Ellaya Paper 56/B,Thibbotugoda,Ganemulla,Sri Lanka Our Vilage and my Vedios     www.srilankaelle.com
මුල් පිටුව ප්‍රාදේශිය පුවත් විශේෂාංග ක්‍රීඩා පුවත් කතුවැකිය දැන්වීම් වීඩියෝ අමතන්න
https://plus.google.com/106054590476023516301/posts
රුධිර පීඩනය (blood pressure) .

රුධිර පීඩනය ( blood pressure) සුව කිරීම.

ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරන්න පුළුවන්.මෙම රෝගය සුව කිරීම සඳහා භාවිතා කරන ප්‍රධාන වෙදකම වන්නේ විශ්වයේ ජීව බල ශක්තිය Healing Of Universal Life Force Energy..උපයෝගී කරගෙන කරනු ලබන වෙදකමයි.

මම ඒ තුළින් පිළිකා රෝගීන් විස්මිත ලෙස සුව කිරීම සිදු කරනවා.

පිලිකා,කොලෙස්ටරෝල්,දියවැඩියාව,ගැස්ට්‍රයිට්‍රීස්,ආතරයිටීස්,වකුගඩු අමාරු,ශරීරයේ සීනි,අධි රුධීරපීඩනය,ඇතුලු ඕනේම බෝ වෙන සහ බෝ නොවෙන රෝගයක් නිට්ඨාවට සුවකරන්න පුළුවන්.

මෙහි සදහන් ලිපි පෙළ හොදින් කියවන්න.එවිට ඔබට එය තේරුම් ගැනීම අපහසු නොවනු ඇත.පළමුවෙන්ම තමන්ට වැළදී ඇති රෝගය පිලිබදව හොද අවබෝදයක් ලබාගත යුතුය.

රුධිර පීඩනය යනු කුමක්ද?

මිනිස් සිරුරේ ඇති අවයව වල නිසි පැවැත්ම සදහා ඔක්සිජන් හා පෝෂ්‍ය පදාර්ථ අවශ්‍ය වේ. මෙම ද්‍රව්‍ය රුධිරය සමඟ මිශ‍්‍ර වී එම අවයවයන් කරා ගෙන යනු ලබයි. රුධිරය නිසි ලෙස එම අවයව කරා යොමු කරවනුයේ හදවත මගින් ඇති කරනු ලබන බලය මගිනි. රුධිර පීඩනය කියා අදහස් කරනුයේ හදවත මගින් ඇති කරන බලයයි.

රුධිර පීඩනය වර්ග දෙකකි.
අධි රුධිර පීඩනය (High blood pressure or hypertension).
අව රුධිර පීඩනය (Low Blood Pressure).

අධි රුධිර පීඩනය (High blood pressure or hypertension). යනු කුමක්ද?

පුද්ගලයකුගේ රුධිර පීඩනය බොහෝ හේතු නිසා අඩු වැඩි වීමක් සිදුවිය හැක. විශේෂයෙන් මානසික පීඩනය, දැඩි සංකාව, ඇතැම් චිත්තවේග තත්ත්ව සහ මත්පැන් භාවිතය නිසා රුධිර පීඩනය වැඩිවිය හැක. එසේම වයස්ගතවීම සමඟම සුළු වශයෙන් රුධිර පීඩනය වැඩිවීම සාමාන්‍ය දෙයක් බව අප මතකය තබාගත යුතුය.

රුධිර පීඩනය යනුවෙන් අදහස් කරන්නේ, හෘදය වස්තුව සංකෝචනය වීමේ දී ඉහිල් වීමේ දී(විස්තාරනය)  ප්‍රධාන ධමනි බිත්ති මත රුධිර ධාරාව මගින් ප්‍රේරණය කරනු ලබන පීඩනයයි. රුධිර පීඩනය මැනිමේ දී අගයන් 02ක් දක්වන අතර නවීන විද්‍යා මතය නම්, ඒ අගයන් 02ක වන්නේ හෘදය සංකෝචනය වන විට රුධිර ධමනි මත රුධිර ධාරාව ප්‍රේරණ කරන පීඩනය හා හෘදය සංකෝචන දෙකක් අතරමැද විවේක අවස්ථාවල දී ධමනි බිත්ති මත රුධිර ධාරාව මඟින් ඇති කරන පීඩනයයි.සාමාන්‍යයෙන් නිරෝගී පුද්ගලයකුගේ රුධිර පීඩනය තිබිය යුතු වන්නේ රසදිය මිලිමීටර් 120/80 හෝ ඊට මඳක් අඩුවෙනි. මෙය රුධිර නාළ තුළ පවතින පීඩනයයි. මෙම 120 අගය 129 දක්වා ද 80 අගය 84 දක්වා ද සාමාන්‍ය තත්ත්වය සේ සළකනු ලබයි. මෙම අගය ඉක්මවා ගිය විට මෙන්ම එම තත්ත්වය දිගින් දිගටම පැවතීම අධි රුධිර පීඩනය (High blood pressure or hypertension) ලෙස හඳුන්වනු ලබයි.

මෙහි සාමාන්‍ය අගය 120/80 ( mmHg ) වන අතර මෙම අගයන් මේ මට්ටමින් හෝ ඊට පහළ මට්ටමින් පවත්වා ගැනීම නිරෝගීව සිටීමට උපකාර වෙනවා. ස්ත්‍රී / පුරුෂ භේදය අනුව පුද්ගලයාගෙන් පුද්ගලයාට අනුව මේ රුධිර පීඩනය තරමක් වෙනස් වෙන්න පුළුවන්. නමුත් මේ අගය 140 / 90 ( mmHg ) ට වඩා වැඩි වුවහොත් එය අධික රුධිර පීඩන තත්ත්වයක් ලෙස සලකනවා.විවිධ කායික හා මානසික හේතු නිසා මේ මට්ටම් දීර්ඝකාලීනව වැඩිවෙන්න හරි අඩුවෙන්න හරි ඉඩ තියෙනවා.

මේ විදිහට රුධිර පීඩන මට්ටම වැඩිවෙන එකට අපි අධි රුධිර පීඩනය (High Blood Pressure) කියලත් අඩුවෙන එකට අව රුධිර පීඩනය (Low Blood Pressure) කියලත් කියනවා..

රුධිර පීඩනය පාලනය කරගන්නෙ කොහොමද?

ඔබට අධි රුධිර පීඩන තත්වය පවතින බව පරීක්ෂණ මගින් තහවුරු වුණොත් ඔබ අනිවාර්යයෙන්ම ඔබේ නිර්දේශ කරන ඖෂධ භාවිතය හා සෞඛ්‍ය පුරුදුවලට අනුගත් වීම සිදුකල යුතුම වෙනවා. රුධිර පීඩනය වැඩිවෙන්න බලපාන සාධක පාලනයෙන් මේ රෝග තත්වය පාලනය කරගන්න පුළුවන්.

දැන් අපි ගෙදරදීම ඒක කරන්න ලේසික්‍රම මොනාද කියලා බලමු.

