මුල් පිටුව උපදෙස් ලියාපදිංචිය තරැණයින් තරැණීයන් සොයන්න කොන්දේසි අප ගැන අයදුම්පත වෙනත් විස්තර සම්භන්ධ වෙන්න
  Home Instruction Registration Boys Girls Search Rules About Us Application Other Details Contact
Eල්ලya රැකියාවන් සොයන සේවය
Eල්ලya රැකියාවන් සොයන්නන්ගේ සේවයේ අරමුණ කොන්දේසි හා අවවාදය
මෙහි ඇති කොන්දේශි මුද්‍රනය කරගන්න මෙතන Click කරන්න Click here to get print out >>>
Special note for your information
අරමුණ

දුප්පත් පොහොසත් කුමන පංතියක සිටියද සෑම දෙමව්පියෙකුගේම එකම පැතුම වන්නේ තමන් දූ දරැවන් සමාජයට වැදගත් දරැවන් සේ යහපත් දිවි පෙවතක් ගෙවනු දැකීම වන අතර එම දූ දරැවන් නිසි කළ වයස එළඹුන විගස සුදුසු රැකියාවක් සදහා යොමුකර යහපත් රටට වැඩදායක පුර වැසියන් සේ පතකිරිමයි.

එහෙත් තම දූ දරැවන් සදහා සුදුසු රැකියාවක් සෙවීමේදී මහත් සේ අපහසු තාවයන්ට පත්වෙන දෙමාව්පියන් නැත්තේ නොවේ.විශේෂයෙන් දුප්පත් ගම්බද ජනතාවගේ දූ දරවන් මෙම ප්‍රශ්නයට ප්‍රභල ලෙසම මුහුණ දෙන බැව් අප අත් දැකීමෙන් දන්නා කරැනකි.

එයට මුදල් ප්‍රශ්නය,අධ්‍යාපනය,දුර බැහැර අයවලුන් සමග සම්භන්ධතාවයන් සදහා ඇති ගැටලුන්ය මෙයට ප්‍රධාන වශයෙන් භාෂාමය ගැටලුවද බලපා ඇත. එම නිසා අප Eල්ලya රැකියා සොයන්නන්ගේ සේවයේ ප්‍රධාන අරමුණ වන්නේ ශ්‍රී ලංකාව පුරා මෙන්ම විදේශයන්හි ජීවත්වන ජනතාව අතර යම් සම්භන්ධතාවයක් ගොඩ නගමින් රැකියා ලබාදීම පිණීස අත්වැලක් වීමටය.මුදල් මත දිවයන පටු අරමුණු අපට නොමැති බව විශේෂයෙන්ම සදහන් කරනුයේ මුදල් මත දිවි ගෙවන විශාල ජනතාවක් ඉන්න විශ්වයක් තුලදීය.

Eල්ලya රැකියා සොයන්නනගේ සේවයේ කොන්දේසි
  1. ලියාපදිංචි විම සදහා ආයතනයේ ආකෘති පත්‍රය නිසි අයුරින් සම්පූර්ණ කල යුතුයි.
  2. මෑතකදී ලබා ගන්නා ලද පාස්පෝට් ප්‍රමාණයේ ඡායාරැපයක් එවීම කළ යුතුය.
  3. අන්තර්ජාලයට විස්තර ඇතුලත් කිරිමෙන් පසු  රැකියාවක් ලැබෙන තෙක් විස්තර අන්තරජාලයේ තැබීමට කටයුතු කරනු ලබන අතර රැකියාවක් ලබා ගත්තේ නම් ඒ බැව් අප වෙත දැන්වීම කළ යුතුයි.
  4. රැකියාවක් ලබා දෙන බවට කිසිදු වගකීමක් නොගන්නා අතර රැකියාවක් ලබා ගැනීම පිණීස උපකාරයක් වශයෙන් අන්තර්ජාලයට විස්තරයන් ඇතුලත් කිරිම පමණක් සිදුකරනු ලබන බව සිහිතබා ගත යුතුයි.
  5. අප විසින් ඉදිරිපත් කොට ඇති කොන්දේසි මාලාව නිසි අයුරින් කියවා අවභෝධ කරගත් බවත් ඒ අනුව කටයුතු කරන බවට සහතික කර එවීම කල යුතුයි.
  6. ඉදිරිපත් කරන ලද සියලුම තොරතුරැ සත්‍ය බවත් නිවරදි බවත් ප්‍රකාශ කල යුතු අතර සපයා ඇති තොරතුරැ අනුව යම් අපහසුවට පත්කිරිමේ චේතනාව මත ඉදිරිපත් නොකරන ලද බවට සනාථ කර සහතික කල යුතුයි.

