ගස් සහ වැල් විශ්වය නිර්මානයේදී ජීවීන්ගේ අවශ්‍යකා මෙන්ම විශ්වයේ පැවැත්ම සදහා නිර්මානය වි ඇති බැව් මනස දියුණුවට පත් මහජනතාව විසින් දැනගත යුතු වුවත් වර්තමානයේ ඒවා විනාශ කරමින් සිටිනා අයුරු දැකිය හැක.එය එසේ වුවත් මිහිපිට ඇති ජීවින් ඒ සැම දෙයක්ම ආරක්ෂා කරමින් විශ්වයට තමන් පැමිණී කාර්්‍යය කරමින් සිටි.මෙම ලිපියෙන් ගස් වැල් සහ ඒවායේ ජීව බලය පිළීබදව කෙටියෙන් විස්තර ඉදිරිපත් කර ඇත්තේ නිරෝගීව දිවි ගෙවීමට කැමැත්තක් දක්වන සහ මේ පිළීබදව සොයා දැන ගැනීමට කැමැත්තක් දක්වන අයවලුන්ගේ ප්රෙයා්ජනය සදහා දිරිපත් කර ඇත.තවත් විස්තර ඔබ විසින් සොයා බලමින් ඒවාගේ ජීව බලයන් පිළිබදව තම මනසේ ශක්ති ප්‍රමාණයෙන් සොයා දැන ගැනීමට කටයුතු කල යුතුයි...එසේ සදහන් කරනු ලබන්නේ එයද තම මනස වර්ධනය කර ගැනීමටත් මහගු අස්වැසිල්ලක් වන බැවින් යැයි සදහන් කරමි.
ස්වැල් පළතුරු වල ඇති ජීව බළ ශක්තිය:-
මී ගස / Madhuca longifolia:-
මිනිස් ශරීරයේ වාතය සහ පිත කෝපයෙන් හට ගන්නා රෝගවලදී භාවිත ශාකයකි මී ගස .
රක්ත වාතයට චර්ම රෝග , වාත රෝග , අතීසාරය , ග්රහණි රෝග , ක්ෂය රෝගය , ඇදුම , මුත්ර අඩස්සිය , සර්ප දෂ්ටන , උගුරේ ආබාධ , කැඩම් බිඳුම් , ඉක්කා ආදී රෝග රැසකට ප්රතිකාර කිරීමේදී මී ශාකයේ කොළ , පොතු , මුල් , ඇට , මල් සහ අරටුව යනාදිය භාවිතා කරයි. මී තෙල් චර්ම රෝග , වාත රෝග සහ වේදනා සමනය කරයි. මී මල් මෝදක , මධුකාසවය මී මල් භාවිතයෙන් නිපදවන ඖෂධයන් අතර ප්‍රධාන වෙයි.
ඊට අමතරව කැඩුම් බිදුම් සුව කිරීම ට ද මීතෙල් භාවිතා කරයි. ස්නායු ශක්තිමත් කිරීම මෙන්ම චර්ම රෝග වලටද මී තෙල් ගුණදායක ඔසුවකි. මී ඇට විවිධ තැවිලි හා පත්තු සදහා යොදාගනී.එමෙන්ම හෘද රෝගවලටද මී ඇට ගුණදායක වන අතර හෘද රෝග ඇති හෝ නැති ඕනෑම අයකුට මී ගෙඩි කෂායක් ලෙස තම්බා පානය කිරීම ගුණදායකයි. පිලිකා සෛල අඩපණ කිරීමේ හැකියාව සහිත වන අතර සර්ප විෂ ද සමනය කරයි. සෙම් රෝග හිසේ රුදාව ආදියේ දී නස්න කර්ම සදහා මී අරටු සහ මී ඇට යොදාගනී. ආයුර්වේදයේ පස් තෙලට අයත් තෙල් වර්ගයක් ලෙසටද මී තෙල් ප්‍රසිද්ධිය.