01.සෞඛ්‍යමත් ආහාර රටාවකට පුරුදු වීම. අධ්‍යාතති තත්වය අවම කරගෙන හදවත් රෝග අවධානම අඩු කරගන්න නිවැරදි ආහාර රටාවකින් ලොකු උදව්වක් වෙනවා. විශේෂයෙන් අධික ලෙස සෝඩියම් අඩංගු වෙන ආහාර ගන්න එක අවම කරන්න. සෝඩියම් මගින් හදවත් රෝග අවධානම ඉහළ දමන්න පුළුවන්.

ඒවගේම මස් මාංශ ආහාරය අවම කරලා වැඩිපුර ශාකමය ආහාර කෑමට එකතු කරගැනීම වැඩි කරගන්න. එමගින් අධික සෝඩියම් හා ශරීරයට අහිතකර මේද භාවිතය අවම වෙනවා. වැඩිපුර fibers (තන්තුමය ආහාර) අපිට ලබාගන්න පුළුවන් නම් එයත් රුධිර පීඩනය තත්ත්වයන් සමනය කරගැනීමට උපකාරී වනවා.

2. ශාරීරික ව්‍යායාම වැඩි කිරීම නිතර නිතර නිසි පරිදි ව්‍යායාමවල නිරත වීමෙන් අපිට අපේ උසට සරිලන බරක් පවත්වාගෙන ස්ථුලතාවය නැති කරගන්න පුළුවන්. හදවතේ නීරෝගී බව වැඩි කරගෙන රුධිර පීඩනය නිසි පරිදි පවත්වා ගන්න ශාරීරික ව්‍යායාම උපකාරී වෙනවා. ඒවගේම මේ තුළින් ආතතිය අවම කරගන්නත් හැකියාවක් ලැබෙනවා.

3. මානසික ආතතිය පාලනය කරගැනීම. කායික වගේම මානසික සෞඛ්‍යයත් නිසි පරිදි පවත්වා ගැනීම අධි රුධිර පීඩනය පාලනය කරගන්න උදව් වෙනවා. ශාරීරික ව්‍යායාම වලට අමතරව, භාවනා කිරීම, යෝගා වැනි ක්‍රියාකාරකම් වල නිරත වීම වගේම නිසි ලෙස නින්ද ලබාගැනීමද ඉතා වැදගත් වෙනවා.

4. දුම්වැටි හා මධ්‍යසාර භාවිතය අවම කිරීම දුම්වැටිවල අඩංගු වෙන රසායන ද්‍රව්‍ය අපේ ශරීරයේ පටක වලට හානි කරමින් රුධිර නාලිකාවල ඝනකම වැඩි කරනවා. මේ තත්වය නිසා රුධිර පීඩනය ඉහළ යන්න ලොකු සම්භාවිතාවක් තියෙනවා. ඒ වගේම මත්පැන් පානය නිසාත් රුධිර පීඩනය ඉහළ යන්න පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් මේ දේවල් භාවිතය අවම කරන්න පුළුවන් නම් අපිට වගේම අපිත් එක්ක ජීවත් වෙන අයටත් ඒක ලොකු උදව්වක් වේවි.

මොකක්ද මේ Low Blood Pressure?

රුධිර පීඩනය පැවතිය යුතු මට්ටමට වඩා ඉහළ යාම වගේම පහළ යන එකත් ඒ තරම් හොද නැහැ. Low Blood Pressure එහෙමත් නැත්නම් මන්දාතතිය කියන්නෙ රුධිරයේ පීඩනය නිසි මට්ටමට වඩා පහළයාම නිසා ඇතිවන ව්‍යාකූලතා තත්ත්වයට. මේ නිසා රුධිරය ශරීරය පුරා සංසරණයට අවශ්‍ය පීඩනය නොලැබී යන්න පුළුවන්. Low Blood Pressure අවස්ථාවක් උදා වුණොත් මෙන්න මේ වගේ රෝග ලක්ෂණ ඔබට හදුනාගන්න පුළුවන් වෙයි. තෙහෙට්ටුව කරකැවිල්ල Depression ඔක්කාරය සිහි මද ගතිය දෘශ්ටිය බොදවීම අව රුධිර පීඩනයට හේතු Low Blood Pressure ඇතිවෙන්න කරුණු ගණනාවක් හේතු වෙන්න පුළුවන්. හදවත් රෝග හා රුධිර නාලිකාවල දුර්වලතා නිසා රුධිර සංසරණය අක්‍රමවත් වීම. හදිසි අනතුරක් නිසා රුධිරය විශාල වශයෙන් පිට වීම. Dehydration එහෙමත් නැත්නම් විජලනය නිසා ඇතිවන කම්පන තත්වයන්. රුධිරයේ ඇතිවන ආසාදන තත්වයන් දියවැඩියාව වැනි රෝග තත්ව සමහර ඖෂධවල අතුරු ප්‍රතිඵල මීට අමතරව ගර්භනී සමයේදී සිරුරේ රුධිර අවශ්‍යතාව ඉහළ යාම නිසාත් මේ මන්දාතති තත්වය ඇතිවෙන්න පුළුවන්.

Low Blood Pressure වළක්වාගන්නෙ කොහොමද?

රුධිර පීඩනය අඩු වීම ගොඩක් දෙනෙක් ගණන් නොගන්න තත්වයක්. නමුත් මේ තත්වය නොසලකා හැරීම එතරම් යහපත් වෙන්න නම් නැහැ. ඒ නිසාම කලින් සදහන් කරපු රෝග ලක්ෂණ දකින්න තියෙනවා නම් වෛද්‍යවරයෙක් මුණගැසීම වඩාත් සුදුසුයි. මේ තත්වයට නිර්දේශ කරන ඔසු රෝගයට හේතුවත් එක්ක වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම මේ තත්වය පාලනය කරගන්න අනුගමනය කරන්න පුළුවන් සරල ක්‍රම කිහිපයක් තමයි දැන් කියන්න යන්නෙ. රුධිර පීඩනය අඩු වෙන්න ප්‍රධාන හේතුවක් විදිහට විජලනය කලින් සදහන් කලානේ. ඉතින් නිතර නිතර ජලය පානය කිරීම මගින් අපිට රුධිර පීඩනය නිසි පරිදි පවත්වා ගන්න පුළුවන් වෙනවා. ඒදගේම දිගු කාලයක් සිටගෙන සිටීම වැනි ඉරියව් නිසා ඔබට මන්දාතති තත්වයක් දැනෙනවා නම් මදක් විවේක ගැනීම වඩාත් සුදුසු වෙනවා. ඒ වගේම දිගු වෙලාවක් වෙහෙසකර ක්‍රියාකාරකම්වල නිරත වීමේදී අතර මැද කෙටි විවේකයක් ලබගැනීම හා ජලය පානය කරන්න අමතක කරන්න එපා.

වස විෂ ආහාර වර්ග ගැනීම තුළින් සිරුරේ ලේ ධාතුව දූෂණය වීම සිදුවන අතර එම විෂ ලේ නිසා විකෘති සෛල වර්ධනය වීම සිදුවීමෙන් මෙම රෝගය ඇතිවීම සිදුවෙනවා.

