ඇඹුල් රසයෙන් අනූන ගොරකා මුළුතැන්ගෙයට නම් නැතුවම බැරි කුළුබඩු වර්ගයක්. ආහාර පිසීමේදී රස කාරකයක් ලෙස මෙන්ම ආහාර කල්තබා ගැනීම් සහායකයක් ලෙසද ගැමි ජන භාවිතයේ ගොරකා ප්‍රසිද්ධියක් උසුලයි. ගොරකා ප්‍රභේද රත් ගොරකා, මල ගොරකා, එළ ගොරකා, රට ගොරකා යනාදී වශයෙන් 4 ක් වුවද ප්‍රධාන වශයෙන් එළ ගොරකා සහ රත් ගොරකා පමණක් ආහාර පිළියෙල කර ගැනිම සඳහා භාවිතා කරයි. මල ගොරකා ආහාර සඳහා යොදා නොගන්න අතරම රට ගොරකා පලතුරක් ලෙස භාවිතා කෙරේ.
ඉහළ ආර්ථික වටිනාකමක් ඇති ගොරකා කිසිදු වියදමක් නොදරා පළ නෙලා ගත හැකි බෝගයකි. එය ආහාර රුචිය වඩවා බඩගින්න ඇති කරවන ඖෂධයකි. වියළා ගත් ගොරකා ලෙල්ල ආහාරයට මෙන්ම ඖෂධ පිණිසද යොදා ගනී.උෂ්ණ ගුණයෙන් යුතු ගොරකා හදවත් රෝග සඳහා යෝග්‍ය වේ. රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරගැනිම සඳහාද ගොරකා යොදා ගත හැක. අර්ශස් හා පණු රෝග සඳහාද ගොරකා ප්‍රත්‍යක්ෂ ඖෂධයකි. දිනපතා ආහාරයට ගැනීමෙන් ශරීරයේ බර වැඩි වීම පාලනය කරගත හැකිවේ.
තවද එදිනෙදා ජීවිතයේදී විවිධ ප්‍රයෝජන සඳහා ගොරකා යොදා ගනී. මස් මාළු පිළියෙල කිරීමේදී ඇඹුල් සඳහා මෙන්ම ජාඩි පිළියෙල කිරීම සඳහාද ගොරකා බහුලව යොදාගනු ලැබේ. ගොරකා ලෙලි සමඟ සුදු ළුණු බඳුනක දමා ආලෝකය නොවදින සේ තැබීමෙන් සුදු ළුෑණු බොල් නොවී කල් තබාගත හැක.
ප්‍රකට අත් බෙහෙත් සඳහාද ගොරකා යොදා ගනී.
* බුලට් යෙදූ ලැයිස්තු අයිතමය
ගොරකා පළු තැම්බු වතුරට ලුණු ස්වල්පයක් දමා කකුල් සේදීමෙන් ඇගිලි කරු කැසීම් සඳහා ගුණ දේ.
* බුලට් යෙදූ ලැයිස්තු අයිතමය
උගුරේ අපහසුවට ගොරකා පළු ගම්මිරිස් ඇට, ලූනු සමව ගෙන අඹරා පොට්ටනි බැඳ කටේ තබා කෙළ ගිලින්න.
* බුලට් යෙදූ ලැයිස්තු අයිතමය
වියළි ගොරකා බික්, ලූනු ස්වල්පයක් සමඟ තලා තැල්ම ඇති ස්ථානයේ තබා බැඳීමෙන් තැල්මට ගුණ දේ.
* බුලට් යෙදූ ලැයිස්තු අයිතමය
දරුණු තැල්ම සඳහා වියළි ගොරකා පළු, අමුකහ, ලුණු දියරයෙන් අඹරා ආලේප කිරීම කල හැක.
එදා ගරා යකුම් යාගයේ අයිලයක් සෑදීමට යොදා ගත්තේ ගොරක අතුය. මේ නිසා අපේ ගම්වල මිනිසුන් ගොරක ගහ ළඟින් ගියේ මද බියකිනි. එහි යම් භූත බලවේගයක් ඇතැයි ඔවුන්ගේ විශ්වාසයක් පැවැතුණි. ගමේ කොල්ලො කුරුට්ටන්ට නම් ඉදී වැටුණ ගොරක ගෙඩියේ රත් පැහැති මදය රසවත් කෑමකී. කහ පැහැයෙන් සහ මද රත් පැහැයෙන් යුතු හොඳින් ඉදී වැටුණු ගොරක ගෙඩි පලා අව්වේ වේළා ලුණු මිශ්‍ර කර ඇසුරූ කට බැඳි මුටිටිය එදා අහර රස කරමින් හා මුළු පවුලටම නිරෝගිකම ලබාදෙමින් වැඩසිටියේ ගමගෙදර ළිප මුල්ලේ ය. එහෙත් අද ගොරක තිබෙන්නේ සුපිරි වෙළෙඳ සැල්වලය.වර්තමානයේ ගොරකා වෙළෙඳ පොළට ඉදිරිපත් කරන ආකාර එකිනෙකට වෙනස්ය පේස්ට් ගොරක තේ යනාදි වශයෙන් කුඩා බහලුම්වලය.
ගාර්සීනියා කැම්බොජියා නොහොත් ගොරකා (සිංහල භාෂාවෙන්) දෙමළ බසින් කොඩුක්කායිප්පපුලි නම් වෙයි. කුඩා සහ මධ්‍යම ප්‍රමාණයෙන් යුතු සෙවණ සහිත සිරස් අතට නමා වැටෙන අතුපතරින් ගහණ ශ්‍රී ලංකාවේ නිවර්තන වැසි වනානතර වල දක්නට ලැබෙන ගසකි.
ගොරක ගසේ ආරම්භය ඉන්දියානු උප මහද්වීපයෙන් පටන්ගෙන මලයාසියාව බුරුමය සහ තායිලන්තය දෙසට පැතිර ගොස් ඇති බව සඳහන්ය. බහු වාර්ෂික වන ගොරක ගසේ ඵලදාව වසරකට දෙවරක් ලබාදෙයි. දිය නොරදන පොළොවෙහි වැඩීමට කැමැත්තක් දක්වයි. පෙබරිවාරි සිට අප්‍රේල් දක්වා සුදු මලින් සැරැසෙන ගොරක ගස දිලිසෙන පත්‍ර සහිත සෞන්දර්යාත්මක වටිනාකමකින් යුක්තය. ෆ්ලොරිඩාව ඇමරිකා එක්සත් ජනපදය සහ ඔස්ට්‍රෙලියාව වැනි රටවල ජනප්‍රිය පලතුරකි.