මී මල් වලින් ලබාගන්නා පැණි ග්‍රහණි රෝගවලටද ආමාශගත රෝග වලටද ස්ත්‍රී ප්රජනන පද්ධතිය ආශ්‍රිතව ඇති වන රෝග වලට ද යෝග්‍ය වේ. අර්ශස් , නාසයෙන් ලේ ගැලීම ආදී ශරීරයෙන් රුධිරය පිටවන රෝගීන් ට ශරීරයේ ශක්තිය රැක ගැනීම සදහා මී මල් යුෂ ප්‍රයෝජනවත් වෙයි. මී මල් අක්මා රෝග වලට සහ විවිධ ආසාත්මිකතාවලදී ඔසුවක් ලෙස යොදාගනී. මී ගෙඩි මද ව්‍යාංජනය කිරි මව්වරුන්ට කිරි එරීමට ද පුරුෂයන් ගේ වාජීකරණ ශක්තිය වැඩි කිරීමටද සමත් ය.
කොත්තමල්ලි
සීනි කොලෙස්ට්‍රරෝල් නසයි
අක්මාව සුවපත් කරයි
වා පිත් සෙම තුනටම හොඳයි
විද්‍යාත්මක වශයෙන් සැලකීමේදී එහි ඇති ප්‍රතිප්‍රදාහක ගුණත්, විටමින් C වලින් අධික වීමත්, විටමින් B අඩංගු සංකිර්ණ වලින් පරිපූර්ණ වීමත් නිසා බටහිර වෛද්‍ය විද්‍යාවේ පිළිගැනීම් අනුවද කොත්තමල්ලි බැහැර නොකළ යුතු ඖෂධීය පරිපූරකයකි.කොත්තමල්ලි කොළවල යකඩ, මැග්නීසියම්, මැංගනීස් සහ විටමින් ඒ, බී, සී අඩංගු ය.
කොත්තමල්ලි වල කෂාය, තික්‌ත, කුළු, මධුර යන රස හතර ම පවතී. වීර්යයෙන් උෂ්ණය; විපාකයෙන් මධුරය; ගුණයෙන් ලඝු සහ ස්නිග්ධ ය. වැසි සමයත් සමඟ කොත්තමල්ලී සහ ඉඟුරු එකට තම්බා පානය කිරීමෙන් ශරීරයට ඇතිවන ප්‍රධාන ප්‍රයෝජන දෙකකි. පළමු වැන්න නම් වැස්සත් සමඟ වෙනස්වන පරිසර උෂ්ණත්වය නිසා ශරීරයේ උණුසුම රැක ගැනීමයි. ශරීරයේ උණුසුම නිසි පරිදි පවත්වාගැනීමෙන් ප්‍රතිශක්තිකරණ හැකියාව වර්ධනය වීම දෙවැනි ගුණාංගයයි. මේ නිසා වැසි සමයක් නොවූවද නිරන්තරව වැළඳෙන සෙම් රෝග සහ උණ රෝග වළින් ආරක්ෂා වීමට ඉඟුරු කොත්තමල්ලී පානය වැදගත් වේ.
බොහෝ දෙනා සැහැල්ලුවෙන් සැලකුවද කොත්තමල්ලී සතුව සුවිශේෂ ගුණාංග ගණනාවක් ඇත. ශරිරයට අවශ්‍ය පෝෂණ ගුණාංග පවා ලබාදීමේ හැකියාවක් කොත්තමල්ලි සතුව ඇත. මවගේ මිය යෑම නිසා හෝ වෙනත් හේතුවක් නිසා මව්කිරි නොලැබී යන ළදරුවන්ට අතිතයේ දී ලබාදුන් ආහාර පරිපූරකය වූයේ කොත්තමල්ලී තැම්බූ වතුරයි. සමහරවිට මාස 6-7ක කාලයක් ම කොත්තමල්ලි තැම්බූ වතුරෙන් පණ ගැටගසාගත් ළදරුවන් කෘතිම ළදරු ආහාර පරිපූරක නොවූ ඒ කාලයේ අපේ ගම්වල විසූහ. “කොත්තමල්ලි වතුරෙන් හැදුණු එකා” වැනි තවමත් අතරින් පතර ඇසෙන ගැමි කියමන් වලට පාදකවී ඇත්තේ මේ කරුණයි.