හිසරදය. හිස පිටුපස වේදනාව . කරකැවිල්ල. සිරුරේ අප්‍රාණික බව. නාසයෙන් ලේ ගැලීම. ඇස් බොඳ වී යාම හෝ ඇස් පෙනීමේ දුර්වලතා. වමනය ඇති වීම. කණ ඇතුලේ ශබ්දයක් ඇති වීම. හෘදය ගැස්ම වැඩිපුර දැනීම. කම්මුල් තද පැහැ ගැන්වීම. පපුව ප්‍රදේශයේ වේදනාව. නිදිමත ගතිය. මානසික ව්‍යාකූල බව. හුස්ම ගැනිමේ අපහසුතා සිහිමුර්ජා වීම. සුළු වැඩක් කළත් අධික වෙහෙස වැනි රෝග ලක්ෂණ එකක් හෝ කිහිපයක් ඇත්නම් ඔබ අධි රුධිර පීඩනයෙන් පෙළෙන රෝගියෙකු වීමට පුළුවන්. .

01.රුධිර පීඩනය ( blood pressure) ඇතිවීම සදහා බලපාන හේතුන්......
* අධික දුම්කොළ භාවිතය
* අධික මත්ද්‍රවය භාවිතය
* රැකියා ආශ්‍රිත හේතුන් (ආකර/ලී කුඩු/ඇස්බැස්ටස්/ඩයි)
* ආහාර රටාවේ වෙනස්කම් (ක්‍ෂණික හා කෘත්‍රිම ආහාර)
* ඖෂධවල බලපෑම
* විකිරණ වල බලපෑම
* අසංතෘප්ත මේදය. එහෙත් ඒවා අධිකව ගැනීම තරබාරුවීමට බල පෑ හැකියි.
* දීර්ග කාලීන ආසාදන
* ප්‍රතිශක්ති ඌණතා
* ප්‍රවේණිගත තත්වයන්...

අධි රුධිර පීඩනය නොසලකා හැරීම තුළ බොහෝ උපද්‍රව / සංකූලතා නැත්නම් අතුරු ආබාධ ඇති කිරීම හා මාරාන්තික වීම. අධි රුධිර පීඩනය දිගින් දිගටම පැවතීම නිසා හෘදය ක්‍රමයෙන් දුර්වල වී විඩාවට පත් වී හෘද බිත්ති ඝන වී හෘදය අක්‍රීය වීමට පටන් ගන්නවා. තව ද ක්‍රමයෙන් වකුගඩු අක්‍රියභාවයට පත් වී වකුගඩු රෝගියෙකු නිර්මාණය වෙනවා. වකුගඩු දුර්වල කිරීමට අධී රුධිර පීඩන තත්ත්වයන් හේතු වන අතරම, වකුගඩු රෝගී තත්ත්වයන් ද අධි රුධිර පීඩනය ඇති කිරීමට හේතු වෙන්න පුළුවන්. රුධිර වාහිනි පුපුරා යාම ද අධි රුධිර පීඩනය නිසා සිදුවන්නක්. සිරුරේ අභ්‍යන්තරව සිදුවන රුධිර වාහන වලට ප්‍රධාන හේතුව ලෙස ගැනෙන්නේ අධි රුධිර පීඩනයයි. මෙවැනි අවස්ථා වල දී රෝගියා මිය යාමට ද ඉඩකඩ තියනවා. මොළයේ පටල අතර රුධිරය ගැලීම. මොළයේ ක්‍රියාකාරීත්වය දැඩි ලෙස අවුල්වීම. වලිප්පුව ඇතිවීම. රෝගියා සිහිසුන් වීම. මාංශ පේශී වල ඝන බව ඇතිවීම. මහා ධමනිය අධිකව ඉදිමීම. මහා ධමනිය පුපුරා යාම මෙන්ම සුලබ අතුරු ඵලයක් වන්නේ අංශභාගය වැළඳි රෝගියා මරණයට පත්වීම. එමෙන්ම අධි රුධිර පීඩනය නිසා ඇස්වල දෘෂ්ඨී විතානයෙහි රුධිර වාහිනි පුපුරා විනාශ වීමට ද ඉඩ තියෙනවා. අධි රුධිර පීඩනය අන්ධභාවයට ප්‍රධානම බලපාන සාධකයක්

වැරදි ආහාර රටා නම්, ලුණු/තෙල්/සීනි අධිකව ආහාරයට ගැනීම. තේ/ කෝපි වැඩිපුර පානය බුලත් විට ( දුම්කොළ සමඟ කෑම ) මත්පැන් / දුම්වැටි භාවිතය ක්ෂණික / කෘතිම / කෙටි / රසකාරක යෙදු ආහාර නිතර ගැනීම. අවශ්‍ය ප්‍රමාණයට එළවළු/පළතුරු / ජලය නොගැනීම. විහරණ හේතු ව්‍යායාම නොකිරීම / අධික ව්‍යායාම වල යෙදීම. අවිවේකි බව මානසික ආතතිය නින්ද අඩුකම වේගයෙන් හා උස් හඩින් කතා කිරීම. තරබාරු බවනැත්නම් පාරම්පරිකව එනම්, ජාන වලින් රෝගය පවුලේ ඉතිහාසය තිබීම. වකුගඩු රෝග, දියවැඩියාව, හෘද රෝග, කොලස්ටරෝල්, හෝමෝන අසමතුලිතතාව නිසා ද High Blood Pressure ඇති වීමට පුළුවන්. ඇතැම් විට කාන්තාවන්ට ගර්භණි කාලයේ දී අධි රුධිර පීඩනය එනවා. වයසට යෑමත් සමඟ රුධිර පීඩනය වැඩිවීම. මීට අමතරව වේදනා නාශක වැනි ඖෂධ වර්ග ද හේතු වෙනවා. නිවැරදි ආහාර රටාව හා ජීවන රටාවක් ගෙන යාම දිගු නිරෝගී ආයුෂ විදින්න පුළුවන්..


විශේෂයෙන් ආහාර සකසද්දී වගේම ආහාර ගැනීමේ දී මේදය හා ලුණු අවමව භාවිතය වැදගත්. දිනකට සාමාන්‍ය පුද්ගලයෙකුට ලුණු අවශ්‍ය වන්නේ 5g – 6g ක ලුණු ප්‍රමාණයක්. සෞඛ්‍ය සම්පන්න සමබලවත් ආහාර ගැනීම. නැවුම් එළවළු/පලා/පළතුරු/ධාන්‍ය/ ඇට වර්ග (මුං ඇට,කව්පි) බෝංචි, මෑ කරල්, මාළු/මස් වැනි ප්‍රෝටීන් බහුල ආහාර එක්කර ගැනීම වගේම පළතුරු කෑම තුළ එහි අඩංගු පොටෑසියම් ලවණ මගින් රුධිර පීඩනය අඩුවීම ස්වභාවිකව සිදුවෙනවා.