ඈත අතීතයේ සිටම ශ්‍රී ලංකා වාසින් කෑම පිසිමේ දී ගොරකා යොදා ගත්තේ ආහාර සුරක්ෂිතකරණය සහ එහි ඇති ලෙඩ සුවකිරීමේ ගුණය කෙරෙහි ඔවුන්ගේ තිබු දැඩි විශ්වාසය නිසාය. අමු ගොරක ගෙඩියෙහි ආම්ලික ඇසිඩ් බහුල ය. ගොරකා ගෙඩියෙහි ශරීරයට අවශ්‍ය පෝෂණ ගුණ ගණනාවකී. කැල්සියම් හයිෙඩ්රාක්සිට්රිික් ඇසිඩ් විටමින් සී ෆයබර් සහ ජලය අඩංගුය. ස්ථුල භාවය අඩු කිරීම ශරීරයේ මේදය පුලුස්සා දැමීම බර අඩුකිරීම හා වේදනාව සමනය කිරීම යනාදි වශයෙන් ගුණ ගණනාවකී. ගොරකා වල සීනි සහ කැලරිස් අඩංගු නොවීම ද සුවිශේෂ ලක්ෂණයකී. එහි ඇති හයිෙඩ්‍රා්රෝලක්සිසිට්‍රික් ඇසිඩ් ශරීරයේ වැඩි කොලොස්ටරෝල් මට්ටම අඩු කරයි. දියවැඩියාවට අදාළ ලේවල ඇති සීනි ප්‍රමාණය පාලනය කරයි. ජීරණ පද්ධතිය ක්‍රමවත් කරයි. පිළිකා ශෛල වර්ධනය සහ ශරීරය පුරා පැතිර යාම ද වළක්වයි. ශරීරයේ ඉදිමුම සහ දැවිල්ල ඇති අවස්ථාවලදී සහනය ලබාදීමට උපකාරිවෙයි.
දේශිය ආයුර්වේදයෙහි ද ගොරක ගෙඩිය පමණක් නොව ගසේ පස් පංගුවම රෝග නිවාරණයට අවශ්‍ය බව සඳහන් වේ. විෂබිජ නාශකයක් හැටියට ද සැලැකේ . ආහාර දිරවීමට මෙන්ම සන්ධි රෝග සහ ගර්භාෂ රෝග සුව ප්‍රතිකාර සදහා ද යොදා ගැනේ. විදුරු මස් දියවීම බඩවැලේ ආබාධ, වණ සහ තුවාල යනාදිය සුවකිරීමට ගොරකා යුෂ ද කැඩුම් බිඳුම් ප්‍රතිකාරවල දී ගොරකා කොළ පොතු සහ මල් ද යොදා ගැනේ.
නව විද්‍යාත්මක පර්යේෂණවලට අනුව ශරීරරයේ බර අඩුකිරිමට විෂ ඉවත් කිරිමට සහ තරුණකම රැකගැනීම යනාදියට ගොරකා ගුණාත්මක ඖෂධයකී. පශු වෛද්‍ය ප්‍රතිකාර සඳහාද ගොරක උපයෝගි කරගන්නා බව ද කියැවේ. ගොරක කිරි සහ යෝගට් සඳහා ආරක්ෂක ද්‍රව්‍යයක් හැටියට ද යොදා ගැනේ.
මේ අතර විදෙස් රටවල් ගණනාවක් දියුණු තාක්ෂණය යොදා ගනිමින් ගොරකා කැප්සුල් ගොරක පෙති සහ දියර වශයෙන් නිපදවා අපනයන වෙළඳපොළ ජයගෙන ඇත. ශ්‍රී ලංකාවේ කුඩා සහ මධ්යපම ප්‍රමාණයක් ව්‍යවසායකයන් ද දැනටමත් මේ වටිනා ගොරක ගෙඩි වියළි සහ සැකසු නිෂ්පාදන වශයෙන් අපනයනය කිරීම ආරම්භ කර ඇත. මෙයට අමතරව ගොරකා පේස්ට් ගොරකා පිටි සහ ගොරකා තේ වශයෙන් ද අපනයනය කෙරෙන අතර ඒවා දේශීය වෙළෙඳ පොළෙහි ද දැකගත හැකිය.
අතීතයේ ගොරක යනු ගමේ සැඟවී තිබු ස්වාභාවික සම්පතකී. වර්තමානයේ ආහාරයක් ඖෂධයක් පමණක් නොව අපනයන භාණ්ඩයකී. රටට විදේශිය විනිමය ගෙන දෙයි.
පරිසරයටත් ඉහළින් යන මිනිසුන් සිටින රටක මෙවැනි ස්වාභාවික සම්පත් විනාශ වී යා හැකිය. එබැවින් සුරබි දෙනක් වැනි මේ ස්වභාවික සම්පත තවදුරටත් වැඩිවර්ධනය කර පෝෂණය කිරිම අපගේ යුතුකමකි. එය අපගේ අනාගත පරපුරට පිදෙන අමිලවු දායාදයකී.
(තොරතුරු සහ මුලාශ්‍රය අන්තර් ජාලය ඇසුරෙනි)
ශරීරයට බොහෝ සේ ගුණ දෙන ඖෂධීය ගුණ පිරි ගොරකා (ක්ලූසියාසියේ)Clusiaceae ශාක පවුලට අයත් (ගාර්සීනියා ගුම්මි ගුටා) Garcinia gummi-gutta යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන ගොරකා ශ්‍රී ලංකාවේ පහතරට තෙත් කලාපයේ සරුවට වැඩෙන බෝගයකි. වැඩුණු ගසක් අඩි 50-60 පමණ උසකින් යුක්ත වන අතර, මෙම ශාකයේ විශේෂත්වය නම් ස්ත්‍රී පුරුෂ මල් දෙවර්ගයම එකම ශාකයේ හට ගැනීමයි. ගැහැනු මල පිරිමි මලට වඩා විශාලය. ගොරක ශාකයේ මල් හට ගැනීම සිදු වන්නේ පෙබරවාරී සහ මාර්තු මාසවලය. පෙබරවාරි මාර්තු මල පිපිණු විට පත්‍ර හැලෙයි. අතු අග පෙති හතරක් සහ රේණු රාශියකින් යුක්ත මල් කුඩයක හැඩය ගැනීම ද, පිරිමි මල් තුනක් හතරක් එකම කුඩයක හැඩයෙන් ගෙඩිය හටගනී.
