් ගොරකා ලෙල්ල ආහාරයට මෙන්ම ඖෂධ පිණිසද යොදා ගනී.උෂ්ණ ගුණයෙන් යුතු ගොරකා හදවත් රෝග සඳහා යෝග්‍ය වේ. ඈත අතීතයේ සිටම ශ්‍රී ලංකා වාසින් කෑම පිසිමේ දී ගොරකා යොදා ගත්තේ ආහාර සුරක්ෂිතකරණය සහ එහි ඇති ලෙඩ සුවකිරීමේ ගුණය කෙරෙහි ඔවුන්ගේ තිබු දැනුම නිසාය. එහි මිනිස් ශරීරයට හිතකර ගුණ ගණනාවකී. ඇඹුල් රසයෙන් අනූන ගොරකා මුළුතැන්ගෙයට නම් නැතුවම බැරි කුළුබඩු වර්ගයක්. ඈත අතීතයේ සිටම ශ්‍රී ලංකා වාසින් කෑම පිසිමේ දී ගොරකා යොදා ගත්තේ ආහාර සුරක්ෂිතකරණය සහ එහි ඇති ලෙඩ සුවකිරීමේ ගුණය කෙරෙහි ඔවුන්ගේ තිබු දැඩි විශ්වාසය නිසාය. අමු ගොරක ගෙඩියෙහි ආම්ලික ඇසිඩ් බහුල ය.
ගොරකා ගෙඩියෙහි ශරීරයට අවශ්‍ය පෝෂණ ගුණ ගණනාවකී. කැල්සියම් හයිෙඩ්රාක්සිට්රිික් ඇසිඩ් විටමින් සී ෆයබර් සහ ජලය අඩංගුය. ස්ථුල භාවය අඩු කිරීම ශරීරයේ මේදය පුලුස්සා දැමීම බර අඩුකිරීම හා වේදනාව සමනය කිරීම යනාදි වශයෙන් ගුණ ගණනාවකී. ගොරකා වල සීනි සහ කැලරිස් අඩංගු නොවීම ද සුවිශේෂ ලක්ෂණයකී. එහි ඇති හයිෙඩ්‍රා්රෝලක්සිසිට්‍රික් ඇසිඩ් ශරීරයේ වැඩි කොලොස්ටරෝල් මට්ටම අඩු කරයි. දියවැඩියාවට අදාළ ලේවල ඇති සීනි ප්‍රමාණය පාලනය කරයි. ජීරණ පද්ධතිය ක්‍රමවත් කරයි. පිළිකා ශෛල වර්ධනය සහ ශරීරය පුරා පැතිර යාම ද වළක්වයි. ශරීරයේ ඉදිමුම සහ දැවිල්ල ඇති අවස්ථාවලදී සහනය ලබාදීමට උපකාරිවෙයි. තවද එදිනෙදා ජීවිතයේදී විවිධ ප්‍රයෝජන සඳහා ගොරකා යොදා ගනී. මස් මාළු පිළියෙල කිරීමේදී ඇඹුල් සඳහා මෙන්ම ජාඩි පිළියෙල කිරීම සඳහාද ගොරකා බහුලව යොදාගනු ලැබේ. ගොරකා ලෙලි සමඟ සුදු ළුණු බඳුනක දමා ආලෝකය නොවදින සේ තැබීමෙන් සුදු ළුෑණු බොල් නොවී කල් තබාගත
හැක.එදා ගරා යකුම් යාගයේ අයිලයක් සෑදීමට යොදා ගත්තේ ගොරක අතුය. මේ නිසා අපේ ගම්වල මිනිසුන් ගොරක ගහ ළඟින් ගියේ මද බියකිනි. එහි යම් භූත බලවේගයක් ඇතැයි ඔවුන්ගේ විශ්වාසයක් පැවැතුණි. ගමේ කොල්ලො කුරුට්ටන්ට නම් ඉදී වැටුණ ගොරක ගෙඩියේ රත් පැහැති මදය රසවත් කෑමකී. කහ පැහැයෙන් සහ මද රත් පැහැයෙන් යුතු හොඳින් ඉදී වැටුණු ගොරක ගෙඩි පලා අව්වේ වේළා ලුණු මිශ්‍ර කර ඇසුරූ කට බැඳි මුටිටිය එදා අහර රස කරමින් හා මුළු පවුලටම නිරෝගිකම ලබාදෙමින් වැඩසිටියේ ගමගෙදර ළිප මුල්ලේ ය. එහෙත් අද ගොරක තිබෙන්නේ සුපිරි වෙළෙඳ සැල්වලය.
රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරගැනිම, හදවතේ ධමනි තුළ මේදය තැන්පත්වීම ගොරක මගින් වැළැක්වෙනවා.අර්ශස් හා පණු රෝග සඳහාද ගොරකා ප්‍රත්‍යක්ෂ ඖෂධයකි. දිනපතා ආහාරයට ගැනීමෙන් ශරීරයේ බර වැඩි වීම පාලනය කරගත හැකිවේ. රුධිරගත කොලෙස්ටරෝල් පාලනයටත්, හදවතේ ධමනි තුළ කොලෙස්ටරෝල් තැන්පත් වීම වළකාලීමටත් ගොරකා මහෝපකාරී වේ. මෙමඟින් සිරුර තුළ සංසරණය වන ලිපිඩ ප්‍රමාණය අඩු කිරීම නිසා රුධිරගත කොලෙස්ටරෝල්වල අහිතකර LDL කොලෙස්ටරෝල් අඩු වී, හිතකර HDL වර්ධනය වන බව කියැ
පානයක් ලෙස ද ගොරකා පිළියෙළ කර ගත හැකි අතර එය ඔබට නිවසේ දී ම සිදු කරගත හැකි ය.
• ගොරකා වල සීනි සහ කැලරිස් අඩංගු නොවීම සුවිශේෂ ලක්ෂණයකී.
• ශරීරයේ මේදය පුලුස්සා දමා ඇගේ බර අඩුකිරීම ට හැකියව ගොරකා සතුය.එම නිසා අඩික ස්ථුල භාවය අඩු කිරීමට උපකාරී වෙයි.
• තරුණකම රැකගැනීම පිණිස ගොරකා ගුණාත්මක ඖෂධයකී.
• වේදනාව සමනය කිරීමේ ගුණ ඇති එබැවින් හන්දිපත් රුදාව සහ කැක්කුම් සහ ශරීරයේ ඉදිමුම සදහා තැවීම් පිණිස යොදා'ගනියි..
• දියවැඩියාවට අදාළ ලේවල ඇති සීනි ප්‍රමාණය පාලනය කරයි.
• ආහාර දිරවීමට උපකාර කර ජීරණ පද්ධතිය ක්‍රමවත් කරයි.
• පිළිකා ශෛල වර්ධනය සහ ශරීරය පුරා පැතිර යාම ද වළක්වයි.
• විෂබිජ නාශකයක් හැටියට ද සැලැකේ .
• සන්ධි රෝග සහ ගර්භාෂ රෝග සුව ප්‍රතිකාර සදහා ද යොදා ගැනේ.
• විදුරු මස් දියවීම මුබය හමන දුර්ගන්ධය සහ දත් සම්බන්ධ රෝග සදහා ගුණ සලසයි.
• ශරීරයේ විෂ ඉවත් කිරිමේ හැකියාව පවතී. ඇල්කොහොල් නිසා අක්මාවේ තැම්පත් වී ඇති විස ඉවත්ම ඉන් ප්‍රධාන වෙයි.
• කුඩා දරුවන්ට මන්දපෝෂණ තත්ත්ව පාලනයටත් වැළදුණු දරුවන් සුවපත් කිරීමේත් හැකියාව ගොරකා සතුය.
• ආහාර නිසා ශරිරයට ආසමිකතා, ආහාර වල බැක්ටීරියා සහ පුස් ඇති වීම වළකයි. ඇබුල්තියල් වැනි දේ සැකසිමදී ගොරකා වැඩිපුර යොදා ගන්නේ මේ නිසාය.
• බඩවැලේ ආබාධ, බඩ දැවිල්ල ආමාශ ගත තුවාල සදහා ප්‍රතිකාර පිණිස යොදා ගන්නා හෙළ ඔසුවකි.
• දේශිය ආයුර්වේදයෙහි ද ගොරක ගෙඩිය පමණක් නොව ගසේ පස් පංගුවම රෝග නිවාරණයට අවශ්‍ය බව සඳහන් වේ.
• පශු වෛද්‍ය ප්‍රතිකාර සඳහාද ගොරක උපයෝගි කරගන්නා බව ද කියැවේ.