ඔබට ගෙදර දී සකසා ගත හැකි සරල රස/ගුණ ඖෂධීය සම්බෝලය තුළින් අධි රුධිර පීඩනය සඳහා කදිම ඔසුවක් අවශ්‍ය ද්‍රව්‍ය : කරපිංචා මිටක සුදු ළුණු බික් ගොරකා කැබලි 2/3 ගම්මිරිස් අවශ්‍ය නම් ලුණු හා දෙහි බිංදු කුරුඳු පොතු කිහිපයක් මේ සියල්ල හොඳින් අඹරා සම්බෝලයක් ලෙස සාදා ගන්න. ප්‍රධාන ආහාර වේල සමඟ වෙරළු ගෙඩියක ප්‍රමාණය ගැනීම තුළ කොලස්ටරෝල් මට්ටම ද පාලනය කරමින් අධි රුධිර පීඩනය ද වළකනවා. ව්‍යායාම හා යෝග අභ්‍යාස ඔබට උපකාරිවේවී මේ රෝගය පාලනය ඒ වගේම අධි රුධිර පීඩනය වළකා ගැනීමට ස්ථුලතාවය ද අඩු කර ගැනීම වැදගත්. ඒ සඳහා ව්‍යායාම කිරීම ඔබට සරලව දෛනිකව කරන්න පුළුවන්. BMI අගය 18.5 ත් 24.9 අතර පවත්වා ගැනීම වැදගත්. යෝග අභ්‍යාස පුහුණුව තුළින් ද අධි රුධිර පීඩනය පාලනයට උදව් දෙනවා. ඒ සඳහා සිරුර මනස ලිහිල් කිරිමේ අභ්‍යාස විශේෂයෙන් ස්වසන පුහුණු කිරීම හා ස්වසන අභ්‍යාස දායක වෙනවා. මීට අමතරව මත්ද්‍රව්‍ය/දුම්වැටි/දුම්කොළ භාවිතය මිඳිම වැදගත්. අධි රුධිර පීඩනයට වෛද්‍ය උපදෙස් හා ඖෂධ ගන්නා අතරතුර නිවසේ දී සරලව කර ගත හැකි ප්‍රතිකාර සුදු ලූණූ / තම්බාගත් කුඹුක් පොතු / අමු නෙල්ලි යුෂ.

මීට හේතුවී ඇත්තේ අප අද වැරදි ආහාර රටාවකට යොමු වී තිබීමයි.අවිවේකී බවත් පහසුවත් නිසා අද බොහෝ දෙනා වෙළද පොලෙන් මිළදී ගන්නා පිළියෙල කරන ලද ක්ෂණික ආහාර ගැනීමට පෙළඹී ඇත. එම ආහාර වල ඇති රස කාරක, වර්ණ කාරක හා කල්තබා ගැනීම සදහා යොදනු ලබන රසායන ද්‍රව්‍ය ශරීරය තුල පිළිකා කාරක ලෙස ක්‍රියා කරයි. උදාහරණ ලෙස ගත්කල සොසේජස්, කෘතීම බීම වර්ග, මීට් බොල්ස්, ටින්කළ ආහාර, හැම්, බේකන්,රස කාරක පැකට් සහිත නුඩ්ල්ස් හා සෝයා මීට් ආදී සකස් කරන ලද ආහාර හා කෘමි නාශක හා වල් නාශක වැනි රසායන ද්‍රව්‍ය යොදා වගා කරන ලද පළතුරු එළවළු හා ධාන්‍ය වර්ගත් හැදින්විය හැක. .

මේ හේතු අතර ඇතැම් ඖෂධ වර්ග, වකුගඩු ආශි‍්‍රත රෝග, හෝමෝන කි‍්‍රයාකාරිතවයේ වෙනසක් සිදුවීම වැනි තත්ත්වයක් දැකිය හැක. පොදුවේ ගත් කළ පහත තත්ත්වය නිසා අධි රුධිර පීඩනය සෑදිය හැක.

x පරම්පරාවෙන් - යම් කෙනකුගේ මවුපියන්ට අධිරුධිර පීඩනය සෑදී ඇත්නම්, ඔහුගේ හෝ ඇයගේ රුධිර පීඩනය වැඩිවිය හැක.

x තරබාරුකම -මේ අයගේ රුධිර නාළ තුළ මේදය වැඩි ලෙස තැන්පත් වීමෙන් රුධිර පීඩනය වැඩිවිය හැක.

x වැඩිපුර ලූණු කෑම - රුධිරයේ ලූණූ වැඩිවූ විට රුධිරය වැඩිපුර ජලය දරා ගැනීම නිසා රුධිර පීඩනය අධික වේ. x පොටෑසියම්, කැල්සියම් සහ මැග්නීසියම් ලවණ අඩුවීම - මෙම ලවණවලින් රුධිර පීඩනය පාලනය කිරීමේ හැකියාවක් ඇති බව විශ්වාස කෙරේ.

x දුම්පානය - දුම්පානය නිසා රුධිර පීඩනය අධික වේ.

x මත්පැන් භාවිතය - නිතර නිතර දීර්ඝකාලීනව මත්පැන් භාවිතය නිසා රුධිර පිඩනය වැඩිවේ.

x මානසික අසහනය වැඩිවීම - දීර්ඝකාලීනව අසහනකාරී තත්ත්වයක් ඇති අයගේ රුධිර පීඩනය අධික වේ.

x ව්‍යායාම නොකිරීම - නිසි ලෙස දීර්ඝකාලීනව ව්‍යායාම් කිරිම මගින් රුධිර පීඩනය පාලනය කරගත හැක. අධි රුධිර පීඩනය නිසා ඇතිවිය හැකි රෝග ලක්‍ෂණ

x නිතර නිතර ඇතිවන හිසරදය

x කැරකැවිල්ල

x හුස්ම ගැනීමේ අපහසුව

x මහන්සි වනවිට ඇතිවන පපුවේ කැක්කුම

x පෙනීමෙහි අපැහැදිලි බව

x නාසයෙන් ලේ ගැලීම

x අධික තෙහෙට්ටුව

x වරින් ව ඇතිවන අතපය පණ නැතිවීම අධි රුධිර පීඩනය පාලනය නොකළහොත් ඇතිවන සංකූලතා

x හෘදයාබාධ x අංශභාගය x අන්ධභාවය

x වකුගඩු අකි‍්‍රය වීම

අධික රුධිර පීඩනය කලින් හදුනාගත හැක්කේ කෙසේද?

සෑම පුද්ගලයකුම වසර 40 ඉක්මවූ පසු වසරකට වතාවක් තම රුධිර පීඩනය මැන බලා ගත යුතුවේ. එසේම පහත සඳහන් කාණ්ඩ වලට අයත් පුද්ගලයන් නිරතුරුවම රුධිර පීඩනය මැන බලා ගත යුතුවේ. පවුලේ සාමාජිකයන් සහ සමීප ලේ ඥාතීන් අතර රුධිර පීඩනය පැවතීම, සමීප ඥාතීන් අතර වකුගඩු දුබලතා පැවතීම, දුම්පානය කිරීම, අධික මත්පැන් භාවිතය, උපත් පාලන පෙති වැනි ඖෂධ භාවිතය, තම උසට නොගැළපෙන ලෙස බර වැඩිවීම ,දීර්ඝකාලීනව ව්‍යායාම නොකිරීම.