නාග කේසර (Guttiferae) කුලයට අයත් ගොරකා ප්‍රභේද හතරකි. මල ගොරකා, රතු ගොරකා, රට ගොරකා, එළ ගොරකා ලෙස ඒවා හඳුන්වනු ලබන අතර රතු ගොරකා සහ එළ ගොරකා ආහාර රසවත් කිරීමට යොදා ගනියි. රතු ගොරකා ඉදුණු විට රත් පැහැ ගන්නා අතර ඇතුළත මදය ද රත් පැහැති ය. ඉදුණු ගොරකා ඵලය කහ පැහැති වන අතර මදය කහ මිශ්‍ර සුදු පැහැයක් ගනියි. මෙම ගොරකා වර්ග දෙකෙහිම මද, පලතුරක් ලෙස ද ආහාරයට ගනියි.
ගොරකා ප්‍රධාන වශයෙන් ඇඹුල් රසයෙන් යුක්ත වන අතර ඒ තුළ විටමින් සී බහුලව අන්තර්ගතය. ඊට අමතරව ජලය, ටාටරික් අම්ලය, පොටෑසියම් හා විවිධ විටමින් වර්ග රාශියක් මේ තුළ අඩංගු වේ. උෂ්ණ ගුණයෙන් සහ සැහැල්ලු ගුණයෙන් යුතු ගොරකාවල විස්මිත ගුණ එදිනෙදා ජීවිතයේදී වඩාත් ප්‍රචලිතව ඇත්තේ කුළුබඩුවක්, ආහාර රසකාරකයක් සහ ආහාර පරික්ෂකයක් ලෙසයි. ඊට අමතරව විශ්මිත ඖෂධීය ගුණයන් රාශියක් මේ මඟින් ශරීරයට ලබා දෙයි.
පුරාණ ග්‍රන්ථ අනුව චරක නම් මහා ඍෂි වරයෙකු පවසා ඇත්තේ හදවතට හිතකර දිව්‍යමය ආහාර දහයක් ඇති බවත්, ගොරකා ද ඉන් එකක් බවත්ය. ආයුර්වේදයේ දී රෝග ප්‍රතිකාරක සඳහා මෙහි පංචාංගයම යොදා ගන්නා බව ද කියැවේ.
රුධිරගත කොලෙස්ටරෝල් පාලනයටත්, හදවතේ ධමනි තුළ කොලෙස්ටරෝල් තැන්පත් වීම වළකාලීමටත් ගොරකා මහෝපකාරී වේ. මෙමඟින් සිරුර තුළ සංසරණය වන ලිපිඩ ප්‍රමාණය අඩු කිරීම නිසා රුධිරගත කොලෙස්ටරෝල්වල අහිතකර LDL කොලෙස්ටරෝල් අඩු වී, හිතකර HDL වර්ධනය වන බව කියැවේ. එමෙන්ම මෙමඟින් ශරීරයේ පරිවෘත්තිය ක්‍රියා කාර්යක්ෂම වී ප්‍රතිශක්තිකරණය ශක්තිමත් වේ. රෝගාබාධ හා ආසාදනවලට එරෙහිව ක්‍රියාත්මක වී උණ, සෙම්ප්‍රතිශ්‍යාව වැනි සාමාන්‍ය රෝග වැළැක්වීමට හෝ ඉක්මනින් සුවපත් කිරීමට උපකාරී වේ. ආහාර රුචිය වර්ධනය කරන අතර ඉදිමුම්, දැවිලි, සන්ධි රෝග සමනය කරයි. ගොරකා ගර්භාෂ රෝගවලට ගුණදායක වන අතර විදුරුමස් රෝගවලට ද හිතකර වේ.
තරබාරුකම දුරු කිරීම සහ අනවශ්‍ය මේද දහනය ද ගොරකා මඟින් ලැබෙන ප්‍රධාන ප්‍රතිලාභයන් ය. මෙමඟින් ඔබට සිහින් සිරුරක් ලබා ගැනීමට අනිවාර්යයෙන්ම හැකි වන අතර, ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරීත්වයට, ආහාරවල විෂ සමනයට, බඩවැල්වල පිළිකා වැළැක්වීමට මෙන්ම බිඳුණු අස්ථි ඉක්මනින් සුවපත් කිරීමට ද ගොරකා උපකාරී වේ. කැඩුම් බිඳුම් සඳහා ප්‍රතිකාර කිරීමේ දී ගොරකා පොතු සහ මල් යොදාගන්නා අතර වකුගඩුවල ඇති ගල්, කැබලි කිරීමේ ශක්තිය ද ගොරකා සතු ය. රුධිරගත සීනි මට්ටම අඩු කිරීමට ද ගොරකා උපකාරී වේ. එමෙන්ම ශරීරයේ තැල්මට ද ගොරකා ප්‍රත්‍යක්ෂ ඖෂධයකි.
රක්තවාතය, වණ, බඩවැල්වල රෝග සහ සත්ව රෝග සඳහා ද ඖෂධ සැකසීමට ගොරකා යොදා ගනියි.
බලයා, කෙලවල්ලා වැනි සැර මාළුවලින් ඇති විය හැකි අසාත්මිකතා වැළැක්වීමට, ඒවායේ ඇති හිස්ටමින් නැමැති රසායනය ගොරකා මඟින් 80%කින් උදාසීන කරන බව සොයා ගෙන ඇත.
මීට අමතරව දේශීය කෙම් ක්‍රම සහ ශාන්ති කර්ම සඳහා ද ගොරකා යොදා ගනු ලබයි. කිරි පට්ටි හිමි ගොවියන් තමන්ගේ පට්ටියේ කිරි දෙනුන් නිරන්තරයෙන්ම අසනීපවලට ගොඳුරු වන විටත්, දෙනුන්ගෙන් ලැබෙන කිරි ප්‍රමාණය අඩු වන විටත් විවිධ කෙම් ක්‍රම භාවිත කරයි. තමන්ගේ ගව පට්ටියට ඇතුළුවෙන ස්ථානයේම 'ගොරක' පැළයක් සිටුවීම ද මේ කෙම් ක්රමයකි. මේ සඳහා ගොරක පැළයක්ම තෝරා ගන්නේ විශේෂ හේතුවක් නිසාය. ගොරක විසන්ධි කළ විට 'ගෝ+රක' ලෙස යෙදේ. එහි අර්ථය ගවයන් රකින්නා යන්නයි. ගැමි විශ්වාසය අනුව ගවයන් රකින්නේ ගොපලු දෙවියාය. ගොපලු දෙවියන් වැඩ වාසය කරන ගොරක ගසක් ගව පට්ටියට ඇතුළු වෙන තැනම සිටුවීමෙන් එම ගසට ගොපලු දෙවියන් වැඩ තම ගව පට්ටිය ආරක්‍ෂා කරයි යන විශ්වාසය ගැමියා තුළ වෙයි.