*තර බාරුකම අඩු කිරීමට සති අටක් දහයක්, දිනකට මිලිග්‍රෑම් 500ක ගොරක කෑමට පැය බාගයකට පෙර උණුවතුර සමග ගන්න.
*සෙම් ප්‍රතිශ්‍යා උගුරේ අමාරු ආදියේදී ගොරක ලුණු හා ගම්මිරිස් එකට අඹරා පොට්ටනියක් බැඳ හක්කේ තබා කෙළ ගිලිමින් සෙම ඉවත්කරගත හැකියි.
*ඇඟිලි කරු වණ වූ විට ගොරකා තැම්බූ දියට ලුණු දමා සෝදන්න. *දිගු ගමනකින් පා වෙහෙස වූ විට ගොරක තැම්බූ දියෙන් සේදීමෙන් ඉදිමුම් පහවී වේදනා දුරුකර ගන්න.
*කොලෙස්ටරෝල් පාලනයට ගොරක සුදුලූනු, කරපිංචා සමග අඹරා ගත් ලුණුමිරිසක් කෑමට එක්කරගන්න. ප්‍රකට අත් බෙහෙත් සඳහාද ගොරකා යොදා ගනී.
* ගොරකා පළු තැම්බු වතුරට ලුණු ස්වල්පයක් දමා කකුල් සේදීමෙන් ඇගිලි කරු කැසීම් සඳහා ගුණ දේ.
* උගුරේ අපහසුවට ගොරකා පළු ගම්මිරිස් ඇට, ලූනු සමව ගෙන අඹරා පොට්ටනි බැඳ කටේ තබා කෙළ ගිලින්න.
*වියළි ගොරකා බික්, ලූනු ස්වල්පයක් සමඟ තලා තැල්ම ඇති ස්ථානයේ තබා බැඳීමෙන් තැල්මට ගුණ දේ.
* දරුණු තැල්ම සඳහා වියළි ගොරකා පළු, අමුකහ, ලුණු දියරයෙන් අඹරා ආලේප කිරීම කල හැක.
විශ්වය යනු අප ජීවත්වෙන ලෝකය වුවත් එය විශාල අවකාශ යන්ගෙන් මෙනම සීමා මායිම් නොපෙනෙන ඉමක් කරා විසීරී ඇති පෙනෙන සහ නෙපෙනන දේවල් අයත්ය
විශ්වය යනු අප ජීවත්වෙන ලෝකය වුවත් එය විශාල අවකාශ යන්ගෙන් මෙනම සීමා මායිම් නොපෙනෙන ඉමක් කරා විසීරී ඇති පෙනෙන සහ නෙපෙනන දේ අයත්ය
ගොරක චූර්ණය ගෙදරදී හදාගන්නේ මෙහෙමය
ි අවශ්‍ය ද්‍රව්‍ය –
ගොරක ග්‍රෑම් 60.
කරපිංච අමු (ග්‍රෑම් 7 යි.
ඉඟුරු (අමු) ග්‍රෑම් 7 යි.
වියළි කොත්තමල්ලි ග්‍රෑම් 7 යි.
සූදුරු ග්‍රෑම් 7 යි. මාදුරු ග්‍රෑම් 7 යි.
සුදුළුනු ග්‍රෑම් 7 යි.
