ELLE   Video Blogs  
Home Videos Team Players Match Galary News Spicial News Italy Elle Other Contact
දීපශිකා එල්ලේ කණ්ඩායම

තිබ්බොටුගොඩ,ගාමිණී කණිෂ්ඪ විද්‍යාලය

1975 වර්ෂයේ තිබ්බොටුගොඩ ගණේමුල්ල ගාමිණි විදුහලේ 8 වන ශ්‍රේණියේ සහ 9 වන ශ්‍රේණියේ සිසුන් විසින් ආරම්භ කිරිමෙන් අනතුරැව හොරගොල්ල දීපශිකා දිපශිකා ක්‍රීඩා සමාජය ලෙස නම්කරන ලද්දේ එම කණ්ඩායමේ උපනායක වශයෙන් ක්‍රීඩාකරනු ලැබූ ඒ ඩොනල්ඩ් අයිවන් විසිනි.නායක වශයෙන් එස් නීල් රැපස් සිල්වා කණ්ඩායම ආරම්භයේ පටන් 2002.03.14 වන දින හදිසි අනතුරකින් මියයන තෙක්ම මෙම කණ්ඩායමේ නායකයා වශයෙන් කටයුතු කරන ලදි.මියයන විටද ඔහු දිවයිනේ සිටි දක්ෂතම එල්ලේ ක්‍රිඩකයාද විය.කණ්ඩායමේ ප්‍රථම සංවිධායක වයේ එරික් මර්වින් සිල්වාය.

ප්‍රථම තරගය වශයෙන් සටහන් වන්නේ බොල්ලත ක්‍රීඩා සමාජය සමග පවත්වන ලද සුහද එල්ලේ තරගයයි .මෙම තරගයේ පළමු ඉනිම සදහා වට පනස් පහක්(55)ලැබූ හොරගොල්ල දිපශිකා එල්ලේ කණ්ඩායම ඉනිමකින් හා වැඩි ලකුණු තිස්පහකින් ජය ගන්නා ලදි.එම ප්‍රථම තරගයේදීම එස් නීල් රැපස් සිල්වා සහ එස් රංජිත් සිල්වා ලකුණු දොළහ(12) බැගින් ලබා ගන්නා ලදි.
එදි සිට 2000 වසර දක්වා දිපශිකා පැමිණි ගමන්මග ඉතා දුෂ්කරවූත් දක්ෂතාවලින් පිරි සාර්ථක ගමන් මගක් විය.එල්ලේ තරගාවලියකට තරගකරන ලද ප්‍රථම තරගාවලිය වූයේ 1982 දී රාගම තේවත්ත සුහද ක්‍රිඩා සමාජය මෙහෙයවන ලද එල්ලේ තරග මාලාව වන අතර එම තරගමාලාවේ සහභාගි වූ අනෙකුත් කණ්ඩායම් අභිබවමින් තෙවන ස්ථානය ලබා ගැනීමට හැකිවිම ඉදිරි ගමන් මගට මහත් පිටුවහලක් විය.එසේම එදින සිට 1993 වසර වන විට එල්ලේ තරගයන් 279 කට සහභාගී වෙමින් 215 ක් ජයගෙන ඇති අතර ඉන් තරග 92 කින් ජයගෙන ඇත්තේ එක් ඉනිමක් පමණ්ක් ක්‍රීඩා කරමින්ය.තරග පහක් ජය පරාජයෙන් තොරව නිම කර ඇති දීපශිකා ක්‍රීඩා සමාජය ලංකාවේ දක්ෂතම කණ්ඩායම් දෙකක් කිසිදු ලකුණක් නොදි බිංදුවට දවාගන්නා අවශ්ථාවන් දෙකක් සටහන් කර ගැනීමට තරම් දක්ෂතා පෙන්නුම් කර ඇත.

 

හොරගොල්ල දීපශිකා ක්‍රිඩා සමාජයේ සිටි දක්ෂතම ධාවකයා වු ඊ ඩී සැම්සන් මයිකල් ක්‍රිඩා සමාජය ඉදිරියට රැගෙන යාම සදහා එකල මුදල් වැයකල ක්‍රීඩකයා වන අතර ප්‍රධාන සංවිධායක එරික් මර්වින් සිල්වාගෙන් පසු කොලින් කැමල්,බොනිපස් කුමාර පේලි,සිසිර කුමාර , එස් රංජිත් සිල්වා සහ එස් ජුඩ් සිල්වා කලින් කලට මෙම කණ්ඩායමේ එක් එක් නිළතල හොබවන ලදී.1990 දශකයේ ඩඩ්ලි අබේකෝන්,ප්‍රසන්න ඩයස්,එරික් මර්වින්,ක්‍රීස්ටි සිල්වා,මිල්ටන් මෙන්දිස්,සැම්සන් මයිකල්,ඩොනල්ඩ් අයිවන්,බොනිපස් කුමාරපේලි,සරත් කුමාර,සිසිර කුමාර,පෝල් සිල්වා,විල්ප්‍රඩ් සිල්වා,එස් රංජිත් සිල්වා,නිමල් සිල්වා,නාමල් බංඩාර,ඔස්කා ද සිල්වා,එම් ප්‍රෙමසිරි,එස් ජූඩ් සිල්වා,හෙක්ටර් සිල්වා,ග්‍රේෂන් ඇන්තනි,පිටර් ග්‍රේබියෙල්,මෙම කණ්ඩායම ආරම්භයේ සිටි ක්‍රිඩකයින් වශයෙන් හදුන්වා දිය හැක.
ඉන් පසු රැපස් ඩයස්,නිශාන්ත සිල්වා,රනිල් චන්දන,නිමල් සිල්වා,හේෂාන් ධම්මික සිල්වා වැනි දක්ෂ ක්‍රිඩකයින් රැසක් බිහිකරලිමට දායකත්වය සපයා ඇත. ප්‍රධන අනුසාසක වරයෙකු වශයෙන් සිටි එස් පිටර් සිල්වා සිහිවිම පිණිස මාවතක් නම් කර ඇති අතර,දීපශිකා ක්‍රීඩා සමාජය වෙනුවෙන් මාවතක්ද නම් කිරිමට කටයුතු කිරිමද විශේෂත්වයක් වශයෙන් හදුන්වා දිය හැක.