ආයුර්වේදයේ දී ගොරකාවල පංචාංගයම භාවිතයට ගන්නා අතර එදිනෙදා ජීවිතයේ දී ගොරකා ගෙඩිය පළා, අව්වේ වියළා ආහාර රස කිරීමට යොදා ගනු ලබයි. මාළු ඇඹුල් තියල්, පොළොස් ආදී ව්‍යාංජන රසවත් කිරීමට ගොරකා අත්‍යවශ්‍ය ය. ගොරකා මදවලින් තෙල් සිඳ ගැනීමෙන් ඒවා ඖෂධයක් ලෙස භාවිතයට ගනු ලබයි. පානයක් ලෙස ද ගොරකා පිළියෙළ කර ගත හැකි අතර එය ඔබට නිවසේ දී ම සිදු කරගත හැකි ය.
නීරෝගී ජීවිතයක් පිළිබඳ සිහින මවනා එහෙත් කාර්යබහුල ජීවන රටාව තුළ බොහෝ විට ඔබ මඟහරින අපගේ කුළුබඩු වෙනුවට ඔබ රසකාරක විෂ කාරක එකතු කළ කෘත්‍රිම සෝස් වර්ග, රසකාරක වැනි ශරීරයට අතිශයින්ම අහිතකර නිෂ්පාදනවලින් බැහැරව මෙවැනි ඖෂධ ගුණ ඇති අපේම ස්වභාවික කුළු බඩු පරිභෝජනයට හුරු වීම මඟින් දේශීය ගොරකා නිෂ්පාදකයා හට මනා අත්වැලක් ලබා දෙනවා මෙන්ම, අනාගත දරු පරපුර ද නීරෝගිමත් කර ගත හැකියි.
මොනිකා ඉලංගසිංහ
මෙම ගොරකා ශාකය පර්භේද තුනකි. එනම්, මල ගොරකා (kokum – butter oiltree) රතු ගොරකා හා එළ ගොරකා නම් වේ. මෙහිදී රතු ගොරකා හා එළ ගොරකා ආහාර ව්‍යාංජන රසවත් කිරීමට ගනු ලබයි.
රතු ගොරකා ඉදුණු විට රතුපාටින් යුක්ත වන අතර ඇතුළ මදය රතුපාට වේ. එළ ගොරකා ඉදුණු විට කහපාට වන අතර ඇතුළමදයට කහ මිශරිත සුදුපාට වේ. ඇඹුල් රසින් යුතු ගොරකා වල විටමින් "සී" බහුලව අඩංගු වී ඇත. එයට අමතරව ටාටරික් අම්ලය, ජලය, පොටෑසියම් ආදී විවිධ විටමින් වර්ගත් අඩංගුය. උෂ්ණ ගුණයෙන් හා සැහැල්ලු බවින් යුතුය.
ආයුර්වේදයට අනුව ගොරකා කුසගින්න වඩවන, හෘදයට හිතවත් ආහාර රුචිය ඇති කරවන, මලපහ හොඳින් පිට කිරීම පහසු කරවන ශාකමය ඔසුවකි.
ශරිරයේ බර අඩු කරනවා.
ශරිරයේ අධික බර සැහැල්ලු කරන ඖෂධයක් ලෙස ගොරකා ලොව පුරා ප්‍රසිද්ධියක් උසුලයි. දිනකට ගොරකා මිලිග්රෑම් 500ක් පමණ සති අටක්. දහයක් කෑමට පැය 1/2 පෙර උණුවතුර සමග පානය කිරිමෙන් ශරිර බර අඩුවේ. කෑමට පෙර ගොරකා තම්බා බිමෙන් ආහාර රුචිය අඩුවේ.මෙහිදි වන්නෙ රුධිරයේ කොලෙස්ටරෝල් සාන්ද්‍රනය අඩු විමයි. මේ නිසාද ශරිර බර අඩුවිමද සිදුවේ.
ගොරකා ආහාරයට එක්කර ගැනිමෙන් ආමාශ බිත්තියේ ඇති ශලේෂ්ම පටලය ආරක්ශා වෙනවා. ගොරකා වැඩිපුර ආහාරයට එක්කරගත් විට වන්නේ වැඩිපුර මේද සෑදිම අඩු කිරිමයි. මේ නිසා කොලෙස්ටරෝල් හැදෙන ප්‍රමාණය අඩු වෙනවා.එ වගේම මේදය අවශෝෂණයත් අඩු වෙනවා. එවිට තරබාරු විම, හෘද රෝග හා කොලෙස්ටරෝල් අධික විමෙන් ඇතිවන අබාධ අඩු කරනවා. ශරිරයේ ප්‍රතිශක්තිකරණ ක්රිනයාවලිය ශක්තිමත් කිරීමේ බලය ගොරකා සතුව පවතින බවට පර්යේෂණ කටයූතුවලින් සොයාගෙන ඇත එනිසාම පිළිකා හැදීමේ ප්රපවණතාවය අඩු වෙනවා.
ආසාත්මිකතා
මාළු ඇඹුල් තියල් හදන විට ගොරකා අඔරා එයට මිශ්‍ර කරනවා. ගොරකාවලින් බලයා, කෙළවල්ලා වැනි සැර මාළුවල ඇති හිස්ටමින් නම් රසායනිකය 80%ක් පමණ උදාසින කරනවා එම නිසා එම මළු ආහාරයට ගැනිමෙන් ඇතිවිය හැකි ආසාත්මිකතා වළක්වනවා. ගොරකා වැඩිපුර ආහාරයට ගැනිමෙන් රුධිරයේ ඇති ග්ලුකොස් අක්මාව තුළදී ග්ලයිකොජන් වශයෙන් තැන්පත් වෙනවා. ලේවල සීනි ප්‍රමාණය අඩු වෙනවා. මේනිසා දැනටමත් දියවැඩියාව ඇති රෝගින් සදහා ප්‍රතිකාර ගන්නා රෝගින් වැඩිපුර ගොරකා මිශ්‍ර ආහාර ගැනිමෙන් වළකින්න.
============
ගොරක චූර්ණය ගෙදරදී හදාගන්නේ මෙහෙමයි
අවශ්‍ය ද්‍රව්‍ය – ගොරක ග්‍රෑම් 60. කරපිංච අමු (ග්‍රෑම් 7 යි. ඉඟුරු (අමු) ග්‍රෑම් 7 යි. වියළි කොත්තමල්ලි ග්‍රෑම් 7 යි. සූදුරු ග්‍රෑම් 7 යි. මාදුරු ග්‍රෑම් 7 යි. සුදුළුනු ග්‍රෑම් 7 යි.