ගොරක හොඳින් තම්බා වතුර පෙරා හැර වංගෙඩියක දමා කොටන්න. ඉන් පසු ඉතිරි සියලු ද්‍රව්‍ය එයට දමා කොටන්න. මෙය තුනී තලපයක් වූ පසු ග්‍රෑම් 5 ගුලි ලෙස ගුලිකර උදේට එකක් හිස්‌බඩ ගෙන උණුවතුර පානය කරන්න. රාත්‍රි ආහාරයට පෙර එවැනි ම ගුලියක් ගන්න. උණුවතුර බොන්න. මාස 3 ක් මෙය කර ප්‍රතිඵල ලබා ගන්න. ගොරක චූර්ණය ගැන කීමට පෙර ගොරක චූර්ණය ගැන කීමට පෙර තරබාරුව කියන්නේ මොකද්ද කියලා අප හඳුනාගත යුතුයි. තරබාරුව තිබෙනවා වර්ග කිහිපයක්. පළමුවැන්න තමයි උපතින් එන තරබාරුව. මෙය සුව කරන්නට බැහැ. එය ඒ තැනැත්තාගේ හෝ තැනැත්තියගේ ජානමය පිහිටීමයි. ඊළඟ තරබාරුව හටගන්නේ අවිධිමත් ආහාර නිසා හටගන්නා තරබාරුවයි. සමහරු කන්න පටන් ගත්තම උදේ සිට රෑ වනතුරුම කනවා. බොනවා. මේ තමයි අවිධිමත් ආහාර සම්ප්‍රදාය. මේ තරබාරුව සුව කරන්න පුළුවන්. ශරිරයේ බර අඩු කරනවා. ශරිරයේ අධික බර සැහැල්ලු කරන ඖෂධයක් ලෙස ගොරකා ලොව පුරා ප්‍රසිද්ධියක් උසුලයි. දිනකට ගොරකා මිලිග්රෑම් 500ක් පමණ සති අටක්. දහයක් කෑමට පැය 1/2 පෙර උණුවතුර සමග පානය කිරිමෙන් ශරිර බර අඩුවේ. කෑමට පෙර ගොරකා තම්බා බිමෙන් ආහාර රුචිය අඩුවේ.
මෙහිදි වන්නෙ රුධිරයේ කොලෙස්ටරෝල් සාන්ද්‍රනය අඩු විමයි. මේ නිසාද ශරිර බර අඩුවිමද සිදුවේ. ගොරකා ආහාරයට එක්කර ගැනිමෙන් ආමාශ බිත්තියේ ඇති ශලේෂ්ම පටලය ආරක්ශා වෙනවා. ගොරකා වැඩිපුර ආහාරයට එක්කරගත් විට වන්නේ වැඩිපුර මේද සෑදිම අඩු කිරිමයි. මේ නිසා කොලෙස්ටරෝල් හැදෙන ප්‍රමාණය අඩු වෙනවා.එ වගේම මේදය අවශෝෂණයත් අඩු වෙනවා. එවිට තරබාරු විම, හෘද රෝග හා කොලෙස්ටරෝල් අධික විමෙන් ඇතිවන අබාධ අඩු කරනවා. ශරිරයේ ප්‍රතිශක්තිකරණ ක්රිනයාවලිය ශක්තිමත් කිරීමේ බලය ගොරකා සතුව පවතින බවට පර්යේෂණ කටයූතුවලින් සොයාගෙන ඇත එනිසාම පිළිකා හැදීමේ ප්රපවණතාවය අඩු වෙනවා. මේ අතර විදෙස් රටවල් ගණනාවක් දියුණු තාක්ෂණය යොදා ගනිමින් ගොරකා කැප්සුල් ගොරක පෙති සහ දියර වශයෙන් නිපදවා අපනයන වෙළඳපොළ ජයගෙන ඇත. ශ්‍රී ලංකාවේ කුඩා සහ මධ්යපම ප්‍රමාණයක් ව්‍යවසායකයන් ද දැනටමත් මේ වටිනා ගොරක ගෙඩි වියළි සහ සැකසු නිෂ්පාදන වශයෙන් අපනයනය කිරීම ආරම්භ කර ඇත. මෙයට අමතරව ගොරකා පේස්ට් ගොරකා පිටි සහ ගොරකා තේ වශයෙන් ද අපනයනය කෙරෙන අතර ඒවා දේශීය වෙළෙඳ පොළෙහි ද දැකගත හැකිය. අතීතයේ ගොරක යනු ගමේ සැඟවී තිබු ස්වාභාවික සම්පතකී. වර්තමානයේ ආහාරයක් ඖෂධයක් පමණක් නොව අපනයන භාණ්ඩයකී. රටට විදේශිය විනිමය ගෙන දෙයි. නීරෝගී ජීවිතයක් පිළිබඳ සිහින මවනා එහෙත් කාර්යබහුල ජීවන රටාව තුළ බොහෝ විට ඔබ මඟහරින අපගේ කුළුබඩු වෙනුවට ඔබ රසකාරක විෂ කාරක එකතු කළ කෘත්‍රිම සෝස් වර්ග, රසකාරක වැනි ශරීරයට අතිශයින්ම අහිතකර නිෂ්පාදනවලින් බැහැරව මෙවැනි ඖෂධ ගුණ ඇති අපේම ස්වභාවික කුළු බඩු පරිභෝජනයට හුරු වීම මඟින් දේශීය ගොරකා නිෂ්පාදකයා හට මනා අත්වැලක් ලබා දෙනවා මෙන්ම, අනාගත දරු පරපුර ද නීරෝගිමත් කර ගත හැකියි. පරිසරයටත් ඉහළින් යන මිනිසුන් සිටින රටක මෙවැනි ස්වාභාවික සම්පත් විනාශ වී යා හැකිය. එබැවින් සුරබි දෙනක් වැනි මේ ස්වභාවික සම්පත තවදුරටත් වැඩිවර්ධනය කර පෝෂණය කිරිම අපගේ යුතුකමකි. එය අපගේ අනාගත පරපුරට පිදෙන අමිලවු දායාදයකී.