අධි රුධිර පීඩනය සෑදුණුවිට පිළිපැදිය යුතු දේ

x දිනපතා නිසි මාත‍්‍රාවට ඖෂධ ප‍්‍රතිකාර ගත යුතුයි. කිසි විටෙකත් තම හිතුමතේට ඖෂධ භාවිතය අඩු වැඩි නොකළ යුතුයි.

x ලූණු භාවිතය අවම කිරීම. විශේෂයෙන් කෑම මේසයේදී ආහාරවලට ලූණු එකතු කිරීම නොකළ යුතුයි.

x පලතුරු සහ එළවළු වැඩි වශයෙන් භාවිතා කිරීම.

x දිනපතා ව්‍යායාම කිරීම, අඩුම තරමින් සතියකට දින තුනක් දිනකට පැය භාගයක් ව්‍යායාම කළ යුතුවේ.

x දුම්පානය නොකිරීම. x මත්පැන් භාවිතය අවම කිරීම

x පොල්තෙල් වැනි සංතෘප්ත මේදය අඩුකිරීම, හරක්මස් ඌරුමස් වැනි මේද අධික ආහාර ගැනීම සහ බිත්තර කෑම සීමා කළයුතුවේ.

x ශරීරයේ බර අඩු කර ගැනීම,


අප එදිනෙදා ගන්නා බොහෝ ආහාරයන්ද මේ සඳහා වු ඖෂධ ලෙස ක්‍රියා කරයි .විවිධ වර්ණ සහිත ආහාර එනම් කැරට්, තක්කාලි, බීට් , වැනි එළවළු වර්ග වලද ගොටු කොළ, සාරණ, සලාද, රතු වියලි මිරිස් මෙන්ම සුදුරු ,මාදුරු, උළු හාල්,කහ,එනසාල් කරාබු නැටි ,කුරුඳු, ගම්මිරිස්, සුදුළුණු වැනි කුළු බඩු වර්ග වලද ගුණ අඩංගු වේ. ඉරමුසු, නෙල්ලි, රසකිඳ, පොල්පලා හාතාවාරිය වැනි ඖෂධීය ගුණයෙන් යුතු වන අතර ප්‍රතිශක්ති ජනන ගුණයෙන් ද යුක්තය.

දෙහි, දොඩම්, නාරං, බෙලි, කටු අනෝදා, මුද්දරප්පලම්, වැනි පලතුරු වර්ගද කුඩා මාළු වර්ගද, කෙදි සහිත ආහාර එනම් කොහිල, පලා වර්ග, කෙසෙල් මුව වැනි ආහාර පිළිකා නාශක ගුණයෙන් යුත් ආහාරයන්ය. එහෙයින් වස විස නැති මෙවැනි ආහාර රටාවකට හුරු වීම තුලින් අවදානම අවම කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

ශාක ඖෂධවල ඇති අධි රුධිර පීඩනය එරෙහි ප්‍රතිශක්ති වර්ධන ගුණය හේතුකොට ගෙන රෝග සුව වීමටත් වේදනාවෙන් සහ වෙනත් අපහසුතාවයන් ගෙන් තොර සුව පහසු දීර්ඝ ජීවිතයක් ලබා ගැනීමට හැකියාව ලැබේ. ඒ සදහා ඔබට සහාය වීමට හැකියාවක් ඇත..

02.රෝග ඇතිවීම් වලක්වා ගැනීමට සුදුසු ආහාර......
* කහ,
* කරවිල,
* කටු අනෝදා,
* වැලි අනෝදා,
* කටුපිල,
* අහු,
* වැටේ මුරුංගා,
* කතුරුමුරුංගා,
* කුරුදු,
* පේර,
* දිවුල්,දෙළුම්,කරපිංචා,
* සුදුළුණු,රතුළුණු,ඉගුරු,
* වට්ටක්කා,තක්කාලි,
* මදුරුතලා,කුරක්කන්,ගොරකා,මාදන්,
* නෝකෝල්,රත්නිටුල්,වරා,
* කැප්පෙටිය,වේල,බිම්කොහොඹ,
* කංසා,ගංජා, ත්‍රෛයිලෝක විජය පත්‍ර,
* රණවරා,හින් ඉරමුසු,මිනීමල්,කොස්,වැල වරකා,පොලොස්,තවත් බොහෝ ඇත.,,

,අධි රුධිර පීඩනය පාලනය කිරීම සඳහා සුදුසු ආහාර 

1 සුදුලූනු-අධිරුධිර පීඩනය සමනය කරන ආහාරයක් ලෙස සුදුලූනු වලට හිමි වන්නේ ප්‍රමුඛ ස්ථානයකි. ශරීරයේ ධමනි වල ගැස්ම අඩු කිරීමේ හැකියාව සුදු ලූනු සතුවේ. එමගින් රුධිර පීඩනයේ වේගවත් භාවය අඩුවේ. මීට අමතරව ක්ෂණිකව ඇතිවන්නාවූ කලන්තය සහ කරකැවිල්ල ගතිය, හිරිවැටීම් තත්වය, ජීරණ පද්ධතියේ ඇතිවන්නා වූ විෂ වායු තත්ත්වයන්ට සහ හුස්ම ගැනීමේ අපහසුතාවයන් ආදිය සඳහා ද සුදු ලූනු ගුණදායක වේ. මෙහි පවත්නා ගුණදායක බව නිසාවෙන්ම ව්‍යංජන වලට එක්කර ගැනීමෙන් සහ දිනකට සුදුළූණු බික් දෙක තුනක් සිහින් ආකාරයට කපා අමුවෙන් ආහාරයට ගැනීම පවා සුදුසු වේ. පැණි කොමඩු ඇට සහ පොතු වර්තමානයේ කරන ලද පරීක්ෂණවලට අනුව කොමඩු ඇට වල පවතින ඇතැම් රසායනික සංයෝග අධි රුධිර පීඩනය පාලනය කරයි. එබැවින් එම ඇට බැද කුඩුකර ආහාරයට ගැනීම සුදුසු වේ. තවද කොමඩු පොතු වල ද මෙවැනිම ගුණයක් පවතී. ඒ අනුව කොමඩු පොතු ග්‍රෑම් 12 ක් හා සෙනෙහෙ කොළ ග්‍රෑම් දහයක් සුප් එකක් වන සේ හොඳින් තම්බා දිනපතා පානය කිරීම මේ සඳහා සුදුසුවේ.

2 කැකිරි අධි රුධිර පීඩනය සඳහා ගුණ දෙන තවත් ආහාරයක් වන්නේ කැකිරි වේ. කැකිරි යුෂ වලට මී පැණි හැන්දක් සහ දෙහි ඇඹුල් ස්වල්පයක් මිශ්‍රකර දිනපතා පානය කිරීම සුදුසු වේ. මේ හරහා අධි රුධිර පීඩනය හොඳින් පාලනය කරගත හැකි ය.