ගොරක හොඳින් තම්බා වතුර පෙරා හැර වංගෙඩියක දමා කොටන්න. ඉන් පසු ඉතිරි සියලු ද්‍රව්‍ය එයට දමා කොටන්න. මෙය තුනී තලපයක් වූ පසු ග්‍රෑම් 5 ගුලි ලෙස ගුලිකර උදේට එකක් හිස්‌බඩ ගෙන උණුවතුර පානය කරන්න. රාත්‍රි ආහාරයට පෙර එවැනි ම ගුලියක් ගන්න. උණුවතුර බොන්න. මාස 3 ක් මෙය කර ප්‍රතිඵල ලබා ගන්න.
ගොරක චූර්ණය ගැන කීමට පෙර ගොරක චූර්ණය ගැන කීමට පෙර තරබාරුව කියන්නේ මොකද්ද කියලා අප හඳුනාගත යුතුයි. තරබාරුව තිබෙනවා වර්ග කිහිපයක්. පළමුවැන්න තමයි උපතින් එන තරබාරුව. මෙය සුව කරන්නට බැහැ. එය ඒ තැනැත්තාගේ හෝ තැනැත්තියගේ ජානමය පිහිටීමයි. ඊළඟ තරබාරුව හටගන්නේ අවිධිමත් ආහාර නිසා හටගන්නා තරබාරුවයි. සමහරු කන්න පටන් ගත්තම උදේ සිට රෑ වනතුරුම කනවා. බොනවා. මේ තමයි අවිධිමත් ආහාර සම්ප්‍රදාය. මේ තරබාරුව සුව කරන්න පුළුවන්.
මහනුවර ගන්නෝරුවේ වසර සිය ගණනක් පැරණි මුහන්දිරම් වෙද පෙළපතට අයත් සමන් රන්ජන් මුහන්දිරම් ගොරක සහ එහි ඖෂධීය ගුණය සම්බන්ධයෙන් වැඩිම පර්යේෂණ ප්‍රමාණයක් කළ තනි පුද්ගලයා විය යුතුය. ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අධ්‍යාපන සහ ආරෝග්‍යශාලා මණ්‌ඩලයේ අධ්‍යාපන කමිටු සාමාජිකයකු වන ඔහු මෑතකාලීන යුගයේ මුල් වරට ශාකසාර ආශ්‍රයෙන් පළිබෝධ සහ කෘමි මර්දනයක් සෑදූ පුද්ගලයාය.
කොහොඹ ඇට සහ කොළ මගින් ඔහු නිපදවන ලද පළිබෝධ සහ කෘමි මර්දනය ඕනෑම වගාවක් සඳහා යෙදවිය හැකි අතර එමගින් කෘමියා මිය නොයන බවත් කෘමියා පලායැම හෝ පලිබෝධය ශාකය මතින් ඉවත් වීම පමණක් සිදුවන බව ඔහු සඳහන් කරයි. අද මේ අරඹන මේ ලිපි පෙළ මගින් අප සාකච්ඡා කරන්නේ ශාකසාර ඖෂධ ක්‍ෂේත්‍රය තුළ ඔහු කළ පර්යේෂණ සහ ඒවා තුළින් විවිධ රෝගාබාධ සඳහා ඔහු සොයාගත් ප්‍රතිකාරය.
ප්‍රශ්නය – මේ රටේ බෝ නොවන රෝග අතර ජනසමාජයට ඉතාම හානිදායක රෝග ලෙස ඔබ හඳුනාගෙන තිබෙන රෝග මොනවාද?
වෛද්‍ය මුහන්දිරම් – මේ අවස්‌ථාවේදී මා දකින්නේ ස්‌ථුලතාව, අධික රුධිර පීඩනය, කොලෙස්‌ටරෝල්, දියවැඩියාව යනාදිය ඉතාම ලොකු තර්ජනයක්‌ව තිබෙන බවයි. ඊට අමතරව පිළිකාව, ගැස්‌ට්‍රයිටිස් සහ ඇදුම/ හතිය වැනි ස්‌වසන රෝගත් තර්ජනකාරී ලෙස හිස ඔසවමින් තිබෙනවා. මේවා අතුරින් ඉතාම නරක දෙයක් තමයි ස්‌ථුලතාවය. ස්‌ථුලතාව නිසා ලෙඩ ගොඩක් හැදෙනවා.
ප්‍රශ්නය – ස්‌ථුලතාවට ප්‍රතිකාර වශයෙන් ශාකමය ඖෂධ තිබෙනවාද?
වෛද්‍ය මුහන්දිරම් – ඔව්. අපේ පරම්පරාවට අයත් පැරණි වෙද පොත්වල තිබෙනවා ගොරක යොදාගෙන රෝග සුවපත් කරන ක්‍රමයක්. ඔබ දන්නවද බටහිර ලෝකයේ එක්‌තරා වෛද්‍ය ක්‍රමයක් තිබෙනවා ගස්‌ලබු ගෙඩිය මූලික කරගෙන හදන ඖෂධ වර්ගවලින්ම පමණක් ලෙඩ සුවපත් කරන. උදාහරණයක් ලෙස භ්එමරදච්එයහ නමැති වෛද්‍ය ක්‍රමය ගත්තොත් ඒ ක්‍රමය අනුගමනය කරන සමහර වෛද්‍යවරු සම්පූර්ණයෙන්ම භාවිත කරන්නේ ගස්‌ලබු ගෙඩිය සහ එම ශාකයේ පස් පංගුවයි.
ඒ විතරක් නොවෙයි ඔවුන් ගස්‌ලබු කිරි යොදාගන්නවා. ඒ වගේ අපේ පරම්පරාවේ පැරණි වෙද පොත්වල තිබෙනවා ගොරක වලින් ගත හැකි ඉහළම ප්‍රයෝජන. අපේ පැරැන්නෝ තුන් වේලම හොඳට කෑවා. දවස පුරාම මහන්සි වෙලා වැඩ කළා. හැබැයි ඒ අය අසනීප වුණේ හුඟක් අඩුවෙන්. හේතුව ඔවුන් කාපු කෑම. ඒ කෑමවල කුලුබඩු හොඳට තිබුණා. කරපිංච, උළුහාල්, ගොරක යහමින් තිබුණා. අපේ පැරැන්නන් කෑම පිඟානේ තිබුණ කරපිංච ටික හොඳට හපලා කෑවා. ගොරක කෑල්ල හොඳට හපලා ගිල්ලා. මේ කුළුබඩු උදරය ඇතුළෙදි හොඳට ක්‍රියාත්මක වුණා.