විශ්වය යනු අප ජීවත්වෙන ලෝකය වුවත් එය විශාල අවකාශ යන්ගෙන් මෙනම සීමා මායිම් නොපෙනෙන ඉමක් කරා විසීරී ඇති පෙනෙන සහ නෙපෙනන එක් එක් බලව
විශ්වය යනු අප ජීවත්වෙන ලෝකය වුවත් එය විශාල අවකාශ යන්ගෙන් මෙනම සීමා මායිම් නොපෙනෙන ඉමක් කරා විසීරී ඇති පෙනෙන සහ නෙපෙනන එක් එක් බලවේගයන් ගෙන් ගහන ස්ථායක් වශයෙන් හැදින් වුවද වරදක් නැත.එසේම මේ ලොවට බිහිවූ විස්තර බලන්න See >>
දෙවන ලෝක යුධ සමයේ හිරෝෂීමා සහ නාගසාකි යන ජපානයේ ප්‍රධාන නගරයන් දෙකට පරමාණූ බෝම්බ හෙලීමෙන් අනතුරැව එම අවශ්ථාවේදීම ලක්ෂ ගනනින් ජපන් ජාතිකයින් ජීවිතක්ෂයට පත්වුයේ ශරිරයේ කෙටස්ක්වත් සොයා ගැනීමටය නොහැකි වන පරිද්දෙනි. විස්තර බලන්න See >>
මුරැංගා බෙහෙත් කරල් ලබා ගැනීම සදහා
Sell Moringa Capsules, in Sri Lanka
ශ්‍රී ලංකා කුරැදු ගසේ සියලුම කොටස් සදහා අමතන්න
All Part of Cinnoman Tree, in Sri Lanka
කරවිල ශාකයෙන් නිපදවා ඇති බෙහෙත් කරල් ලබා ගැනීම සදහා
Sell bitter gourd Capsules, in Sri Lanka
එස් නීල් රැපස් සිල්වා හොරගොල්ල දීපශිකා එල්ලේ කණ්ඩායමS Neel Rupas Silva Horagolla Deepasika
සිරිල් පෙරේරා දංකොටුව සුහද එල්ලේ කණ්ඩායම
Sril Perera Dankotuwa Suhada Elle Team
එස් රංජිත් සිල්වා හොරගොල්ල දීපශිකා එල්ලේ කණ්ඩායම
S Ranjith Silva Horagolla Deepasika Elle Team
මුරැංගා බෙහෙත් කරල් ලබා ගැනීම සදහා Sell Moringa Capsules, in Sri Lanka
කරවිල ශාකයෙන් නිපදවා ඇති බෙහෙත් කරල් ලබා ගැනීම සදහා Sell bitter gourd Capsules, in Sri Lanka
ශ්‍රී ලංකා කුරැදු ගසේ කොටස් සදහා අමතන්න Cinnoman Tree, in Sri Lanka
ඉඩම සහ නිවස මිලදී ගැනීම සහ විකුනා ගැනීම සදහා
Bye and sell
ඉඩම මිලදී ගැනීම සහ විකුනා ගැනීම සදහා
කැන්ගන් වතුර මැෂින් ලබා ගැනීම සදහා
Bye and sell Water Filter, in Sri Lanka
Sport Of Sri Lanka Elle
Designed by S J Copy write 2013 ©Sri Lanka Elle All rights reserved
පරිගණක අපරාධයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂ ණ දෙපාර්තමේන්තුවේ 011-2380380 හෝ 011-2422176 යන දුරකථන අංක වෙත පැමිණිලි කිරීමේ හැකියාව මහජනයාට පවතින බව මතක තබාගන්න.