කොත්තමල්ලිවල පවතින උෂ්ණ වීර්යය නිසා ශරීරයේ වාත කෝපයෙන් හටගන්නා කැක්කුම් සහ වේදනා සමනය වේ. එසේම එහි ඇති මධුර රස හේතුවෙන් ශරීරයේ ඇතිවන පිත් කෝප සමනය කළ හැකිය. මේ අනුව කොත්තමල්ලී තම්බා බීමෙන් වුවද ශරීරයේ තුන්දොස් සමනය කළ හැකිය.
එසේම අපගේ මොළයේ ක්‍රියාකාරීත්වය ප්‍රශස්තව පවත්වා ගැනීමටද කොත්තමල්ලී වලට හැකියාවක් ඇත. වැසි සමයේදී අපිරිසිදු වතුර පානයෙන් ඇතිවන මුත්‍රා ආසාදන වෙතොත් ඒවා සුවකිරිමට ද කොත්තමල්ලි තම්බා පානය කිරීම සුදුසු ය. ආහාරයේ වස විෂ උරාගන්නා අක්මාව යළි ප්‍රකෘතිමත් කිරිමට ද කොත්තමල්ලී වලට හැකියාවක් ඇත. වෙනත් බොහෝ ඖෂධීය ගුණ දෙන ශාක හෝ පත්‍ර වර්ග නිරන්තරව භාවිතය නොසුදුසු යැයි නිර්දේශ කළද කොත්තමල්ලී නිරන්තර භාවිතයෙන් ශරිරයට කිසිදු අගුණයක් ඇති නොවේ. වයස් භේදයකින් තොරව ළදරුවාගේ සිට මහල්ලා දක්වා සැමටම කොත්තමල්ලී පානය නිර්දේශ කළ හැකිය.
වැසි සමයේ අපිරිසිදු ආහාර ගැනීම නිසා ඇතිවන අජිර්ණ, අතීසාර, පාචන අවස්ථා වලදී ඉරිවේරිය සහ කොත්තමල්ලි සම පමණ ගෙන තම්බා බීමෙන් සුවය සලසා ගත හැකිය. කොත්තමල්ලි ඇට, හොඳින් වියලූ හීන් අරත්ත අල, වියළි ඉඟුරු, වියළි වෙනිවැල්ගැට සම පමණ ගෙන කුඩු කර තබාගෙන කෝපි මෙන් වත්කර බීමට ගැනීමෙන් ශරිර පද්ධති වල ක්‍රියාකාරීත්වය ප්‍රකෘතිමත් ව පවත්වා ගත හැකිය. තේ වෙනුවට හොඳ විකල්පයක් ලෙසද මෙය භාවිතයට ගත හැකිය. එදිනෙදා වැළඳෙන ශ්වසන අපහසුතා, හිසරදය, ඇඟපත දැවිල්ල, මහන්සිය ආදියට ඔසුවක් ලෙස ද මේ සංයෝගය යෝග්‍ය වේ.
අම්ලපිත්ත රෝගය සඳහා කොත්තමල්ලි තම්බා බීමෙන් සහනය සලසා ගත හැකිය. ඇඟපතේ දැවිල්ල ඇති අවස්ථා වල මේ වතුර හොඳින් නිවෙන්නට හැර සීනි සමඟ පානය සුදුසුය. කාන්තාවන්ගේ මාසික වේදනා අවස්ථා වලදී කොත්තමල්ලි කුඩු මේස හැන්දක් පමණ පිරිසිදු වීදුරුවකට දමා පැය අටක් පමණ තබා උදෑසනින් හිස්බඩ පානය කිරීම මඟින් ඇතිවන අධික වේදනාව සමනය කරගත හැකිය. වකුගඩුවල අපහසුතා, ඉදිමීම් ඇති විට කොත්තමල්ලි හා පත්පඩාගම්, බෙලිමුල් තම්බා බීමෙන් සහනය ලබාගන්නට පුළුවන. පැපොල රෝගය වැළඳුණු විටෙකදි පත්පාඩගම් සමඟ කොත්තමල්ලී තම්බා දෙන්නේ තුවාල වල වේදනාව අඩුකර ගැනීම පිණිස ය.