3 කෙසෙල් හොඳින් ඉදුණු කෙසෙල් ගෙඩි ආහාරයට ගැනීමෙන් ද අධි රුධිර පීඩනය පාලනය කරගත හැකිය. හෘදයේ ලේ පිටතට රැගෙන යන නාඩි තද වීම වැළැක්වීමේ හැකියාව කෙසෙල් සතුවේ. තවද නැවුම් එළකිරි වීදුරුවක් සමග කෙසෙල් ගෙඩියක් දිනපතා ආහාරයට ගැනීම ද මේ සඳහා වඩාත් සුදුසු වේ. කෙසේ නමුත් දියවැඩියා රෝගී තත්ත්වයෙන් පෙළෙන රෝගීන් ඉදුණු කෙසෙල් සහ එළකිරි පානය කිරීම සම්බන්ධයෙන් තරමක පාලනයක් තිබිය යුතුය.,

4 කැරට් හා නිවිති යුෂ කැරට් හා නිවිති මගින් ද අධිරුධිර පීඩනය පාලනය කෙරේ. කැරට් යුෂ මිලි ලීටර් තුන්සියයකට නිවිති යුෂ මිලි ලීටර් දෙසියක් මිශ්‍ර කර මී පැණි බින්දු දෙක තුනක් ද ඊට මිශ්‍රකර දිනපතා පානය කිරීම වඩාත් යෝග්‍ය වේ.

5 වම්බටු වම්බටු අධි රුධිර පීඩනයට සුදුසු වේ. ඒ අනුව කුඩාවට කපා ගන්නා වම්බටු කැබලි ලුණු මිශ්‍රකර හුමාලයෙන් තම්බා කෑලි ගම්මිරිස් හා අමුමිරිස් යොදා සලාදයක් ආකාරයට සකසා ආහාරයට ගැනීම වඩාත් සුදුසු වේ. මෙම රෝගයට පමණක් නොව වම්බටු මල බද්ධය, අර්ශස් හා ශරීරයේ ඇතිවෙන වේදනාවන් සඳහා ද යෝග්‍ය වේ.

6 නෙලුම් දලු නෙළුම් දලු වල අඩංගු ඇතැම් රසායනිකයන් රුධිර පීඩනය පාලනය කරයි. රුධිර නාල ප්‍රසාරණය කිරීමේ හැකියාව නෙලුම් දලු සතු වේ. මේ සඳහා නෙළුම් දළු වලින් සකසා ගන්නා තලප උදෑසන ආහාරයක් වශයෙන් ආහාරයට ගැනීම යෝග්‍ය වේ. මෙම ආහාරය සකසා ගන්නේ කැකුළු හාල් පිටි ග්‍රෑම් 50 කට නෙළුම් දළු ග්‍රෑම් 50ක් වතුර කෝප්ප තුනක් දමා දිය සිදෙන තෙක් තම්බා කැකුළු හාල් පිටි වන තෙක් අඹරා ගෙන මෙම තලපය සකසා ගනී.

7 බඩ ඉරිඟු බඩ ඉරිගු වල පවතින නිකොටිනමයිඩ් නම් රසායනික සංයෝගය ශරීරයට ඉතා සුදුසු වේ. එම රසායනිකයෙන් ශරීරයේ අහිතකර කොලෙස්ට්‍රෝල් පාලනය කරන අතර එබැවින් බඩ ඉරුගු තලප, ලපටි බඩ ඉරිඟු කරල් ව්‍යංජන ආදිය අධි රුධිර පීඩනයට වඩාත් සුදුසු වේ.

8 මී පැණි හෘදයෙන් පිටතට රුධිරය ගෙනයන නාල තදවීම වැළැක්වීමේ හැකියාව මී පැණි සතු වේ. එබැවින් මී පැණි බින්දු කීපයක් මිශ්‍රකර ගත් පිරිසුදු ජල වීදුරුවක් උදෑසන හිස් බඩට පානය කිරීම අධි රුධිර පීඩනය සඳහා සුදුසුයි..

9 සැල්දිරි සැල්දිරි රුධිර නාල අවහිර භාවය ඇති කරන හෝමෝන වල දැඩි බව ලිහිල් කරයි. එබැවින් සැල්දිරි කැඳ හා සුප් වර්ග වලට යොදා ආහාරයට ගැනීමෙන් අධි රුධිර පීඩනය පාලනය කරගත හැකිය.

10 දුඹුරු සහල් දුඹුරු සහල් වලින් සකසන බත් සහ වෙනත් ආහාර ඕනෑම වර්ගයක් ආහාරයට ගැනීමද අධි රුධිර පීඩනයට සුදුසු වේ.

11 තක්කාලි තක්කාලි වල පවතින ලයිකොෆීන් සංඝටකය රුධිර පීඩනය පාලනය කරයි. මෙහිදී තක්කාලි අමුවෙන් ආහාරයට ගැනීම වඩාත් සුදුසු වේ.දෙළුම් යුෂ, බීට්රූට් යුෂ හා වද මල් යුෂ අධි රුධිර පීඩනය පාලනය කරන්නා වූ සුවිශේෂී හැකියාවෙන් යුක්ත වේ. ඒවායේ පවතින ප්‍රතිඔක්සිකාරක ගුණය මේ සඳහා ඉවහල් වේ.

12 චොක්ලට් පැණි රස ආහාරයක් වුවත් අධිරුධිර පීඩනයට ගුණදායකය. මෙහිදී ඩාක් චොකලට් ගුණදායකය.නිදන්ගත රෝග තමා විසින්ම පාලනය කර ගත යුතුය. ඊට වැඩි වශයෙන් බලපානු ලබන්නේ තමන් ගනු ලබන ආහාර රටාවයි. ඉහත සදහන් කළ ආහාර ඔබගේ ආහාර වට්ටෝරුවට එකතු කර ගන්නේ නම් ඉන් ඔබටත් අධිරුධිර පීඩනය පාලනය කර ගත හැකිය..,

මෙම රෝගය සුව කිරීම සඳහා භාවිතා කරන ප්‍රධාන වෙදකම වන්නේ විශ්වයේ ජීව බලය උපයෝගී කරගෙන කරනු ලබන වෙදකමයි. මෙම වෙදකම ජලය හරහා මා විසින්ම සොයාගන්නා ලද විශේෂ වෙදකම් ක්‍රමයක් නිසා මම ඒ තුළින් මෙය පිළිකා රෝගීන් විස්මිත ලෙස සුව කිරීම සිදු කරනවා. අප පළමුව කළ යුත්තේ මෙවැනි රෝග ඇතිවීම වළක්වා ගැනීමට පියවර ගැනීමයි.ඒ සඳහා ශාක සාර මෙන්ම මෙම විශ්වයේ ඇති ජීව බලය සහිත සැම දෙයකම සහය ලබා ගන්නවා.