          ලියා පදිංචි වන්නාවු සෑම අයෙකුගේම පුද්ගලික විස්තර අනුව යම් සොයා බැලීමක් සිදුකරනු ලබන අතර අපගේ ප්‍රතිපත්තීන් වලට අනුකුල වන්නාවූ අයවලුන්ගේ අයදුම්පත් පමණක් අන්තර්ජාලයේ අපගේ වෙබ් පිටුවට ඇතුලත් කරනු ඇති අතර අපගේ ප්‍රතිපත්තීන් වලට අනුකුල නොවන්නවු අයවලුන්ගේ අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලබන බවද කාරැණිකව දන්වමි.

මා විසින් අසත්‍ය ප්‍රකාශයන් ඉදිරිපත් කොට වැරදි කරැවෙකු වුවහොත් මා අදහන ආගම දහම අනුවද රටේ පවත්නා නීතියට අනුවද ඒ සදහා දඩුවම් විදිමට මින් කැමැත්ත ප්‍රකාශ කරමි.තවද Eල්ලya රැකියාවන් සොයනනනගේ සේවයේ පවත්නා නිතිරිතින් හා උපදෙස් මාලාව මා විසින් නිසි අයුරින් අධ්‍යයනය කොට අවභෝධ කරගත් බවත් ඒ අනුකුලව කටයුතු කරන බවටත් පොරොන්දුවෙමි.

දිනය:- .........................................                           අත්සන:-............................................