කොත්තමල්ලි ඇටයේ මෙන්ම කොළයේ ද බොහෝ ගුණ ඇත. කොළ පළාවක් ලෙස සකස් කර ආහාරට එක් කරගත හැකිය. ශක්තිය වර්ධනය කිරීමට මෙන්ම ආහාර ජීර්ණ ක්‍රියාවලියට වැදගත් වේ. සුප් වර්ග පිළියෙල කරන විට භාවිත කිරීමෙන් ප්‍රශස්ත රසයක් මෙන්ම ඖෂධීය ගුණය ද නොඅඩුව ලැබේ.
කොත්තමල්ලි කොළ පමණක් නොව මුළු පැළෑටිය ම ආහාරමය සහ ඖෂධිය වශයෙන් ප්‍රයෝජනයට ගත හැකිය. ආමාශ හිතකාරීය; කෑම රුචිය වඩවන අතර ශාරීරික බාහිර හා අභ්‍යන්තර ප්‍රදාහ වළකන, කොලෙස්ටරෝල් හෙවත් මේද වෘද්ධි, දියවැඩියා හෙවත් මධුමේහය පාලනය කිරීමට ද අජීර්ණ, මුඛ තුවාල, පාණ්‌ඩුව, අක්‍ෂි රෝග ආදියට ද මානසික සුවතාව වර්ධනය කරගැනීමට ද කොත්තමල්ලි කොළ ආහාරයට එකතු කරගත හැකිය.
ඌෂ්ණය නිසා කටේ ඇතිවන තුවාල තත්ත්වයන් සමනය කරන අතර මුවට නැවුම් බවක් ලබා දෙ කොත්තමල්ලි සිරුරේ අස්ථි නිරෝගී කරන අතර පාචනය වැනි රෝග ඇති කරන විෂබීජ නසයි. ඩයරියා රෝග තත්ත්වය සුව කිරීමට ද කොත්තමල්ලි වලට හැකියාව ඇත. ඇස් රෝගවලින් දෑස් ආරක්ෂාකර ගැනීමට ද කොත්තමල්ලි භාවිතය ඔබට ප්‍රයෝජනවත් වේ. අධි රුධිර පීඩනය අඩු කිරීමට ද සරම්ප රෝගය වැළැක්වීමට ද කොත්තමල්ලි වලට පුළුවන. රසායන ද්‍රව්‍ය වෙනුවට ස්වභාවික ශාක සාර මඟින්, අපගේ සෞඛ්‍ය ගැටලු සඳහා පිළියම් යොදන්නට හැකිනම් එය දිගුකාලීන සුව දිවියකට මඟ පාදනු ඇත.
වැටේ මුරුංගා
මෙම ශාඛය හදුන්වනු ලබන්නේ මිරකල් ත්‍රී යනුවෙනි.එයින් අදහස් කරන්නේ ලොව විශ්මිත ගුණයන් ගෙන් අඩංගු ශාකය ලෙසින්ය.එහෙත් අවාසනාවකට අප මහජනතාව විසින් මෙම ශාකයට හිමි ස්ථානයන් ලබා දී නොමැති වීම මහජනතාව බොහො සෙයින් රෝගීන් විමට බලපාන කරුණක් ව ඇත.බොහොමයක් එළවළු වර්ග අතුරින් මුරුංගා වලට හිමිවන්නේ සුවිශේෂී තැනකි. මෙහි ඇති ඖෂධීය ගුණය අසාමාන්‍ය ගුණ සමුදායකයකින් සමන්විත වේ. වත්මන් තරුණ පරපුර එතරම් රුචිකත්වයක් නොදැක්වුවද මුරුංගා කරළෙහි පවතින ගුණය රසය ඉතාමත් ඉහළය. මුරුංගා ප්රභේද රැසකි.