01.කුළුබඩු වර්ග යෙදූ ආහාර දිනපතා ගැනීම.

02.කාබනික කහ.

03.කැද වර්ග රෝග ඇතිවීම වළක්වා ගැනීමට සහ ඒවා ඉක්මනින් සුවපත් කර ගැනීමට දිනපතා ගත හැකි ආහාර වර්ග ලෙස ලබාදෙන අතර විශේසයෙන් ජලය පිරිසිදු කරමින් ලබා දෙනවා.

එයට අමතරව

* සුදු ලූනු බිකක් සහ උළුහාල් ටිකක් වතුර කෝප්පයකට දමා රාත්‍රි කාලයේ තබා උදෑසනට හිස්බඩ පානය කිරීමත් පිළිකා රෝග පාලනයට ගුණදායකයි.

* ඉඟිනි ඇට හෝ පිටි ටිකක් රාත්‍රියට වතුර කෝප්පයක දමා තබා උදෑසනට හිස්බඩ පානය කිරීම ඇතිවීම පාලනයට ගුණදායකයි.

* කොළ කැඳ වර්ගක් පානයට හුරුවීමත් ඉතා හොඳයි.

* කුප්පමේනියා, යකිනාරං, ගොටුකොළ, මොණරකුඩුම්බිය, එළබටු දළු, මුකුණුවැන්න ආදිය මිශ්‍රකර සකස්කර ගත් කැඳ වර්ගයක් පානය ගුණදායකයි.

* මොණරකුඩුම්බිය කැඳ ඇඹරැල්ලා පොතු කැඳ, හීන් බෝවිටියා කැඳ, යකිනාරං කැඳ ආදිය ඉතා ගුණදායකයි.

* බෙහෙත් සාරණ කැඳ, පොල්පලා කැඳ, නීරමුල්ලිය කැඳ පානය කළ හැකියි.

* සුදුවෙල්ලන් කොළ කැඳ, කටුපිල කොළ කැඳ ආදිය පානය ගුණදායකයි.

* කොහිල අල සහ කොහිල දළු කැඳ පානය කළ හැකිය එසේම මෙහි පහත සදහන් පරිදි කටයුතු කිරීම් කල යුතුය..

02.එළවළු පලතුරු හිතකර හේතුවනවා.
* රනිල භෝග හා කුරුට්ට සහිත ධාන්‍ය වර්ගත් ඉතා හිතකර ආහාරයි.
* රතු නිවුඩු හාල්.
* නිවිති, කොහිල මුරුංගා, ඇඹරැල්ලා ගෝවා ලීක්ස් ගුණදායකයි
* වෙල් තම්පලා,
* තෙබු කොළ, ජපන් බටු කොළ , දඹල කොළ, මෑ,කොළ අධිකොලෙස්ටරෝල් පාලනයට බල පානවා.
* ගස්ලබු
* පේර
* දිවුල්
* දොඩම්
* නාරං
* බෙලි
* වෙරළු වැනි පලතුරු ආහාරයට සුදුසුයි.

පළතුරු,එළවලු මෙන්ම මෙම විශ්වයේ සෑදෙන ශාකමය ආහාර සදහා ගතහැකි සෑම දෙයක්ම ශරීරයට හිතකරය.එය ආමාශය විසින් නිසි අයුරින් තෝරා බේරා ගනිමින් ඒ අවශ්ථාවේදී ශරීරයට අවශ්‍ය පෝෂණය ලබා ගනියි.එම අමතර පෝෂණ කොටස් ප්‍රතිශක්තිකරණ සදහ ශරීරය තුල තැම්පත් කර ගැනීමක් සිදුකරනු ලබන අතර වැඩිපුර ඇති පෝෂණ කොටස් ශරීරයේ ප්‍රතිශක්තිය අවම වෙන අවශ්ථාවේදී ශරීරයට ලබා දීමට කටයුතු කරනු ලබයි.

මෙම කරුණු පිළීබදව එකින් එක විස්තර කරදීම මෙන්ම ඒවායේ ඇති සියලුම ගුණාංගයන් පිළීබද නිසි අවභෝධයක් ලබා තිබීමද ඉතා වැදගත් කමක් ගන්නවා ඇත.තවද අතීත අප මුතුන් මිත්තන් තමන් නීරෝගීව කල් යවා ඇත්තේද මෙම නියමීත ඔෂධිය ගුණයෙන් යුක්ත වූ ආහාරයන් එදි නෙදා පරිබෝජනය කල බැවිනි.

ආහාර මෙන්ම ජලය පානය කිරීමද වැදගත් කමක් ගනු ලබන්නේ ශරීරයේ සියයට හැටපහක් පමණ ඇත්තේ ජලය වන බැවිනි.මෙම ජලය අපවිත්‍ර වනනේ නම් රෝගයන් වැලදීමට මෙන්ම වැලදී ඇති රෝගයන් සුව නොවීමට බොහෝ සේ බලපානු ලබයි.

ලංකාවේ ජලය අපවිත්‍ර කරගෙන ඇත්තේ මෙයට වසර සිය ගනනකට පෙර සිටය..ජලය ආම්ලික වීම ඒ අනුව සිදුවෙන අතර ජලය ආම්ලික වුව හොත් ශරීරය රෝගීන් වීමටත් නිරෝගී වී ඇති සෛල කිසිදු අවශ්ථාවකදී සුව වන්නේ නැත.

  ජලය පිළිබද සම්පූර්ණ විස්තරය දැනගන්න.... <<< මෙතනින්....>>>..

මම මේ වන විට පිලිකා ඇතුලු ඕනේම බෝ වෙන නොවෙන රෝගයන් සුවකල හැකි වෙදකමක් ලෝකයට හදුන්වා දී ඇත. එය විශ්වයේ ජීව බල ශක්තිය උපයෝගී කරගනිමින් කරන වෙදකමයි.The Healing Of Universal Life Force Energy..ඒ හරහා පිලිකා,කොලෙස්ටරෝල්,දියවැඩියාව,ගැස්ට්‍රයිට්‍රීස්,ආතරයිටීස්,වකුගඩු අමාරු,ශරීරයේ සීනි,අධි රුධීරපීඩනය, ඇතුලු ඕනේම බෝ වෙන සහ බෝ නොවෙන රෝගයක් නිට්ඨාවට සුවකල හැකි අතර විස්තර ලබා ගැනීම සදහා පහත සදහන් සදහන් දුරකතන අංකයන ගෙන් විස්තර ලබා ගන්න.
විස්තර සදහා අමතන්න
විශ්ව ජීව බල වෛද්‍ය එස් ජූඩ් සිල්වා
සබාපති සමස්ත ලංකා කැන්ගෙන් ජල චිකිත්සක සමිතිය,ලියාපදිංචි අංකය - එස් 0020486
නො 56 බි,කිර්ති මාවත අසල,තිබ්බොටුගොඩ,ගනේමුල්ල,
වෙබ්පිටුවwww.srilankaelle.com. සහ www.kangenwatersrilanka.com.
යූ ටියුබ් Ellaya News සහ Sri Lanka Elle.facebook - Ellaya News,S Jude Silva
දුරකතන අංකය 0718669451 සහ 0332262409
මෙයමිතුරන්ට යවන්න...ස්තුතියි..