මෙහි ඇති කොන්දේශි ගන්න මෙතන Click කරන්න Click here to get print out >>>
පණිඩිඩය
සෑම දෙමව්පියෙකුම තම දරැවන් මහත් වෙහෙසක් දරමින් විවාහ වීමට කළ වයස එළඹෙන තෙක් මහත් වූ කැප කිරිම් කරමින් සිටින අතර නිසි කළ වයස එළඹීමෙන් පසු සුදුසු රැකියාවක් සොයා ගැනීම දක්වාද ඉන් අනතුරැව දරැවන්ගේ දරැ මුණුබුරන්ගේ වැඩ කටයුතු කිරිමට මැලිකමක් නොදක්වන්නේ දරැවන්ට මහත් සේ ඇලුම් කරනා දෙමව්පියන්ය යන්න අප දන්නා කරැනයි.
තම දරැවනගේ අනාගතය සාර්ථක කර ගැනීමට දෙමව්පියන් මහත් වෙහෙසක් දරන්නේ එබැවිනි.ඒ පිළිබදවද මට මහත් සේ අත්දැකීම් ඇත්තේ මාගේ ඥාතීන් මෙන්ම මා දන්නා හදුනන කිහිප දෙනකුම ඒ සදහා මා වෙතින් උදව් අපේක්ෂා කරන ලද වාර ගනන අප්‍රමාන වු බැවිනි..එය කුමක් නිසාද යන්න මා නොදනිමි.අවශානයේදී මා විසින් ගන්නා ලද තීරණය වුයේ එම සැම අයෙකුටම උදව්වක් උපකාරයක් වීමට නම් මා දන්නා දැනුම උපයෝගි කරගැනීම විය.එය නම් දිවයින පුරා මෙන්ම ලෝකය පුරා දිවයන අන්තර් ජාලයේ පිහිට පතන්නටය.
මාගේ සමාජ සේවය මෙන්ම දුප්පත් අයවලුන්ට පිහිට වීම..මා මෙන් නැතිබැරි අයවලුන්හට වචනයකින් හෝ සහයක් ලබා දීමේ මාගේ මුලික අරමුණ පෙරදැරි කරගෙන මෙම වෙබ් අඩවිය නිර්මානය කලෙමි.දිවයින පුරා සිටින මාගේ මිතුරන් දැනුවත් කරමින් සමාජ මෙහෙවරක් වු මෙය මා විසින් ආරම්භ කරන ලදී.එහෙත් එය මුදල් මත දිවයන පටු අරමුණක් නොවන වගනම් මතකයේ තබා ගත යුතුය.
අප කෙසේ යහපත් චේතනාවෙන් කටයුතු කළද අධර්මිෂ්ඨයින් නැත්තේද නොවේ.එම නිසා දෙමව් පියන් මෙන්ම දරැ දැරියන් ඇතුලු අප වෙත අයදුම්පත් එවා ඇති සෑම අයෙකුම ඉතාමත් කල්පනාකාරිව වැඩ කටයුතු කරන්නේ නම් තම අනාගතය ඉතාමත් සාර්ථකත්වයට ගෙන යා හැකි බව නම් නොරහසකි.වර්ථමානය පිළිබද සලකා බැලීමේදී අනාගතය ගැන කෙසේ සලකන්නද.....කෙසේ වෙතත් අප ජිවත්ව සිටිනා සුලු කාලය තුලදී යහපත් චේතනාවෙන් යහපත් වැඩ කොටසක් කරන්නේ නම් එය සදාකාලීය ජීවිතයට මහත් පිටු වහලක් වන බැව් මා අදහන දහම අනුව අවසන් වශයෙන් සදහන් කරනු කැමැත්තෙමි.
Eල්ලya රැකියා සොයන්නන්ගේ සේවය
Eල්ලya මෙම සේවයේ අවවාදය
මොනයම් කරැණක් සදහාත් නිවැරදි සේවාවක් ලබාදෙන්නේ කවුරුන්ද යන වග වර්ථමානයේ  ගැටලුවක් වී ඇත.රට පාලනය කරනා ජන නායකයින් තුලින් පටන් ගෙන ගම් මට්ටම දක්වාම හොරකම මැරකම තුලින් මුදල් ඉපැයීම බොහෝ සේ බහුල සමාජයක අප දිවි ගෙවන්නෙමු.එහෙත් එය තාවකාලික දෙයක් බව එසේ ක්‍රීයා කරන්නාවු අයවලුන් නොදැනීම අවාසනාවකි.එසේම එම රැල්ලටම තම දරැ දැරියන් පවා ගොදුරැ වන බවත් අනාගත පරම්පරාවද ගෙදුරැවන බවත් එම අයවලුන් නොදැන සිටිම තවත් අවාසනාවකි.
එසේම අන්තර්ජාලය වර්ථමානයේ ලොව පුරා තොරතුරැ විශාල වශයෙන් බෙදා හැරියද එහි නියම ආකාරයෙන් පරිහරණය කරන්නන් සංඛ්‍යාව වර්ථමානයේ බෙහෙවින් හීනව ගොස් ඇත්තේත් අන්තර්ජාලයට දෙමාව්පියන් විසින් මහත් සේ බියට පත්ව ඇත්තේත් වර්ථමානයේ මාධ්‍ය ලෝකයේ විශ්ව ගම්මානය වු අන්තර්ජාලය වැරදි ලෙස පරිහරනය කරන්නාවු තරැණ පරම්පරාවක් ලොව තුල වර්ධනය වීමේ ප්‍රවනතාවය වැඩිවීම හේතුවෙනි.
එයට හේතුන් කවරේද........
එය අන්තර්ජාලයට පමණක් හේතු සහගත වී නොමැති අතර ලොව පුරා මහත් විනාශකාරි රැල්ලක් ගොඩනැගෙමින් පවතින්නේද ප්‍රධාන වශයෙන් මුදල් පසුපස හබා යමින් තවත් අයෙකු පරදවමින් ඉදිරියට යාමට දරන උත්සාහය තුල ගොඩ නැගෙමින් පවතින වාතාවරණය තුලදීය....ලෝකය තුලදී ජේසුස් වහන්සේගේ දහම මෙන්ම ශ්‍රී ලංකාව තුලදී බුදුරජානන් වහන්සේගේ දහම අනුව ගෙන බැලුවද සදහන් කල හැක්කේ ජීවිතය ඉතාමත් කෙටි කාලයක් බවය.එම කාලය තුලදී සාධාරණව නැති බැරි දිලින්දන්ට පිහිට වෙමින්....වස්තුවට තන්හා ආශාවන් ඇතිකර නොගනිමින් අනෙකුත් අයවලුන්ට ඊර්ෂියා නොකරමින් දිවි ගෙවන්නේද යන්න තම තමන් විසින් කල්පනා කරන්නේ නම් නියම වැරදි කරැවන් කවුරැද යන්න සොයා ගැනීම අපහසු නොවනු ඇත.
අප ජීවත්වන මනු ලොව තුල හොද දේවල් මෙන්ම අනවශ්‍ය නරක දේවල්ද අපට අසන්නට දක්නට ලැබෙන සුලබ දසුනක් වී ඇති බව අප සැම දන්නා කරැණකි.අන්තර්ජාලය වර්ථමාන ජනමාධ්‍ය තුල ව්ශ්ව ගම්මානයකට සම කලද එය වැදගත් මෙහෙයක් ඉටුකිරිමට නිර්මානකරැවා විසින් සත්භාවයෙන් නිර්මානය කලද එහි හොද මෙන්ම නරකද අසන්නට දක්නට ලැබෙන බවද අප විසින් අමතක නොකල යුතුය.           එමනිසා එහි ඇති හොද නරක පිළිබදව අවභෝධයෙන් සිහි නුවනින් වැඩකටයුතු ඉටු කරන්නේනම් ඉන් ඉහල ප්‍රතිපල ලබාගැනිමට හැකිවනවාක් මෙන්ම නරක පුතිළුල ලැබීමේ අවධානමක්ද ඇතිබව අමතක නොකල යුතු බැවින් අප විසින් සත්භාවයෙන් ඉටුකරනු ලබන මෙම ක්‍රීයාවන්ද අනවශ්‍ය පරිදි යොදා ගැනීමේ අවධානමක්ද පවතින බැවින් ඒ පිළීබදව දැඩි අවධානයෙන් කටයුතු කලයුතු බැව් වැඩි දුරටත් දන්වා සිටිමි.