ආයුර්වේදයේදී මුරුංගා ගසේ කරල්, මල්, පොතු, පත්ර මෙන්ම ගසේ තුවාල වූ කඳින් හටගන්නා ලාටුද ඖෂධ ලෙස යොදාගැනේ. විශේෂයෙන් එදත්, අදත් ගෘහිණියන් අච්චාරු සෑදීමේදී අච්චාරු පැසවීම සඳහා මුරුංගා පොතු එක්කරනු ලබයි. එපමණක් නොව මුරුංගා පොතු වියළා කුඩුකර කුළුබඩුවක් ලෙසද දෛනිකව ව්‍යාංජන රසවත්කර ගැනීමට එක්කරගත හැකිය.
තවද රුධිරයේ කොලෙස්ටරෝල් හා සීනි පාලනයටද මුරුංගා හිතකරය. වැට මායිමට පවා සිටුවන මුරුංගා බොහෝ දෙනෙක් දැනුවත් නොවූවාට දිව්‍යමය වටිනාකමක් ඇති ඖෂධීය ශාකයකි. ඒ නිසා ඔබත් අදම ඔබේ ගෙවත්තේ මුරුංගා ගසක් වවා පල ලබා ගැනීමට උත්සුක වන්න. එය ඔබට හැම අතින්ම වාසිදායක වී සුව සම්පත ගෙනදෙනු නියතය.
පොල්පලා
භාෂ්මික ගුන ඇති පොල්පලා ආම්ලික භාවය නැති කිරීමටත්, ශරීරය සිසිල් කිරීමටත් උපකාරී වේ.
රුධිර ගත සිනි සහ මෙධ්ය අඩු කිරීමේ හැකියාව නිසා නිතර භාවිතයෙන් දියවැඩියාව සහ හර්ද රෝග වලක්වා ගැනීමටත් පුළුවන්. මිට අමතරව පිළිකා සෛල විනාශ කිරීමේ හැකියාවක්ද, ශරීරයට ප්‍රතිශක්තිය ලබාදීමේ හැකියාවත්, අක්මා පටල ප්‍රතිසංස්කරණය කිරීමටත් මහගු හැකියාවක් පොල්පලා වල තිබෙනවා. ගොනුස්සකු, පත්තැයකු දෂ්ඨ කල විට විෂ නසන්නට නිතර භාවිතා කල අත් බෙහෙතකි පොල්පලා කැඳ. ඉතාම රසවත් පානයක් පමණක් නොව කුස පිරෙන ආහාරයක්ද වෙයි.
පොල්පලා තම්බා බීමට ලාංකිකයන්ගේ යහපත් ක්‍රියාවකි. මුත්ර අඩස්සිය, මුත්ර දැවිල්ල, මුත්ර ගල්, අර්ශස්, ගුල්ම රෝග, හෘද රෝග, කාන්තා රෝග, පිලිකා රෝග, ප්‍රමේහ, කැස්ස, ඇදුම, පීනස, හිස රුදා, උගුරේ ආසාදන, පාචන, අතීසාර, ගොනෝරියාව, පාණ්‌ඩුව ආදී රෝග රැසකට ප්රතිකාර කිරීමේදී සම්පූර්ණ පොල්පලා ශාකයම භාවිතා කරයි.
* මුත්ර අඩස්සිය, මුත්රා දැවිල්ල සහ මුත්ර ගල් සඳහා මෙම සම්පූර්ණ ශාකයම තම්බා බීමට දීම මනා ඔසුවකි.
* වියළි පොල්පලා මල් හා කොළ ගිණි අඟුරු මතට දමා එම දුම් ආග්රාහණය කිරීම ඇදුමට ප්‍රතිකාරයකි.