ප්‍රශ්නය – ගොරක ගැන ඔබ පර්යේෂණ රැසක් කරන බව දැන ගන්නට ලැබුණා. පසුගිය කාලයේ ඔබ විසින් නිපදවන ලද ගොරක චූර්ණයට ඔබේ නමින් පේටන්ට් බලපත්‍රය තිබෙනවා. මොකද්ද මේ ගොරක චූර්ණය?
වෛද්‍ය මුහන්දිරම් – මෙහිදී මා වැදගත් යමක් කියන්නම්. මා මුදලට ප්‍රතිකාර කරන වෛද්‍යවරයෙක් නොවෙයි. අපේ ප්‍රතිකාර ක්‍රමය පැරණි සිංහල ක්‍රමයට අනුව නොමිලයේ කරන්නක්, ගොරක චූර්ණයට පේටන්ට් බලපත්‍රය ලබා ගත්ත මට ඒ වට්‌ටෝරුව හංගන්න වුවමනා නැහැ. ලෝකයේ හොඳම ගොරක හැදෙන්නේ ලංකාවේ සහ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ. මම ගොරක ගැන දීර්ඝ කාලයක් සායනික සහ රසායනාගාර පර්යේෂණ කරලා තිබෙනවා.
ඒ සියල්ලම කළේ දියුණු විද්‍යාත්මක ක්‍රමයටයි. මට ඒවට උදව් කළේ බටහිර දොස්‌තර මහත්වරුන් බව මේ වෙලාවේ ගෞරවයෙන් කිව යුතුයි. දේශීය වෛද්‍යවරු මට උදව් කළේ නැහැ. ගොරක චූර්ණය ගැන කීමට පෙර තරබාරුව කියන්නේ මොකද්ද කියලා අප හඳුනාගත යුතුයි. තරබාරුව තිබෙනවා වර්ග කිහිපයක්. පළමුවැන්න තමයි උපතින් එන තරබාරුව. මෙය සුව කරන්නට බැහැ. එය ඒ තැනැත්තාගේ හෝ තැනැත්තියගේ ජානමය පිහිටීමයි.
ඊළඟට තරබාරුව හටගන්නේ අවිධිමත් ආහාර නිසා හටගන්නා තරබාරුවයි. අපි අද කන්නේ පේස්‌ටි්‍ර. බොන්නේ පැණි රස කිරි පැකට්. නැත්නම් පැණි බීම. පාරේ යනකොට කිලෝමීටර් 10 ක් ඇතුළත පේස්‌ටි්‍ර කඩ 05 ක් තිබෙන තැන් දකින්න පුළුවන්. අම්මලා උදේ ඉස්‌කෝලේ යන දරුවන්ට දෙන්නෙ පේස්‌ටි්‍රයක් එක්‌ක කිරි පැකට් එකක්. සමහරු කන්න පටන් ගත්තම උදේ සිට රෑ වනතුරුම කනවා. බොනවා. මේ තමයි අවිධිමත් ආහාර සම්ප්‍රදාය. මේ තරබාරුව සුව කරන්න පුළුවන්.
මීට අමතරව ශරීරයේ මේද වර්ධනය වීම නිසාත් හටගන්නා තරබාරුවක් තිබෙනවා. මේ දෙකම ගොරක චූර්ණය මගින් සුව කළ හැකියි. කිලෝ 118 ක් බර කාන්තාවක්, ගොරක චූර්ණය මගින් මාස 3 ක් ඇතුළත කිලෝ 81 දක්‌වා අඩු කිරීමට අපට පුළුවන් වුණා. ඊට වඩා ඇගේ සිරුර කෙට්‌ටු කරන්න නරකයි. මන්ද එවිට ඇය රෝගී වීමට ඉඩ තිබෙනවා.
========
හදවතට ගුණ දෙන ඖෂධීය ගුණ පිරි ගොරකා
ගොරකා තතු
Clusiaceae ශාක පවුලට අයත් Garcinia gummi-gutta යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන ගොරකා ශ්‍රී ලංකාවේ පහතරට තෙත් කලාපයේ සරුවට වැඩෙන බෝගයකි. වැඩුණු ගසක් අඩි 50-60 පමණ උසකින් යුක්ත ය. මෙම ශාකයේ විශේෂත්වය නම් ස්ත්‍රී පුරුෂ මල් දෙවර්ගයම එකම ශාකයේ හට ගැනීමයි.
නාග කේසර (Guttiferae) කුලයට අයත් ගොරකා ප්‍රභේද හතරකි. මල ගොරකා, රතු ගොරකා, රට ගොරාකා සහ එළ ගොරකා ලෙස ඒවා හඳුන්වනු ලබන අතර රතු ගොරකා සහ එළ ගොරකා ආහාර රසවත් කිරීමට යොදා ගනියි.
රතු ගොරකා ඉදුණු විට රත් පැහැ ගන්නා අතර ඇතුළත මදය ද රත් පැහැති ය. ඉදුණු එළ ගොරකා ඵලය කහ පැහැති වන අතර මදය කහ මිශ්‍ර සුදු පැහැයක් ගනියි. මෙම ගොරකා වර්ග දෙකෙහිම මද, පළතුරක් ලෙස ආහාරයට ගනියි.
හදවතට ගුණ දෙන ඖෂධීය ගුණ පිරි ගොරකා-garcinia cambogia -www.herbalvoice.lk
ගොරකා වල අන්තර්ගතය
ගොරකා ප්‍රධාන වශයෙන් ඇඹුල් රසයෙන් යුක්ත වන අතර ඒ තුළ විටමින් සී බහුලව අන්තර්ගතය. ඊට අමතරව ජලය, ටාටරික් අම්ලය, පොටෑසියම් හා විවිධ විටමින් වර්ග රාශියක් මේ තුළ අඩංගු වේ. උෂ්ණ ගුණයෙන් සහ සැහැල්ලු ගුණයෙන් යුතු ගොරකා අතීතයේ සිට පැරැණ්ණන් රසකාරකයක් සහ ආහාර පරිරක්ෂකයක් ලෙස සිය ආහාර වේලට එක් කර ගත්තේ මෙහි ඇති ඖෂධීය ගුණය පිළිබඳ අවබෝධයෙන් විය යුතු ය.