අපගේ ලිපිනය :- Eල්ලya
නො 56 බී තිබ්බොටුගොඩ ගණේමුල්ල 0718669451,0332262409

ඊ මේල් :webmaster@srilankaelle.com,වෙබ් පිටුව:www.srilankaelle.com
පේස් බුක් :Elle Paper

Eල්ලya රැකියා සොයනනනගේ සේවයේ උධ්දෘත පාඨය
"This life is a dream. Only a sleeper considers it real.""ජීවිතය සිහිනයකි... නිදාගන සිටින පුද්ගලයා එය සත‍්‍යයක් බව සිතා සිටියි..."  

.....WelCome to Eල්ලya Job Seeker....

..එල්ලයක් කරා පියමනින අපේ ජීවිතයේ..සුන්දර මතකයට තවත් පිටුවක් එකතු කරන..Eල්ලya රැකියා අවශ්‍යතාවයන් පිටුව ...
                     
  මුල් පිටුව තරැණයින්   කොන්දේසි උපදෙස් දැන්වීම් සදහා ගුණදොස් විවේචනය අප ගැන   සම්භන්ධතාවය සදහා
  Home Boys   Rules Instruction For advertisetment Write a Review Aboutb Us   Contact Us
               
        ලියාපදිංචිය අයදුම්පත          
    තරැණීයන්   Registration Application          
  Girls     අපගේ වෙබ් අඩවිය පිළීබදව          
          About Our Web          
                     
https://plus.google.com/106054590476023516301/posts

                                                                                                            

  මුල් පිටුව උපදෙස් ලියාපදිංචිය තරැණයින් තරැණීයන් සොයන්න කොන්දේසි අප ගැන අයදුම්පත වෙනත් විස්තර සම්භන්ධ වෙන්න
  Home Instruction Registration Boys Girls Search Rules About Us Application Other Details Contact

                                Copy write 2015 © Welcome to Eල්ලyasjs)