* හිසරුදා සඳහා පොල්පලා මුල් අඹරා නලල මත ආලේප කිරීම හෝ පොල්පලා මුල් ඇල් දියෙන් අඹරා නලල මත පැලැස්තර දැමීම සිදුකරයි.
* වියළා ගත් පොල්පලා චූර්ණය මේස හැදි එකක් නටන වතුර කෝපයකට දියකර සීනි සමග පානය කිරීම කැස්සට ප්‍රතිකාරයකි.
* පොල්පලා මුත්‍රාකාරක, අශ්මරී නාශක, පණුවන් නසන ආදී ගුණයන් රැසක් සහිතයි.
ශ්රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක වැවෙන වාර්ෂික ඖෂධ පැළැයක් වන මෙහි මුළු පැලෑටියම ඖෂධීය ගුණයෙන් සපිරි ඇත.
මුත්ර ශෝධකයක්, මුත්ර කාරකයක්, මුත්ර මාර්ගයෙන් ඇතිවන ගල් දිය කිරීමට හැකි, විෂ නසන යන ඖෂධීය ගුණයෙන් සපිරි පොල්පලා, වියළි කොළ සහ මල් ගිනි අගුරු මත දමා දුම් ඇල්ලීමෙන් ඇදුම රෝගය සමනය වේ. පොල්පලා මල් ඇල්වතුරින් අඹරා නළල මත පැලැස්තරයක් දැමීමෙන් හිසරදය සුව වේ.
අමු පොල්පලා පළාවක් ලෙස මැල්ලුම් සකස් කර ආහාරයට ගත හැකිය. කොළ කැඳ සඳහා ප්රකටව භාවිතා කරයි. ඔසු පැන් ලෙස පානය කිරීම සුදුසුය. රුසියාව, ජර්මනිය වැනි රටවලද වකුගඩු පිරිසිදු කරන පානයක් ලෙස ප්‍රසිද්ධය.
අන්නාසි
අන්නාසිවල ඇතුලත් පොෂ්ය පදාර්ථ නම් විටමින් C අධිකයි. A E D6 B - තයමින් රිබොෆ්ලෙවින් නියැසින් ප්රභේදත් ,
යකඩ , මැග්නිසියම් , මැන්ගනිස් , පොටෑසියම් , පොස්පරස් , කැල්සියම් , තන්තු ප්රෝටීන් , බීටා කැරොටින් ආදි පෝෂකත් සුවිශේෂ රසායන සංඝටකත් ප්‍රතිශක්තිකරණ හා ප්රති ඔක්සිකාරක ගුණත් අඩංගු වෙයි.
බ්‍රෝමලේන් එන්සයිමය සිරුරේ ඉදිමීම් මෙන්ම පිළිකා වැළැක්වීමටත් දායක වෙයි. එය බීටා කැරොටීන් හා එක්ව පුරස්ථි ග්‍රන්ථි පිළිකා සහ මහබඩවැල කෙළවර පිළිකා වැළැක්වීමේ ශක්තියෙන් යුක්ත වන බව පරීක්ෂණ මගින් තහවුරුවී තිබෙන අතර පිළිකා සෛල වර්ධන වේගය බාල කරන අතර පෙණහළු හා මුඛ පිළිකාවලට එරෙහිවද ක්‍රියා කරන බව සඳහන් වෙයි.
අන්නාසි යුෂ පානයෙන් රූමැටික හා ඔස්ටියෝ ආතරයිටිස් රෝගීන්ගේ සන්ධි ඉදිමුම් බැහැරවන බව ද සඳහන්. අන්නාසිවල ඇති විටමින් C අධිකතාව ඇස්වලට ඉතා හිතකරවන අතර එමගින් ඇසේ සුද ඇතිවීම තුනෙන් එකකින් අඩුවන බව එංගලන්තයේ නිවුන් කාන්තා යුගල දාහක් යොදා කළ පර්යේෂණයකින් සනාථ ව ඇත. ඇසේ පවතින ශ්‍රාවය විටමින් C වලින් යුක්ත බැවින් අන්නාසි වලින් එය වඩා ශක්තිමත්වන අතර සුද ඇතිවීම පමාකෙරෙන අතර වෙනත් අක්ෂි රෝග පාලනයත් සිදුකරයි. වයස් ගතවීමේදී ඇතිවන පෙනීමේ දුර්වලතා ද අවමකර පෙනුම වර්ධනය කර දෙයි.