ගොරකා වල විස්මිත ගුණ
එදිනෙදා ජීවිතයේදී ගොරකා වඩාත් ප්‍රචලිතව ඇත්තේ කුළුබඩුවක්, ආහාර රසකාරකයක් සහ ආහාර පරිරක්ෂකයක් ලෙසයි. ඊට අමතරව විශ්මිත ඖෂධීය ගුණයන් රාශියක් මේ මගින් අපේ ශරීරයට ලබා ගත හැකි ය.
චරක මහා ඉසිවරයා හදවතට හිතකර දිව්‍යමය ආහාර දහයක් හඳුන්වා දුන් බවත් ගොරකා ද ඉන් එකක් බවත් ඉපැරැණි පොතපතෙහි සඳහන් වේ. ආයුර්වේදයේ දී රෝග ප්‍රතිකාරක සඳහා මෙහි පංචාංගයම යොදාගන්නා බව ද කියැවේ.
රුධිරගත කොලෙස්ටරෝල් පාලනයටත්, හදවතේ ධමනි තුළ කොලෙස්ටරෝල් තැන්පත් වීම වළකාලීමටත් ගොරකා මහෝපකාරී වේ. මෙමගින් සිරුර තුළ සංසරණය වන ලිපිඩ ප්‍රමාණය අඩු කිරීම නිසා රුධිරගත කොලෙස්ටරෝල් වල අහිතකර LDL කොලෙස්ටරෝල් අඩු වී, හිතකර HDL වර්ධනය වන බව කියැවේ. එමෙන්ම මෙමගින් ශරීරයේ පරිවෘත්තිය ක්‍රියා කාර්යක්ෂම වී ප්‍රතිශක්තිකරණය ශක්තිමත් වේ. රෝගාබාධ හා ආසාදනය වලට එරෙහිව ක්‍රියාත්මක වී උණ, සෙම්ප්‍රතිශ්‍යාව වැනි සාමාන්‍ය රෝග වැළැක්වීමට හෝ ඉක්මනින් සුවපත් කිරීමට උපකාරී වේ. ආහාර රුචිය වර්ධනය කරන අතර ඉදිමුම්, දැවිලි, සන්ධි රෝග සමනය කරයි. ගොරකා ගර්භාෂ රෝග වලට ගුණදායක වන අතර විදුරුමස් රෝග වලට ද හිතකර වේ.
හදවතට ගුණ දෙන ඖෂධීය ගුණ පිරි ගොරකා-garcinia cambogia -www.herbalvoice.lk
ශරීරයේ තරබාරු බව අඩු කරයි
තරබාරුකම දුරු කිරීම සහ අනවශ්‍ය මේද දහනය ද ගොරකා මගින් ලැබෙන ප්‍රධාන ප්‍රතිලාභයන් ය. මෙමගින් ඔබට සිහින් සිරුරක් ලබාගැනීමට අනිවාර්යයෙන්ම හැකි වනු ඇත. ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරීත්වයට, ආහාර වල විෂ සමනයට, බඩවැල්වල පිළිකා වැළැක්වීමට මෙන්ම බිඳුණු අස්ථි ඉක්මනින් සුවපත් කිරීමට ද ගොරකා උපකාරී වේ. කැඩුම් බිඳුම් සඳහා ප්‍රතිකාර කිරීමේ දී ගොරකා පොතු සහ මල් යොදාගන්නා අතර වකුගඩු වල ඇති ගල්, කැබලි කිරීමේ ශක්තිය ද ගොරකා සතු ය. රුධිරගත සීනි මට්ටම අඩු කිරීමට ද ගොරකා උපකාරී වේ. එමෙන්ම ශරීරයේ තැල්මට ද ගොරකා ප්‍රත්‍යක්ෂ ඖෂධයකි.
රක්තවාතය, වණ, බඩවැල්වල රෝග සහ සත්ත්ව රෝග සඳහා ඖෂධ සැකසීමට ගොරකා යොදා ගනියි.
බලයා, කෙලවල්ලා වැනි සැර මාළුවලින් ඇති විය හැකි ආසාත්මිකතා වැළැක්වීමට, ඒවායේ ඇති හිස්ටමින් නැමැති රසායනය ගොරකා මගින් 80%කින් උදාසීන කරන බව සොයාගෙන ඇත.
මීට අමතරව දේශීය කෙම් ක්‍රම සහ ශාන්තිකර්ම සඳහා ද ගොරකා යොදා ගනු ලබයි.
හදවතට ගුණ දෙන ඖෂධීය ගුණ පිරි ගොරකා-garcinia cambogia -www.herbalvoice.lk
ගොරකා භාවිත කළ හැක්කේ කොහොම ද?
ආයුර්වේදයේ දී ගොරකාවල පංචාංගයම භාවිතයට ගන්නා අතර එදිනෙදා ජීවිතයේ දී ගොරකා ගෙඩිය පලා, අව්වේ වියළා ආහාර රස කිරීමට යොදා ගනු ලබයි. මාළු ඇඹුල්තියල්, පොළොස් ආදී ව්‍යාංජන රසවත් කිරීමට මෙම ගොරකා අත්‍යවශ්‍ය ය. ගොරකා මද වලින් තෙල් සිඳ ගැනීමෙන් ඒවා ඖෂධයක් ලෙස භාවිතයට ගනු ලබයි. පානයක් ලෙස ද ගොරකා පිළියෙළ කරගත හැකි අතර එය ඔබට නිවසේ දී ම සිදු කරගත හැකි ය. මේ සඳහා අවශ්‍ය ක්‍රමවේදයන් පිළිබඳ තොරතුරු අන්තර්ජාලය ඇසුරින් ඔබට පහසුවෙන්ම ලබාගත හැකිය.
ගොරකා මගින් ලබාගත හැකි අනවශ්‍ය මේද දහනය, තරබාරු බව අඩු කිරීම සහ කොලෙස්ටරෝල් අඩු කිරීමේ හැකියාව ආදී විශ්මිත ප්‍රතිලාභ හේතුවෙන් වර්තමානය වන විට කාර්යබහුල ජීවන රටාවට ගැළපෙන පරිදි ගොරකා ආශ්‍රිතව නිපැයූ නිෂ්පාදනයන් ද වෙළඳපළ තුළ දක්නට ඇත. මේවා පහසුවෙන් භාවිත කළ හැකි පරිදි සකසා ඇති අතර ඖෂධීය ගුණයට කිසි ලෙසකින් හෝ හානි වීමක් ද සිදු නොවේ.