  පිළිකා රෝගය.Cancer cure .
       Kangen water
       වකුගඩු අමාරු,සරිරයේ සීනි,

(මූලාශ්‍ර හා සේයාරූ -අන්තර්ජාලය , පුවත්පත්,වෛද්‍ය ලේඛන,මාගේ දැනීම සහ අත්දැකීම ඇසුරිනි).

  වෙබ් පිටුව www.srilankaelle.com. . <<< මෙතනින්....>>>..
  වෙබ් පිටුව www.kangenwatersrilanka.com . . <<< මෙතනින්....>>>..
  See more Universal Life Force Energy විශ්වයේ ජීව බල ශක්තිය පිළීබද තවත් විස්තර
(මූලාශ්‍ර හා සේයාරූ -අන්තර්ජාලය , පුවත්පත්, හා වෛද්‍ය ලේඛන ඇසුරිනි)
Click here See more Video
       තවත් විස්තර සහිත වීඩියෝ පට බලන්න මෙතන ක්ලික් කරන්න


 
Click here For Contact...>>>>
       තවත් විස්තර අවශ්‍ය නම් මෙතන ක්ලික් කරන්න..>>>

 

 

එල්ලේ ක්‍රීඩාවේ ප්‍රථම වෙබ් පිටුව

ප්‍රධාන පුවත්
ලොවට බිහිවෙන නවතම වෛද්‍ය ක්‍රමය ශ්‍රී ලංකාවෙන්
විශ්වයේ ජීව බලශක්තියෙන් කරන ප්‍රතිකාර(Universal Life Force Energy).
කොරෝනා වෛරසයෙන් බේරෙන්න
විශ්වයට පැමිණෙන මිනිසා ඇතුලු සෑම ජීවීයෙකුටම බෙහෙත් අවශ්‍ය නොවේ
අපේ සිහින පාර්ලිමේනතුව Our Dream Parliament.
ශ්‍රී ලංකාවේ සත්‍ය ඉතිහාසය පළමුවරට දේශපාලනයට
රට සංවර්ධනය කරනු ලබන මගේ ප්‍රතිපත්ති ප්‍රකාශණය.
ප්‍රතිශක්තිකරණ පද්ධතිය සක්‍රීය කර කොරෝනා වෛරසයෙන් බේරෙන්න කැනගන් පිරිසිදු ජලය බොන්න
ශ්‍රී ලංකාවේ සත්‍ය ඉතිහාසය
කැන්ගන් ජල චිකිත්සාව කලාප පුවත් කියවන්න
 
කැන්ගන් ජල අයණිකාරකය
 
සමස්ත ලංකා කන්ගන් ජල චිකිත්සක සංගමයේ නිළධාරී මණ්ඩලය 2019
 
  See more Details බලන්න තවත්
එල්ලේ කණ්ඩායම ලෝගෝ
>
එල්ලේ ක්‍රීඩා ඉතිහාසයේ එල්ලේ ක්‍රීඩාව වෙනුවෙන් එලිදක්වන ලද ප්‍රථම පුවත් පතේ තෙවන කලාපය ජුනි මස නිකුත් වේ.විස්තර සදහා මෙතන ක්ලික් කරන්න
කැන්ගන් ජලය පානය කරන ලොව සුපිරිම පුද්ගලයින්
එල්ලේ ක්‍රීඩාවේ පුවත්
කොරෝනා වෛරසයෙන් බේරෙන්න
එල්ලේ ක්‍රීඩා ඉතිහාසයේ එල්ලේ ක්‍රීඩාව වෙනුවෙන් එලිදක්වන ලද ප්‍රථම පුවත් පතේ තෙවන කලාපය ජුනි මස නිකුත් වේ.විස්තර සදහා මෙතන ක්ලික් කරන්න
කැන්ගන් ජලය පානය කරන ලොව සුපිරිම පුද්ගලයින්

 

සියත එප් එම් වෙතින් ගන්නා ලද අපෙන් වසන්කල අපේ ලේ උරුමයේ සත්‍ය ඉතිහාස කතාව නොමිල් දැන් ඩි වී ඩි පටයක් ලෙසින් අප වෙතින් මෙය නොඅසන හෝ ප්‍රතික්ෂේප කරනා යමෙකු වන්නේ නම් ඔහු හෝ ඇය විජය යන හොර දෙටුවගෙන් පැවත එන්නන්ය
       Ellaya DVD Paper
       Kangen water
       Sri Lsnka Elle
       Ranaviru Video
      Rawana
Home Videos Team Players Match Galary News Spicial News Italy Elle Other Contact
https://plus.google.com/106054590476023516301/posts
 

Sport Of Sri Lanka Elle

                   
  Home Sri Lanka Elle Kangen Water Ellaya Ads Ellaya Book Publisher All Blogs About Us Contact  
    Elle Histry English Kangen Water Sinhala Kangen Ionizer Ellaya Paper One Elle Blogs      
    History Sinhala Our Kangen Galary House & Property Ellaya Paper Two Elle Galary Blogs      
    Elle Video Kangen Videos Vehicals Ellaya Paper Three Kangen Blogs      
    Elle Team Galary All Dabadiwa Tour 5 Ssayathwayata Ganithaya Kangen Blog Two   Sinhala  
  Italy Elle Team Kangen Beauty Water Valakkanni Tour Kangen Water Therapies Kangen Galary   English  
  Elle Players Strong Alkaline Water Moringa          
    Acidic Water Karavila Kangen Water Therapies     Blogs
    Wikipedia Sinhala Doctors View   KWTA Application        
    Wikipedia English Testimonials Ellaya Ads Application          
          Ellaya DVD Paper One Wikipedia All      
      Wikipedia Sinhala Electric Items Ellaya DVD Paper Two        
      Wikipedia English Other Product Ellaya DVD Paper Three Othrs   About Me  

 

https://plus.google.com/106054590476023516301/posts

                                Copy write 2013 © Ellaya Ads By Sri Lanka Elle (එස්ජේ)                                                                                  

Home Videos Team Players Match Galary News Spicial News Italy Elle Other Contact

 

 

 

....දුක් කම් කටොළු ....සහ..... අසාධාරණයන්ට ලක්වූ.....මාගේ ජීවිතයේ ඇත්තම ඇත්ත කථාව ......True story of my life...ලගදීම නවකථාවක් ලෙසින් ............ඔබ අතට ලබා දීම ,,,,,,,,,,,,,,,,,මාගේ මීලග..... බලාපොරොත්තුවයි...........
...දුක් කම් කටොළු ....සහ.. අසාධාරණයන්ට ලක්වූ.....මාගේ ජීවිතයේ ඇත්තම ඇත්ත කථාව ...True story of my life.....ලගදීම නවකථාවක් ලෙසින් ...ඔබ අතට ලබා දීම ,,,,,,,මාගේ මීලග..... බලාපොරොත්තුවයි............