අන්නාසි සමටත් හිතකර වන අතර විටමින් C වලින් නිපදවන කොලැජන් , සමේ තුවාල ඉක්මනින් සුවපත් කරනවා එහි ඇති විටමින් C හා A බීටා කැරොටින් පරිසර දූෂණයෙන් හා හිරු රැසින් සමට සිදුවන හානි වළකා සමේ මැරුණු කොටස් ඉවත්කර එය නිරෝගි පැහැපත් දීප්තිමත් බව පත්කරයි. ඉන් ලැබෙන සම ඇදීමේ ගුණය එහි රැලි වැටීම් වළකා වියපත් පෙනුම පමාකර දෙයි. බ්‍රෝමලේන් C විටමිනය හා එක්ව හිසකෙස් හා නියපොතු ශක්තිමත් කර දෙන අතරත අන්නාසි රුධිර සංසරණ පද්ධතිය මනාව ක්රියාත්මක කිරීමේ හැකියාවෙන් යුක්තයි. ඒවායේ ඇති පොටෑසියම් මැග්නීසියම් හා සෝඩියම් අධි රුධිර පීඩන කොලෙස්ටරෝල් තත්ත්වයන් පාලනය කර දෙනවා. රුධිර නාල සිහින්වීම් වළකනවා.
බ්‍රෝමලේන් ෆැබ්රීන් හා එක්ව රුධිර කැටි ගැසීම වළක්වා ආඝාත වැළඳීමේ හැකියාවද අවම කරනවා. මැග්නීසියම් මැන්ගනීස් කැල්සියම් හා එක්ව අස්ථි පද්ධතියද දත්ද ශක්තිමත් කරන අතර ඉන් ඔස්ටියෝ පොරෝසිස් අවදානම ද අඩුවනවා .
අන්නාසි කොතෙක් ගුණදායක වුවත් ඇතැමුන්ට අසාත්මිකයි. ආහාරයට ගැන්මෙන් . කැසීම් පලු දැමීම් ඇතිවනවා. ඖෂධවලට අසාත්මිකතා පෙන්නුම් කරන්නන්ටත් එය සුදුසු නොවේ. ගැබිණියන්ට අන්නාසි හිතකර නැහැ. නොමේරූ ගෙඩි වඩාත් අහිතකරවන අතර ඉන් දරු ගැබ පතනය විය හැකියි. ඇදුම වාතරක්ත හා පොතුකබර රෝගීන්ට ද අහිතකරයි.
කුෂ්ට රෝග ඇති අයට අන්නාසිවලින් එය වර්ධනය විය හැකියි. අත් පා , බඩ , පපුව , මුත්රා දැවිල්ල ආදී සිරුරේ දැවිලි ඇතිවිටද අන්නාසි ආහාරයට ගැන්ම අහිතකරයි. එසේම කිරිදෙන මවුවරුන්ට හා ගැබිණි මවුවරුන්ට ලබාදෙන ඇතැම් බෙහෙත්වලට එරෙහිවත් අන්නාසි ප්‍රතික්‍රියා දැක්විය හැකිය.
$ අන්නාසි සතු රසායනික ගුණ අතර Bromelain ප්රධාන රසායනික සංඝටකය වේත ප්‍රෝටියෝලිටික එන්සයිම බහුලව පවතී.
ප්රතිකාර සදහා යොදා ගැනීමට පෙර අනිවාර්යයෙන්ම වෛද්ය උපදෙස් ලබාගන්න..
|