ගොරකා පේස්ට්
ගොරකා, ජලය, ලුණු සහ ආහාර පරිරක්ෂකයක් අඩංගු නිෂ්පාදනයකි. ආහාර පිසීමේ දී භාවිත කිරීමට පුලුවන. දියවැඩියාව පාලනයට, කොලෙස්ටරෝල් පාලනයට සහ අධික තරබාරු බව පාලනය කරමින් අනවශ්‍ය මේද දහනය කිරීමට උපකාරී වේ. නිවසේ දී පිළියෙළ කරගැනීමට මෙන්ම කාර්යබහුලත්වය අනුව මේවා වෙළඳපළින් මිල දී ගැනිමට ද හැකියාව ඇත.
ගොරකා චූර්ණය
මෙය අධික තරබාරු බව අඩු කිරීම සඳහා මහඟු ඖෂධයකි. අනවශ්‍ය ලෙස මාංශපේෂි වර්ධනය හේතුවෙන් ඇති වන තරබාරු බව අඩු කරන අතරම මෙය කොලෙස්ටරෝල් පාලනයට සහ දියවැඩියාව පාලනයට ද යොදාගත හැකි ය. ප්‍රතිලාභ ලැබීමට නම් අවම වශයෙන් අඛණ්ඩව මාස තුනක්වත් පරිභෝජනය කළ යුතු ය. සුපිරි වෙළඳසල් සහ දේශීය ඖෂධ අලෙවි කරන අලෙවිසල් ආදියෙන් මේවා මිල දී ගත හැකිවේ.
ගොරකා තේ
වර්තමානය වන විට වඩාත් ප්‍රචලිතව ඇති ඖෂධීය පානයන්ගෙන් එකකි. හරිත තේ හෝ කළු තේ සමඟ මිශ්‍රිත තේ බෑග් ලෙස බොහෝ විට මේවා වෙළඳපළ තුළ දක්නට ඇත. මේවායේ ද ප්‍රධාන ඉලක්කය වනුයේ තරබාරු බව දුරලා සිරුරේ හැඩය පවත්වා ගැනීමයි. ඊට අමතරව මානසික පීඩනය දුරු කිරීම ද, සිරුරේ සීනි මට්ටම පාලනය කිරීම ද, කොලෙස්ටරෝල් පාලනය කිරීම ද මෙමගින් සිදු වේ. බොහෝ විට මෙම නිෂ්පාදනයන් ඔබට මිල දී ගත හැක්කේ ඔසුසල් සහ සුපිරි වෙළඳසල් මගිනි.
හදවතට ගුණ දෙන ඖෂධීය ගුණ පිරි ගොරකා-garcinia cambogia -www.herbalvoice.lk
ගොරකා කරල්
ශරීරයේ අනවශ්‍ය මේදය දහනය කර ඔබට හැඩැති සිරුරක් ලබාදීම සදහාත් කොලෙස්ටෙරෝල් වැනි රෝගි තත්ව වලින් ඔබව ආරක්ෂා කිරීමත් උදෙසා නිපදවූ ගොරකා කරල්, දැන් වෙළදපොලේ පහසු මිලට විකිණීමට තිබේ. කෘතිම නිෂ්පාදන වලට තිත තබා මෙවැනි ස්වාභාවික නිෂ්පාදන වලට යොමු වීම තුලින් ඔබට සාර්ථක ප්‍රතිපල නිසැකවම ලැබෙනු ඇත.
ගොරකා භාවිතය අහිතකර විය හැකි අවස්ථා
ගොරකා වැඩිපුර ආහාරයට ගැනීමෙන් රුධිරයේ ඇති ග්ලූකෝස්, අක්මාව තුළ දී ග්ලයිකොජන් වශයෙන් තැන්පත් වේ. එම නිසා ලේ වල සීනි ප්‍රමාණය අඩු වේ. මේ නිසා දැනටමත් දියවැඩියාව රෝගය සඳහා ප්‍රතිකාර ගන්නා රෝගීන් වැඩිපුර ගොරකා යෙදූ ආහාර පරිභෝජනය කිරීම සුදුසු නොවේ. කිසිඳු ඔසුවක් අධිපරිභෝජනය සුදුසු නොවන බැවින් වෛද්‍ය නිර්දේශයන් මත කටයුතු කිරීම වඩාත් සුදුසු ය.
රසවත් කුළුබඩුවක් ලෙස මෙන්ම ගුණවත් ඖෂධයක් ලෙසින් ද ගොරකා භාවිත කරමු
හැඩැති සිරුරක් ලබා ගැනීමට මෙන්ම, නිරෝගී ජීවිතයක් ලබා ගැනීමට ද මිනිසුන් වශයෙන් අප සිහින දකින්නෙමු. එහෙත් කාර්යබහුල ජීවන රටාව තුළ අපට බොහෝ දේවල් මගහැරී යන අතරම එය අපේ ජීවිතයේ නිරෝගී භාවයට ද බලපෑම් එල්ල කරයි. එබැවින් තමා ගැන සැලකිලිමත් වීම ද ඕනෑම අයෙකුට වැදගත් ය. මෙවන් ඖෂධීය ගුණයෙන් ඉහළ හෙළ ඔසු කොපමණක් ඔබගේ භාවිතයෙන් මගහැරී යන්නේ දැයි ඔබ සිතුවා ද? ඖෂධයන් ලෙසින් මේවා මහා පරිමාණයෙන් භාවිත කිරීමට අවශ්‍ය නො වන අතර, අවශ්‍ය වනුයේ ඔබගේ ජීවන රටාවට ගැළපෙන අයුරින් ක්‍රමවේදයන් සකසාගෙන මේවා සුළු වශයෙන් හෝ ඔබගේ ආහාර වේලට එකතු කරගැනීමයි.
හදවතට ගුණ දෙන ඖෂධීය ගුණ පිරි ගොරකා-garcinia cambogia -www.herbalvoice.lk
මේවා බොහොමයක් ඔබට නිවස තුළම සකසා ගත හැකි ය. නූතනයේ දේශීය නිෂ්පාදනයන් බොහොමයක් වෙළඳපළ තුළ ද පවතී. කාර්යබහුල ඔබට ඒවා මිල දී ගෙන ආහාරයට එකතු කරගත හැකිය. එය දේශීය ව්‍යවසායකත්වයන්‍ට සවියක් වන්නා සේම ඔබ සහ ඔබගේ ළබැඳියන්ගේ සෞඛ්‍යය යහපත් අයුරින් පවත්වා ගැනීමට ද උපකාරී වේ. මෙමගින් අනාගතයේ ඔබට නිරෝගී ජීවිතයකට ද මඟ පෑදෙනු ඇත.
හෙළ ඔසු වල වටිනාකම් ජීවිතයට එකතු කර ගනිමින් නිරෝගීභාවය ළඟා කර ගනිමු.